ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියා සිහි කළේ, ඒ ජීවමානව වැඩ සිටින්නා වූ ඒ පළවන බුදුපියා ය. ලෝකෙට පිං කෙතක් ය කියන එක. දෙවන බුදු පියාටත් ඔය විදිහට මම කියනවා. ඉතින් මේ සත්‍ය වශයෙන් ම මේ අර්ථයෙන් මම මේ කියන්නේ, ලෝකෙට පිං කෙතක් කියලා. ඔය විදිහට දාහතර නම ම මම සිහි කරා.
සිහි කරලා, පස්සේ මට කිව්වා ද්වේෂය ඇති වෙන හැටි බලන්න කියලා. ඒ පාර දැන් ද්වේෂය කියන එක, අපි දන්නවා ව්‍යාපාදය නිසා ද්වේෂය ඇති වෙනවා. ථීනමිද්ධය නිසා ද්වේෂය ඇති වෙනවා. එතකොට ථීනමිද්ධය, අර මිච්ඡා දිට්ඨිය, ථීනමිද්ධය ඇති උණහම ද්වේෂය ඇති වෙනවා. ව්‍යාපාද පාරෙන් එනවා කියන එකත් දන්නවා. එතකොට මේ පාරවල් දෙක සහිතව මේ ද්වේෂය ඇති වෙනවා කියන පළවෙනි කාරණය ගත්තහම, මෙතෙන්දි මට කල්පනා වුණා, බුදුපියා කිව්වා කලින්, ශ්‍රද්ධාව තියෙනවා නම් කෙනෙකුට මේ ද්වේෂයක් ඇති වෙන්නේ නෑ ශ්‍රද්ධාව තියෙනවා නම්.
එතනින් ඒ පාර මට මතක් උණා ඒ කොහොම ද ශ්‍රද්ධාව නිසා මේ ද්වේෂය ඇති නොවෙන්නේ කියන එක. ඒ මණ්ඩලාධිපති බුදුපියා පෙන්නලා දුන්න අර triangle එක, සම්මා දිට්ඨිය තියෙනවා, ප්‍රඥාව ශ්‍රද්ධාව. අභිජ්ඣාවෙන් මගේ කියලා ගත්තා නම් තමයි ද්වේෂය කතාව ඇති වෙන්නේ. එතකොට මම අභිජ්ඣාව කියන එක නොවෙනවා නම් අර path A එකේ එනවා. මිච්ඡා දිට්ඨිය මට වෙන්නේ නෑ. ඒක නිසා සම්මා දිට්ඨිය. ඒකෙන් ප්‍රඥාව. ගත්තේ නෑ මගේ කියලා. ඒක නිසා හිරිය, ඕතප්පය. ඕතප්පයෙන් ඊට පස්සේ අපි විරිය, එතනින් ඡන්ද සමාධිය, ඉන්ද්‍රිය සංවරයට. ඉන්ද්‍රිය අසංවරය කියන එක ඇති වෙන්නේ නෑ.
ඉන්ද්‍රිය අසංවරය කියන එක ඇති උණා නම් තමයි අභිජ්ඣා දෝමනස්සය කතාව ඇති වෙන්නේ. එතකොට ශ්‍රද්ධාව මේ විදිහට නොවෙන්නේ මෙන්න මේ ආකාරයටයි. එතකොට දැන් දෙවැනි කාරණයටත් අපි ආවා. ඒ කියන්නේ හතරේ ලකුණට දැන් ආවා. අපිට ඕක අනිත් පැත්තට ගත්තොතින් ඉන්ද්‍රිය අසංවරය, උඩින් ඉරිසියාව එනවා, හතරේ ලකුණ. ඉරිසියාව ඊට පස්සේ අර පැත්තෙන් ථීනමිද්ධය, අර මැද්දේ join වෙන තැන ද්වේෂය.
එතකොට කාරණා set දෙකක් බැලුවා අපි, නේ ද? ඊට පස්සේ මට කල්පනා උණා දැන් මෙහෙම වෙනකොට දෝමනස්සය මේ මනුස්සයාට දිගට ම තිබිලා තියෙනවා. කොච්චර කාලයක් මේ මනුස්සයාට මේ දෝමනස්සය තිබිලා තියෙනවා ද?
පළවෙනියෙන් ම වට දෙකක් ගහනකොට ම මේ මනුස්සයාට දෝමනස්සය කියන එක තමයි ඇති වුණේ. ඉතින් අර ඊට පස්සේ මට එනවා අර තුනේ හතරේ පන්තියේ ළමයෙක් බලනවා මේක fix කරන්න කියලා. එතනදි අන්තිමට අර දෝමනස්සය ඊළඟ වට දෙක යනකොට දෝමනස්සය සිතට ඇතුල් වෙනවා. පහ, හය වෙනකොට ඉතින් අර ව්‍යාපාදය කියන එකත් එනවා නේ. ඔය විදිහට බැලුවා. දැන් ඉතින් හතේ, අටේ මේ තත්වයට පත් වෙනකොට මෙයා දැන් දෝමනස්සය තවමත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ පළවැනි අවස්ථාවේ ඉඳන් වට හතක්මත් ගහලා තියෙනවා. මෙයාට මේක තීරණයක් කරගන්න බැරි වෙලා මේ ලෝකයේ තියෙන්නේ දුක්ඛයයි කියන එක. දෝමනස්සය ම යි ලෝකේ තියෙන්නේ කියන එක. ඉතින් ඔතනින් පස්සේ අපි දන්නවා ඉතින් නමය දහය වෙනකොට ද්වේෂයයි ථීනමිද්ධයයි. ඒ කියන්නේ ද්වේෂයට ඉස්සෙල්ලා ථීනමිද්ධය ඇවිල්ලා තියෙන්න ඕනෙ.
අර මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ, එහෙනම් හත් වරක් ම මේ පුද්ගලයාට කලින් ගත්ත එක වැරදියි කියන එක තීරණය කරන්න බැරි වෙලා තියෙන්නේ. වට හතක් ගිහිල්ලත් මෙයාට තීරණයක් කරගන්න බැරි වෙලා තියෙනවා මේක ගත්ත එක වැරදියි කියලා. ඒක නේ දෝසය කියන එක. ඉතින් ඔය අවස්ථාව නේ මේ ලෝකයේ දිගට ම තියෙන්නේ.
දෝමනස්සයයි කියන එක හිතිච්ච වෙලාවේදි ඔය වට හත එක්ක, මේ analysis එක කරලා වට අටක් ගිහිල්ලා මේක මෙහෙමයි කියන වෙලාවේදි මට මේ පැත්තෙන් හරි ලස්සනට චෙතො විමුක්තිය මෙහේ තියෙන්නේ. මේ bar එකේ ඒ කියන්නේ මගේ දකුණු නළලේ ඉඳන් නහය හරහා මේ පැත්තට. ඒ කියන්නේ වම් අත පැත්තට, ඒ bar එකෙන් චෙතො විමුක්තිය හරි ලස්සනයි. මේ පැත්තෙන් මේ ප්‍රඥා විමුක්තිය හරි ලස්සනයි, එහෙන් පවතිනවා. දකුණු පැත්තේ කොටසේ ප්‍රඥා විමුක්තිය කියන එක නළලේ මේ පැත්තෙන් තියෙනවා නේ ඒකත් එක්ක. ඒ කියන්නේ මගේ ඇහැ දැන් දෙකක්. වම් පැත්තේ ඇහැට චෙතො විමුක්තිය. දකුණු පැත්තේ ඇහැට ප්‍රඥා විමුක්තිය. හරි ම සැපයි. පුදුමාකාර විදිහට ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕක මැද්දේ දී ඕක උණේ, අර දෝමනස්ස කතාව අවබෝධයට ආවත් එක්ක ම. ඕක මැද්දේ දී ආවේ පැහැදිලි කිරීමෙන් පස්සෙ නේ. එතකොට අවබෝධය මේ දෝමනස්ස සහගතව මෙයා හිටියේ කියනකොට ම තමයි මේක ඇති වෙන්න පටන් ගත්තේ. දැන් එහෙම උණහම මම කල්පනා කරා දැන් මේ තියන තත්වය හැටියට මෙතන තවදුරටත් analyse කරන්න, ඒ කියන්නේ තමන්ට ඕන නැති ගතියක් තියෙනවා. නෑ, මම analyse කරනවා කියලා ගත්තා. ආපහු අරක analyse කරලා අර සිතුවිල්ල අරක එහෙම ම තියෙනවා. හොඳට තේරුණා ප්‍රඥා විමුක්තියේ ඉඳන් චෙතො විමුක්තියට අපි මාරු වෙන්නේ, ඒ ප්‍රඥා විමුක්තියේදි අපි දැන ගත්තහම මේ පහළ වෙන්නා වූ සිතේ තියන දෝමනස්ස ස්වභාවයයි කියන එක හොඳට තේරුණා ම තමයි අර චෙතො විමුක්තිය කියන එක ඇති වෙන්නේ. ඒක ලස්සනට පේනවා ඒක.
ඊට පස්සේ මේ විදිහට අර මිච්ඡා දිට්ඨියත් එක්ක හත් පාරක් ම හිටියා ය කියන අවස්ථාව එනකොට මේ අප්පණිහිත චෙතො විමුක්තියත් ඇවිල්ලා. දැන් විමුක්තීන් තුන ම තියෙනවා. මේ භාවනාව ඉවර වෙනකොට හරි ලස්සනට ඒ විමුක්තීන් තුන ම තියෙනවා. තමන්ට කැමති විදිහට මාරු වෙන්න පුළුවන් ඒකේ, ඒ සිතන කාරණා අනුව. තමන් ඒ පැත්ත මෙනෙහි කළා ද ඒ පැත්ත මෙනෙහි කළහම ඒ සිතුවිල්ල මේකක් තියෙනවා.
ඒක තමයි භාවනාව. බොහෝ ම හොඳට හිටියා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්