Date: 14/10/2013 Name: Adhivaasanna - Endurance

මම භාවනාව කරේ ඒ මණ්ඩලාධිපති බුදුපියා සිහි කළා, ඒ ජීවමානව වැඩ ඉන්න පළමු වන බුදුපියාණන් වහන්සේ කියලා. ඔය විදිහට බුදුපියවරු දාහතර නම ම මම සිහි කළා.

සිහි කරලා ඉවර වෙලා මම අර බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම ලෝභය නැති කරමි කියනවා නේ. එතනින් ද්වේෂය නැති කරමි. මෝහය නැති කරමි. පහු ගිය දවස් තුනේ කරපු භාවනාවන් තුන තියෙනවා නේ, ඒ තුන ම මට එකපාරට ම ඒක ආවා සිහියට. ඒ ලෝභයෙන් ඇති වන විදිහ, ද්වේෂයෙන් මේක ඇති වන විදිහ, අර හතරේ සලකුණ, ඊළඟට ඒ හතරේ සලකුණට මෝහයෙන් ඇති වන්නා වූ ථීනමිද්ධය භාවනාව. ඒ තුන ම එකපාරට ආවා. මෙතන ම මට අර විදිහට ම ඊයේ වගේ ම ඇති වෙලා තියෙනවා තත්වය.

එතකොට මම ඒක ගැන කරන්නත් හිතෙනවා. ඒත් මම එහෙම ම ටිකක් ගියා. ගිහිල්ලා ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් වඩමි කියනකොට එතන රහතන් වහන්සේ කිව්වා, එතනින් පටන් ගන්න වගේ අදහසක් දුන්නා. ඒකමත් නෙමේ ඒ කියන්නේ ඊළඟ එකත් එක්ක. ඒ කියන්නේ උපෙක්ඛාවට එන බොජ්ඣඞ්ගය වඩමි කියන එකත් එක්ක. ඒ පාර ඡන්ද චිත්ත විරිය විමංසා ඒවා මම මුලින් මෙනෙහි කළා. අපි ඕක ඇඳලා තියෙනවා නේ අර diagram එකේ. විරිය, පළවන විරියෙන් පස්සේ ඡන්දය, ඡන්දයෙන් චිත්තය, චිත්තයේ අර මෛත්‍රිය සහගතව පවත්වනවා.

ඊට පස්සේ අපි යනවා විමංසාවට. විමංසාවෙන් ඊළඟට අර විරිය, එන විදිහ තියෙනවා නේ. ඒ විදිහට මම මේවා කළා. ඒ වගේ ම මම මෙනෙහි කළා අර විරියො ච ඡන්දො කියන එකත් එක්ක. එතකොට මේක මැද්දේ වේදනාව නේ තියෙන්නේ. භාවනාවේ තියෙන්නෙත් විරියේ ඉඳගෙන විරියයි ඡන්දයයි අතර තියෙනවා වේදනාව කියන එක මැද්දේ. අර හතරැහැට මේකේ තියෙන්නේ වේදනාව.

එතකොට මේ තුන මෙහෙම මෙනෙහි කරලා ඉවර වෙලා අර ඊයේ වාගේ ම අර තත්වය තියෙනවා මගේ, ඇති වෙලා. එතකොට විමංසාව කිව්වහම උපෙක්ඛාව. එතකොට දැන් මම මෙතනදි කල්පනා කළේ මේ වට ගහලා, හතක් ගහලත් අර දෝමනස්සය කියන එක මේ මනුස්සයා නැති කරන්න බැරි ය කියන එක තේරුම් ගත්තේ නෑ. දෝමනස්සය ම තමයි කොයි විදිහට fix කරන්න ගිහිල්ලත් එයාට ඇති වෙලා තියෙන්නේ. ඊයේ භාවනාවේ කෙළවර.

එතකොට ඉතින් මේකත් එක්ක මේ ඔළුවේ අර විදිහට පවතිනවා, ඒ විමුක්තිය සහිතව. ඊට පස්සේ මට තව තව කාරණා බැලුවහම මට අන්තිමට එන්නේ, ඒ කියන්නේ වළක්වා ගත හැකි දේ අපි වළක්වාගන්න ඕනෙ. ඔන්න ඒ අර්ථයයි තියෙන්නේ. එතකොට දෝමනස්සය කියන එකේ අස්තංගමයක් නේ තියෙන්නේ. මේක fix කරන්න බෑ. ඒක නේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන්නේ, “දුක්ඛ දෝමනස්සා නං අත්ථඞ්ගමා” කියලා.

එතකොට ඒ අස්තංගමය කියන එක කියන්නේ, නිර්වාණයෙන් පස්සේ තමයි නැති වෙන්නේ. එතකොට ඉන්න කාලේදි අපි ඉවසීම කියන එක කරන්න ඕනෙ. වේදනාව ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ, නැත්තම් අපි react කරනවා. අනිත් අතට ගත්තහම වළක්වා ගත හැකි දේ වළක්වාගන්න ඕනෙ. එතකොට මට මතක් උණා සබ්බාසව සූත්‍රයේ මේවා එක.

ඕක දැක්කාට පස්සේ මට ඔය එළියන් කියන ඒවා, හරියට එළිය, ඒ කියන්නේ නිකන් ලෝක පේනවා වගේ එළියත් එක්ක එක එක ඒවා මෙහෙම එනවා. ආවහම මම එතනදිත් කල්පනා කරේ මේකත් ඒ මොකක් හරි දෙයක් දකිනවා උණත් ඒක අපි, ඒ කියන්නේ ඒකට react කරන්නේ නැතිව වළක්වා ගත හැකි දේ වළක්වාගෙන ඉන්නවා.

තියෙනවා නේ, “අධිවාසනා පහා තබ්බා” ඔන්න ඔය අර්ථයට මම ඒක පැවැත්තුවා. උපෙක්ඛාව. ඒ කියන්නේ අර වේදනාවට දෝමනස්සය කියන එක තියෙනවා කියලා දැනගෙන ඒකට උපෙක්ඛාව පවත්වා ගන්න එක තමයි තියෙන්නේ. වළක්වා ගත යුතු දේ වළක්වා ගන්නවා කියන්නේ ඔන්න ඕක වළක්වාගෙන ඉන්නවා කියන එකයි.

ඔන්න ඔය අර්ථයෙන් තමයි ඒ භාවනාව දිගට ම පැවතුනේ.