ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ ජීවමානව වැඩ ඉන්නා වූ බුදුපියවරු වශයෙන් මෙනෙහි කළා. ඒ මෙනෙහි කරලා ඉවර වෙලා, මට කිව්වා මේ චතුත්ථධ්‍යානයට යමි කියන එක මම දිගට ආවා. “චතුත්ථධ්‍යානයට යමි කියන තැනින් පටන් ගන්න” කිව්වා.
ඒ පාර මම බලනවා මේ චතුත්ථධ්‍යානය කියන එක ඇති වෙන්න නම් තුන් වෙනි ධ්‍යානය තියෙන්න ඕනෙ, තුන් වැනි ධ්‍යානයට උපෙක්ඛාවක් තියෙන්න ඕනෙ. ඒ කියන්නේ ඇති වෙන්නා වූ සුඛ වේදනාවට උපෙක්ඛාවක් තියෙන්න ඕනෙ. ඒක නැති වෙනවා කියන එක. තුන් වෙනි ධ්‍යානය ඇති වෙන්න නම් ඒ දෙවැනි ධ්‍යානයේ වේදනාව තියෙනවා, විතක්ක විචාරවලින් තොර වූ වේදනාවක්. ඒ වේදනාවෙන් ඉවත් වීම තියෙන්න ඕනෙ. ප්‍රීතියා ච විරාගා, කියන එක ඇති වෙන්න ඕනෙ. ඒ දෙවැනි ධ්‍යානයේ විතක්ක විචාර සහිතව ඒ තියෙන්නා වූ දෙයින් කෙනෙක් අයින් වෙන්න නම්, ඒක ඒ තත්වයට එන්න නම් පළවන ධ්‍යානයේ ප්‍රීතිය, විතක්ක විචාර සහිතව තිබෙන්නා වූ දෙයින් අයින් වීමක් වෙන්න ඕනෙ. එතකොට එහෙම වෙන්න නම් එහෙනම් රූපය කියන එක විචාර නොකරන්නට එයාට සතියක් තිබිලා තමයි ඒ දෙවැනි ධ්‍යානයට එයාට එන්න පුළුවන් උණේ.
එතකොට ඒ රූපය කියන එක, දෙතිස් කුණුපයක් වශයෙන්, එහෙම බැලීමෙන් තමයි මෙයාට මේ ප්‍රීතියක් මේකේ ඇති වෙලා තියෙන්නේ. දැන් මම ආපහු මේ පැත්තේ ඉඳන් ඒ ප්‍රථමධ්‍යානයෙන් ඒක පහ කරගෙන දෙවැනි ධ්‍යානයට යන විදිහ, දෙවැනි ධ්‍යානයෙන් තුන් වැනි ධ්‍යානයට යන එක ආපහු මෙනෙහි කරනවා.
දැන් reverse එකට බලලා එනකොට පොඩ්ඩක් වෙනස්. ඒ තුන් වැනි ධ්‍යානයට ආවට පස්සේ ඒ තුන් වැනි ධ්‍යානයේදි මේ සුඛය සහිතව අපිට තිබෙන්නා වූ දෙය තියෙනවා. මේ වෙලාවේදි මට, දැන් මම රූපයක් ගැන කතා කරන්නේ නෑ. කය ගැන කතා කරන්නෙත් නෑ. කය ගැන සම්බන්ධයෙන් ඇති වන්නා වූ ප්‍රීතියක් ගැන මම කතා කරන්නෙත් නෑ. ඒක ගැන මම හිතන්නෙත් නෑ, මුකුත් නෑ. එතකොට මට එකපාරට ම නිකන් මේ කඳු මුදුනක් වාගේ මෙහෙම peak එකක් වාගේ තැනක එකක් මම දැක්කා, ඈතින්. ඒ දකිනකොට දැන් එතකොට දැන් මේක මේ කයෙන් එන දේකුත් නෙමෙයි. මේක සිද්ධ වෙන්නේ මනසින්. එතකොට මට මෙතන ආවා, මනෝමය කායෙන් නේ මේක ඇති වෙලා තියෙන්නේ. මනෝමය කාය කොහෙ හරි ගිහිල්ලා නිසා. එහෙම නම් මට ආවා, මේක නේ ද මේ මනොසඤ්‌චෙතනා කියලා කියන්නේ. මනෝමය කායකින් මේක ඇති වෙනකොට මනොසඤ්‌චෙතනා. රූපයක් ගැන කතා කරන්නේ නෑ. නමුත් මේ මනසින් ඇති වන්නා වූ, “මනසා ධම්මං විඤ්ඤාණ,” දැන් මම රූප කොටස අයින් කරලා ඉවරයි. මේකෙන් ඇති වන්නා වූ දේ තමයි මේ තියෙන්නේ කියලා.
මේ කොටස ආවාට පස්සේ මම කල්පනා කරා, මේකෙන් ඇති වෙන්නේ එහෙම නම් අර belt 2 එක. “නාමඤ්ච රූපඤ්ච” කියන එතන ඒ belt 2 එක තමයි ඇති වෙන්නේ. මෙහා පැත්තේ කෙළවරේ නාමරූප කොටස තියෙනවා. එහා පැත්තේ තියෙන්නේ සංස්කාර. එච්චරයි තියෙන්නේ.
එතකොට මේ සංස්කාරවල් වලට ඇලීම තමයි මනුස්සයෙකුට සිද්ධ වෙන්නේ කියන එක එනවා. මේ සංස්කාර හැදුණ නම් ඉතින් ඊට පස්සේ අර අනිත් සංස්කාරත් හැදෙනවා. පල්ලෙහායින්, පසු සංස්කාර පල්ලෙහායින් එන කොටසත් ඇති වෙනවා, නිත්‍ය ඉඳන් පල්ලෙහාට ගියේ.
දැන් මම කල්පනා කරනවා, මේ සංස්කාරවලට ඇලෙන්නේ නැත්නම් මේ ප්‍රශ්නය සිද්ධ වෙන්නේ නෑ. එහෙම නම් ඔය සක්කාය දිට්ඨිය කියන එක කපනවා කිව්වහම, මෙයා මෙතන මේ කෑල්ල අයින් කරන්න ඕනෙ, සක්කාය දිට්ඨිය. එතකොට ඊළඟට ඒ කියන්නේ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට එන්නා වූ flow එක කපනවා.
ඊළඟට කල්පනා කළා, මේක මෙහෙම කළත්, අර හැදුණා වූ සංස්කාර කෙරෙහි විචිකිච්ඡාවක් යම්කිසි විදිහකට තියෙනවා නම් එහෙම නම් අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය පැත්තට යන්නා වූ දේත් සිද්ධ වෙනවා. එහෙම නම් විචිකිච්ඡාව කියන කොටසත් එතන කපලා දාන්න ඕනෙ. මේ දෙක කැපුවයින් පස්සේ, ඒ උණත් අපිට තියෙනවා මේ පරාමාසයේ තිබෙන්නා වූ දෙයක් තියෙනවා. ඒ පරාමාසය කියන එකත් අයින් වෙන්නට ඕනෙ. මොකද මෙතන අර ඇදීමක් තියෙනවා, අර පළවෙනි පාරයි කියලා අපි කිව්වේ ඔය සළායතන විභංගයේදි පෙන්නුවේ. මේක සීලබ්බත උපාදානය, පරාමාසය, පරාමාසයෙන් මේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදීමක් තියෙනවා.
එතකොට මෙතන මේ කාරණා ටික මම අයින් කරනවා නම්, එහෙම නම් ඒ පුද්ගලයාට මොකක්වත් ප්‍රශ්නයක් තියෙන්න බෑ කියන එක එනවා. ඒ උණත් මට තේරෙනවා මෙතන තියෙනවා ආන්දෝලනයක්. ආන්දෝලනයක් තියෙන්නේ අර හැදුණා වූ සංස්කාර බිඳෙන කතාව නිසා. සංස්කාරයෙන් සංස්කාරය හැදෙනවා, අර ආන්දෝලනයක් මෙතන තියෙනවා මේක බිඳෙනවා කියන එක. මේක තමයි තථාගතයන් වහන්සේ පරිදේවය කියලා සඳහන් කළේ. අරක මේ චිත්ත සංස්කාර බිඳෙනවා කියන එක. මේක මට තේරෙනවා, මේ දෙයාකාරයකට මේක තියෙනවා. දෙයාකාරයකට මේක තියෙනවා කියලා කියන්නේ අර මුල හරියේදි ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන කොටසේදි රූප කොටස සම්බන්ධයෙන් ඇති උණා වූ ඒ කතාව තියෙනවා.
එතකොට ඒක තමයි අර සංස්කාර දෙකේ, උඩයි යටයි දෙකක් කිව්වා නේ, පෙරයි පසුයි කියලා. ඒ පෙර සංස්කාරයෝ ජාතියේ ඉඳන් ජරාවට යන්නා වූ ඒ ආන්දෝලන ස්වභාවය, ඒක තියෙනවා කියන එක පෙර සංස්කාරයේ තියෙනවා. පසු සංස්කාරයේ, ව්‍යාධියේ ඉඳන් මරණයට යන්නේ, අන්න ඒ ස්වභාවය තමයි අර පසු සංස්කාරයේ තියෙන්නේ. එතකොට පෙර සංස්කාර අර ආකාරය, පසු සංස්කාර මේ ආකාරය, මෙතන මේ දෙකේ ඔන්න ඔය අර්ථය තියෙනවා.
ඕකේ අපි දන්නවා ජාතියේ ඉඳන් ජරාවට යනකොට මුසාවේ ඉඳන් පරුෂා වාචයට යනවා කියලා. ඒක අර උඩ කොටසේ පෙර සංස්කාරවල තියෙනවා. පසු සංස්කාරවල අනිත් පැත්තට තියෙනවා. එතකොට දැන් හඬා වැලපීමක් කියන එකක් තියෙනවා. විඤ්ඤාණය හඬා වැලපෙනවා කියන එක. අන්න ඒ වෙලාවෙදි මට තේරුණා මාව spin වෙනවා කියලා. ඒ උඩ එහෙම spin වීමක් කියන එකක් ඒකේ තියෙන්නේ. කැරකැවීමක් තියෙනවා කියන එක.
එතකොට මේ සංස්කාරයන් එතකොට සම්පූර්ණයෙන් ම නිරෝධයට යනවා නම්, ඒ මනුස්සයාට මේක ඉවරයක් කරගන්න පුළුවන්. මෙතනින් මේක ඉවරයක් කරගන්න පුළුවන් කියන එක, ඒක ආවා.
ඉතින් ඒක “Excellent” කියන එක රහතන් වහන්සේ කිව්වා.