Date: 16/10/2013 Name: Swinging the hatara salakuna

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කළා, ජීවමානව වැඩ ඉන්න බුදුපියවරු දාහතර නම කියලා. මෙහෙම සිහි කළාට පසු මම පන්සිල් අරගෙන යනකොට ඡන්ද චිත්ත විරිය විමංසා කියන හරියෙදි එනකොට මට කිව්වා, ඔය “විපරිණාම දුක්ඛතාවයෙන් පටන් ගන්න” කියලා.

එතකොට විපරිණාම දුක්ඛතාවය කියන එක ගත්තහම බැලුවා මේ මනුස්සයන්ගේ කෙස් සුදු වෙනවා. කෙස් පැහීම සිද්ධ වෙනවා. ඊළඟට කෙස් වැටෙනවා, තට්ටය එනවා. එතකොට දැන් මේ තියන අවස්ථාවලදිත් විඤ්ඤාණය අල්ලගෙන ඉන්නවා. කෙස් පැහුණා කියලත් අල්ලගෙන ඉන්නවා. කෙස් වැටුණා කියලා තට්ටේ උණා කියලත් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ විඤ්ඤාණය මෙන්න මේ කයත් එක්ක ඉන්නේ නැතුව, දැන් තට්ටේ ගිහිල්ලා ඊට පස්සේ ඉතින් මේ ශරීරයත් මැරිලා වැටිලා ඒක තියන අවස්ථාව තියෙනවා. ඒත් විඤ්ඤාණය අල්ලාගෙන ඉන්නවා. වෙන ශරීරයකට මෙයා යන අවස්ථාව ගත්තහමත් මේක අත හැරියේ නෑ. අල්ලගෙන ඉඳීම කියන එක මෙයාගේ තියෙනවා.

එතකොට දැන් එහෙම නම් අපි දන්නවා අර මව් කුසට යනවා කියලා කිව්වහම, උත්පාද සංඛත ලක්ඛණය, විපරිණාම දුක්ඛතාවය. උත්පාද සංඛත ලක්ඛණය කියලා මේ පුද්ගලයා ගිහිල්ලා තියෙන්නේ විපරිණත බවකට ම තමයි. අල්ලගෙන ඉඳලා තියෙන්නේ විපරිණතභාවය. මෙතනින් මේ කෙස් පැහිලා, මැරිලා, අන්තිමට තට්ටේ වෙලා මැරිලා ගිහිල්ලා, එයා ආපහුත් ඒ තත්වයට ම තමයි ඒ පුද්ගලයා යන්නේ. මේක තමයි cycle එක. විපරිණතභාවය කියන එක තමයි එහෙනම් තියෙන්නේ. එහෙම නම් උත්පාද සංඛත ලක්ඛණයේ තියෙන්නේ මේ විපරිණත දුක්ඛතාවය. විපරිණාම දුක්ඛතාවය කියන එක එනවා.

එතකොට මේ විදිහට මම බැලුවා එහෙම නම් ඊළඟට තියෙන්නේ මොකක් ද? ඊළඟට තියෙනවා නේ “ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණය,” දුක්ඛ දුක්ඛතා. “ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණය” කියන එක, දැන් ඒ තිබිච්ච දේ වෙනස් උණා ය කියන එක මේ මනුස්සයාට පවතිනවා. හැබැයි මෙයාගේ විඤ්ඤාණය පිහිටලා තියෙන්නේ මතක තියාගන්න වෙනස් වෙන පැද්දෙන හෙල්ලෙන එකක තමයි අර මුල දී ම එයා අල්ලගෙන ඉඳලා තියෙන්නේ. එතකොට ඒක ම තමා මේ වෙනස් වෙවී පැද්දි පැද්දි යන්නේ.

ඉතින් මෙන්න මේ point එක මම හොඳට බැලුවා, ඒ සිතේ වෙනස් වීම කියන එක. අර duct එකෙන් අර smell එකකුත් එනවා ඒ වෙලාවේ. ඒ වෙලාවේ ඉතින් දැන් එතනත් පේනවා විපරිණතභාවය කියන එක, එතන තියෙනවා. මොකද මෙතන අපි හිතමු පරිප්පු එකක් ලිපේ තියලායි කියලා. ඒකයි කියන එක එනවා. දැන් ඒ තියන තත්වය භාවනාවේ හරි ඒ විපරිණතභාවය මෙතන එනවා.

එතකොට මෙහෙම ඉන්නකොට මට දැන් කල්පනා උණා මෙතන මේ ද්වේෂය නේ. අරකෙ දී, පළවන එකේදි රාගය. මේ ද්වේෂ පාර, ද්වේෂ අගති ගමන යන එක, ද්වේෂයෙන් දැවීම. ඕක නේ තියෙන්නේ.

එතකොට මෙතන මම බැලුවා මේ විදිහට මේ වෙනස් වේවි වෙනස් වෙවී ඉන්නවා කියන එක ගත්තහම, මේ ද්වේෂය එන්න නම් මෙයාට මීට ඉස්සෙල්ලා ථීනමිද්ධය කියන එක හැදිලා තියෙන්නත් ඕනෙ. එතකොට එහෙම නම් අර වට ගහලා ඇවිල්ලා තියෙන්න ඕනෙ.

දැන් ඒකත් එක්ක මට දැන් පේනවා එහෙම නම් අර හතරේ සලකුණ මට මතක් උණා. හතරේ සලකුණේ මැද්දේ dot එක. අර පැත්තේ තියෙන්නේ ථීනමිද්ධය. මෙහා පැත්තෙන් ඉන්ද්‍රිය අසංවරය. මේක හරියට අර seesaw එක වගේ. ඒ මනුස්සයෝ දෙන්නෙක් ඉන්නවා දැන්. එක්කෙනෙක් ඉන්නවා ඉන්ද්‍රිය අසංවරය පැත්තේ. මැද්දේ dot එක තමයි ද්වේෂය dot එක. මේ පැත්තේ ථීනමිද්ධය. දැන් මෙයා මේ පැත්තට මේ පැත්තට මේ දෙන්නත් එක්ක පැද්දෙනවා. ඒ පැද්දීමයි මේ තියෙන්නේ. පැද්දි පැද්දි ඉන්න එක තමයි මේගොල්ලන්ට තියෙන්නේ. මේගොල්ලො මේකට කැමතියි. මේක බැරි වෙලාවත් වැඩියෙන් හයියෙන් පැද්දෙනවා නම් මේගොල්ලෝ කැමති නෑ. මොකද, sick වෙනවා කියලා. හයියෙන් උඩට යනවා නම් කැමති වෙන්නේ නෑ. Sickness එක ථීනමිද්ධය තියන පැත්ත වැඩි වෙනවා. ඒ ඉන්ද්‍රිය අසංවරය මගින් මේක කියනවා මේ විදිහට පවත්වාගන ඉන්න එක හොඳයි කියන එක.

දැන් එතකොට මේක මේ විදිහට සිතනකොට මම දැක්කා ඒ seesaw එක, මෙහෙම දැන් අරකත් එක්ක වෙනසක් තියෙන්න එපෑය, මේක මෙහෙම කැරකෙනවා. 90° න් කැරකිලා. ඒ කියන්නේ මේ දෙන්නා පැද්දෙනවා හැබැයි දැන් මේ ද්වේෂයෙ කතාවෙදි අර ඉස්සෙල්ලා තිබිච්ච position එක නෙමේ ඒකට ninety degrees seesaw එක දැන් කැරකිලා. පැද්දි පැද්දි යනවා. මේ පැද්දෙනවා විතරක් නෙමෙයි, මේක දැන් මේ පැත්තට කැරකිලත් ගිහිල්ලා දැන් කැරකෙනවා. මොකද මේ හේතුව? මේ හේතුව තමයි, මේ අව්ව එනවා ඒගොල්ලන්ට. මොකක් ද මේ අව්ව කියලා කියන්නේ? මේ ප්‍රඥාවේ ආලෝකය යම් ආකාරයකට වැටීමක් තියෙනවා. ඒ මොකද අර ථීනමිද්ධය කියන එක තියෙනවා නේ ඒ පැත්තෙන්, ඒක දකින නිසා. දැන් මේ ඉන්ද්‍රිය අසංවරයෙන් පේන්නේ මේ ථීනමිද්ධයයි කියන එක. එතකොට මෙයාට මෙහෙම පෙනීමක් තියෙනවා ලෙඩ වෙනවා කියන, දෙන්නට ම අව්වයි. දෙන්නට ම වෙහෙසයි. ඔන්න ඕකයි තියෙන්නේ.

මෙන්න මේ තත්වයෙන් මේගොල්ලෝ පැද්දි පැද්දි ඉන්නේ. එතකොට ඔතන බලන්න අර චිත්තය කියන එක ගත්තහම සමාධියක් නැතෙයි කියන එක, ඔතන අර ද්වේෂය කියන point එකයි, මෙහා පැත්තේ තියන ථීනමිද්ධයයි අතර තමයි ඒ vibration එක එතන, ඒක චිත්තයේ මේක තියෙන්නේ. එතකොට අර පළවන අවස්ථාවේ දී නිර්වාණය මේ පැත්තේ, මේගොල්ලෝ මේකෙන් තොරව එකක් කරගෙන තිබුණේ.

දැන් එතකොට මම කල්පනා කරා දැන් එහෙම නම් මෝහයෙන්, දැන් මේගොල්ලන්ට දුක්ඛතාවය නේ තියෙන්නේ, අව්ව මේක වැදි වැදී මේගොල්ලෝ පිච්චි පිච්චි. දැන් මේක අනිත් පැත්තට දැන් මම තුන් වැනි පාරට දැන් යනවා. තුන් වැනි පාරට යනකොට මට පේනවා මේගොල්ලන්ගේ දැන් අර seesaw එකේ ඉන්ද්‍රිය අසංවරය පැත්ත කෙළින් ම ඇවිල්ලා අර ආහාර diagram එකේ දකුණු අත පැත්තට, මෝහය පැත්තට ම ඇවිල්ලා.

ඉතින් මේක හරි නේ. දැන් ඉන්ද්‍රිය අසංවරය ඉහළ ධ්‍යානයන්ගෙන් ගත්තහම ඇවිල්ලා මනොසඤ්‌චෙතනාවෙන් සිද්ධ වෙන කොටස. අර රූප කොටසත් එක්ක නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. අනිත් අතට මේ සන්‌තින්‌ද්‍රියො ච නිපකො ච කියන කතාව තියනව නේ, නිපක පැත්ත දැන් මේගොල්ලන්ගේ යම් ආකාරයකට තියෙනවා. අර පැත්ත හරි නෑ, පැද්දිලා යි කියලා.

ඒ කියන්නේ දැන් අර ඉස්සර මම ගත්තේ උත්පාද සංඛත ලක්ඛණය නේ, නිසා විපරිණතභාවය එයාගේ තිබුණා. ඒ කියන්නේ මේ මනුස්සයා නිවනින් පිටත වූ දෙයක් අරගෙන, විපරිණතභාවය තමයි විඤ්ඤාණයේ පිහිටලා තියෙන්නේ. වේදනාව පිහිටලා තියෙන්නේ. දෙවැනි පාරේදි ගත්තහම, මට පේනවා ඒක වේදනාව කෙරෙහි පිහිටෙව්වා, පැද්දීම කෙරෙහි තමයි දැන් මෙයාගේ තියෙන්නේ. මුලින් පැද්දෙන අවස්ථාවට පත් උණා, දැන් පැද්දෙනවා. දැන් මේගොල්ලෝ කැරකිලා අනිත් පැත්තට ම ඇවිල්ලා. දැන් ථීනමිද්ධය කියන එක අනිත් පැත්තට එතකොට තියෙන්නේ. ඒ රූපය පැත්තෙන් මොකක්වත් නෑ. මේ පැත්තෙ චේතනාවන් සහිතව මේක තියෙනවා.

දැන් ඉතින් බැලුවහම වයසංඛත ලක්ඛණය. වැය වීම කියන එක. ඒ කියන්නේ ඉර බැහැලා ගිහිල්ලා. ඉර බැහැලා ගිහිල්ලා. දැන් මේ ඉර බැහැලා යනවා, ඉතින් මේ දෙන්නා ඒ පාර මොකද කරන්නේ අර හතරේ තියෙනවා නේ පල්ලෙහා පොල්ල වගේ පල්ලෙහා කෑල්ල, ඕක දිගේ දැන් seesaw එකෙන් නැතුව මේ පොල්ල අල්ලගන්නවා මේ දෙන්නා. ඒ පොල්ල අල්ලගෙන දෙන්නත් එක්ක පල්ලෙහාට බැහැගෙන යනවා.

කොහෙද මේ බැහැගෙන යන්නේ? දැන් එතකොට මේගොල්ලන්ගේ පැද්දිල්ලක් නෑ. Imperturbable, ආනෙඤ්ජ යි. අරූප ධ්‍යාන, ආකාසානඤ්චායතනය ඒවා අල්ලගෙන මේ යනවා ඒක දිගේ ඔහේ බැහැගෙන බැහැගෙන දිගට ම යනවා පොල්ල දිගේ ලිස්සගෙන යනවා. පැද්දිල්ලක් නෑ හැබැයි මේක දිගේ ලිස්සගෙන යනවා, මේක හොඳයි කියාගෙන යනවා.

එතකොට එතන තියෙන්නේ වයසංඛත ලක්ඛණය මෙන්න මේ සංස්කාරයේ තිබෙන්නා වූ දුක්ඛතාවය කියන එක. අන්න ඒ කෑල්ල තමයි භාවනාවට ගත්තේ. සමාධිය නම් බොහෝ ම හොඳයි. ඒක බැලුවහම එතන ඇති වන්නා වූ සමාධියේ ස්වභාවය බොහෝ ම පිරිසිදුවට බොහෝ ම හොඳට පවතිනවා.