Date: 17/10/2013 Name: Nirodha

ඒ උතුම් බුදුපියවරු සිහි කළා, ඒ ජීවමානව වැඩ ඉන්නා වූ බුදුපියවරු වශයෙන්, දාහතර නම ම. මෙනෙහි කරලා මාව කොහෙවත් නැවැත්තුවේ නෑ. මම දිගට ම ගියා. ගිහිල්ලා ඒ පන්සිල් ඒ කියන්නේ පදයෙන් පදයට ඒ විදිහට ඔක්කෝම අරගෙන, ඊට පස්සේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවි දේව මාතාවන් ආශීර්වාදයත් ආරක්ෂාවත්, බ්‍රහ්ම ලෝකයේ මෙහෙයවීමත් ලැබේවා කියලා, මණ්ඩලයේ මෙහෙයවීමත් ලැබේවා කියලා.

එතකොට සම්මා දිට්ඨිය කියන එක මම මෙනෙහි කළා. ඒ දුක්ඛය කියන එක. අර පරිදේවය කියන ඒ හරියට එනකල් ආවා. ඒ එක්ක ම ඊළඟට මම ගියා ආර්ය වශයෙන්, “අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ගං සමඞ්ගිනො අරි මග්ගං භාවිතො ප්‍රඥා, ප්‍රඥා ඉන්ද්‍රියන් ප්‍රඥා බලං ධම්මවිචය සම්බොජ්ඣඞ්ගා සම්මා දිට්ඨි අයං වුච්චති භික්ඛවෙ අරියා අනාසවා ලොකොත්තරා මග්ගඞ්ගා” කියලා, ඒ සම්මා දිට්ඨිය.

එතකොට ඒක මෙනෙහි කරනකොට මට දැන් ප්‍රඥා diagram එක ප්‍රඥාව තියන තැන ඒක ආවා. ඉතින් මෙතනදි කෙළින් ම මට ආවා ඒ ප්‍රඥාව කියන එක මෙතන ගත්තහම අර සංස්කාරයන් තියෙනවා දෙකක්. උඩ තියන පෙර සංස්කාරයයි යට තියන පසු සංස්කාරයයි. මේ සංස්කාරයෝ කියන ඒවා ගැන තියෙන්නා වූ අවබෝධයක් තියෙනවා, මෙතන මේක හැදෙන්න දෙන්නේ නැතෙයි කියන එක. මේක හැදෙන්න නොවෙනවා නම්, අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ පෙන්නුවා වාගේ අවසාන diagram එකේ එතන තියෙනවා නේ මේ පැත්තට අපි ඇදෙන්න දෙන්නේ නැතෙයි කියලා, අවසාන diagram එකට ඉස්සෙල්ලා එකේ. ඒ කියන්නේ present moment එකේදි ඇදෙනවා කියන එක.

එතකොට මම අවිද්‍යාව තියෙනවා නම්, අවිද්‍යාව නිසා පරාමාසකායගන්ථය ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදෙනවා, present moment එකේ දි. එහෙම නැත්නම් මේ හදපු සංස්කාරයට අපි ඇලුණත් ඕක ඇදෙනවා. එහෙමත් නැත්නම් මට මෝහය කියන එක තියෙනවා නම් ඉතින් අර plan එක කියන point එකට ආවායි කියන එක නේ ඔය කියන්නේ. ඒ පල්ලෙහාට ආවා නම් ඉතින් අර ආශ්‍රවය හරහා තමයි ඕක ගිහිල්ලා වෙන්නේ, මෝහයෙන් කැරකැවිමෙන්. අර එකපාරට ම අත්තවාද උපාදානයට කියන එක රහතන් වහන්සේ ඇන්ඳට, ඒ ඇඳලා තියන එකේ අර්ථය තියෙන්නේ මෙතනින් එනවා අපි සැකය සහිතව කාම ආශ්‍රවයට ඇවිල්ලා ධම්මමච්ඡරිය හරහා ගිහිල්ලා තමයි ඒක හැදෙන්නේ ඒ රවුමේ දි.

එතකොට මෙන්න මේ තුන ම නැති වෙන්න ඕනෙ. මේ ප්‍රඥාවයි කියලා කියන්නේ මෙන්න මේක වෙන්න දෙන්නේ නෑයි කියන එකයි. එතකොට දැන් මේක මෙහෙම වෙනවා නම් සංස්කාරය සමථය වෙනවා කියන එක කියන්නෙත් මේකයි කියන එකත් අපි දැනගත්තා. මෙතනදි ආවා මට මේක මෙහෙම උණා කියලා විතරක්මත් නෙමෙයි, මේ සංස්කාරය කියන එකට ඒක ගැන මට ඒකේ අනිත්‍යභාවය ගැන සැකයක් නැති වෙන්න ඕනෙ කියලා. අන්න ඒ වෙලාවේ රහතන් වහන්සේ කිව්වා “Excellent” කියලා.

ඒ උඩ ඉඳන් අරක විතරක් නෙමේ, ඒ කියන්නේ, “සංස්කාර සමථා සඤ්ඤා උපරොධනා.” එතකොට සඤ්ඤා උපරොධනා කියලා කිව්වහම අර උඩින් එන්නා වූ belt 1 and belt 2 කැරකිලා එන්නා වූ කොටස තියෙනවා නේ සුභ සුඛ අත්තා කියලා, ඒ කතාව නැති වෙන්නත් ඕනෙ. මේක විතරක් උණාට හරියන්නේ නැත ය, ඒ කියන්නේ මේ සංස්කාරයන් ගැන එතන කිසිම ආකාරයකින් සැකයක්වත් නැති වෙන්න ඕනෙ මේක මෙහෙම වෙනවයි කියන එකේ. ඒ කියන්නේ අර ප්‍රඥාවෙන් සංස්කාරය කියන එක දකිනවා කියන එකේ ගත්තහම මේක කිසිම ආකාරයකින් මේක හැදෙන්න දෙන්නේ නෑ කියන්නේ, ඒක ගැන ඒ සැකයක්වත් නැති තත්වය තියෙන්න ඕනෙ. අන්න ඒ තරමට ප්‍රඥාව තියෙන්න ඕනෙ. නැත්නම් අර ඒ සැකයක් තියෙනවා නම් ඒ සංස්කාරයන් ආපහු හැදෙනවා.

දැන් අපි එකපාරට ම කෙනෙකුට පේනවා නේ මෙතනින් මේක ඉවර වෙන්නේ, ඒ කියන්නේ අර, දැන් මම මේ පෙන්නන්න හදන්නේ අර තුන් වැනි පාර තියෙනවා නේ, තුන් වැනියට සංස්කාරය මෝහය නිසා ඇදෙන කොටස තියෙනවා නේ. ඒක නොවෙන්න නම් සැකයක් නැති වෙන්න ඕනෙ කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ විදිහටයි මේ සමථය ඇති වෙන්නේ. මේ විදිහටයි සඤ්ඤා උපරොධනය කියන එක ඇති වෙන්නේ. එතකොට නම් හරි, නිර්වාණය කියන එක හරි කියන එක එතන තියෙනවා.

එතකොට දැන් මෙතන මෙහෙම වෙනකොට මෙතැනින් ම මේක මෙහෙම වෙනවා ද? එතනදි ඔය, මොකද රහතන් වහන්සේ කිව්වා, මේ “බොහොම හොඳයයි නොකියමි” හරි මොකක් හරි එහෙම එකක්. එතනදි මට ආවේ අදහස මම කිව්වේ ඒ පාර මේ සංස්කාරය මෙහෙම අනිත්‍යභාවය කියන එක මේ විදිහට දැකලා, මෙයා කිසිම ආකාරයකින් ඒකට පිහිටන්න ඉඩ නොදෙන්න ඕනෙ. විඤ්ඤාණයේ පිහිටීමට කිසිම ආකාරයකින් ඉඩ නොදෙන්න ඕනෙ. එතකොට ඒ අර්ථයෙන් මම කියන්නේ මේ සංස්කාරයේ ආදීනවය, ආස්වාදය, නිස්සරණය. සමුදය, අස්තංගමය, ආදීනවය, ආස්වාදය, නිස්සරණය කියන එක දැකලා ඒ පුද්ගලයා විඤ්ඤාණය පිහිටන්න ඉඩ නොදෙනවා කියන එකයි. මෙතනදි රහතන් වහන්සේ එතන ඒක “Excellent” කියලා කිව්වා එතන ඒක විඤ්ඤාණය එහෙම පිහිටන්න දෙන්නේ නැතෙයි කියන එක.

ඉතින් එතනදි මට ආවා ඔය කතාවේදි ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ දැන් imperturbable කියන එක තියෙනවා නේ ආනෙඤ්ජ වෙන්න ඕනෙ නේ මෙතන, ඒ කියන්නේ වේදනාවකට අපි ඉවසීම කියන එක, ඒක කරන්න ඕනේ, “අධිවාසනා පහා තබ්බා” කියන එක. ඒක අර ඉවසීම කියන ඒ භාවනාවේ කොටස ආවා. ඉතින් ආවහම ආපහු අර චෙතො විමුක්ති කොටස ඒක ලස්සනට පත්තු වෙලා ඒක හරි ම වෙනසකට තියෙනවා. ඒක මතක් කරගත්තා විතරයි.

ඒ පාර දැන් මේ විදිහට මේ චිත්තය මේ පවතිනවා. මට කල්පනා උණා ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර අවසානයට තිබෙන්නා වූ diagram එකේ කෑල්ලක්. ඒ කියන්නේ, මෙතනදි අපි කියනවා, අර පෙර වූ මෝහය, අර sick සඤ්ඤාව මගේ කියලා ගැනීම කියන කතාව, පාණාතිපාතය, ඒ පැත්තේ තියෙන්නා වූ දෙය නේ. ඒ පාර අනිත් අතට අදත්තාදානය, දැන් අවිද්‍යාව, අදත්තාදානය කරගෙන ජීවත් වෙනවා කියන එක. තුන් වැනි එකට තියෙනවා කාමෙසුමිච්ඡාචාරය, කාමයේ වරදවා හැසිරීම, ඒ කියන්නේ අරවා මේ පැත්තට ඇදෙනවා කියන එක.

එතකොට ඒක මට අර ඊයේ භාවනාවත් එක්ක connect උණා. මේක ගිහිල්ලා ඉවර වෙලා, මේ අවස්ථාවේ දී මේ කාමෙසුමිච්ඡාචාරය කියන එකේ ගන්නේ අර උත්පත්තිය අවස්ථාවේ දී අපේ ඇති උණා වූ කාමෙසුමිච්ඡාචාරය. ඒ කාමෙසුමිච්ඡාචාරය එතනදි ගත්තා නම් එහෙම නම් විඤ්ඤාණය කියන එක බැස ගත්තා. එතකොට විඤ්ඤාණය බැස ගත්තා නම් උත්පාද සංඛත ලක්ඛණය, විපරිණාම දුක්ඛතාවය. අර ඊයේ භාවනාවත් එක්ක connect වෙලා ඒ දුක්ඛතා තුනට මෙතන ඇති වෙනවා කියලා අන්තිමට සංස්කාර දුක්ඛතාවය නේ තියෙන්නේ. දැන් සංස්කාරය ගැන නේ මෙච්චර වෙලා කතා කරේ. ඒකේ මේ දුක්ඛතාවය කියන එක භාවිතා කළා.

ඒක තමයි භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_panna.jpg


S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg