අද මම මේ උතුම් උත්තරීතර මණ්ඩලයේ බුදුපියවරු සිහි කළේ මේ මණ්ඩලාධිපති බුදුපියා බුදුවරු 2500 නමකින් බණ අහලා ඇත, මේක ගැන මට සැකයක් නැත, මට ශ්‍රද්ධාව ඇත්තේ ය. නිවනින් පිටත යමක් ගන්නා වූ පුද්ගලයාට පමණක් සැක ඇත්තේ ය. එතකොට මේ විදිහට මම පළවන බුදුපියා, දෙවන බුදුපියා, තුන් වන බුදුපියා මෙහෙම සිහි කරා. එතකොට මේ අනිත් බුදුපියවරු ගැනත් මේ විදිහට ම සාධාරණය කළා, මෙහෙම සැකයක් නැතෙයි කියන එක. නිවනින් පිටත දෙයක් ගත්තොත් තමයි කෙනෙකුට මේ සැකයක් තියෙන්නේ.
එතකොට බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි, කියලා කියනකොට මේ ලෝභය නිසා මෝහය ඇති වෙනවා කියලා දැනීම මට ආවා අර ලෝභ belt එක, පළවැනි belt එක කරකවනවා නම් අපිට මෝහය කියන එක ඇති වෙනවා. ඊළඟට belt 2 එක, ඒ කියන්නේ ද්වේෂය නැති කරමි කියලා මම කල්පනා කරනකොට belt 2 කියන එක මට ඇති වෙනවා. ඉතින් ද්වේෂය නිසාත් මට මෝහය ඇති වෙනවා. නාමරූප නිසාත් මේ ඇති වෙනවා කියන එක එනවා. ඊළඟට තුන් වැනි එකට මම මෝහය නැති කරමි කියලා කියනකොට අර උද්ධච්ච කුක්කුච්චයේ ඉඳන්, අවිද්‍යාවේ ඉඳන් මෝහයට යන්නා වූ ඒ කොටස, ඒකත් හොඳට බැලුවා මම.
දැන් මට පේනවා මේ belt 1 එකයි belt 2 එකයි වෙනකොට වට නමයක් ගිහිල්ලා ඉවරයි. ථීනමිද්ධය දක්වා ගිහිල්ලා නේ. ථීනමිද්ධය ඇතුළත්. නම වන පන්තිය කියනකොට ථීනමිද්ධය තියෙනවා කිව්වා නේ. එතකොට මුල් වට දෙකට අමතරව වට හතක් අර දුවලා තියෙනවා කියන එක පේනවා. එතකොට මේ සියල්ල මේ නිවනින් පිටත දේ ගත්තු පුද්ගලයාට. එතකොට මේ පුද්ගලයා මේ අභ්‍යන්තර බාහිර වශයෙන් ගත්තා කියන එක මට ආවා. බාහිරයි කියලා කියන්නේ අර belt එක රූපය තමා යැයි ගැනීම එක්ක ඇති උණා වූ ඒ දේ. අභ්‍යන්තර belt එක තමයි අර belt 2 එක නාමරූප වශයෙන් ඇති වෙන දේ. එතකොට මේ දෙක ම ස්පර්ශය අනුවයි සිද්ධ වෙන්නේ. මේ දෙකෙන් ම මේ ස්පර්ශය තමයි සිද්ධ වෙන්නේ.
ඒ කියන්නේ පළවෙනි belt එකේ රූපය නිසා ඇති වෙන්නා වූ ස්පර්ශය එතන තියෙනවා. Belt 2 එකේ මේ නාමරූපය නිසා ඇති වෙන්නා වූ ස්පර්ශය, “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියලා අපි දෙවැනි belt එකයි කියලා කියනවා. එතකොට මට මෙතනදි පේනවා, එහෙම නම් මේ පටිච්චසමුප්පාදය කවදාවත් දැක්කේ නැති විදිහට මට පේනවා, මේ නාමරූපය නිසා ස්පර්ශය. අපි දන්නේ නාමරූප, සළායතන, ස්පර්ශය. සළායතනය, ස්පර්ශය. එතකොට සළායතන, ස්පර්ශය කිව්වහම belt 1. නාමරූප ස්පර්ශය කිව්වහම belt 2 එක.
එතකොට මේක පුදුම විදිහට ඒක දැක්කා. මේක මේ දෙවැනි කොටස සිද්ධ වෙන්නේ ඒ කියන්නේ නාමරූපයෙන් ස්පර්ශ කතාව සංස්කාරත් එක්ක සම්බන්ධයි කියන එක දැන් වැටහෙනවා. එතකොට දැන් මට මතක් උණා මේ වෙලාවේදි මේ සංස්කාරය සමථය කියන එක. එතකොට සංස්කාර සමථය කියන කතාවේදි එතන අර belt 3 කතාව එනවා. අවිද්‍යාව නිසා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය හරහා 1-3 මෝහයට යනවා. ඒ කියන්නේ අර උද්ධච්ච කුක්කුච්චයෙන් ඇති වෙන belt 3 එක තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ සංස්කාර අභිනිවේසය කරලා, අවිද්‍යාව නිසයි, අර මෝහය නිසයි ඇති වෙන්නා වූ මේක, අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර පෙන්නන diagram එක. සංස්කාරය සමථයකට එනවා නම් අපිට විචිකිච්ඡාවට ඉඩක් නෑ කියන එක ආවා. ඒ කියන්නේ සංස්කාර සමථය වනකොට අපි ඒ නිවනින් පිටත වූ දෙයක් කිසිම එකක් සකස් කිරීමක් වෙන්නේ නෑ. නිවනින් පිටත දෙයක් ගන්නා පුද්ගලයාට පමණයි මේ සැකය තියෙන්නේ.
එතකොට මේ විදිහට මට මේකේ belt 1, belt 2, belt 3 කියන එක දැන් මට පේනකොට හරියට අර මේක අර තියෙනවා නේ අර, මට මතක නෑ ඒක කියන්න. අර ඔයාට පේනවා වම් අත පැත්තෙන් හරියට අර බූරුවා හදනවා වාගේ කියන්නේ ඔය මිනිස්සු මේ desk එකක්, මේ වඩු වැඩ කරන කට්ටිය කරනවා නේ. ඒ කියන්නේ උඩින් ලී කෑල්ලක් එනවා ඊට පස්සේ, මෙන්න මෙහෙම හිතන්න කෝ, නිකන් අර Y අකුරු දෙකක් එකට තියලා අර Y අකුරේ මැද්දේ කෑල්ලෙන් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. Y අකුරේ අර යට කෑල්ල. Y අකුරේ යට කෑලි දෙක, vertical තියන දෙක එකට එකතු කරලා ඕක හරහට හැරෙව්වොතින් ඔයාට පේනවා නිකන් අර belt 1 උඩ belt 2 අර පැත්තේ belt 3. දැන් මැද්දේ ඉතුරු වෙලා තියෙන්නේ මේ අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන්, කාම ආශ්‍රවය කියන එක ඇති වෙන්න තියන ඒ කොටස විතරයි. ඒ කියන්නේ අර සැකයෙන් කරන කොටස විතරයි.
ඉතින් මට මේ වෙලාවේ අර ලෝභ දෝස මෝහ භාවනාව කියන එක මතක් උණා. ඒ කියන්නේ උත්පාද සංඛත ලක්ඛණය, විපරිණාම දුක්ඛතාවය, ඒ කියන්නේ විඤ්ඤාණය පිහිටවපු පුද්ගලයාට, ඒ කියන්නේ belt 1 එක. වේදනාව මෙයා සුඛයි කියලා එතන ගත්තා. අර මනාප අරමුණත් එක්ක ගත්ත එක නේ. එතකොට මෙයාගේ මේ විඤ්ඤාණය පිහිටෙව්වා. ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ෂණය, දුක්ඛ දුක්ඛතාවය. නිවනින් පිටත දෙයක් විඤ්ඤාණය පිහිටුවා, ඇති වූ විපරිණතභාවය. එතකොට වේදනාව මෙතන දුකයි. Belt 2 එක. වයසංඛත ලක්ඛණය, සංස්කාර දුක්ඛතාවය, නිවනින් පිටත දෙයක විඤ්ඤාණය පිහිටුවා ඇති වූ, හටගත්, රෝගීභාවයෙන් යුතුව ජීවත් වීම. ඒක තමයි belt 3 එක කියන එක කියන්නේ. වේදනාව අදුක්ඛම සුඛයි. දැන් තුන් ආකාර වූ දුක්ඛයක් ඇත.
යමෙක් විඤ්ඤාණය නිවනින් පිටත දෙයක නොපිහිටන්නේ නම් සංස්කාර විෂයේ සැකයක් වෙන්නේ නැතෙයි කියන එක මට ආවා. දැන් සංස්කාර හෝ සෑදීම නොවෙයි. අතීත සංස්කාරය මත පිහිටා අනාගත සංස්කාරය හැදීම හෝ වෙන්නේ නැහැ. විඤ්ඤාණය පිහිට වීම ම තමයි මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මේක ම තමයි දුක. නොපිහිට වන්නාට මේක නෑ. සැකයක් නෑ. මේ විදිහට ආශ්‍රවයන් නැසීම කළ හැකි බව මට අවබෝධ උණා ඒ වෙලාවේදි.
මෙම භාවනාව කරනවිට මම තුන් පාරක් මම තථාගතයන් වහන්සේගේ අණ, මණ්ඩලයේ අණ, තපස්සි බුදුසීයාගේ අදහසට ගරු කිරීම, සහම්පති බුදු පියාගේ අණට ගරු කිරීම කියන එක මම මෙනෙහි කරා මොකද, මේකේ සමාධිය බොහොම උග්‍රයි, අධිකභාවය අනුව මේකේ තිබෙන්නා වූ තත්වය මම දැකලා.
මේක මේ විදිහට මෙනෙහි කරලා මම කල්පනා කරා මේ ඉපදෙන සත්වයාට ද, ඒ කියන්නේ මට මේ වෙලාවෙදි මට පාරක් පෙනුණා ඒ පාරේ එක පැත්තකට මිනිස්සු එනවා අනිත් පැත්තෙන් මිනිස්සු යනවා. ඒ පාර දෙපැත්තට මිනිස්සු යන පාරවල් දෙකේ ආලෝකය වැටිලා තියෙනවා ඒ එන පාරටයි යන පාරටයි. ඒ කියන්නේ එක ආලෝකය යන පැත්තටයි එන පැත්තටයි වැටිලා තියෙනවා කියන්නේ, ඉපදෙන සත්වයාටයි ඉපදුණු සත්වයාටයි මෙම ධර්මය දෙනවා කියලා මම දැඩි ලෙස තීරණය කරනවා, එතකොට අර “විශිෂ්ටයි” කියලා බුදුපියවරු මට පැවසුවා.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්