එතකොට අද භාවනාව කළේ ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදු පියාගේ ඒ ප්‍රඥාව ගැන මට සැකයක් නෑ. ඒ කියන්නේ නිවනින් පිටත වූ දෙයක් ගතහොත් පමණයි සැක ඇත්තේ. ප්‍රඥාව යනු සමුදය සහ අස්තංගමය දැන, ව්‍යාධි සහිත සඤ්ඤාව මගේ යැයි නොගැනීමට පමා නොවීම.
එතකොට සැකය ඇති වෙන ධර්මය මොකක් ද කියලා මම විමසුවා. මේ විමසිම කළේ අර කාය සූත්‍රයට අනුව. බොජ්ඣඞ්ග සංයුත්තයේ කාය සූත්‍රයට අනුව. එතකොට එතනදිත් දැන් අපි දකිනවා මුල ඉඳන් ම බැලුවොතින්, කාමච්ඡන්දය, ඒක නිසා අර සුභයි කියලා ගන්නවා. අර “මහණෙනි සුභ නිමිත්තක් ඇතැයි, එහි නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බහුල බව” කියලා කිව්වේ, එතන අර සුභ සඤ්ඤාව තමයි වැරදි ලෙස සිතුවා කියන එක කල්පනා කළේ, අයොනිසො මනසිකාරය.
දෙවැනි අවස්ථාවේ දී ව්‍යාපාදය ඇති වුණහම එතනදි අර ප්‍රතිඝ නිමිත්තක් තියෙනවයි කියලා කියනවා. මේ ප්‍රතිඝ නිමිත්ත කියලා කියන්නේ අර ජාතියේ ඉඳන් ජරාවට ගිහිල්ලා ඇති වන්නා වූ ඒ දෝමනස්ස ස්වභාවය සහිත තියෙන දේ, විපරිණාම දුක්ඛතාවය, කියන එක ගන්නේ නැතිව මෙයා මේක සුඛයි කියලා ගැනීම කියන දේ තමයි ඇති වෙන්නේ. එතකොට අර සුභ කියන එක ආවා, දැන් සුඛයි කියලා ආවා.
තුන් වන පාරට එනකොට ථීනමිද්ධයේ අවස්ථාවේ දී අපි ගන්නවා අර අත්තා ඉඳන් නිත්‍යයට යන්න කතාව තමයි එතනදි සිද්ධ වෙන්නේ. මෙතන අපි දන්නවා මේ රෝගී වෙච්ච සඤ්ඤාවක් මගේ කියලා අර ථීනමිද්ධ අවස්ථාවේ දී මේ මෝහයෙන් අතන තීරණය කරලා ගැනීමක් කරනවා. මේක තමයි මෙතනදි ඇති වෙන ප්‍රශ්නය හැටියට තියෙන්නේ.
ඊළඟට දැන් ඔතන එකයි, දෙකයි, තුනයි කිව්වා ථීනමිද්ධය. හතර වැනි කාරණයට අපිට එනවා උද්ධච්චය කියන එක. ඒ උද්ධච්චය කියන එක ගත්තහම අපි දන්නවා, ඒ ඇලුම් කටයුතු ආලම්බනය නිසා සිද්ධ වෙනවා. ඊළඟට සමාධිය මගේ කියලා ගන්නවා, අර ආස්වාද ඉන්ද්‍රිය කියන එක, මේක නිසා අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට අර ගමන් කිරීමක් කියන එක ඇති වෙනවා.
එතකොට දැන් ඕක අපි කොළ කෑල්ලක ඇඳගන්නවා නම් අපිට පේනවා එහෙම නම් මේ චේතනාවේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසයට එනවා, අපි හිතමු ඒ line එක A කියලා ලකුණු කරනවා කියලා. ඊළඟට පරාමාසයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට එනවා කුක්කුච්චය හරහා අපි හිතමු ඒක B කියලා ලකුණු කරනවා කියලා. ඔන්න ඔය A යි B යි නිසා තමයි අර පල්ලෙහා තිබෙන්නා වූ අපිට සැකය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් භය අගතියට යන පාරයි, ඊළඟට මෝහ අගතියේ ඉඳන් පරාමාසයට එන්නා වූ පාර යි කියලා දන්නවා. ඒ තුන් වැනියට අපිට C කියලා ලකුණු කරන්න පුළුවන්කමක් තියෙනවා, මෝහ අගතියේ ඉඳන් පරාමාසයට එන්නා වූ දේ. දැන් එතකොට දැන් අපිට පේනවා ඔය A යි B යි C යි තමයි ඔය කතාව හරියට කරන්න නේ. A යි B යි නිසා තමයි, ඒ කියන්නේ චේතනාවේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසයට යන එකයි, පරාමාසයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසයට යනවා කියන එක කුක්කුච්චය හරහා, ඒක තමයි A B කියලා කිව්වේ. එතකොට සැකය කියන එක ඇති වෙන්නේ A B පාර හරහා සිදු වෙලා. මේක තමයි සමුදය ධර්මය. සැකයේ සමුදය වෙන්නේ මෙන්න මේ දෙක.
එතකොට මේකේ සැදෙන්නා වූ සංස්කාර විෂයයෙහි ධර්මයෙන් තොරව විමසීමක් අපෙන් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි අර අයොනිසොමනසිකාරය වශයෙන් එන්නේ. ඒ ධර්මයෙන් තොරව මේක අර හැදෙන්නා වූ සංස්කාර විෂයේ සිහි කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේක නිසා භය වෙනවා, අර භය අගතියට යනවා. එතකොට අපිට පේනවා අර A B කියන පාරෙන් ඇවිල්ලා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයෙන් කෙළින් ම මේ සංස්කාරයන් බිඳෙයි කියලා එහෙම භය අගතියට කෙළින් ම එයා ගමන් කරනවා කියන එක.
ඒ පාර අර මෝහ පාර, ඒ කියන්නේ මම C කියලා කිව්වා අර මෝහ අගතියේ ඉඳන් පරාමාසයට යන්නා වූ පාර, ඒ සංස්කාරයට පෙර තියන කොටස C කියලා ලකුණු කළොතින්, ඒ C එක මගින් තමයි මේකට අගයක් දෙන්නේ. අගයක් දීලා තමයි පරාමාස වෙන්නේ. හරියට අර වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දීලා අපිට අර චේතනා වෙන කතාව අපි දන්නවා වගේ, මේ අවස්ථාවේ දී මේ සංස්කාරයට ඔය මෝහ අගතියේ ඉඳන් එන්නා වූ එකෙන් අගයක් දීලා තමයි අපි පරාමාසය වෙන්නේ.
එතකොට මේකේදි මට වැටහුණේ හරියට අර flow එක කියන එක. උඩ නිකන් හරියට කෙනෙක් බෝලයක් පල්ලෙහා ඉඳන් උඩ තල්ලු කරනවා. කන්ද මුදුනට වාගේ මේක ඇවිල්ලා තියෙනවා. ඒ කන්ද මුදුනට වාගේ ආවයින් පස්සේ ඒක මම දැන් අල්ලා ගත යුතුයි කියන අදහසකින් මේ මනුස්සයා හිතනවා කියන එකයි වෙන්නේ. මට තේරුණා ඒක තව හරි මදි ය කියලා.
ඒක මම රහතන් වහන්සේගෙන් විමසලා උදාහරණයක් පැතුවා. ඒ පාර රහතන් වහන්සේ මට කිව්වා, “හරියට මේ ගෑනි ද අර ගෑනි ද යනුවෙන් විමසිම” වගේ තමයි මේ ථීනමිද්ධයට අදාළව තියෙන්නේ. අර ගෑනි ද මේ ගෑනි ද කියලා. අර තීරණයක් ගන්න, අර shirt එක මගේ ද මේක මගේ ද කියලා, මේ shirt එක ද මේ shirt එක ද කියලා තෝරන්න හදන්නේ, අන්න ඒ වගේ. ඊට පස්සේ අර “මෙයත් එක්ක ජීවත් විය හැකි ද අරයාත් එක්ක ජීවත් විය හැකි ද” කියලා හිතනවා, අන්න ඒක තමයි සැකයට අදාළ ධර්මය කියන එක කිව්වා.
එතකොට අර, ඒ කියන්නේ හදන ලද සංස්කාරයත් එක්ක ජීවත් වීම. “හදන ලද සංස්කාර විෂයේ අයොනිසොමනසිකාරය” යි කියලා රහතන් වහන්සේ පෙන්නුවා අන්න ඒකයි එතන සිද්ධ වෙන්නේ කියලා.
එතකොට මට මෙතනදි තේරුණා මේක හරි ම ගැඹුරුයි කියලා. මේක හරි ම ගැඹුරුයි කියන එක තේරුණා කියලා කියන්නේ මට මෙතනදි ආවා අදහස හරියට ම මේ තථාගතයන් වහන්සේ මේ ධර්මය හොයා ගන්නවා. දැන් අපි මේ හරියේදි බලන්න ඕනෙ සමාධිය වශයෙන් නේ. එතකොට තථාගතයන් වහන්සේ ධර්මය සොයා ගන්නවා. ඒ සමාධිය ඇති උණේ අර උද්ධච්චයට තත්වය ඇති උණෙත් ඒ තථාගතයන් වහන්සේ හොයා ගත්තා වූ ධර්මය, ධර්මය හේතු කොට ගෙනයි සමාධිය. එතකොට ඒ ධර්මයන් සොයාගෙන ඒක ගුරු බවටත් පත් කරගන්නවා වෙන කෙනෙක් නැති නිසා. එතකොට තමා ම සොයා ගත්තේ ය කියලා ඒක ඉවතට විසි කරන්නේ නැහැ, තමා ම සොයා ගත්ත නිසා උපෙක්ඛාව ම තියෙනවා. අන්න එතකොට මෙන්න මේ අවස්ථාවේ දී සැකයක් නැත්තේ ය කියන එක එතන එනවා. ඉතින් මට තේරුණා මේක හරි අමාරුයි කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න උණත් මේක හරි අමාරුයි. මොකද අර තමන්ගේ ආවා වූ ඒ ධර්මයට අපි සලකනවා. ඒ ධර්මය කියන එක ඉවත විසි නොකරන්නත් ඕනෙ උපෙක්ඛාවක් තියෙන්නත් ඕනෙ. ඔන්න ඔය අර්ථයට, අමාරුයි කියන එක ආවා.
මේක තමයි භාවනාව හැටියට කළේ.