Date: 20/10/2013 Name: Nirodaya

ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා ඒ ජීවමානව වැඩ සිටින පළමු වන බුදුපියාණන් වහන්සේ. ඒ ධර්ම ආලෝකය ලෝකයට පතුරවන පළවන බුදුපියාණන් කියලා. මෙවැනි ශ්‍රේෂ්ඨ උතුමන්ට ගරු කළ යුතුයි කියලා මට ආවා. ඊයේ ඔය වැඩ සටහනට ඒ මණ්ඩලාධිපති බුදුපියා, ධම්මාධිපති බුදු පියායි, සහම්පති මහා බ්‍රහ්ම බුදු පියායි තමයි මෙහාට වැඩියේ. ඒ දිව්‍ය ලෝකයට හතර නමක් වැඩලා තිබුණා. ඉතින් ඒ දාහතර නම ම මම ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. කරලා, අර පංචනීවරණයන් යටපත් කරමි කියනකොට මට කිව්වා, “මෙතනින් පටන් ගන්න යැයි නොකියමි, නොකරන්න යැයි ද නොකියමි” කියලා. එතකොට මම දන්නවා නේ මේ කියන්නේ ඊළඟ එක අරි අට මඟ හරහා යමි කියන අවස්ථාවත් එක්කයි මේක කරන්න කියන්නේ කියලා.

එතකොට ඊයේ භාවනාව තමයි මම කරන්න ඉස්සෙල්ලා, මම ඊයේ භාවනාව පොඩ්ඩක් ආපහු බැලුවා. එතකොට ඒකේ අර ථීනමිද්ධයෙන් එන්නා වූ අර A කියලා ලකුණු කරපු එකයි පරාමාසයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසයට අර කුක්කුච්චය හරහා එන එක B කියලා ලකුණු කරා නේ. දැන් ඒකේ අපි තේරුම් ගත්තා නේ අතීත තීරණය තමයි ථීනමිද්ධය, A කියලා කියන්නේ. කුක්කුච්චය, B මේකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ද කියලා සිතන එක. ඒ කියන්නේ ගත්තා වූ සිතිවිල්ලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ද කියන එක.

දැන් මට මේ වෙලාවේදි අර අරි අට මඟ හරහා යමි කියන එක සිහි උණා. එකපාරට ම ආවේ අර හතර වන පටිපදාව, “සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්චාති න විචිකිච්ඡති අධිමුච්චති” කියන එක මට සිහියට ආවා. ඒක ආපු ගමන් ම දැන් මට මෙතනින් එහා පැත්තට සිතන්න බෑ. ඒ කියන්නේ මේ හදන සංස්කාරයන් සියල්ල ම අනිත්‍යයි කියන එක එකපාරට ම අර අර්ථය නේ ඒකේ තියෙන්නේ, ධම්මානුපස්සනාවේ කොටස. දැන් මට හිතන්න ඕන උණත් මෙතනින් එහාට හිතන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. එතකොට එහෙම්ම ම මම නිරෝධයට ගියා. දැන් මෙතන මේ කඨින පිංකම නිසා මේ විසාල ශබ්දයන් තියෙනවා පාරේ, ඒත් මම නිරෝධයේ. මම යම්කිසි වෙලාවක නැවත ඒකෙන් එළියට ආවා ද, සිහි ගැන්වුණා ද, ආපහු ඒත් සිතන්න බෑ. ආපහු නිරෝධයට ම යනවා.

ඉතින් ඒකේ හේතුව මොකක් ද? අර C කියලා ඊයේ කිව්වා නේ මෝහයේ ඉඳන් සංස්කාරයට අඳින එක, පල්ලෙහායින් තියන මෝහයේ ඉඳන් අපි අඳිනවා නේ line එකක් පරාමාසයට යන line එක, ඒකට අපි කිව්වා නේ පල්ලෙහා කොටස C කියලා. අන්න ඒ කෑල්ලෙන් ඒ සංස්කාරයට අගයක් දීල නේ පරාමාස වෙන්නේ. මේ සංස්කාරයට අගයක් දෙන්නේ නෑ, අනිත්‍යයි කියලා ඒක ගැනීම නිසා. අන්න ඒක නිසා තමයි මේ නිරෝධයට යන්නේ.

මෙන්න මේක තමයි ඒ භාවනාව. බොහොම සිතීමක් නැතිව කරපු භාවනාවක්. නිරෝධසමාපත්තිය කියන එක තමයි මේ භාවනාවේ නමට තියෙන්නේ.