එතකොට මම ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ කියන්නේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයට පිං කෙතක් ය කියලා ජීවමානව වැඩ සිටින පළවන බුදුපියා වශයෙන්. ඔය විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කරලා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා.
චතුත්ථධ්‍යානයට යමි, කියනකොට “මේකෙන් පටන් ගන්න” කියලා පැවසුවා. චතුත්ථධ්‍යානය වෙන්න නම්, තුන් වන ධ්‍යානයේ සුඛ වේදනාවට උපෙක්ඛාවක් වෙන්න ඕනෙ කියන එක භාවනාවේදි මම කල්පනා කරා. එතකොට ඒ කියන්නේ සුඛ වේදනාව තාවකාලිකයි කියලා දැනගෙන තමයි අපි උපෙක්ඛාවට යන්නේ. එතකොට ඒ කියන්නේ සුඛ වේදනාවේ අනිත්‍ය බව කියන එක දකිනවා.
දැන් මම මේක විමසන්න ගත්තා, ඒ කියන්නේ මෙතන දී ගැට ගැහිලා, අනිත්‍යභාවය කියන එක මම මේක විමසලා බලනකොට මට පේනවා මේ අර කඹේ ගැට ගැහිලා වගේ පල්ලෙහායින් ඒ ගැට ගැහිලා තියෙනවා කියලා. අර සංස්කාර, පසු සංස්කාරවල එතන ගැටය මම දකිනවා පහළ.
එතකොට දැන් මම කල්පනා කළා, මේකේ මේ පෙර වූයේ මොකක් ද? ඒ කියන්නේ අනිත්‍යභාවය පෙර වූයේ ද යන්න කියන එක මම විමසුවා. ඒ අනිත්‍යභාවය පෙර වූයේ ද යන්න කියලා කියනකොට මට මුලින් සිතුනේ අර ගැට ගැහීම කියන එක වෙන්නේ, අර අපි දන්නවා නේ මේ විඤ්ඤාණය කියන කොටස ගත්තහම දැන් මනොසඤ්‌චෙතනායි, විඤ්ඤාණයයි. ඊට පස්සේ අපි දන්නවා නේ අර කතිරය හැදෙනවා කියලා, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි, පරාමාසයයි. ඊට පස්සේ පල්ලෙහායින් අර මෝහ අගති ගමනයි, භය අගති ගමනයි ඔය විදිහට අර අලුවා කෑලි සම්බන්ධය තියෙනවා නේ.
එතකොට මට කල්පනා උණේ, මේ මුලින් මේ අලුවා කෑල්ල තියලා මේ මැද්දෙන් මේ ගැට ගැහීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ විඤ්ඤාණ කොටස කියන එක කෙළවර මුල, අරක පස්සේ කියලා. හැබැයි මම මේක හරියට විමසාගෙන, විමසාගෙන යනකොට, මට පෙනුණා මේක මෙහෙම නෙමෙයි කියලා. ඒක පෙනුණේ මේ, ඒ කියන්නේ සම්මා වාචා diagram එකට අනුව, ඕක ඔය විදිහට නෙමෙයි මේ කඹේ ගැටේ මුලින්, ඊට පස්සේ තමයි මේ විඤ්ඤාණය කියන එක. ඒ කියන්නේ අපි ඒ සාත යැයි කියලා යමක තීරණයක් ගන්නේ අවිද්‍යා ආශ්‍රවය මගින්, ඒ කියන්නේ 1-3 මෝහය. එහෙම වෙන්න නම් ඒ 1-3 මෝහය කියන එක තියෙන්න ඕනෙ. එතකොට මෝහය ඇති වෙන්න නම් අවිද්‍යාව කියන එක තියෙන්න ඕනෙ, අවිද්‍යා. එතකොට මරණය කියන එක දත යුතුයි. ඒක නේ අර සම්මා වාචා diagram එකේ පෙන්නන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව වෙන්න නම් එකටත් පෙර අපිට ථීනමිද්ධය කියන එක ඇති වෙන්න ඕනෙ. මොකද ඒ diagram එකේ පෙන්නනවා අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන එක තියෙනවා නම්, තමා රෝගී කියලා දැක්කහම ද්වේෂය කියන එක ඇති වෙනවා, sickness එක කියන එක. එතකොට ඒක තමයි ථීනමිද්ධය කියලා කියන්නේ.
එතකොට අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි, අවිද්‍යා කියන එක තියෙනවා නම්, ignorance කියන එක තියෙනවා නම්, මරණය දක්නේ මෝහය කියන එක ඇති වෙනවා. එහෙම නම් ථීනමිද්ධය පෙරයි, 1-3 මෝහය පසුවයි කියලා. එතකොට ඒ මෝහය මගින් තමයි තීරණයක් ගන්නේ දැන් ථීනමිද්ධ අවස්ථාවේ දි. එතකොට දැන් ථීනමිද්ධය වෙලා මෝහයෙන් තීරණය ගන්නවා කියන එක මෙතනින් analyse කරගෙන ආවහම සම්මා වාචා එකට අනුව ඒක ලස්සනට පේනවා.
එතකොට දැන් මෙතන මේ diagram එකක් එනවා මේක complicated, කෙනෙක් ඇන්දොතින්. ඔයා දන්නවා අර චේතනා, විඤ්ඤාණ, ඉදංසච්චාභිනිවෙස, පරාමාස අර අලුවා කෑල්ල හැදෙන හැටි. ඒක මෝහ අගතිය, භය අගතිය දක්වා අලුවා කෑල්ල යන එක. ඊට පස්සේ අත්තා ඉඳන් නිත්‍යයට යන එකෙන් අර කඹය ඇඹරෙන්නා වූ දේ ඔයා දන්නවා. එතනින් අත්තා දිට්ඨියේ ඉඳන් 1-3 මෝහයට යනවා. නිත්‍ය ඉඳන් දිට්ඨි ආශ්‍රවයට යනවා. එතනත් හැදෙනවා එකක්. එතකොට මේ දෙක ඇඹරීමෙන් තමයි ඕක සිද්ධ වෙන්නේ.
එතකොට දැන් වෙන්නේ මොකක් ද, දැන් අපි දන්නවා මේ සැකය කියන එක ඇති වෙන්නේ කොහොම ද කියන එක මම කිව්වා නේ අර A, B කියලා දැම්මේ ථීනමිද්ධයෙන් අපි A කියලා කිව්වා ඒ එන පාර. කුක්කුච්චය, උද්ධච්ච කුක්කුච්චයෙන් එන පාර B කියලා ගත්තා. අර 19 වැනිදා භාවනාව. එතකොට දැන් ඒ සැකය ඇති වෙන්නේ සැකයේ සමුදය ඔය විදිහට අපි දන්නවා. දැන් කඹය වෙන්නේ මොකක් ද පහළින් ගැට ගැහෙනවා. පල්ලෙහායින් ගැට ගැහිලා උඩු අතට යනවා. ඒ උඩු අතට කඹය ගිහිල්ලා තමයි මේ විඤ්ඤාණය කියන එක සැකසෙන්නේ. නැත්නම් විඤ්ඤාණය කියලා මොකක්වත් හැදෙන්නේ නෑ. ඒ කියන්නේ “සංස්කාර පච්චයා විඤ්ඤාණං.”
එතකොට මේ කඹය අර ගැට ගැහුනු ඇඹරිච්ච කඹය නිසා තමයි අර විඤ්ඤාණය කියන කෙළවර, කඹයක කෙළවරක් වාගේ විඤ්ඤාණයක් පේන්නේ. එහෙම නැත්නම් මොකක්වත් නැතෙයි කියන එක එතන එනවා. එතකොට මේ කතාව ඔක්කොම අපි මේ කතා කරන්නේ මේ මෝහයෙන් තොරව සකසන්නා වූ විඤ්ඤාණයක් ගැන අපි මෙතන කතා කරන්නේ නෑ. ඒ කියන්නේ “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා.” අවිද්‍යාව තියෙනවා නම්, ඒ කියන්නේ රහතන් වහන්සේගේ විඤ්ඤාණය නෙමෙයි. අපි මේ කතා කරන්නේ මේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ඒ විඤ්ඤාණය සැකසෙන විදිහ. එතකොට මෝහ සහිත පුද්ගලයාටයි මේ “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියන එක සිද්ධ වෙන්නේ.
දැන් ඒ වෙලාවේදි මම බැලුවා මේ වට නමයක් ගැහුවහම අර ථීනමිද්ධය ඇතුළත් වෙලා කරකවන එක. අර නම වෙනි පන්තියේ කතාව. අර එකොළොස් වෙනි පන්තියට යනකොට උද්ධච්ච කුක්කුච්චය ඇතුළත් වෙලා කරකවන එක. වට දහතුනක් වෙනකොට සැකය සහිතව නේ කරකවන්නේ. එතකොට මෙතනදි අර පෙර මෝහය වට එක. පසු මෝහය, ඒ කියන්නේ මෝහ අගති කතාව වෙනකොට වට දහතුනක් වෙලා ඉවරයි.
එතකොට මෙන්න මේක තමයි භාවනාව. ඒක ටිකක් සෑහෙන්න අමාරුයි කෙනෙකුට ගන්න. මේක තෝර ගන්න ගියහම සෑහෙන්න මේකක් යනවා. මේ diagram එක නැතුව ටිකක් අමාරුයි.
මේක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්