අද උතුම් බුදුපියවරු සිහි කළේ, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ බුදුවරු 2500 නමකින් බණ අහලා මේ බුද්ධ සාසන 2502ක් ගොඩ නංවාගෙන සිටින ශ්‍රේෂ්ඨතම ජීවමාන පළවන බුදුපියා වශයෙන් සිහි කළා. මේ විදිහට අනිත් බුදු පියවරුත් සිහි කළා. එතකොට මේ කියනකොට ම මේ සමාධිය උග්‍රයි ශාන්තයි. මේක මේ ඊයේ හවස මේ වම්මික සූත්‍රය කරන අවස්ථාවේ දී කරලා ඒ කරුණාව පවත්වනකොට ඇති වෙච්ච සමාධිය. මේ නළල මට ලස්සනට දැනෙනවා. මේ දෙපැත්තේ, වම් පැත්තේ කන පැත්තට යන, දකුණු පැත්තේ කන පැත්තට යන ඒ කොටසත් මනා කොට ශාන්තව දැනෙනවා.
එතකොට ලෝභය නැති කරමි, කියන තැනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. ලෝභය නැති කරමි කියන තැන. එතකොට දැන් මට පේනවා අර පළවෙනි කොටුව රූපය, ස්පර්ශය, වේදනාව, ගිද්ධිලෝභය, කාමච්ඡන්දය තියන කොටුව ගැන මම භාවනා කළා. ලෝභය නිසා මෝහය ඇති වෙනවා කියන එක සිහි උණා. එතකොට ඒ ලෝභය නිසා මෝහය ඇති වෙනවා කියන එක සිහි වෙනකොට මම ඒ කල්පනා කළේ අර ලෝභය නිසා අර පලාසය හරියට යන ඒ අර පල්ලෙහා සංස්කාර තියන කොටුව.
ඊළඟට ලෝභය නිසා ව්‍යාපාදය ඇති වීම කියන එකත් සිහි උණා. මේ කොටුව ඇතුළෙම ව්‍යාපාදය තියෙනවා. එතකොට ලෝභය නිසා ථීනමිද්ධය කියන එකත් ඔය පළවන කොටුවේ ඔය රූපයත් එක්ක ඒ ථීනමිද්ධය තියන තැන තියෙනවා. මේ ඔක්කෝම තියෙන්නේ, මේ සියල්ල වේදනාව වටා.
එතකොට දැන් මට එනවා මේ පළවන කොටුව හා සම්බන්ධව තමයි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඊළඟට මට එනවා මේ නාමරූප නිසා අපිට වේදනාව ඇති වෙනවා. ඒක අර අභ්‍යන්තර වශයෙන් බලපු එක. ඊළඟට සළායතන නිසා වේදනාව ඇති වෙනවා, බාහිර රූප නිසා ඇති වෙන එක. දැන් මේ විදිහට බැලුවහම දැන් ඉතුරු වෙලා තියෙන්නේ අර, ඊට පස්සේ දැන් මට පේනවා දැන් අර මේ වඩුවාගේ අර මේවා එක වගේ, මම කලිනුත් කිව්වා ඔයාට අර වම් අත පැත්තේ තියන කෑල්ලයි දකුණු අත පැත්තේ ඉතුරු කෑල්ලයි මේ යට තියන අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන යට කෑල්ල විතරයි කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.
එතකොට මේ අවස්ථාවේ දීත් මට පේනවා මේ කාම ආශ්‍රවය හරහා වේදනාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ, පටිඝානුසය මගින් අපි උස්සන අවස්ථාව තියෙනවා නේ, අන්න ඒ ඉස්සවීම ඒ කියන එක තියෙනවා.
දැන් මෙහෙම බලනකොට මට මේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ මේ අවසාන slide එක මට සිහි උණා. ඒ කියන්නේ මේ සියල්ල ම එකට හැකිළෙනවා. සියල්ල ම එකට හැකිළෙනවා කියන එක අර දෝමනස්සය කියන එක දැන් පරාමාසයයි ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි ඔක්කොම එකට තියෙන්නේ. එතකොට උඩ තියෙනවා චේතනා අභිජ්ඣා කියන එක.
දැන් මට කල්පනා වෙනවා මේ මේකෙ, දැන් මගේ සමාධිය බොහොම හොඳට පවතිනවා. දැන් මෙතන මේ ලියනකොට මට පෙනුණේ මේකෙ කාම සඤ්ඤාව කියන එක මේ මළාට පස්සේ, ඒ diagram එකේ ම තියෙනවා නේ කාම සඤ්ඤාව නිසයි මේක වෙන්නේ කියලා අර. මළාට පස්සේ අර මනෝමය කායෙකින් ඉන්න අවස්ථාවේ දීත් අපි අර මව් කුසට යන කතාව තියෙනවා කාමයේ වරදවා හැසිරීම ඒ කාම සඤ්ඤාව කියලා. දැන් ජීවත් වෙලා ඉන්න කොටත් මේ කාමච්ඡන්දය සහිතව වම් අත පැත්තේ අර මුලින් මම කතා කරපු පළවැනි කොටුව. රූපයයි, ස්පර්ශයයි, වේදනාවයි මේ ගිද්ධිලෝභයයි සම්බන්ධ වෙලා තියන කොටුව. දැන් අවසානයට ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අවසාන diagram එක. එතකොට දැනුත් තියෙන්නේ දෝමනස්සයක් මළාට පස්සෙත් කාම සඤ්ඤා නිසා මේ දෝමනස්සය තියෙනවා, නැවත උත්පත්තියක් ගත්ත පුද්ගලයාට.
ඉතින් මේකේ මේ සමාධිය කියන එක හරි ම අර, දැන් මට පෙලක් වෙලාවට සිහි කරන්නත් ඕනකමකුත් නැති තත්වයක් තිබුණා. ඉතින් ඒ ශාන්ත ස්වභාවය දිගට ම පැවතුණා. දැන් රූපත් පේනවා, මට මාවත් පේනවා, අම්මත් පෙනුණා, ඒ මිනිත්තු 50ක් පමණ මේ භාවනාව තිබුණා. මේක උතුම් ශාන්ත සමාධියක් උණේ මේ, ඉවසීම කියන එක තදින් පැවතුණා. ඒ කියන්නේ දැන් මම උදේ නැගිට්ටා, හතරටත් කාලක් විතර තියලා තමයි ඇහැරුණේ. භාවනාව හතරේ ඉඳන් පටන් ගත්තා මේ බඩ ගින්නක් වාගෙත් දැනුණා. ඒකත් ඉවසුවා, දකින රූපත් ඉවසුවා, සිහියට එන සිතිවිලිත් ඉවසුවා, නොසැලී ඉවසුවා. ශාන්ත සමාධිය කියලයි මේකට නමක් දැම්මේ. සමාධිය ශාන්තව පවතින්න පුළුවන්කමක් තිබුණා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්