Date: 24/10/2013 Name: Kamaraga Anusaya bhavana

මේ භාවනාව තමයි මේ කාමරාග අනුසය කියන එක. උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහලා සිටින ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන්. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2100 නමකින් බණ අහලා මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම දෙවනි බුදුපියා වශයෙන්. ඒ ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 1287 නමකින් බණ අහලා ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම තුන් වැනි බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා.

එතකොට මෙහෙම සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා, ඊට පස්සේ පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි කියන තැන, “මෙයින් පටන් ගන්න යැයි නොකියමි. එපා ද යැයි නොකියමි.” එහෙනම් ඡන්ද චිත්ත විරිය විමංසා දක්වා බැලිය යුතුයි කියන එක මට හිතට ආවා. එතකොට පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි. සෙඛ පටිපදා සූත්‍රයේ පහළොස් චරණ ධර්මය මෙනෙහි කරා.

පළවෙනි එක සීලය. පාණාතිපාත පිසුණා වාචා ආදීන්ගෙන් වෙන් උණා. චතුත්ථධ්‍යාන සමාපත්තිය, ඡන්ද සමාධිය. එතකොට සංස්කාර තියෙන්නේ අර දකුණු අත කෙළවරේ තියන සංස්කාර. මේ පැත්තෙන් තමන් මේ මේවාට ඇලිලා මේක සිද්ධ වෙන්නේ.

“ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො” කියලා කිව්වහම, අභිජ්ඣා, දෝමනස්ස ඇති වෙනවා. ඡන්ද සමාධිය පැවැත් වෙනවා. ආපහු තවම අපි කතා කරන්නේ දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා.

තුන් වෙනි පාරට කියනවා moderate in eating කියලා. එතකොට එතන වේදනාවට අපි react නොකරන්න. ආහාරය මේ ජීවත් වීම සඳහා පමණයි. ආපහු රස හොයන්න අපි යන්නේ නෑ ඒකට. දෙවැනි පටිපදාව පැවැත්ම කරුණා අප්‍රමාණය, චිත්ත සමාධිය.

හතර වන එක ජාගරියං. පංචනීවරණ භාවනාව. පංචනීවරණ භාවනාවේ ඔය කාමරාග අනුසය කියන එක ඊයේ භාවනාවේදි හොයා ගත්තා. රහතන් වහන්සේ දුන්නා ඒක. එතකොට ඒක තමයි තියෙන්නේ මේ පරාමාසය කියලා. පරාමාසයේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට මේ සුභයි කියලා මෙතනින් යන එක. එතනින් පල්ලෙහාට යනවා නේ නිත්‍යයි කියලා. ඒ සුභයි එකට නිත්‍ය අගයක් දීම තමයි කාමරාග අනුසය වෙන්නේ. එතකොට මෙතනින් මෙහෙම ඇවිල්ලා, අර C කියලා මම කිව්වේ අර මෝහ අගතියේ ඉඳන් පරාමාසයට යන point එක. එතකොට මේ සංස්කාරයට අගයක් දෙනවා. එතකොට ඊට පස්සේ සංස්කාර අභිනිවේසය කියන එක ඇති වෙනවා. එතකොට මේ දුස්සීලභාවය තමයි හරියට මේ සංස්කාරය වෙන්නේ.

එතකොට විමංසා ඉද්ධිපාදයෙන් දැනගන්නවා මේ දකුණු පැත්තේ ඉඳන් වම් අත පැත්තට මේ ධර්මයන් ගලනවා. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට, අර සැකයේ භාවනාව. ඒ කෑල්ල තමයි එතනට එන්නේ. එතකොට අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව වන බව දැකීම දැනීම, දෙක ම.

ඊළඟට ශ්‍රද්ධා ඇත්තේ දෝස නොවන්නේ. අර මගේ යැයි ගැනීමෙන් ඇති වෙච්ච ප්‍රශ්නය. නිවන පිටත තියෙද්දි යමක් මගේ කියලා ගැනීම නේ අශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාවේදි නිවනින් පිටත යමක් නොගනී. හිරිය ඇත්තේ සංස්කාරය ගැන ලැජ්ජා වෙනවා. කුක්කුච්චය දක්වා පැමිණියා නම් ඉතින් අපි ලැජ්ජා වෙනවා කියන කතාව. ඕතප්පය ඇත්තේ සංස්කාරයන් ගැන බිය වේ. වේදනාවට බිය වේ.

හතර වෙනි එක ඇසූ පිරූ තැන් ඇත්තේ කුක්කුච්චය නොවන්නේ. පස් වන කාරණය ආරම්භ විරිය ඇත්තේ රූප මගේ යැයි නොගැනීමට විරිය. සතිමත් වූයේ සංස්කාරය දැනගන්නවා. අටවන කාරණය ප්‍රඥා වූයේ විමංසාව පවත්වනවා, සමුදය අස්තංගමය දැන රෝගී සහිත සඤ්ඤාව මගේ යැයි නොගැනීමට පමා නොවෙයි.

දැන් ඡන්ද චිත්ත විරිය විමංසා, ධ්‍යාන හතර උපයෝගී ගෙන පවත්වනවා, පටිපදා හතර. උපාදානය නැති කරනවා. නිවනට ම යොමු කරනවා.

මෙතනදි තේරුම් ගත්තා අපි සංස්කාරයන් හදන බවත් ඒවා අපි රකින බවත්. හරියට පූසා අර එළියේ කැත කරනකොට ඌ වලක් හාරලා කැත කරලා වහලා දානවා. අන්න ඒ වගේ තමයි මේ කාය සංස්කාර, අසූචි පිට කිරීම සඳහා වල හෑරුවා, එළියට දාලා වහනවා, රකිනවා. සංස්කාරයන් රකිනවා. ඒ කියන්නේ අපි ආහාර ඇතුල් කරනවා, පිට කරනවා. මේක වහගෙන අපි ජීවත් වෙනවා. ඔන්න ඔය විදිහටයි ආවේ.

එතකොට “සංකප්ප රාගො පුරිසස්ස කාමො,” සංකප්ප කිව්වහම කාම, ව්‍යාපාද, විහිංසා, කියන සිතුවිලිවලට රාගය. එතකොට අපි දන්නවා ඔය රාගය කියන එක ඇති වෙන්නේ, අර සෝමනස්ස පවිචාරය, රාගය කියන එක ඇති වෙනවා කියන එක ඒ පටිපදාවේ.

එහෙම නම් අපි තුන් විතක්කයට ම ඇලී සිටිනවා. මේක රහතන් වහන්සේ කිව්වා, “අවශ්‍ය නම් ඉද්ධි ප්‍රාතිහාර්ය කළ හැකි” බව පැවසුවා. ඉතින් මම ඒක ගැන මුකුත් මේකක් නෑ.