ඒ උතුම් බුදුපියවරු සිහි කළා මම. ඒ මණ්ඩලාධිපති බුදුපියා ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම පළවැනි බුදුපියා වශයෙන්. ඔය විදිහට දාහතර නම ම සිහි කරලා අනුපිළිවෙළින්. ඊට පස්සේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියලා කිව්වහම “එතනින් පටන් ගන්න ද නොකියමි නොගන්නේ ද නොකියමි.” එතකොට මම දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි කියන එක තමයි මේ.
එතකොට සම්මා දිට්ඨිය මම ගත්තා. සම්මා දිට්ඨියේ තියෙනවා අර දුක්ඛය. ජාති ජරා ව්‍යාධි මරණය සහිත. ඒක මෙනෙහි කරලා ඊට පස්සේ මම කල්පනා කරා මේ පංචඋපාදානස්කන්ධය. උපාදානස්කන්ධයෝ කොහේ නිරුද්ධ වෙයි ද කියලා, මොන තැනක නිරුද්ධ වෙයි ද කියලා. එතකොට මට කල්පනා උණා, ඒ උපාදානයන් කියන ඒවා නිරුද්ධ වෙන්න නම් ධ්‍යානයන් කියන ඒ සතර ධ්‍යානයන් නිසා උපාදානයන් නැති වෙනවා.
එතකොට මෙතනදි මම කල්පනා කරා සම්මා දිට්ඨිය කියන එක. අර “අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ගං සමඞ්ගිනො අරි මග්ගං භාවිතො ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රියන් ප්‍රඥා බලං ධම්මවිචය සම්බොජ්ඣඞ්ගා.” කියන එක අරගෙන, ඒකේ සම්මා දිට්ඨිය කිව්වහම ප්‍රඥාව. එතන ප්‍රඥාව කියලා කිව්වහම අර අපි අන්තිමට ආයතන භාවනාවේ නම වෙනි පිටුවේ තියෙනවා, ප්‍රඥාව කියලා කියන්නේ දුක්ඛය, ඒ කියන්නේ සමුදය අස්තංගමය කෙනෙක් දැකලා ඒක පහ කරන්න, ඒ දුක්ඛය පහ කරන්න පමා නොවීම කියලා.
එතකොට ඒ දුක්ඛය පහ කරන්න පමා නොවෙනවා කියන එක ගත්තහම මට එනවා, දැන් දුක්ඛය තියෙනවා, දුක්ඛ සමුදය තණ්හාව නිසා ඇති වෙන, දුක්ඛ නිරෝධය. එතකොට මෙතන මට යන්න ඕනෙ තණ්හාව නැති වන්නා වූ දුක්ඛ නිරෝධය කියන එක භාවිතා කරන්න ඕනෙ.
එතකොට දැන් මේ කාරණා ටිකත් එක්ක බැලුවහම දැන් මම එතනින් ආවා මේක මාර්ගය, අරි අට මඟ, සම්මා දිට්ඨියෙන් මම සම්මා සංකප්පයට ආවා. සම්මා සංකප්පය, දැන් නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය. එතනදි මම මෙනෙහි කළා අර “සංකප්ප රාගො පුරිසස්ස කාමො.” එතකොට මෙන්න මේ සංකප්ප තුනට ම මේ මනුස්සයාගේ රාගය තියෙනවා. ඒක තමයි කාමය හැටියට එන්නේ.
එතකොට සම්මා සංකප්පයේදි මේකට විරුද්ධව අපි නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පයන් භාවිතා කරනවා, මේ රාගය නැති කරන්න. එතකොට මෙතනදි මට ආවා, මේ දැන් මේක නිසා අර සුභයි කියලා අගයක් දීලා එතනින් පල්ලෙහාට නිත්‍යට ගිහිල්ලා, එතනින් තමයි ඇති වෙන්නේ කාමරාග අනුසය. අන්න ඒ වගේ දැන් සළායතන විභංග සූත්‍රයත් එක්ක එනව නේ බුදුහාමුදුරුවෝ කිව්වා නේ මේ වේදනාවට වඩා මේක හොඳයි මේකට වඩා මේක හොඳයි මේ විදිහට අයින් කරගෙන යන්න කියලා. එතකොට අතම්මයත කියන අන්තිම නිවන සඳහා කියන එක ගන්න කිව්වා අනිත් ඒවා ඔක්කොම සකස් කළා ය කියලා.
එතකොට දැන් මම කල්පනා කළා, සුභය කියන එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ගිහිල්ලා එතනින් පහළට ඇවිල්ලා අපිට කාමරාග අනුසය ඇති වෙනවා වගේ, මේ වේදනාවත් එහා පැත්තෙන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ගිහිල්ලා එතනින් පල්ලෙහාට මේ ඇවිල්ලා නිත්‍ය වෙලා එනවා ද, කියන එක.
ඒ කතාව මම පොඩ්ඩක් රහතන් වහන්සේගෙන් විමසලා බැලුවහම රහතන් වහන්සේ පෙන්නුවා එතන නෙමෙයි අර අපි අර diagram එකේ ඇඳලත් තියෙනවා අර දෝමනස්සය නේ මේක අස්සට පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නෙ පරාමාසයට. එතකොට වේදනාව පරාමාසයට ගිහිල්ලා පරාමාසයෙන් පල්ලෙහාට යන එකයි ඒ වෙන්නේ කියලා.
එතකොට මට එහෙම වෙන්නේ මොකද කියන එක බුදුපියාගෙන් විමසුවහම බුදුපියා කිව්වා, මම ම දන්නවා කියලා. එතකොට මට ම තේරුණා අර කලින් භාවනාවල්වල අපි දන්නවා මේ වේදනාව අත්තා කියලා අතන ගත්තා නේ. ඒ අත්තා කියලා අරගෙන මෙතන මේ පල්ලෙහායින් මේ, දැන් මෙතන වෙන්නේ මොකක් ද? වේදනාව පරාමාසයට යනවා ඒක අත්තා කියලා පල්ලෙහාට අර ගෙනයි යන්නේ. අතනින් යන්නේ සුභ කියන එක නිත්‍යයි කියලා දාලයි මේක එන්නේ. මෙතන අත්තා කියලා අර ගෙනයි සිද්ධ වෙන්නේ.
එතකොට මෙතන මට කල්පනා උණා ඔය මායාවේ ඉඳන් බොහොම වේගයෙන් උඩට යනවා නේ, අර සාඨෙය්‍ය කියන එක එන පාරට වඩා මේක ඉක්මනින් සිද්ධ වෙනවා. ආන්න ඒ වාගේ quick කියන එක මට තේරුණා.
එතකොට දැන් හොඳ ලස්සන ධර්මයක් පේනවා. මොකක් ද? දැන් මම වේදනාවේ ඉඳන් පරාමාසයට යනවා, පරාමාසයේ ඉඳන් පහළට අර අත්තා කියන කතාවත් එක්ක භයෙන් අගතියට යන කතාව එතනින් ඇති වෙනවා. එතනින් මම ආපහු වේදනාවට අර අලුවා කෑලි කථාවලින් එන්නා වූ සම්බන්ධතාවය පල්ලෙහායින් කෙළින් ම එනවා. භයේ අගතියේ ඉඳන් වේදනාවට. ඉතින් මට තේරෙනවා දැන් එහෙම නම් මේක යනවා නේ රූපය දක්වා ම, ස්පර්ශය, රූපය දක්වා ඒ පැත්තට ගමන් කිරීමක් තියෙනවා. අනිත් අතට ගත්තහම මට පේනවා, අර ආවා නේ සුභයි, නිත්‍යයි, සංස්කාර අභිනිවේසය, පරාමාසය හරහා කෙළින් ම සඤ්ඤාවට ආවා.
දැන් එතකොට මට කල්පනා උණා, අප්පච්චියේ මේක නේ ද මේ වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තෙන් කැරකිලා මෙහෙන් වේදනාවට ආවයින් පස්සේ මෙහෙන් එන වේදනාවෙන් ධම්මමච්ඡරිය හරහා උඩට යනවා. අර පැත්තෙන් සඤ්ඤාවක් ඇවිල්ලා අර නිත්‍යයි කියන සඤ්ඤාවෙන් මේකට අගය දෙනවා. එතකොට නාමරූපයට මෙන්න මේ විදිහට අගය දෙන එක නේ ද මෙතන නාමරූපය කියන කතාවේ වෙන්නේ. එතකොට මෙතනින් අත්තා කියලා එකක් එනවා, නිත්‍යයි කියලා අරහෙන් එකක් එනවා. මේ වේදනාවට, මේ වේදනාව අත්තා, අර සඤ්ඤාව නිත්‍ය. ඔය කෑලි දෙක නේ ද මේ එක්කහු වෙලා එන්නේ කියලා.
ඉතින් මේ වෙලාවට ඇවිල්ලා තියනකොට ඒ බුදුපියාණන් මට කිව්වා, “ඇති” යි කියලා. ඇතියි කියලා කිව්වට මම දැන් හිතන්නේ නැතිව ඉන්නවා, හැබැයි මම මෙතන නෙමේයි. මෙතන නෙමේයි කියලා කියන්නේ මට ඒක, දැන් බුදු පියාගේ අණට ගරු කරන්න මට නවත්තන්නත් ඕනේ, නමුත් ඒක ගැන උපෙක්ඛාවක් තියෙනවා. මම මුකුත් හානියක් කරන්නෙත් නැත අනිත් අතට මම මේ වචනයට ගරු කරලා එන්නත් ඕනෙ කියලා මේක තියෙනවා. මම මෙහෙම පොඩ්ඩක් එහෙම ඉඳලා ආයි බුදුපියාගෙන් අහලා ඒ කියන්නේ අණට ඊට වඩා ගරු කරන්න ඕනෙ නේ. ආයි බුදුපියාගෙන් අහලා නවත්තන්න කියන එක, ඒ පාර ඔන්න ඇස් දෙක ඇරලා මේවා කරා.
ඒ උණේ මොකක් ද? ඒ මම දැන් උණේ චතුත්ථධ්‍යානයට යන්න නේ යන්නේ. ඉතින් මම චතුත්ථධ්‍යානයේ තමයි හිටියේ. කොහොම ද චතුත්ථධ්‍යානයට යන්නේ? ඇති උණා වූ වේදනාවට උපෙක්ඛාව. එහෙම නේ සුඛ වේදනාවට උපෙක්ඛාව. දැන් මෙතන වෙන්නෙත් මොකද? මෙතනින් ඇති වෙන්නා වූ මේක තේරුම් ගත්තහම, මෙහෙන් එක කෑල්ලක් එනවා. දැන් මෙතන බුදුපියා මට පෙන්නුවා ඒ අර මම C කියලා කිව්ව තැන. ඒ කියන්නේ මෝහ අගතියේ ඉඳන් සංස්කාර අභිනිවේසය පරාමාසයට යන එක. ඒ කාමරාග අනුසය කියන එක බුදුපියා පෙන්නනවා මෙතනින් කෙළින් ම අර සඤ්ඤාවට එනකන් එන එක ම කාමරාග අනුසය වෙනවා කියලා. ඒ කියන්නේ මුළු ඉර ම, සඤ්ඤාව දක්වා තිබෙන්නා වූ මුළු ඉර ම. ඒ කියන්නේ මේක මෙතනින් ඇති උණා වූ අර C කියලා ලකුණු කරන පොඩි කෑල්ල reflect වෙවී එනවා නේ අර reflection එක අනිත් පැත්තට එනවා. එතකොට සඤ්ඤාව දක්වා ම කාමරාග අනුසය. එතකොට මේ පැත්තේ ගත්තහම අර වේදනාවට අර රූපය දක්වා ගිය කතාවක් තියෙනවා. මෙතනින් ධම්මමච්ඡරිය හරහා මේ පැත්තට යනවා අරක reflection එක හරහා රූපය දක්වා ම යනවා. රූපය නිසා නේ මේක ඇවිල්ලා තියෙන්නේ මේ වේදනාව.
එතකොට දැන් මේක මෙහෙම තේරුම් ගත්තහම මේ වේදනාවට තමන්ගේ උපෙක්ඛාවක් ඇති වෙනවා. ඇයි මේක මේ විදිහට නේ වෙන්නේ. සමුදය කියන එක, මේක දැන ගත්තට පස්සේ ඒකට උපෙක්ඛාවක්. ඒක හින්දා තමයි අර චතුත්ථධ්‍යානයේ මම හිටියේ.
ඒක තමයි භාවනාව.
දිට්ඨි අනුසය, දැන් අපි එනව නේ මෙහෙම පරාමාසය වෙනකම් ඇවිල්ලා පරාමාසයේ ඉඳන් පල්ලෙහාට කියනවා අත්තා කියලා. එතකොට දැන් සුඛයි කියලා පරාමාසයට ඇතුළු උණා, සුඛයේ ඉඳන් අත්තා කියලා පල්ලෙහාට ආවා. හරි නේ? එතකොට දැන් මෙන්න මේ රේඛාව අපි පල්ලෙහායින් ඔය භයෙන් අගතියේ ඉඳන් දික් කරොතින් එහෙම, භය අගතිය දක්වා ගියා නේ අත්තා කියන කෑල්ල. භය අගතියේ ඉඳන් වේදනාවට තියන එක ගත්තොතින්, ඒ කෑල්ල තමයි භය අගතියේ ඉඳන් වේදනාවට යන එක තමයි දිට්ඨි අනුසය. එතකොට ඒක කොච්චර දුරකට යනවා ද කියන එක මේක reflect වෙලා අර රූපය දක්වා ම ගමන් කරනවා. එතකොට දිට්ඨි අනුසය එතන.