එතකොට මම ඒ උතුම් බුදුපියවරු සිහි කරා. ඒ බුදුපියවරු සිහි කිරීම කළේ, ඒ බුදුපියවරු ඥාන වන්තය, අඥානයන්ගේ වචනයන් මෙනෙහි නොකරන්නේ ය කියලා. ඔය විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කළා මම. ඒ කියන්නේ ඥානොත්පාදය නිසා අඥාන වචන සිහි කිරීමක් කරන්නේ නෑ මේ බුදුපියවරු. බුද්ධ සාසන 2502 මණ්ඩලාධිපති බුදුපියා ගොඩ අරගෙන තියෙනවා. අඥානයන්ගේ වචනය සිහි කරන්නේ නැතෙයි කියන එක. ඉතින් මේක මට බොහොම හොඳයි.
මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ මාව නැවැත්තුවේ නෑ කොහෙන්වත්. මම පන්සිල් ගත්තා, අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගියා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා සම්මා දිට්ඨිය, මේ මෙහෙම ගිහිල්ලා එතනදි අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක ගත්තා. මේ තණ්හාව නිසා ය මේවා ඇති වෙන්නේ කියලා.
එතකොට තණ්හාව නිසා මේක ඇති වෙන්නේ කියන එක අරගෙන, කාම තණ්හාව කියන එක අර මෙනෙහි කරන්න ගත්තා. අර උඩ belt එක කරකවනවා අපි. කබලිංකාර ආහාරයයි, ස්පර්ශයයි, වේදනාවයි, ගිද්ධිලෝභයයි තියන belt එක කරකවනවා. මේ belt එක කරකැව්වට පස්සේ, ඊළඟට අතනින් ඇති වෙනවා අර කාමරාග කතාව. කාමරාග අනුසය තියන area එක. සුභයි නිත්‍යයි කියලා එතනින් කරකවන එක. මේකත් එක්ක ඒ area එක ඇති උණහම, වම් අත පැත්තෙන් අර නන්දිය සහගතව ඇති වෙනවා belt එක. වේදනාවයි, ගිද්ධිලෝභයයි, ජාතියයි ආපහු වේදනාවයි. ඔන්න ඔය කොටස මම මෙනෙහි කරා. මේක නිසා කාමරාගය නිසා මෙතන එහා පැත්තේ කෙළවර පත්තු වෙලා ඒ කෙළවර නිසා මෙහා පැත්තේ කෙළවරේ මේක ඇති වෙනවා කියලා.
ඔන්න ඔය අවස්ථාව වෙනකොට මගේ ඔක්කොම සඤ්ඤාවන් තුනී වේගෙන තුනී වේගෙන ගියා. සමාධියත් උග්‍රයි. ඒ ඒ දේවල් මට පේන්න ගත්තා. ඒ පේන්න ගත්තා කියලා කියන්නේ ඔය දෙවි කෙනෙක්ගේ අතක් පේනවා. ඊළඟට ගත්තහම දේව මාතාවකගේ අතක් පේනවා, ඊළඟට මට පේනවා මේ ඉස්සරහ ඔය අපි යන පාර වැටෙනවා මෙතන ඉස්සරහින් ගත්තහම, ඒ පාර පේනවා. ඔය වගේ ගොඩාක් දේවල් පේන්න ගත්තා. එතකොට මට දැන් මේ ධර්මය සිහි කරන්න, දැන් භව තණ්හා පැත්තට යන්න තරම් දෙයක් නෑ. මේ පේන්නා වූ කාරණා ගොඩක් තියෙනවා. ඒවා පෙනුණා කියලා මම වැටෙන්නේ නෑ.
එතකොට මම මේ භාවනාව එහෙම්ම ම සමාධියේ ඉඳලා එළියට ඇවිල්ලා, ඊට පස්සේ මම රහතන් වහන්සේ “ඇති” යි කියලා කිව්වහම, නවත්තලා ඇහුවා ඒ මොකද එහෙම පේන්න ගත්තේ කියන එක. එතකොට රහතන් වහන්සේ කිව්වා “දරුවා, කාමයෝ කියන එක පහ උණහම විඤ්ඤාණය සියුම් වෙනවා” කියලා. එතකොට ඒ විඤ්ඤාණය කියන එක ඒ සියුම් කොටස්වල පිහිටනවා. අන්න ඒක නිසා තමයි කිව්වා ඒ විදිහට පෙනීම කියන එක ඇති වෙන්නේ.
ඉතින් ඒ සමාධියෙන් මම හිටපු එක තමයි මගේ භාවනාව හැටියට තියෙන්නේ.