අද ඒ මණ්ඩලය සිහි කළා. ඒ මණ්ඩලය සිහි කළේ, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පළවන බුදුපියාණන් වහන්සේ, එවැනි බුදු පියෙක් ඇසුරු කොට ලැබෙනවා නම් ඒ පුද්ගලයා ලෝකයේ ඉතින් ශ්‍රේෂ්ඨභාවයකට ම පත් වෙනවා කියන එක. ඔය විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කළා.
ඒ සිහි කරලා ඊට පස්සේ අර පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි, කියන තැන ඒකයි, ඡන්ද චිත්ත විරිය විමංසා කියන අවස්ථාවට ඒ රහතන් වහන්සේ පටන් ගන්න කියන එක තමයි කිව්වේ. ඒ පාර ඒක මම අර සෙඛ පටිපදා විදිහට ටිකක් මෙනෙහි කළා. ඒ මෙනෙහි කරලා ඉවර වෙලා ඉතින් මේ ශ්‍රද්ධාව කියන එක බලයක් වෙනවා කියන එක, ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක් වෙනවා කියන එක. ඒ කියන්නේ හයියක් තියෙන්න ඕනෙ, බලය තියෙනවා කියලා කියන්න. ඒ කියන්නේ ගෙයක් හදනකොට ඉතින් ඒක, ප්‍රඥාව කියන ගෙය හදන්න නම් ඒ පුද්ගලයාට ඉතින් හයියක් හත්තියක් තියෙන්න ඕනෙ. ඉතින් අන්න ඒ අර්ථයෙන් මම බැලුවා. ඒ බලනකොට මට පේනවා, මේ ශ්‍රද්ධාව කියන එක පවතින්න නම් ප්‍රඥාව කියන එක තියෙන්න ඕනෙ. ප්‍රඥාව කියන එක ඇති වෙන්න නම් අර මානය විසින් මේ ප්‍රඥාව හැදෙන එක නවත්තන එක නොවෙන්න ඕනෙ. අත්තා ඉඳන් නිත්‍යට ගිහිල්ලා වෙනවා නේ.
එතකොට මෙතනදි මට එනවා එහෙම නම් අපිට හිරිය කියන එක තියෙන්න ඕනෙ නේ. හිරිය තියෙනවා නම් නේ අපිට ඔය පුළුවන්කම තියෙන්නේ ඒ මානය නොවෙන්න. ඒ කියන්නේ, අපි මානය කියලා කියන්නේ මුසාවාද, පරුෂා වාච, පිසුණා වාච, සම්පප්‍රලාප, පාණාතිපාතා, අදින්නාදානා, කාමෙසුමිච්ඡාචාරා, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන ඒවා නොවෙන්න. එතකොට හිරිය තියෙන්නෙත් ඕවාට ලැජ්ජා වෙනවා කියන එකයි. එතකොට එහෙම නම් මේ අපේ පෙර පුරුදු අත හැරලා, ඒ පාණාතිපාතය කියන එකෙන් අපි වෙන් වෙන්නට ඕනේ, අදත්තාදානයෙන් අපි වෙන් වෙන්න ඕනේ, පෙර පුරුද්ද කියන එක භාවිතා කරන්නේ නැතිව.
ඉතින් මට මෙතැනදි එනවා, “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” කියන එක. එතකොට ඒ කියන්නේ, මේ නිර්වාණයත් එක්ක මේ එකක්වත් සසඳන්න බෑ. මගේ පාණාතිපාතයත් ඒ නිවනත් එක්ක සසඳන්න බැහැ. එතකොට පාණාතිපාතය කියන එක මම නිවන සඳහා පහ කරන්න ඕනෙ, අදත්තාදානය පහ කරන්න, ඒ කියන්නේ දස කුසලය ම මම පවත්තන්න ඕනෙ.
එතකොට දැන් ඒ පාර එනවා දස කුසලයත් එක්ක මගේ මේ සම්බන්ධතාවය, අර faculties දියුණු වෙනවා කියන එක. අපි ඔය හෙට කරන භාවනාවේ තියෙනවා නේ. ඒ ශ්‍රද්ධා අධිමුච්චති, කියන ඒ කතාවත් එක්ක ආවා, ඒ අනිත් අතට මේ දැන් ඒ කොටසත් එක්ක ඊළඟට සම්බන්ධ වෙනවා. දැන් අපි නිවන කියන එක මෙතනදි ඇල්ලුවා. ඒ කියන්නේ මේ පෙර පුරුදු අත්හැරලා නිර්වාණයට යන්න ඕනෙ කියන, නිර්වාණයත් එක්ක ගළපන්න බැහැයි කියන එකයි. එතකොට එතනදි එනවා මේක තමයි මේ ඡන්ද සමාධිය. ඉතින් එතකොට ඡන්දය, ඒ පාර ඉතින් ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් ඒ අනුව තමයි පවතින්නේ. අරක නිවන කියන එක ගළපලා, එතකොට ඡන්ද සමාධියක් ඇති වෙලා තමයි මේ අනිත් ඒවා ඇති වෙන්න පටන් ගන්නේ.
ඉතින් ඕකේ ගත්තහම මේ හරියට සමාධිය හරි හොඳයි. ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවා, ඒ නිරෝධයට යනවා, ඉතින් ඊළඟට ඔය පෙළක් අවස්ථාවන් තියෙනවා, ඔය රූප පේනවා. ඒ අවස්ථාවන් ටික ඔක්කොම ඇති උණා.
ඒක තමයි භාවනාවට තිබුණේ.