ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ සිහි කරනකොට මම කල්පනා කළේ, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ බුදුවරු 2500 නමකින් බණ අහලා තියෙනවා කියන එක ගැන මට සැකයක් නෑ, නිර්වාණය ඇත කියලා. ඔහොම ඔය ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ ගැන සිහි කරන ප්‍රමාණයට එනකොට මට කල්පනා වෙනවා මේ සැකයක් නැතෙයි කියන එකේ මේ අය පංචනීවරණයන් යටපත් කරලායි ඉන්නේ කියලා. ඊට පස්සේ අනිත් බුදුපියවරු ඔක්කොට ම මම ඒ විදිහට සිහි කළා. මේ පංචනීවරණයන්, මට ඒ බුදුවරුන්ගේ අර ඒ බණ අහපු ප්‍රමාණය ගැන, සැකයක් නැත, ශ්‍රද්ධාව තියෙනවා, නිර්වාණය ඇත, මේ පංචනීවරණයන් යටපත් කරලායි ඉන්නේ කියලා.
එතකොට ඒ පාර බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මට ම හිතුණා ඒ ලෝභය නැති කරමී කිව්වහම, ලෝභය නිසා මෝහය ඇති වෙනවා. එතකොට ලෝභය නැති කරොතින් මෝහයත් ඒ විදිහට ම යනවා. එතකොට තේරෙනවා නේ ලෝභයෙන් මෝහය ඇති වෙනවා කියන එක. අර, පේනවා නේ සාරම්භය තියන කොටුවට ඒ කියන්නේ දුස්සීලභාවයට කියන එකට එනව නේ. කාමච්ඡන්දයෙන් දුස්සීලභාවය කියන එක එනවා. ලෝභය කිව්වහම කාමච්ඡන්දය තියන කොටුව. එතනින් දුස්සීලභාවය කියන එක තියෙනවා. දුස්සීලභාවයෙන් නිසා මානය, මානයෙන් ප්‍රඥාවට යනවා, ප්‍රඥාව නසනවා. එතකොට ඒ කියන්නේ ඒක නිසා එයාට මෝහය කියන එක ඇති වෙනවා.
ඊළඟට මේ ද්වේෂය සහගත කතාවේදිත් කෙළින් ම ද්වේෂයෙන් මෝහය ඇති වෙනවා කියන එක තියෙනවා. ද්වේෂයෙන් මෝහය ඇති වෙනවා කියන එකේ අපි දන්නවා නේ උද්ධච්චය හරහා සිදු වෙන එක. දැන් ඔයා යනවා නම්, ලාභයි කියලා ගත්තා නම් අර පළවෙනි එකෙන් ඇති වෙච්ච දේ, අභිජ්ඣාවෙන් ඇති වෙච්ච දේ ලාභයි කියලා ගත්තා නම් ඉතින් ඒ අභිජ්ඣාව තමයි ලොකු ම අශ්‍රද්ධාව වෙන්නේ. එතකොට අශ්‍රද්ධාව හරහා ගිහිල්ලා උද්දච්චයට එනවා. ඒ උද්දච්චයට ආවා නම් ඉතින් අර පැත්තට සක්කය ගහනවා. මෝහයට යනවා, උද්ධච්චයෙන්. එතකොට දෙවැනි කාරණයට එනවා.
එතකොට තුන් වැනියට මම කියනවා. මෝහය නැති කරමි, කියන එක ගත්තහම මේ මුළු පංචනීවරණයන් නිසා ම අවිද්‍යාව ඇති වෙනවා.
එතකොට මම එතනින් කෙළින් ම භාවනාව මගේ කෙළින් ම පටන් ගත්තා. පංචනීවරණයන්ගෙන් අවිද්‍යාව කියන එක ඇති වෙනවා කියන එක, මෝහය ඇති වෙනවා කියන එක. දැන් මේක බලාගෙන යනකොට දැන් මට කල්පනා වෙනවා මේ සුභයි කියන එක නේ ද මේක ඇතුළට රිංගන්නේ. කාමරාග අනුසය කියන එක ඇති වෙනවා නේ. ඒ සුභයි කියලා අරගෙන නිත්‍ය එක්කහු කරලායි මේ කාමරාග අනුසයත් එක්ක ඇති වෙන්නේ.
ඉතින් මොකක් ද මේ සුභයි කියලා කියන්නේ? සුභයි කියලා කියන්නේ මොකක් ද කියන එක මම කල්පනා කළහම ඉතින් මේ ඕලාරික වශයෙන් ඉතින් මනුස්සයෙක්ගේ ශරීරයක් යම් ආකාර වූ වර්ණයක් තියනවද, මේ වර්ණයත් එක්ක තමයි මේ සුභයි කියලා මනුස්සයෙකුට එන්නේ. ඒ නිමිත්තක් හැටියට ගන්නේ ඕක. හැඩයක් තියෙනවා වර්ණයක් තියෙනවා ඒකත් එක්ක.
එතකොට එහෙම නම් දැන් මම මේ කල්පනා කරනවා මේ අවස්ථාවේ දී මේ මේකෙන් තොර වූ මේ ආකාසානඤ්චායතනයෙත් වර්ණයක් තියෙනවා. අර කළු පාටට ලොකුවට පේන මේකක් තියෙනවා. එතකොට එහෙම නම් මෙතනදි තමන්ට යම්කිසි සඤ්ඤාවක් තියෙනවා. මේ සඤ්ඤාව හරියට ම වර්ණයක් හේතු කොටගෙන ඇති උණා යැයි කියන එක ද, තමන්ගේ නැත්නම් සිතේ ඇති වෙන්නා වූ ස්වභාවය අනුව ඇති වෙන දෙයක්. විඤ්ඤාණඤ්චායතනය කිව්වහම අර සුදු පාටට ආලෝකයක් ඒක ඇතුළේ තියෙනවා වගේ පේනවා. ඉතින් ඒකත් එක්ක එන වර්ණයක් තමන්ට වර්ණ සහගත වූ සඤ්ඤාවක් තියෙනවා කියන එක තියෙනවා.
එතකොට එහෙම නම් දැන් කල්පනා වෙනවා මෙතන මේ රූපයේ රාගය මෙන්න මේ ආකාරයට ඇති වෙනවා නේ ද, මේ ධාතු හය නිසා. ධාතු හතරයි, ආකාස ධාතුවයි, විඤ්ඤාණ ධාතුවයි. මේක නිසා ඇති වෙනවා කියලා. එතකොට මේක මහා ගැඹුරු ප්‍රශ්නයක්. මේ ධාතු හය ම යම් ආකාර වූ වර්ණයක් තමන්ට ඒ සඤ්ඤාවෙන් දැනෙනවා නම් ඉතින් ඒක උඩ තමන්ට පේනවා මේ අර සුභයි, නිත්‍යයි කියන එක එනවා කියන එක. ඉතින් රහතන් වහන්සේ අපිට අර diagram එකේ පෙන්නුවා නේ සුභ වූ දෙය ම තමයි, බොජ්ඣඞ්ගයේ පෙන්නුවා, සුභ වූ දෙය ම තමයි මේ යන්නේ කියන එක. මානය විසින් කියන්නේ කියලා. එතකොට සුභ වූ දෙය ම කියනවා කිව්වහම මේ ධාතු හයෙන් ම තියෙන්නා වූ දේ ම එහෙම නම් වර්ණයක් වාගේ දෙයක් අපේ ඇති වීමක් තියෙනවා.
ඉතින් එතකොට මට කල්පනා වෙනවා, මේක මේ නිකම්ම මේ වර්ණයක් වාගේ දෙයක් වෙනවා කියන එක වෙන්න මෙතන මේ සුඛයේ කතාවකුත් එන්න ඕනේ. ඒ කියන්නේ මගේ දිට්ඨියේ කතාව සිද්ධ වෙලා තියෙන්න ඕනේ. අර දිට්ඨි ආශ්‍රවය ඇති වෙන්න ඕනේ. සුඛයි කියන සඤ්ඤාව අර අත්තා කියලා අරගෙන දිට්ඨි ආශ්‍රවයෙන් අතන අර රූපයට යම් ආකාර වූ සුඛයක් කියන කතාවක් මම මේ කියන්නේ. එතකොට කබලිංකාර ආහාරයෙන් තොර වූ දෙයටත් මේක ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතනය වගේ දේවල් සම්බන්ධයෙනුත් මේක මේ විදිහට ඇති වෙලා තියෙනවා.
ඉතින් මට එතනදි එහෙම නම් එනවා මේ නාමරූප, අර මහා නිදාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා නේ මේ රූපකායේ කියන එක අධිවචන සම්‌ඵස්‌සයක් නොවෙන්න මෙතන මෙහෙම ස්පර්ශයක් වෙනවා ද කියන එක. එතකොට නාමකායෙන් අපි දෙනවා නේ අර සිතේ තිබෙන්නා වූ යම් ආකාර වූ දෙයක්. ආකාසානඤ්චායතනයේ ඇත්තට ම කියනවා නම් අර කලු වගේ පෙනුණට මේකේ තියෙන්නේ space එක නේ. එතකොට විඤ්ඤාණකායේ යම් ආකාරයකට සකස් වීමක් තියෙනවා. මෙන්න මේකේ, තමන්ට වැටහෙන ආකාරයට ඒක ඒ පුද්ගලයා අර ගැනීමක් තියෙනවා, සියුම්ව. විඤ්ඤාණඤ්චායතනයෙත් අර ආලෝකය අර විදිහට තියෙනකොට ඒ පුද්ගලයාට තියෙනවා යම් ආකාර වූ දෙයක් මේකේ. මොකක්වත් ඇති දෙයක් නැහැ. වේදනාවක් නේ තියෙන්නේ. ඒ වේදනාව සම්බන්ධයෙනුත් මේ පුද්ගලයාට යම් වූ වර්ණයක් සහගතව කතාවක් තියෙනවා. එයාගේ ඉස්සෙල්ලා ඇති වුණා වූ දෙයක්. අන්න ඒ දේ මේක අස්සට රිංගනවා.
එතකොට ඔය විදිහට මම බලලා ඉතින් මට අර ඕකේ අනිත් පැත්ත, කියන්නේ නාමකායේ අධිවචන සම්‌ඵස්‌සය, නාමකායේ කතාව මම ඒක කල්පනා කරනකොට ඒක ටිකක් ගැටලු සහගතයි. ඉතින් රහතන් වහන්සේගෙන් ඒ විමසනකොට රහතන් වහන්සේ කිව්වා, “ඒකේ අර සියුම්භාවය” කියන එක. දැන් රළු වූ කියන දෙයක් එක්ක ඔයාගේ මනසේ ඇති වෙනකොට ඒ රළු ගතියේ තියෙන්නා වූ දෙය විඤ්ඤාණකායේ තියෙනවා. ඒ රළු ගතිය තුනී උණහම නමුත් අර කලින් යම් ආකාරයකට විඳලා තියන නිසා ඒ විඤ්ඤාණකායේ ඒක ගැන තියෙනවා, සියුම්ව.
එතකොට මේ රූපයි නාමයි, මේ දෙකත් එක්ක එතන තියෙන්නා වූ දෙයක් පමණයි මෙතන තියෙන්නේ කියන එක. ඉතින් රහතන් වහන්සේගෙන් මම ඇහුවහම මේක හරි ද, කියන එක, “හරි” යි කිව්වා. ඒක ඒ විදිහට කිරීමෙන් අර නිර්වාණයට ඉතාමත් ම ළඟා වෙනවා කිව්වා ඒ අවස්ථාවේ දි. ඒ මම කියන අවස්ථාව, නිවන සඳහා. ඉතින් ඒක විශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ වූ භාවනාවක් කියන එක මට තේරුණා. රහතන් වහන්සේත් ඒක එහෙමයි කියලා කිව්වා. කියලා තියෙන්නේ ඒ භාවනාවේ අර ප්‍රඥාව කියන එක අතන නසනවා කියන එක ආවහම, පළවෙනි පාරෙන් අර මානය, දුස්සීලභාවය මේක නිසා ප්‍රඥාව නසනවා කියන එක ආවහම, එතකොට මේ ප්‍රඥාව තියෙන්න නම් මට සමාධිය තියෙන්න ඕනෙ කියන එක ආවා. එතකොට අන්න ඒකත් එක්ක තමයි මම අර උද්ධච්ච කොටස ගැන භාවනා කළේ. ඒ උද්ධච්චය නිසා මේ අතෙන්ට යනවා කියන එක. මෝහයට යනවා කියන එක.