එතකොට මම ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් බුදුපියවරු සිහි කරලා, මම ඒ මණ්ඩලාධිපති බුදුපියා, ඒ බුදුපියවරු 2500 නමකින් බණ අහලා තියෙනවා කියන ශ්‍රේෂ්ඨතම පළවන බුදුපියාණන් වශයෙන්. ඒ විදිහට මෙනෙහි කළා. ඒ විදිහට මෙනෙහි කරලා එතකොට මට අර පංචනීවරණයන් යටපත් කර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියන එක තියෙනවා නේ, අන්න එතනින් පටන් ගන්න.
එතකොට පංචනීවරණයන් කියන්නේ කාමච්ඡන්දය කියන එක. කාමච්ඡන්දය කියන එක ගත්තහම අර “අනිච්චා භික්ඛවෙ කාමා තුච්ඡා” කියන කතාව කෙළින් ම මට ආවා. එතන කාමච්ඡන්දය නිසා ඔයාට දුස්සීලභාවය. දුස්සීලභාවය නිසා ඔයාට මානය, මානය නිසා අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන කතාව සිද්ධ වෙනවා. එතකොට ඒ අත්තා ඉඳන් නිත්‍යට කියන කතාව යනකොට මේ නිත්‍යභාවයේ ඉඳන් අපි මේ පල්ලෙහාට බහිනවා. ඒක නිසා ඔයා මෝහයට යනවා. හරි නේ? මෝහයට මේක යනවා කියන එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථය හරහා පල්ලෙහාට යන එක තියෙනවා.
එතකොට දැන් මම මෙතනදි මේ කාමයත් එක්ක ගත්තහම මට පේනවා, දැන් මේ මිච්ඡා දිට්ඨිය කියන එක මට තියෙනවා නම් මම එනවා මෝහයට. එතකොට දැන් මම අරි අට මඟේ ඉඳන් මම කියනවා නම්, ඒ කියන්නේ පංචනීවරණයන් යටපත් කරලා මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කියලා කියනවා නම්, එහෙනම් මේ මිච්ඡා දිට්ඨියෙන් මම මෝහයට යන එක නවත්තන්න, ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක මට වෙන්න ඕනෙ.
එතකොට මෙතනදි මට පේනවා මේ කාරණා ටික ගත්තහම මේ කාමච්ඡන්දය කියන එක කතා කරලා දැන් අපි මෙතනට එනකොට මේ සැකය කියන එක දක්වා එනවා කියන එක අපි දන්නවා. එතකොට දැන් මෙතන මේ කෙළවරයි මේ කෙළවරයි දැන් මෙතන භාවනාවට එනවා. දැන් මෙතනින් එනවා මේක එන්න ඉස්සෙල්ලා උද්ධච්චය කියන එක සක්කය මේ පැත්තෙන් ගහනවා කියන එක නේ බැලුවේ. එතකොට මට මතක් උණා මේ සක්කය කියන එක මේ කාම සඤ්ඤා වශයෙන් ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ මේ පැත්තෙනුයි එන්නේ කියන එක.
එතකොට මම, ඒ වෙලාවේ රහතන් වහන්සේ මට පැවසුවා, “ඔව් දරුවා, ඒක ඒ පැත්තෙන් තමයි එන්නේ” කියලා සක්කය මෙහෙන් නෙමේ මෙහෙන් වදින්නේ කියලා. මේක හේතුව හැටියට මට ඒ වෙලාවේ ආවේ. රහතන් වහන්සේ කිව්වා, “නෑ අරකත් එන්නේ මේ පැත්තෙන්” කියලා.
කොහොම ද එන්නේ කියලා රහතන් වහන්සේගෙන් විමසුවහම රහතන් වහන්සේ පෙන්නනවා, මේක ඇවිල්ලා මේක මේ reflection එක. දැන් ඔයා දන්නවා, දැන් මේක අලුවා කෑලි ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තෙන් නාමරූප කොටස. එතකොට මෙතන ඔයාට පේනවා චේතනාව තියෙනවා, පරාමාසය තියෙනවා, මෙතනින් ඉඳන් නේ අර බහින්නේ පල්ලෙහාට අර බාහුව, දකුණු බාහුව ගන්නවා කියන එක තියෙනවා නේ අත්තා ඉඳන් එන දිට්ඨි කතාව. මේක මේ point එක හරහා බැලුවහම මේක reflection එකක් මෙතන තියෙන්නේ. Mirror එකක් මෙතන හැදෙනවා. ඒ කියන්නේ විඤ්ඤාණ ආහාරයයි, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි අතර ඔන්න mirror එක තියෙනවා. ඒ mirror එකෙන් තමයි මෙතන ඇවිල්ලා reflect වෙලා යනවා මේ පැත්තට. මෙතනින් අනිත් පැත්තට reflect වෙලා යනවා. ඒ mirror එකෙන්. එතකොට මෙතන තියන එක තමයි මේ පැත්තෙන් දකුණු අත පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මේක තමයි මේ ගහන්නේ. මෙතන මොනවක්වත් නෑ නේ. මේ උද්ධච්චයෙන් අපි දන්නවා ඔය කාම සඤ්ඤාව කියන එක හේතු වෙනවා උද්ධච්චය ඇති වෙන්න. එතකොට මෙතනින් ආපු කතාව තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. කාම සඤ්ඤා කිව්ව නේ. කාම සඤ්ඤාව හේතුව වේ කියලා මම පැහැදිලි කරනවා නේ. ඇලුම් කටයුතු ආලම්බනයයි, ආස්වාද ඉන්ද්‍රියයි, කාම සඤ්ඤාව තමයි හේතුව කියලා. මේ කාම සඤ්ඤාව දැන් මෙතන මේ පැත්තෙන් හේතුව හැටියට මෙහෙන් ඇවිල්ලා තියෙන්නේ.
මෙන්න මේක තමයි මගේ භාවනාවට ගත්තේ. මෙන්න මේ කෑල්ල මෙතනින් මෙහෙම එන. දැන් මට තියෙනවා මෙතන මේ අවිද්‍යාව කියන එක මට ඇවිල්ලා තියෙනවා නේ. ඒ කියන්නේ මම නිත්‍යයි කියලා කිව්වහම මගේ ප්‍රඥාව නැහැ. ඒ කියන්නේ මට අවිද්‍යාව කියන එක ඇවිල්ලා තියෙනවා. මට දැන් මේක connect උණා මෙන්න මේ diagram එකත් එක්ක. ඒ කියන්නේ මෙතන මේ අවිද්‍යාව “භවඤ්ච, භොගඤ්‌ච, වොකාරස්ස” කියන කතාව.
එතකොට මෙතන මේ භෝගය කියන එක තමයි කෙළින් ම මෙතනින් අවිද්‍යාවට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම තිබිච්ච එක නේ මෙහෙම වෙලා තියෙන්නේ. දැන් එතකොට මේ නිත්‍ය කතාව අවිද්‍යාව තුළ තියෙන්නේ මේ නිත්‍ය කතාව. ඒ කියන්නේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ 5 වැනි slide එක ගැන මම මේ කියන්නේ, ඒකේ තියන එක. දැන් මෙතන මෙහෙම ඒක හැදිච්ච එක මේක පෙරළිලා මේක අවිද්‍යාව වෙච්ච එක දැන් මට හොඳට පැහැදිලි වෙනවා. කාමයේ කතාවත් එක්ක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ භෝගය කියලා මම මේ මෙතන කියන්නේ. ඒ කෑල්ල මට හොඳට පේනවා මේක නිසයි මේක සිද්ධ වෙන්නේ කියලා.
එතකොට මම මිච්ඡා දිට්ඨිය කියන එක නැත්නම්, මේ අවිද්‍යාව කියන එක නැත්නම්, මගේ කියලා ගන්න කතාව නැත්නම්, ඉතින් මේකේ මොකක්වත් නැහැයි කියන එක. මෙන්න මේ දෙක අතර සම්බන්ධතාවය තමයි බොහෝ ම ලස්සනට පෙනුණේ. මේ කාමය ම නේ ද මෙතන මේ අවිද්‍යාව වෙලා තියෙන්නේ. මේ කාමයන් කියන එක තමයි මෙතන අවිද්‍යාව වෙලා තියෙන්නේ කියන එක තදින් ආවා. ඒක විස්තර කරන්න බෑ වචනයෙන් බැලුවහම මේ ඔය විදිහට.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්