අද ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ බුදුපියවරු ශාන්තව ප්‍රණීතව ඉන්නවා කියන එක. ඒ බුදුපියවරු 2500 නමකින් බණ අහලා ඒ බුදුපියවරු බුද්ධ සාසන ගොඩ අරගෙන ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම පළවන බුදුපියා වශයෙන් ඒ මණ්ඩලාධිපති බුදුපියා සිහි කරලා මම තුන් වන බුදුපියා හරියට එනකොට මට ආවේ මේ, මේ අය ශාන්තයි ප්‍රණීතයි කියලා, ඒ බුදුපියවරු. ඉතින් මෙහෙම ගිහිල්ලා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා, ඊට පස්සේ ඡන්ද චිත්ත විරිය විමංසා යි, ඊළඟට බොජ්ඣඞ්ගයයි තියෙන්නේ, අන්න එතනින් තමයි පටන් ගන්න කිව්වා.
එතකොට ඒ මම ගත්තා අර විරියො ච ඡන්දො කියලා මුලින් ම. ඒකත් එක්ක අර ඉද්ධි diagram එකේ තියන එක ආවා. එතනදි දැන් විරියො ච ඡන්දො ච කියනකොට මට මුලින් ම ආවා අපි කලින් කරපු භාවනාවක්. ඒකේදි අපි බැලුවා විරියේ තියෙනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා අර pocket එක වාගේ යටින්. ඡන්දය තියෙන්නේ නිර්වාණයට පමණයි. මෙතන ශාන්තභාවය, ප්‍රණීතභාවය එතන ඒක කියනවා.
ඒ පාර ඉද්ධි diagram එක දිගේ ආවා. ඉතින් එතනින් ඇවිල්ලා එතන අර චිත්තයට එන එක, ඒ මෙත්තාව සහගතව පවතින්න ඕනෙ. ඊට පස්සේ මට එනවා විමංසාව කියන එක, මේ තියෙන්නා වූ දේවල්වලට. ඒ කියන්නේ, දැන් මේ ශාන්තභාවයක් තියාගන්න නම් අර “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති” කියන එක ආවා.
එතකොට අන්න එහෙම ශාන්තභාවයකට එන්න මේ සංස්කාරය සමථයකට පත් වෙන්න ඕනෙ. එතකොට එතනදි අර සංස්කාර සමථයකට පත් වෙන්න නම් නිර්වාණයෙන් තොර වූ දෙයක් අපි නොගන්න ඕනෙ. පෙර සංස්කාර, පසු සංස්කාර හදන්න පසු සංස්කාර, පෙර සංස්කාර හදන්නෙ නැති වෙන්න ඕනෙ. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර තුන් ආකාරයකට මේක ඇතුළට ඇදෙන්න නැති වෙන්න ඕනෙ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදෙන එකත්, පරාමාසය අර අභිනිවේස වශයෙන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදෙන එකත්, මෝහය කියන එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදෙන එකත් නොවෙන්න ඕනෙ. මෙන්න මෙහෙම වෙනවා නම් ඒ සමථයකට පත් වෙන්න පුළුවන්. “තණ්හක්ඛයො විරාගො.” එහෙම නම් මේ තණ්හාවට, වේදනාවට react කරන එක, ඒක නතර වෙන්න ඕනෙ. ඕන්න ඔය කාරණා දෙක ආවා. ඒකත් එක්ක එතකොට මට විමංසාවත් තියෙනවා. මේක වෙන්න නම් මට විමංසාව තියෙනවා කියන එක.
එතනින් ආවා ඉද්ධිපාද එකේ ඒ විරියට. මේ කතා කරන්නේ විරිය අපි භාවිතා කරනවා ඉද්ධිපාදයක් වශයෙන්. අන්න ඒ කොටස. එතනින් මම ආවා, කල්පනා කරා මේ සඤ්ඤාව මගේ නොවන්න, සංස්කාර මගේ නොවන්න. එතනදි මට හොඳට පැහැදිලිව පේනවා අර විරියවල් දෙකකින් මේක එනවා. මෙහෙම විරියයි, මෙහෙම විරියයි කියලා. විරියවල් දෙකක් එතන තියෙනවා. එතන මේ ඡන්ද සමාධිය, මෙතන මේ චිත්ත සමාධිය, ඒක පවතින්නේ අර නෙක්ඛම්මය සහිතව මෙහෙම සම්බන්ධව cross එක. ඉද්ධිපාද diagram එකේ මෙතන තියන cross එක.
එතකොට මේක පවත්වාගෙන ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ දේ සඳහා එහෙම නම් අපි, මට එනවා දැන් අර සංස්කාරයන්ට මම ඉඩ දුන්නා නම්, ඒ අවිද්‍යාව නිසා ඇති වන ඒ සංස්කාරයන්ට මම ඉඩ දුන්නා නම්, එතකොට මම react කරනවා. සංස්කාර නිසා විඤ්ඤාණ, නාමරූප, ඇති වෙලා එහෙන් push එක එනවා.
එතකොට මේ පැත්තෙන් මම තණ්හාව නිසා ඇති වෙන්නා වූ දේට ඉඩ නොදෙන්නත් ඕනෙ. මේ තණ්හාවෙන් අර push එකක් තියෙනවා වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට එන. සංස්කාරවලින් තියෙනවා දකුණු අත පැත්තේ පල්ලෙහා කෙළවරේ ඉඳන් ආපහු මේ පැත්තට push එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ push එක එන්නේ, සංස්කාරවලින් භයෙන් අගතියට යන කෑල්ලට ඇවිල්ලා වේදනාව හරහා එතන ඇති වෙනවා.
දැන් එතකොට මට ඔය අවස්ථාව වෙනකොට පේනවා, මට එක එක්කෙනා පේන්න ගත්තා. හරකෙක් වගේ එක්කෙනෙක් පේන්න ගත්තා. ඒ පාර ඔය ඊළඟට මට පේනවා මේ කවුරු හරි කෙනෙක් ඇවිදගෙන එනවා කාන්තාවක් සෙරෙප්පු දෙකක් දාගෙන වයසක එක්කෙනෙක් මෙහෙම ඉස්සරහට ඇවිදගෙන එනවා. එතකොට මෙයා ඉස්සරහට එනවා කියන්නේ ඉදිරියට යනවා කියන එක. එයා හරියට යනවා. තවත් එක්කෙනෙක් ඊළඟට මට පේනවා එයා ඇදේට යනවා. එතකොට ඇදේට යනකොට අර මගේ සංස්කාරයට මට හරි නෑ. අරයා කෙළින් ඉස්සරහට එන අවස්ථාවේ දී මගේ සංස්කාරයට ගැළපෙනවා. ඒ දෙවැනි පාරෙදි පෙන්වන්නේ මෙයා යන විදිහ හරි නෑ මෙයා වැටෙන්න පුළුවන්, හරියට යන්නේ නෑ කියන එක.
මට ලස්සනට පැහැදිලි උණා, මේ කතා කරන්නේ මේ සංස්කාරය කියන එක අපේ සංස්කාරයට ගැළපෙනකොට අපිට ප්‍රශ්නයක් නෑ. අපේ සංස්කාරයට පොඩ්ඩක් වෙනස්ව යනකොට අපි ඒකට අදහස් එකතු කරනවා. ඒ කියන්නේ අපි ඉවසන්නේ නෑ. එතකොට අර එන්නා වූ රැල්ල තමන් හදාගෙන තියන රැල්ලත් එක්ක ගමන් කරනකොට, අපි ඉවසනවා, අපි සතුටුයි, අපි ඒක කමක් නෑ කියලා ගන්නවා. Approve කරනවා. ඒ ඇවිල්ලා ඒක තමයි අපි ඉදිරියයි කියලා කියන්නේ. අර මනුස්සයා හරියට එනකොට කිසි ප්‍රශ්නයක් නෑ, මගේ හදලා තියන ක්‍රමයට ම තමයි එයත් යන්නේ. අරයා ඇදේට යනකොට, මගේ හදලා තියන ක්‍රමයට නෙමෙයි මෙයා හරියට යන්නේ නෑ කියලා අපි generate කරනවා.
ඒ කියන්නේ ඉවසන්නේ නැතෙයි කියන එක. ඔයිට ඉස්සෙල්ලත් ආවා ඔය භාවනාව ඇතුළේ අර “අධිවාසනා පහා තබ්බා” කියලා කිව්වේ, enduring කිව්වේ. ඒක කලින් කරපු භාවනාව ඒ සම්බන්ධතාවය, එතන ඒක ඉවසන්න ඕනෙ. ඒ කියන්නේ අපි සංස්කාර ඉවසන්න ඕනෙ. මම කල්පනා කරේ අපි ඉවසීම කියන එක කරන්න ඕනෙ කියන එක හරියට. අතීතයෙත් ඉවසලා තියෙනවා, දැනුත් ඉවසනවා. අනාගතයෙත් ඔයිටත් වඩා ඉවසන්න ඕනෙ මේ reaction එක.
ඉතින් ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්