Date: 01/11/2013 Name: Iddhi bhavana

අද ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ බුදුපියවරු සිහි කළා, ඒ බුදුපියවරු දාහතර නම ම ඉතින් ඒ ශ්‍රේෂ්ඨ වූ බුදුපියවරු. ඒ කියන්නේ, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේව කෙනෙකුට ඇසුරු කරන්න ලැබෙනවා ද, ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියන එක අහන්න දෙයක් නැහැයි කියලා. ඉතින් මේ මහා ප්‍රඥාවෙන් යුතු වූ බුදුපියවරු, දාහතර වෙනි නම මෙසේ නම්, අනිත් බුදුපියවරු ගැන කවර කතා ද කියලා. එහෙම කරගෙන ගියා ඉතින් මාව කොහෙන්වත් නැවැත්තුවේ නැහැ.

මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරලා, සම්මා දිට්ඨියෙන් පටන් ගත්තා. මේ දුක්ඛය කියන එක මම මෙනෙහි කළා ජාති ජරා ව්‍යාධි මරණ උපායාස අප්‍රියේහි සම්ප්‍රයෝගය දිගට ම මෙනෙහි කළා. පංචඋපාදානස්කන්ධය, මේ ඇලීම කියන එක තමයි මේ ප්‍රශ්නය කියන එක. ඉතින් ඒ කියන්නේ රූපයවත් වේදනාවවත් සඤ්ඤාවත් සංස්කාරයවත් කොහේවත් ස්ථිතියක් වෙන්න දෙන්නේ නැත්නම් මේ කිසිම දෙයක් නැතෙයි කියලා. දැන් ඒ වැඩ සටහනක ප්‍රතිඵලය මනුස්සයන්ට ලැබුණ ද, ලැබුණේ නැද්ද කියලා ඒ වුණත් ඒක ගැනත් හරියට උපෙක්ඛාවක් තියෙනවා. ඒක සහිතව. මොකද ඒ අර භාවනාවේදි ආරම්භයේ දී ම කිව්වා වූ වචනයක් ඇහිලා, ඒක තමයි මගේ උපෙක්ඛාව ඒ විදිහට ඇති වුණේ.

එතකොට මම කල්පනා කළා මේ විඤ්ඤාණයේ ස්ථිතිය හින්ද ම තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. විඤ්ඤාණයේ ස්ථිතියක් වෙන්න දෙන්නේ නැත්නම් ඔය ප්‍රශ්නය නැහැ. එහෙනම් ඒකට මම සතර සුඛ භාගීයධර්මය කියන එක භාවිතා කරන්න ඕන. එහෙම නම් මම පළවෙනි සුඛභාගීය ධර්මය හැටියට, ඉන්ද්‍රිය සංවරය කියන එක භාවිතා කරන්න ඕන. එතකොට එතෙන්දී අභිජ්ඣා දෝමනස්සය නොවෙන්න. එතකොට ඉන්ද්‍රිය සංවරය කියන එක මම ගත්තහම මට එනවා අභිජ්ඣාව, මේ රූපය සම්බන්ධයෙන් අභිජ්ඣාවක් නැහැ.

ඊට පස්සේ එහා කෙළවරට තමන්ට අභිජ්ඣාවන් එනවා. ඒ අර්ථය කිව්වේ මොකද මේ රූපය, රූප කුලය. රූප කුලයට එහෙම නැත්නම් සමාධි කුලයට. ඔය රූප කුලේ ඉඳන් සමාධි කුලය දක්වා තිබෙන්නා වූ කිසිම දේකට නොඇලී ඉන්නට ඕනෙ, අභිජ්ඣාව නොපවතින්න ඕනෙ.

ඉතින් ඔය වෙලාවෙදි රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා, ඒ දෙක ඒ කියන්නේ මෝහයෙන් වෙන්නා වූ දේ, ඒක නොවෙන්න ඕනෙ. ඉතින් මේක මෙහෙම නොවෙන්න නම් මම කල්පනා කළා, මේකෙන් ඡන්ද සමාධිය තියෙන්න ඕනෙ නිර්වාණයට කියන එක. ඊළඟට විමංසාව තියෙන්න ඕනෙ අරක එතනින් නොගන්නයි. සමාධිය මගේ නොවන්න විමංසාව කියන එක තියෙන්න ඕනෙ. එතකොට දැන් ඔන්න ඡන්දයයි, විමංසාවයි කියන දෙක පැවතිය යුතුයි කියන එක එතන ඒ දෙකේ ආවා.

ඉතින් මේක හරි හොඳයි. ඔළුව මහා විශාලයි. හොඳට තදේට දැනෙනවා ඔක්කෝම පත්තු වුණා. දැන් මේ දෙක පත්තු වෙලා තියෙනකොට මම කල්පනා කළා, දැන් එහෙම නම් මේ තපසට කියන එකට මම එනකොට, තපස නේ ඊළඟට තියෙන්නේ. චත්තාරොඉද්ධිපාදා කියලත් තියෙනවා. එතකොට මෙතන මේ දෙක ම මට දැන් ලස්සනට ගැළපිලා එනවා. චත්තාරොඉද්ධිපාදා කිව්වහම, අර ඡන්දයෙන් ඇති වුණා වූ සමාධියේ එතන කතාව තියෙනවා. විමංසා සමාධියේ කතාව තියෙනවා මේ රූප කුලය නොවෙන්නයි, සමාධි කුලය නොවෙන්නයි, ඒ දෙක ම ඔය දෙකෙන් ඇති වෙලා තියෙනවා. එතකොට ඉද්ධිපාදා කියන කොටස තියෙනවා. මේ චිත්ත සමාධිය පවතින්න නම්, එහෙම නම් මට මුසාවාද, පරුෂා වාචා, පිසුණා වාචය, ඒවා නැති වෙන්න ඕනෙ.

එතකොට මට එනවා, එහෙම නම් මේ චිත්ත සමාධියෙන් එන කතාවෙ දී ඒ තියෙන්න ඕනෙ, අර විදිහට ඒ ඉද්ධිපාද සහිතව එතන පැවතීම. අනිත් කෙළවරෙන් මට මාන්නය නිසා වන්නා වූ දෙය නැති වෙන්නට ඕනෙ. ඒ කියන්නේ මුසාවාද, පරුෂා වාචා පැත්තෙන් එන්නා වූ ඒ දෙක නැති වෙන්න ඕනෙයි කියලා. දැන් එතකොට අර චිත්ත සමාධිය හතුරත් එහෙම අයින් වෙලා මේක ලස්සනට තියෙනවා කියන එක තියෙනවා. මේ sick වෙච්ච සඤ්ඤාවක් මගේ කියලා අරගෙන මම ද්වේෂයට යන කතාව ඒකත් නැති වුණා. එහෙම නම් හතුරෝ දෙන්නම මෙතන නැති වෙනවා. ද්වේෂයේ කතාවක් නැති වෙනවා මුසාවාද, පරුෂා වාචා කතාවක් නැති වෙනවා. මොකද ඒක තමයි මාන්නය කියන්නේ.

එතකොට දැන් මෙතෙන්දි ගන්නවා මම චිත්ත සමාධියේ දී, අර මාන්න කොටසයි වේදනාව සම්බන්ධයෙන් ඇති වෙන කොටසයි, කියන එක ගන්නවා. එතකොට ඒ පටිඝය පැත්තෙන් නේ, ඔතන වේදනාවේ කතාවත් ආවේ. මේ දෙක ඇවිල්ලා දැන් එහෙම නම් දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ විරිය සමාධිය තමයි. විරිය ඉද්ධිපාදයෙන් ඇති වෙන්නා වූ ඒ කොටස සහිතව පවතින එක. ඉතින් මේක සඳහා බොජ්ඣඞ්ගය කියන එක අපි භාවිතා කරනවා. සුඛභාගීය ධර්මය දැන් වෙන්නේ බොජ්ඣඞ්ගය කියන එක නේ.

එතකොට බොජ්ඣඞ්ගය භාවිතා කරනවා කිව්වහම, එතකොට අන්න එහෙම නම් මම අර රූපයේ ඉඳන් තනිකර උපෙක්ඛාව දක්වා, කාය සතියේ ඉඳන් සමාධි සතිය දක්වා නේ මේ යන්නේ. ධම්මමච්ඡරිය නිසා ඇති වෙන්නා වූ දේ සඳහා උපෙක්ඛාවක් මෙතන පවතින්නට ඕනෙ. එතකොට ඒ උපෙක්ඛාවේ දී අර ඒ සඤ්ඤාවන් මගේ කියලා නොගන්නට ඕනෙ. මේ සංස්කාරයන් මගේ කියලා නොගන්න ඕනෙ. අර විරිය දෙක ම මෙතන ඇවිල්ලා තියෙන්න ඕනෙ. එතකොට මෙතන ඉද්ධි කියන එක පාදයන්ගෙන් ඔක්කොම ටික සහිතව තමයි, මේ බොජ්ඣඞ්ගය සහිතව මෙතන ඉන්නවා කියන එක තියෙන්නේ. එතකොට දැන් අර දෙකයි, ඡන්ද, විමංසා දෙකයි, ඊට පස්සේ චිත්ත කතාවත් එක්ක මානය එපායි කියන කතාව ආවා. ඊට පස්සේ විමංසාවෙදි උඩ සඤ්ඤා එපායි කියන එකයි, සංස්කාර එපායි කියන එකයි.

මෙතෙන්දි මම දන්නවා මම හුස්ම ගන්නෙත් නෑ මොකුත් නැහැ, හිතන එකත් නතර වෙලා. ආයෙ හිතන්න ඕනෑකමකුත් ඇත්තෙත් නැහැ, හිතන්න හිතෙන්නෙත් නැහැ. එහෙම ම ඉන්නවා. ඒ ඉන්නකොට ඉතින් මට එක එක දේවල් පේනවා. ඒ පේන දේවල් ඔහේ තිබුණා, ඉතින් මට තේරුණා මට මෙහෙම නම් බොහෝ කාලයක් ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ රහතන් වහන්සේ “ඇති” කියලා කිව්වා ම මම නැවැත්තුවා.