අද භාවනාව කළේ ඒ උතුම් බුදුපියවරු මෙනෙහි කළා. මම කිව්වා ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා කියලා ඒක ගැන මට සැකයක් නැත ශ්‍රද්ධාව ඇත. නිර්වාණයෙන් පිටත වූ දෙයක් ගත්ත පුද්ගලයාට තමයි මේ සැකය ඇති වෙන්නේ කියලා. ඔය විදිහට අනුපිළිවෙළින් බුදුපියවරු ඔක්කොම මෙනෙහි කළා. මෙනෙහි කරලා අර පංචනීවරණවලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යනවා කියන තැනින් එතනින් පටන් ගන්න කිව්වා. එතකොට මම ඒ පංචනීවරණයන්ගෙන් බැලුවා, කාමච්ඡන්දය ඊළඟට පලාසය කොටුව දක්වා එන එක. ඒ කාමච්ඡන්දය කියන එක ගත්තහම අර එතනින් සක්කය ගහනවා නේ. එතකොට ඒ ව්‍යාපාදයෙන් ගහන එක, ථීනමිද්ධයෙන් ගහන එක, ඊට පස්සේ උද්ධච්ච කියන එකෙන් ගහනවා කියන එක ආවා.
එතකොට ඒ උද්ධච්චය කියන එකෙන් ගහනවා කිව්වම මට මතක් උණා දැන් මේ වම් පැත්තෙන් නෙවෙයි මේක හරියට වදින්නේ දකුණු අත පැත්තෙන්. කාම සඤ්ඤාව කාමයේ වරදවා හැසිරීම කාම සඤ්ඤාව දකුණු අත පැත්තෙන් තමයි මේක එන්නේ කියන එක. නමුත් මේ ධර්මය අපි බලාගෙන එනකොට වම් අත පැත්තෙන් තමයි අපි ගත්තේ.
එතකොට දැන් මට පේනවා මේ සත්‍ය වශයෙන් ම තිබෙන්නා වූ දේ තමයි අර දකුණු අත පැත්තෙන් තිබෙන්නා වූ ඒ කාමයේ වරදවා හැසිරීම ඒ සුඛ වේදනාව ඒ ස්පර්ශය කියන එක. ඒක තමයි real එක. මෙතන තියෙනවා කියලා එකක් real අනිත් එක unreal. Unreal එක තමයි අර කුක්කුච්චය, උද්ධච්චයේ තිබිච්ච එක යනවා නේ උද්ධච්චය මක්ඛය කුක්කුච්චය. එතකොට ඒ කුක්කුච්චයෙන් මේ පැත්තෙන් එනවා කියන එක. ඒක මගේ කියලා ගත්තට පස්සේ වෙනවා කියන එක. ඔය උද්ධච්චයට තථාගතයන් වහන්සේ පෙන්නනව නේ මේ කාම සඤ්ඤාව තමා හේතුව කියලා උද්ධච්චය ඇති වෙන්න. අර ප්‍රත්‍ය වශයෙන් කියනවා නම් ඇලුම් කටයුතු ආලම්බනයයි, ඊළඟට ගත්තහම ආස්වාද ඉන්ද්‍රියයි හේතු වශයෙන් කියනවා මේ කාම සඤ්ඤාව හේතුවයි කියලා.
එතකොට කාම සඤ්ඤාව කියන එක real එක. අර එහා පැත්තෙන් තියෙන එක. දකුණු අත පැත්තෙන් ආනෙඤ්ජ සප්පාය සූත්‍රය පෙන්නුවේ අපි. එහා පැත්තෙන් තිබෙන්නා වූ ඒ කාම සඤ්ඤාව කාමයේ වරදවා හැසිරීම කාම සඤ්ඤාව කියන එක තමයි ඒ real එක හැටියට තියෙන්නෙ අනිත් ඒවා ඔක්කොම unreal ඒවා. කාමච්ඡන්දය කියන එකත් මේ mentally මනසෙන් හදාගත්ත එකක් නේ compensate කරලා. අරක නැතිකමට ඇතුළෙන් දාගත්තා එකක්. එතකොට මේවා ඔක්කොම ව්‍යාපාදයත් එහෙමයි. ඔක්කොම unreal ඒවා මත ආපු ටික තමයි මේ සක්ක ගහගෙන ගහගෙන ගිහිල්ලා තියෙන්නෙ. මේක හොඳට මට තේරුණා
එතකොට මෙතන අර උඩින් බැලුවා අර අත තියෙන්නෙ දකුණු අත කපනවා කියන එක. දකුණු අත කපනවා කියන එක. ඒ විඤ්ඤාණයේ එතන හැදෙනවා කියන කෑල්ල ඒකත් එක්ක ම සම්බන්ධ වෙලා ආවා මට. ඒ කියන්නේ උඩින් මෙතනින් සක්ක ගහගෙන එනවා ථීනමිද්ධය සහගතව මෙතනින් අත්තා නිත්‍ය කතාවට යනවා. මෙතැනින් මේ කඹයේ උඩ කෑල්ල මමංකාර කඹය ඇඹරෙනවා. අර කඹ දෙකක් නේ. දැන් එතකොට ඊළඟට එනවා මේ සැකය කියන එක ඇදෙන්නේ අර A, B කියන එක දන්නව නේ. A කියන්නේ චේතනාවෙ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට එන එකයි, කුක්කුච්චයේ ඉඳන් මෙතෙන්ට පරාමාසයට, පරාමාස, කුක්කුච්ච, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට එන එකයි. ඒක තමයි B කිව්වේ.
එතකොට A, B නිසා තමයි මෙතන මේ C සැකය කියන එක හැදෙන්නේ. මේකත් මේ හැදිලා තියෙන්නේ real එකක් ගැන නොවෙයි. Real එකක් තමයි උදව් උපකාර වුණේ, මේක අපිට මුලින් ම ඇති වෙන්න. මේකෙන් unreal එකෙන් තමයි මේ සැකය කියන එකත් හැදිලා තියෙන්නේ. අර කාමච්ඡන්ද, ව්‍යාපාද ඔක්කොම unreal කියන කතාව සැකයටත් එහෙනම් මේ unreal කෑල්ලෙන් තමයි මේකටත් ඇවිල්ලා තියෙන්නේ.
එතකොට එහෙනම් මේකත් unreal, මේකෙ යථාභූතව ගත්තම මේකෙ ඇත්තක් නෑ. යථාභූතව තියෙන්නෙ අර එහා පැත්තෙන් එන්නා වූ ඒ සඤ්ඤාව, කාම සඤ්ඤාව කියන එක විතරයි. අනිත් ඒවා ඔක්කොම මේ unreal කතාවල් තමයි ඇවිල්ලා තියෙන්නෙ. එතකොට දැන් මේ විදිහට මම කල්පනා කළහම, දැන් ඔය මව් කුසට එන්නා වූ ඒ දරුවා එයා එන්නෙත් අම්මව බදාගෙන මේකෙන් නේ එන්නේ. එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ ස්පර්ශයක් නේ ඒ අම්මගෙන්. එතකොට දැන් ඒ කියන්නේ දැන් කාමයේ වරදවා හැසිරීම හරි එතන එනවා කියන කතාව ස්පර්ශයක් තමයි එයා බලාපොරොත්තු වුණේ.
ඉතින් මට කල්පනා වුණා ඒ දරුවාට හැබැයි ස්පර්ශය බොහෝ කාලයක් හම්බවෙනවා. මේකෙ ක්‍රියාවලිය කොයි එක උණත් කමක් නෑ, ස්පර්ශයයි ඕන. එතකොට දැන් අම්මා බබාව පොඩි කාලෙ ඉඳන් හදනව නේ සෑහෙන කාලයක් තිස්සේ. එතකොට වඩා ගන්නවා, මේවා කරනවා. ඒකත් එක්ක ඒ ස්පර්ශය එයාට හම්බවෙනවා. තේරුණා ද? ඒක හොඳට මට තේරුණා. මේක මේ මෙයා බලාපොරොත්තු වෙන එක ඒ විදිහට වෙනවා කියන එක. ඔච්චරයි නේ තියෙන්නෙ. සත්‍ය වශයෙන් ගත්තහම ඔන්න ඔච්චරයි තියෙන්නෙ. ඔය reality එක කියලා කියන්නේ ඉතින් මේ අර කාම සඤ්ඤාවේ කතාව තමයි. මේ එතකොට අනිත් ඒවා ඔක්කොම උස්සන ඒවා unreal කියලා කියන එක තමයි, ඒක තදින් ඒ භාවනාවේ දී ආවේ.
ඉතින් රහතන් වහන්සේ ඇති කිව්වම මම නැවැත්තුවා. ඉතින් ඒකේ, ඒ රහතන් වහන්සේ අන්තිමට කිව්වේ ඉතින් ඒකේ unreal කියන එක තමයි ඒකෙ තියෙන්නෙ කියන එක. ඉතින් ඕක ම තමයි අවිද්‍යාව වෙලා තියෙන්නේ. Completely unreal දෙයක්, අවිද්‍යා කියන්නේ ඒක ම තමයි.