Date: 05/11/2013 Name: Three belts

මම ඒ බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා ඒ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා ය, බුද්ධ ශාසන 2502ක් ගොඩ ගත්තා ය, ඒ ගැන මට කිසිම සැකයක් නැත. මට ශ්‍රද්ධාව ඇත. නිර්වාණයෙන් පිටත වූ දෙයක් ගත්ත කෙනෙකුට පමණක් සැකය තියෙනවා ය කියලා. එතකොට ඔය විදිහට බුදුපියවරු දාහතර නම ම සිහි කළා. තුන් නමක් සිහි කළා අනුපිළිවෙළින්. ඒ විදිහට සිහි කරලා ඊට පස්සේ මම බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි කිව්වම එතනින් පටන් ගන්න ය කියලා කිව්වා.

එතකොට මට ආවා මේ මේක ඇති වෙන්න නම්, ලෝභය ඇති වෙන්න නම්, අර පළවෙනි පාර ලෝභ, දෝස, මෝහ භාවනාව. මනාප වූ අරමුණ සුඛ වේදනීය ස්පර්ශය සුඛ වේදනාව. මෙන්න මේක නිසා තමයි අපිට අර සෝමනස්ස පවිචාරය, මේක සංකල්පයෙන් රාගය ඒකෙන් ඇති වෙලා ඇති වෙනවා කියලා එකපාරට ම කල්පනා වුණා. කල්පනා වුණා ම මේ තුන නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නෙ, පළවෙනි belt එක. අර සාතං අසාතං කියන belt එක. එතකොට මට ඒකත් එක්ක ම එනවා, මේක නිසා මේ නාමරූපයන් ඇති වෙනවා. දෙවෙනි belt එක කැරකෙනවා. දෙවෙනි belt එක වෙනවාමයි. ඒ කියන්නේ විඤ්ඤාණය මම පිහිටන්න ඉඩ දීමෙන්. විඤ්ඤාණය පිහිටන්න ඉඩ දුන්නා කියලා කියන්නේ ඉතින් නිත්‍යභාවයට මම ගියා. නිත්‍යභාවය කියන එක ඇවිල්ලා තියෙන්න ඕනි.

එතකොට දැන් මට එනවා, එහෙම නම් මේ සුඛ කියන එක මෙතෙන්දි සුභයි කියලා පරාමාසය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළට ගිහිල්ලා තියෙනවා. සුභයි කියන එකෙන්, එහෙම නම් සුඛ අවස්ථාවටත් ඇවිල්ලා තියෙන්න ඕනි. සුඛ අවස්ථාවට ආවායි කියලා කියන්නෙ අර පල්ලෙහායින් මම එන්න ඕන. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා මෙතනින් චේතනාව හරහා උස්සන්න ඕනි. චේතනාවක් නැති නම් මෙතන මේක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එහෙම නම් මේ අර නිත්‍යභාවයට මම ගිහිල්ලා තියෙන්න ඕනි.

ඒ කියන්නේ පටිච්චසමුප්පන්නය ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා තමයි මේ නාමරූප කතාව ඇවිල්ලා තියෙන්නෙ, ඒ belt එක. එතකොට මේකේ ආයේ වෙන දෙයක් ඇත්තේ නැහැ, මෙච්චරයි කියනකොට ම එතනින් එහාට වෙන දෙයක් හිතන්න බැහැ. මෙතනින් එහා පැත්තට හිතන්න බැහැ. සිත තුනී වෙලා ගිහිල්ලා. මෙතනින් එහා පැත්තට මොකක්වත් යන්නේ නැහැ.

එතකොට මේ ආයෙ හිතන්න හදනවා, ආපහු එතෙන්ට ම වැටෙනවා. ඉතින් ඒ පාර මේ, ඒ වෙලාවේ තමයි ඔය call එක ආවේ. ඉතින් දැන් ඔය ඉවර වෙලා මම මෙතන දැන් ආපහු පොඩ්ඩක් පටන් අරගෙන, ඒක බලනකොට ඉතින් රහතන් වහන්සේ කිව්වා ඉතින් “කළ යුතු දේ ඉතින් කරලා ඉවරයි,” කියලා.

ඒ කියන්නේ මේ belt එකයි අර යටින් සැකයේ කතාවක් එක්ක එන එක ඒක තේරුම් ගන්න මනුස්සයට පේනවා මේකෙ මොකක්වත් නැහැ. මේ උඩ belt එක කැරකීමකින් වෙන්නා වූ දෙයක් විතරයි මෙතන තියෙන්නෙ. එතකොට ඒ පටිච්චසමුප්පන්නය කියන එක පටිච්චසමුප්පන්නය වශයෙන් අවබෝධ කරගත්ත ද, මෙතැනින් එහා පැත්තට සිතන්න දෙයක් නැහැ. ඔන්න ඕක තමයි භාවනාව.