එතකොට මම ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් බුදුපියවරු, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා. ඒ බුදුපියාණන් වහන්සේ ගැන මට සැකයක් නැත. මට ශ්‍රද්ධාව ඇත්තේ ය. නිර්වාණයෙන් පිටත වූ දෙයක් ගත්ත පුද්ගලයාට පමණයි සැකයක් ඇති වෙන්නේ කියලා. ඉතින් මේක, මේ බුදු පියාව මෙහෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියලා, මේ බුදු පියාව සිහි කරන එක ම ඇතියි කියලා හිතුණා භාවනාවේ දී. වෙන මොකක්වත් ඕනේ නැතෙයි කියලා. ඉතින් ඒක ඒ තත්වයට සිහි කරනකොට, කොන් හතර ම පත්තු වෙලා ඉවරයි.
මට මේ අවස්ථාවේ දී මම ම කියනවා මට මේ දැනෙන්නේ මේ සති ඉන්ද්‍රියයි, මෙතන විරිය ඉන්ද්‍රිය දැනෙනවා. මෙතැනින් ගත්තහම ප්‍රඥාව. මේ පැත්තෙන් සමාධිය. මේ පැත්තෙ අර චෙතො විමුක්තියත් තියෙනවා. මේ පැත්ත බැලුවහම ප්‍රඥා විමුක්තියක් තියෙනවා. ඔක්කොම විමුක්ති සහිතව ඉන්නවා. ඉතින් මට එච්චර ධර්මයක් ඕන නැතැයි කියන මේකෙන් බුදුපියාණන් වහන්සේ ගැන ම ඒ ශ්‍රද්ධාවෙන් මම ඉන්නවා.
ඒ දෙවෙනි බුදු පියාත් ඒ විදිහට සිහි කළා. ඉතින් ඔය සිහි කරන්න සිහි කරන්න ඉතින් මේ සැකය නැතෙයි කියන එක අර නීවරණත් එක්ක සම්බන්ධ වෙවී සම්බන්ධ වෙවී එනවා. ඉතින් මෙහෙම ඇවිල්ලා අන්තිමට කියන්නේ එතන ම තුනී වෙලා ගියා. එහෙම ගිහිල්ලා ඉතින් මම බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම, ලෝභය නැති කරමි කිව්වම ලෝභයෙන් එතනින් පටන් ගන්න ය කියලා කිව්වා. ඒ කියන්නේ ලෝභයි, දෝසයි දෙක ම ඇතිව භාවනාව කරන්නයි කියන එක ආවා. ලෝභය කියන එක මේ සාත.
දැන් මේක සම්බන්ධ වුණා ඊයේ භාවනාවත් එක්ක. මෙතන දැන් පළවෙනි පාර දිගේ යනවා. මනාප වූ අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව. එතකොට මෙන්න මේ කෑල්ල උඩ තමයි ලෝභය කියන එක ඇති වෙන්නේ. මේ ලෝභය කියන එක ඇති වෙනකොට දැන් අර ලස්සනට සම්බන්ධ වෙලා එනවා ඊයේ කරපු භාවනාවත් එක්ක. එතනින් ආවා නේ මේ අන්තිමට ඇති වෙන්නේ මේ ක්‍රෝධයයි, මුසාවයි, “කොධො මොස වජ්ජන්ති, කථංකථා ච” කියන කතාව ආවා. මේ මුසාවයි කියන එක. එතන අපි ඊයේ මතකයි නේ බැලුවා.
එතකොට ද්වේෂය කියන එක අර අශ්‍රද්ධාව. ඒකත් එක්ක ඇති වෙනවා. ඒක කල්පනා වෙලා එහෙම නම් මේ සාත අසාත හින්දා තමයි මේ කතාව වෙන්නේ කියන එක ආවා. එතකොට සාතයි අසාතයි කියන එක අර ඒකත් එක්ක ම අර පලාසය කොටුවේ තිබෙන්නා වූ දේ පේන්න ගත්තා. එතෙන්ට වෙනකල් අපි ගිහිල්ලා තියෙනවා. කාමච්ඡන්දයෙන් පලාසය දක්වා ගිහිල්ලා තියෙනවා.
දැන් මෙතෙන්දි මම කල්පනා කළා ඉතින් මේ සැකය කියන එක කෙනෙකුට ඇති වෙන්න නම්, මේ සැකය ඇති වෙන්න නම් අර A, B කියන දෙක තියෙන්න ඕනි. මනොසඤ්‌චෙතනාවෙන් අර ථීනමිද්ධයට යන ථීනමිද්ධ කතාව නේ. ථීනමිද්ධයෙන් ඇති වෙන එකයි A කියන එකයි, කුක්කුච්චය නිසා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ගිහිල්ලා එන එකයි B කියන එකයි, දෙකයි. එතකොට එහෙම නම් සැකයේ සමුදය මෙතන ථීනමිද්ධයයි, මෙතන මේ කුක්කුච්චයයි කතාව තියෙනවා.
එතකොට දැන් මම මේ වෙලාවෙදි කල්පනා වුණා, මම දන්නේ නැහැ මාව මදුරුවෙකුත් කනවා, කාල තියෙනවා ඒ වෙලාවේදි. මම සමාධියේ ඉන්න නිසා ඒක ගැන හැඟීමක් නැහැ. ඊට පස්සේ දැන් මට ඒක අතගානකොට මට තේරුණා මෙතන මදුරුවෙක් ඉන්නවා කියන එක.
එතකොට දැන් එතෙන්දි අපි පරිස්සම් වුණේ නැති නම් ඒ මදුරුවා මැරෙනවා. කියන එකෙත් එන්න ඒ අර්ථයට ආවා. පරිස්සම් උණේ නැති නම් ඒ මදුරුවා කියන සතාව මැරෙනවා කියන එක කල්පනාවට ආවා එතන. එතකොට ඒ කියන්නේ වටේට ඒ කොටස වුණා. අපි දැන් වේදනාවකට අපි react කරනකොට මේ වගේ ඇති වෙන්න පුළුවන් කියන එක.
එතකොට දැන් කල්පනා කළා, දැන් මෙතන මේ මේක වෙන්න ඉස්සෙල්ලා මම දැන් backward බලාගෙන යන්නේ. විචිකිච්ඡාව ඇති වෙන්න නම් ඒ ථීනමිද්ධයයි, කුක්කුච්චයයි. එතකොට දැන් අපි වේදනාවකට පරිස්සම් වුණේ නැති නම් අපිට කුක්කුච්චය කියන එක ඇති වෙන්න පුළුවන්. එතකොට ථීනමිද්ධය කියන එක අවස්ථාවේ දී ගත්තහම මේ වෙලාවේ දී, ඔය දෙක අතරට ථීනමිද්ධයෙන් පස්සේ අපිට උද්ධච්ච කියන එක තියෙනවා. උද්ධච්චයෙන් මක්ඛය කුක්කුච්චය.
එතකොට එහෙම නම් කොහොම ද ඒක වෙන්නේ කියන එක බැලුවම බොජ්ඣඞ්ග diagram එකේ slide එක තියෙනවා නේ. අර අශ්‍රද්ධාව. අභිජ්ඣාව වෙලා, ඊට පස්සේ අපි අර වට ගහලා නේ ථීනමිද්ධ අවස්ථාවට ඇවිල්ලා තියෙන්නෙ. ඊට පස්සේ අර මෝහයෙන් ගත්ත තීරණයක් තියෙන්නේ. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියක් අරගෙන තියෙනවා මගේ ය කියලා. ඒ මිච්ඡා දිට්ඨිය මගේ ය කියලා ගැනීමෙන්, ඒක තමයි ලාභය වෙලා තියෙන්නෙ. ඒක තමයි ලොකු ම අශ්‍රද්ධාව.
එතකොට ඒ අශ්‍රද්ධාව මගින් තමන්ට අර ලාභයේ ඉඳන් ශ්‍රද්ධාවට යනකොට, අශ්‍රද්ධාවෙ ඉඳන් අපි යනවා උද්දච්චයට. එතකොට මෙතන දැන් අපි දන්නවා දැන් ද්වේෂය කියන එකත් මම එතන බැලුවා. ථීනමිද්ධය තියන අවස්ථාවෙදි අර මිච්ඡා දිට්ඨිය තියෙනවා. ථීනමිද්ධය ඇති වුණායි කියලා දැන ගත්තම තමා රෝගී කියන එක දැන ගත්තම තමයි අපිට ද්වේෂය ඇති වෙන්නේ. එතකොට ථීනමිද්ධයෙන් පස්සේ ද්වේෂය.
එතකොට ථීනමිද්ධය අවස්ථාව වෙනකොට අර අභිජ්ඣා කතාව තියෙනවා නේ, දැන් ලාබයි කියලා ගත්ත එක. ඒක නිසා ඒ අශ්‍රද්ධාවෙන් උද්ධච්චය, පේනවද ඒ දෙක එකට යන හැටි.
මෙතැන ථීනමිද්ධ කතාවෙදි, අපි ද්වේෂයට යන කතාවක් තියෙනවා. මේ අවස්ථාව වෙනකොට අපි උද්ධච්චයට යන කතාවක් තියෙනවා. එතකොට ඒක නේ ද්වේෂයෙන් උද්ධච්චයට. එහෙම නම් ද්වේෂය පෙර උද්ධච්චය පසුව කියන කෑල්ල ඔතෙන්ට එනවා. එතකොට ඔය වෙලාව වෙනකොට ආපහු අර මේක අර තුනී වෙලා. සිතන්න එච්චර ම අර මේකත් නැහැ. ඒ තුනී වෙලා ඉඳගෙන තමයි මේක දැක්කේ. ඉතින් මේ මොකක් ද මෙතැන එහෙම නම් මේ අරගෙන තියෙන්නෙ කියන එක බැලුවම, අන්තිමට එනවා අර සාතයි කියන එක ම තමයි.
මේකෙ මේ විදිහට යන්න අර ලාභ වෙලා තියෙන්නේ මොකක් ද? අර සාතයි කියන එක. අර සුභ වෙච්ච එක ම නේ මේක අස්සට ගිහින් තියෙන්නේ. ඒක ම තමයි ලාභ වෙලා තියෙන්නෙ කියන එක ආවා. එතෙන්දී රහතන් වහන්සේ ඇති කිව්වා. මම නැවැත්තුව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්