අද භාවනාවේදිත් ඒ බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා. ඒක ගැන මට සැකයක් නැහැ. ඒ වගේ ම ඉතින් හරී ශ්රද්ධාවකුත් ඇති වෙනවා. ඉතින් බුදුවරුන් ඉතින් ඊයෙත් වැඩලා ඒ මනුස්සයන්ට උදව් උපකාර කළා කියලා අත් දෙකත් උස්සලා වැඳලා මම මෙහෙම බුදුපියවරු සිහි කළා. ඒ සිහි කරගෙන ඒ සහම්පති බුදුපියා, තපස්සි බුදුසීයා සිහි කරලා මට මේ අදහස දුන්න ය, ඉතින් ඒ අර්ථයක් ආවා ගොඩක්. සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වෙහෙසිලා කොච්චර නම් මේ සත්වයන්ට උදව් උපකාර කරනවා ද කියන එක මම කල්පනා කරන්න ගත්තා. ඉතින් එහෙම ගිහිල්ලා මට බොහෝ ම සමාධියත් හොඳයි.
ඡන්ද චිත්ත විරිය විමංසාවලින් මට පටන් ගන්නේ කියලා කිව්වා. එතෙන්දි අර විරියො ච ඡන්දො කියන එක, ඒකත් එක්ක භාවිතා කළා. එතකොට විරියෙන් අර නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා රොකට් එක වාගේ ඡන්දයට යනවා. එකපාරට ම මට හැඟීම ආවා මේ උඩ තියෙන ඡන්දයට මේ දෙන්න තමයි මේ support කරන්නේ කියලා. කවුද support කරන්නේ? මෙතනින් තියෙන්නා වූ මේ විරියයි, චිත්ත සමාධියයි, මේ විමංසා සමාධියයි අර උඩ තියන එකට support කරනවා. ඉතින් ඒ ඡන්ද සමාධියට support කරනවා කියන එක කොහොම ද වෙන්නේ කියන එක බැලුවහම ඉතින් මට දැන් ඔය මුලින් එනවා අර නෙක්ඛම්මයේ ඇති රූපය එපා කියලා එහෙම නේ නෙක්ඛම්මය කතාවත් එක්ක එන්නෙ.
ඒකෙන් මෙතන ඡන්දයට ආවා ම ඒ ඡන්දයෙන් අපි චිත්තයට යනවා නම් චිත්තයෙදි මතක ද අර ඉද්ධි diagram එකේ පෙන්නනවා නේ අයින් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ මෙත්තාව කියන එක තියෙන්න ඕනේ. එතකොට මෙත්තාව කියන එක තියෙනවා නම් ඒකෙන් තමයි ඔයාට පුළුවන් වෙන්නේ චිත්ත සමාධිය කියන එක පවත්වන්න. චිත්ත සමාධියේ දී අර පළවෙනි පාරේ ගිහිල්ලා දෙවැනි පාරේදි කරුණාවට යනවා. එහෙම නම් ද්වේෂය නැති වෙනවා.
එතකොට දැන් මට පේනවා මේ යන්නේ පළවෙනි එකේදි ලෝභය, පළවෙනි විරිය ගත්තා ලෝභය, මේ දෙවැනි විරිය ගත්තහම චිත්ත සමාධියෙන් ද්වේෂය තමයි මේ පහ වෙන්නේ. එහෙම නම් ඊළඟට ඉතින් විමංසාවෙන් මෝහය කියන එක. එතකොට ලෝභ දෝස මෝහ වශයෙන් විමංසාව, එතකොට තුන ම එපා කියන එක නේ යන්නේ. ඔන්න ඒ කෑල්ල ආවා. ඊළඟට ආයිත් මට එනවා මෙන්න මේ විදිහට ගත්තහම දැන් ඉතින් විමංසාවෙන් මං එනවා ආපහු විරියට ඇවිල්ලා support කරන්න උඩ එකට.
එතකොට ඒ විරියේ දී තියෙන්නෙ මොකක් ද, ඔය සංස්කාර එපායි කියන්න නේ. සංස්කාර මගේ නොවෙන්න කියන එක භාවිතා කරනකොට දැන් ආයෙත් එනවා, මෙතන තියෙනවා නේ ද කියලා. මුලින් කියනවා රූපය එපායි කියලා. චිත්ත සමාධිය තියෙනකොට වේදනාව එපායි කියනවා. විමංසාව තියෙනකොට සඤ්ඤාව එපායි කියනවා. සඤ්ඤාව එපායි කියලා දැන් විරිය සමාධියට ආපහු එන්නේ විරිය ඉද්ධිපාදයට චක්ක diagram එකේ එනකොට එතන සංස්කාර එපා කියනවා.
දැන් එතකොට ගානට ඇවිල්ලා තියෙනවා රූපයයි, වේදනාවයි, සඤ්ඤාවයි, සංස්කාරයයි එපායි කියලා. මේකෙ ඉතින් බොහොම හොඳයි සමාධිය ඉතින් පේන දේවලුත් තිබුණ. නිරෝධයටත් ගියා. ඔය විදිහට බොහෝ ම හොඳට මේකේ හිටියා. ඉතින් ඒකේ අර තේරුණා මේ කතාව. මේක මේ රූප වේදනා සඤ්ඤා සංස්කාර කියන ඒවට මේ ඉද්ධිපාදයන් ඒ විදිහට පිළිවෙළට සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. අලෝභ අදෝස අමෝහ කියලත් ඇවිල්ලා තියෙනවා කියන එක. ඒක ලස්සනට ආවා. ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්