මගේ භාවනාවේ, මම බැලුවේ මේ නිත්‍යභාවය නිසා ඇති වන්නා වූ මාන්නය කියන එක. මම භාවනා කරන්න ගත්තහම මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා. බුද්ධ ශාසන 2502ක් ගොඩ නංවාගෙන තියෙනවා. ඒ කියන්නේ අකනිට්ඨාවට යන්න පෙර ම බුද්ධ ශාසන 2500ක් ගොඩ ගත්තා. සැකයක් නැතෙයි කියන එක මම කල්පනා කළා.
ඒ වගේ ම මම කල්පනා කළා ඒ බුදුපියාණන් වහන්සේත් ඒ කලින් බුදුවරු බණ කියපු තැන්වලට ගිහිල්ලා බණ කියන්න ඇති. මෙහෙම මම දෙවෙනි බුදුපියා ගැනත් මෙහෙම කල්පනා කරනකොට මේක නිසා යම් වූ මාන්නයක් ඇති වෙනවා නේ ද කියලා, මේ වගේ දෙයක් පැවතීම හේතු කොටගෙන. මෙතන කලින් කරපු තැනක දැන් කරනවා කියලා ඔයගොල්ලන්ට කිව්වහම හරි සතුටක් ඇති වෙනවා නේ. ඒකත් එක්ක මේ මාන්නයක් ඇති වෙනවා නේ ද කියලා. සියුම් ලෙස මේ විදිහට ම මානයක් ඇති වෙනවා නේ ද කියලා.
ඉතින් ඕක අර ඊයේ රුවන්වැලි සෑය ළඟ කරපු භාවනාවක් එක්ක සම්බන්ධ වෙලා ආවා. ඒකෙ භාවනාවේ තියෙන්නෙ, දැන් අපි රූපය වේදනාව සඤ්ඤාව ඒවා ඔක්කොම නිසා අපිට සංස්කාරයන් ඇති වෙනවා. එතකොට අපි දන්නවා මේ සංස්කාරයෙන් විඤ්ඤාණය කියන එක සකස් වෙනවා කියලා. සංඛතං අභිසඞ්ඛරන්ති. දැන් ඔතන මොනවද මේක ඇතුළට යන්නේ. අපි රූපය වශයෙන් ගත්තහම රූපයට සුභයි කියන කතාව. සුභ කියන සඤ්ඤාව අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ඇදිලා එනවා. එතකොට ඒකෙදි කාමරාග අනුසයෙන් කතාවක් තියෙනවා. දන්නව නේ සමහර අය දන්නවා කාමරාග අනුසය කියන එක අර පරාමාසකායගන්ථයේ ඉඳන් යනවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට අර එතන පල්ලෙහා තියෙනවා නේ හතරැස් කොටුව කැපෙන. එතනින් ඒ සංස්කාර ඇති වෙනවා සුභයි නිත්‍යයි කියලා තමයි කතාව ඇති වෙනවා. සුභයි නිත්‍යයි කියලා එතන ගමන් කිරීමක් තියෙනවා.
ඊළඟ අවස්ථාවේ දී අපි ගත්තහම, වේදනාව වශයෙන් ගත්තොත් එහෙම, ඔයගොල්ලන්ට පේනවා, වේදනාව ඒක සුඛයි කියන සඤ්ඤාව තමයි උදව් උපකාර වෙන්නේ සංස්කාරයන් හදන්න. ඒකට අර දිට්ඨි අනුසයේ කතාව එනවා. ඉස්සෙල්ලා කාමරාග අනුසය, දැන් දිට්ඨි අනුසය කියන එක මේ අවස්ථාවෙදි වැඩ කරනවා. දිට්ඨි අනුසය කියන එක ඇති වෙන්නේ පහළට එනවා වේදනාවේ ඉඳන් පරාමාසයට, පරාමාසයෙ ඉඳලා අර අත්තා කියන කතාවක් වෙනවා.
එතකොට වේදනාවෙන් එන සුඛයි කියන එක අත්තා කියලා ගැනීමත් එක්ක දිට්ඨි අනුසය, එයා ගිහිල්ලා ගහන්නේ රූපයට. අර කලින් එක්කෙනා ගහන්නේ කාමරාග අනුසයෙන් සඤ්ඤාවට. එතකොට ඊළඟට එනවා “රූපං අත්තතො සමනුපස්සති, යා ඛො පනසා භික්ඛවෙ සමනුපස්සනා සඞ්‌ඛාරා” කියනකොට අර අත්තා කියන සඤ්ඤාවෙන් ම සංස්කාරය හැදිලා තියෙනවා. එතකොට එහෙනම් අපි සංස්කාරය රූපය වශයෙන් සුභ සඤ්ඤාවක් එක්ක දැක්කා. ඊළඟට දැක්ක සුඛ සඤ්ඤාවක් එක්ක දිට්ඨිය කතාවත් එක්ක. මෙතන අත්තා කියලා අරගෙන නිත්‍යයට යනවා කියන එක ඇවිල්ලා තියෙනවා.
එතකොට මේවා ඔක්කොම මෙතෙන්දි සංස්කාර, එතකොට මෙන්න මේ සංස්කාරවලින් තමයි විඤ්ඤාණය හැදෙන්නේ. එතකොට ඔය සංස්කාර අවස්ථාවෙදි අර ඒ සඤ්ඤාව කියන එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට යනවා කියන එකත් මේ සංස්කාරයේ නිත්‍යභාවය උඩයි අපි මේක ගෙනියන්නේ. සංස්කාරයේ නිත්‍ය කතාවක් නැති නම් මෙතන මේ මෙහෙම එකක් නැහැ.
දැන් බලන්න අර මාන්නය කතාවෙදි බැලුවම ඔයගොල්ලන්ට පේනවා බුදුහාමුදුරුවෝ මෙතන බණ කිව්වා ය, මෙතන අපි බණ ඇහුවාය කියන කතාවත් එක්ක ඇති වුණා වූ සියුම් වූ සංස්කාරයන් පවා මෙතන තියෙනවා. රූපයෙන් පටන් ගත්තම ඒ කෙළවරෙන් අපිට තියෙනවා රූපයේ ඉඳන් මේ දක්වා, ඒ කියන්නේ මේ නිත්‍යභාවය කියන එක ඔය සංස්කාරය තුළ ඇති වෙලා තියෙනවා. ඒ සංස්කාරය විසින් ආපහු යමක් සකස් කරනවා. ඒ කියන්නේ නිත්‍යභාවය නිසා මාන්නය. ඒකත් සංස්කාරයක්. මානය කිව්වත් සංස්කාරයක්. මානය කියන එක මේ තියෙන fix එකක් නෙවෙයි නේ. ඒ වෙලාවේදි යම් වූ කාරණයක් නිසාවෙන් භවය ද භෝගය ද නිසා හෝ තමාගේ සමාධිය, සමාධිය කුලයට ඇලීම නිසා හරි හදාගන්නා වූ දෙයක්.
එතකොට මෙන්න මේ සංස්කාරයේ නිත්‍යභාවය උඩ තමයි මේවා ඔක්කොම ඇතුළට ඇදෙන්න. මොකද නැවතත් අපි මේක කරන්න හදනවා. ඇයි මේක නැවතත් කරන්න හදන්නේ? අපිට සැකයක් තියෙනවා මේවා බිඳෙයි කියලා. අපි බයයි, ඒ කියන්නේ භයෙන් අගතියට ගිහිල්ලා තියෙන්නෙ. මතක ද ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර අවසාන diagram එකේ පෙන්නන්නෙ මේ ඔක්කොම ටික එකතු වෙලා ඇවිල්ලා තියෙන්නේ අර එක ම column එකකට. තුන් වෙනි පාරට තමයි ඇවිල්ලා තියෙන්නෙ.
එතකොට චේතනාවයි මේකයි දෙක එකට වෙලා තියෙනවා. අතන දෝමනස්සය කියන එක පරාමාසකායගන්ථය ඇතුළේ තියෙනවා. මේවා ඔක්කොම තිබිලා අපි භයෙන් අගතියට තමයි යන්නේ. බය වෙලා තමයි මේක අපි නැවතත් සකස් කරනවා කියන එක තියෙන්නේ. ඔන්න ඔය අර්ථය තමයි ඒ භාවනාවෙදි තියෙන්නේ.
ඒ කියන්නේ රූපය වේදනාව සඤ්ඤාව විතරක් නෙවෙයි, නිත්‍ය සඤ්ඤාවත්, නිත්‍ය සඤ්ඤාවෙන් හැදෙන සංස්කාරය නිසා නිත්‍යභාවයත් කියන එක. ඒකත් තියෙනවා. නැවත කරපු දෙයක් අපි නැවත කිරීම. ඒ කියන්නේ “සංඛතං අභිසඞ්ඛරොති” කියන එක ම තමයි භාවනාවට අන්තිමට ඇවිල්ලා තියෙන්නෙ. සකස් කරපු දෙය නැවත සකස් කරනවා කියන එක. ඒක තමයි මගේ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්