හොඳයි මගේ භාවනාවෙදි මම කළේ ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 කගෙන් බණ අහල තියෙනවා. මට ඒක ගැන සැකයක් නැත. මට ශ්‍රද්ධාව ඇත. නිර්වාණයෙන් පිටත වූ දෙයක් ගත්ත පුද්ගලයාට තමයි මේ විදිහට සැකයක් ඇති වෙන්නේ කියලා. ඔය විදිහට ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කළාට පස්සේ, ඉතින් අර ද්වේෂය නැති කරමි කියන තැනින් පටන් ගන්න ය කියලා කිව්වා.
එතකොට ඒ ද්වේෂය කියන එක මම භාවිතා කළේ අර සම්මා වාචා diagram එක. සම්මා වාචා diagram ඒකෙ අපි දන්නවා කෙනෙකුට මිච්ඡා දිට්ඨිය තියෙනවා නම්, ඒ මිච්ඡා දිට්ඨිය ඇති වුණාට පස්සේ, ඒ කියන්නේ තමන් ථීනමිද්ධය තියෙනවා කියලා දැන ගත්ත අවස්ථාවේ දී, අපි ද්වේෂයට යනවා. තමන් sick කියලා දැන ගත්තට පස්සේ. එතකොට දැන් මේ sick කියන එක මම භාවිතා කළේ මේ මදුරුවෝ කනවා කියන එක. මදුරුවෝ කෑවයින් පස්සේ අර මනුෂ්‍යයින්ට ඒකත් එක්ක ඇති වෙනවා ස්වභාවයක්, ථීනමිද්ධ ස්වභාවයක්, ඇති වෙන එක තියෙනවා රෝගීභාවයක් කියන එක.
එතකොට මට පේනවා මිච්ඡා දිට්ඨිය තියෙනවා උඩ diagram එකේ මතකයි නේ. පල්ලෙහායින් තියෙනවා අපිට ද්වේෂය කියන එක. මිච්ඡා දිට්ඨියයි ද්වේෂයයි තියෙනවා. ඒකෙ දෙකක් දැන් සම්බන්ධ වෙනවා. මේ පැත්තෙන් එනවා ථීනමිද්ධය. ඒ කියන්නේ sickness එක. උඩින් තියෙනවා අසතිය කියන එක දෙපැත්තෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ හතර frame එක මට දැන් පේනවා. ඒ sickness එකත් එක්ක ආවායින් පස්සෙ, මේක ආවායි කියලා මට පේනවා, මේක යනවායි කියලා සාරම්භයට. සාරම්භය තමයි මේ හතර කොනට එන්නේ. මෙතනින් ද්වේෂය තියෙනවා. උඩින් මිච්ඡා දිට්ඨිය තියෙනවා. මේ පැත්තෙන් අසතිය එනවා. ඊළඟට මේ දකුණු පැත්තෙන් එනවා සාරම්භය, competition එක.
දැන් ඒ මදුරුවා කන එකටත් තමන්ට තියෙනවා, අසතිය තියෙනවා. කලින් කාලා දැන් ආයිත් කාවි කියලා. මොකද මගේ මේ කය මම අල්ලගෙන ඉන්නවා නේ. මේ කය මගේ කියලා මම අල්ලගෙන ඉන්න එකත් එක්ක ම ඇති වෙලා තියෙනවා අසතිය කියන එක. එතකොට දැන් ඊයේ කෑවා නම් අදත් මාව කන්න පුළුවන් කියලා තියෙනවා. මෙතැනින් competition එකෙන්, සාරම්භයෙන් එනවා මේ පැත්තෙ push එකක් එනවා, කෑලි දෙකක් එක්ක. එතකොට සාරම්භය කියනකොට මතක තියාගන්න ඒ කතාව සම්බන්ධයි උද්ධච්චයත් එක්ක. මේ පැත්තෙ අර jack එක ගහනවා නේ, මේ පැත්තෙ කරකවනවා කියන එක තියෙනවා නේ. එතකොට ඒක දැන් සාරම්භයෙ කතාවෙදි මම මේ සමාධි කුලය හරි මම මේක අල්ලගෙන ඉඳීමක් තියෙනවා කියන එක තියෙනවා.
දැන් මට මේක මේ හතරැස් කොටුව, අටපට්ටම නොවෙයි අර frame එක, ඒක මට තේරුණාට පස්සෙ, දැන් මට තේරෙනවා අර කලින් ඒක කරලා තියෙනවා මේ ධර්මය පරාමාසයයි, ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි, මේ පැත්තෙන් තියෙනවා භයෙන් අගතියට යන එකයි සහ මෝහයෙන් අගතියට යන එකයි. මෙතන මේ කොටුව මේ සංස්කාර. සාරම්භය අයිති වෙන්නේ මෙන්න මේ කෑල්ලට. මෙතනින් මේ පැත්තට තියෙන කෑල්ලට තමයි සාරම්භය තියෙන්නෙ. දැන් සැකය තියෙන්නේ පල්ලෙහා එකට. දැන් සාරම්භයෙන් එහෙම නම් මම දැන් යනවා පරාමාසයට. පරාමාසයට යන්නෙ මොකද මෙතන සංස්කාරවලින් එහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙතන තියෙන මේ සංස්කාරයට අර නිත්‍යයි කියලා අගයක් දෙනවා. දැන් මගේ මේ ථීනමිද්ධ පාරෙන් තමයි ගිහිල්ලා මේක ඇවිල්ලා තියෙන්නේ. ථීනමිද්ධය කියන එක contribute කරනවා. මට ථීනමිද්ධයයි, කුක්කුච්චයයි contribute කරලා තමයි මේ සැකය කතාවට එන්නේ. මේ සංස්කාර මැද්දට ඉන්නේ.
එතකොට මෙතනින් මේ සාරම්භයෙන් මම යනවා පරාමාසයට. සාරම්භයෙන් පරාමාසයට ගියායින් පස්සෙ, දැන් අපිට පේනවා එහෙම නම් පරාමාසයට ගියායින් පස්සේ ඒකෙ පල්ලෙහාට බැහැලා මම ද්වේෂයෙන් අගතියට යනවා. ඒක සම්බන්ධ වෙනවා, ද්වේෂයෙන් අගතියට ගියහම අනිත් පැත්තට සම්බන්ධ වෙනවා අභිජ්ඣා කාය ග්‍රන්ථය පැත්තට සම්බන්ධයකුත් තියෙනවා මේකෙ. එතකොට එහෙන් මේක push කරනවා කියන එක, ඒ වටේ කැරකෙනවා කියන එක එනවා.
මෙතන පේනවා මෙන්න මෙහෙම තියෙන තැනින් මේ සාරම්භයෙන් මම පරාමාසයට මේකෙ යනකොට, ද්වේෂයෙන් මම ද්වේෂ අගතියට ගමන් කරනවා. අර කෑලි දෙක අර stick එක මෙහෙම තියන stick එක මෙහෙම වෙනවා කියන එක පේනවා. මතක ද අපි අර එහෙම ධර්මයක් කලිනුත් දැකලා තියෙනවා නේ අර ලාභයයි කියලා ගත්තට පස්සේ අශ්‍රද්ධාවෙන් උද්ධච්චයට යන stick එක තියෙන්නෙ ඒ වගේ, මෙතනත් stick එකක් ඇති වෙනවා. මෙතන තියෙන සාරම්භයෙන් මම යම්කිසි විදිහකට මේක පරාමාසයට push කරනකොට මම එහෙම නම් ද්වේෂයෙන් ද්වේෂ අගති ගමනට යනවා කියන එක.
ඒ කියන්නේ මේ, කෙටියෙන් ම කියනවා නම් මෙතන මේ අර්ථය මේ වේදනාවකට අපි කොහොම ද react කරන්නේ කියන එක තමයි. වේදනාවකට අපි කොයි තරම්, මේ මදුරුවෙක් කෑවා කියන එකට අපි කොච්චර දෙයක් තියෙනව ද? අසතියේ තියෙනවා ඊයෙත් කෑවා මාව, අදත් මේක වෙන්න පුළුවන්, කියන කතාවත් එක්ක. ඒ කියන්නේ මේ මගේ ය කියලා ගත්ත කතාවත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නයක් තමයි. මේ මේ කය අතහැරලා නම්, මේකට react කරන්නේ නැහැ නේ. ඊයේ කෑවයි කියලා එකක් මතක තියාගෙන ඉන්නෙත් නැහැ. ඊයෙත් මගේ ශරීරය කෑවයි කියල නේ කතාව තියෙන්නෙ, නේ ද?
දැන් එතකොට අදත් අසතියෙන් ඔන්න මගේ ශරීරය කනවා කියන එක තමයි. එතකොට වේදනාවකට react කරන එක මේ සාරම්භය මේකෙ වැදගත් ම කෑල්ල තමයි, අර සාරම්භයෙ ඉඳන් පරාමාසයට යනකොට ද්වේෂයේ ඉඳන් ද්වේෂ අගතියට යනවා කියන කෑල්ල තේරෙනවා. ඒක තමයි මම භාවනාවට කළේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්