අද භාවනාවට මම ගත්තේ, මට මෝහයෙන් පටන් ගන්න කියලා කිව්වා. ඒ බුදුපියවරු මෙනෙහි කළාට පස්සේ මෝහයෙන් පටන් ගන්න කියලා කිව්වා. එතකොට මම, මෝහයට එන්න පුළුවන් විධි දැන් අපි කීපයක් දන්නව නේ. එතකොට එකක් තමයි අර අපි බලනවා තුන් වෙනි පාර ලෝභ දෝස මෝහ භාවනාවේ තුන් වෙනි පාර දිගේ පහළට එනවා කියන එක. ඒ වගේ ම අපි දන්නවා අර මිද්ධය සහිත සඤ්ඤාව මම ගත්තොතින් මගේ ය කියලා කෙළින් ම අර 1-3 මෝහයට යනවා. ඉතින් දැන් මට මේක, මේ දෙක එකට එක්කහු වුණා. ඒ කියන්නේ අර මනාප අමනාප වූ අරමුණ, ඊට පස්සේ අපිට තියෙනවා ඒ සුඛ වේදනීය වූ ස්පර්ශය. ඒ කියන්නේ මෙතන තියෙනවා අපිට අදුක්ඛමසුඛ වේදනීය වූ ස්පර්ශය. ඊළඟට තියෙනවා අදුක්ඛමසුඛ වේදනාව.
එතකොට මේ තුන ageing diagram එකේ මේ තුන එකට එනවා. ඊට පස්සේ ඒ තුන නිසා අපි දන්නවා මේ අවස්ථාව වෙනකොට අපි අර මෝහ සහගත අවස්ථාව නිසා, ඒ කියන්නේ දෙවැනි පාරේ අපි ගිහිල්ලා ඉවරයි. ද්වේෂය පාරේ ගිහිල්ලා ඉවරයි. ථීනමිද්ධය වෙලා ඉවරයි. එතකොට අපි දන්නවා ථීනමිද්ධය කියන එක තියෙන්න නම් අර වේදනාවයි, ස්පර්ශයයි වේදනාවයි අතර දැන් මේක වෙලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මිද්ධය ඇති වෙලා. එතකොට මිද්ධය තියෙන තැන දන්නව නේ ඔයගොල්ලෝ. මිද්ධය තියෙන තැන 1-3 වලට යනවා කියන එක. දැන් මෙතන මට මේ තුන සම්බන්ධ වෙලා දැන් ඔන්න එහෙනම් දෙවෙනි පාරේ ගිහිල්ලා ද්වේෂ වෙලා ඉවරයි කියන එක මට ඇවිල්ලා තියෙනවා දැන්. මෙතනින් දැන් මිද්ධයට ගිහිල්ලා.
මිද්ධයට පොඩ්ඩක් එහා පැත්තේ තමයි ඔය නාමරූපය අර cross වෙන තැන තියෙන්නෙ. එතකොට දැන් එහෙම නම් මේ මිද්ධ සහගතව තමයි මේ නාමරූප කතාව ඔක්කොම තියෙන්නෙ. දැන් මෙතන මේ මෝහයට යනවා කියන එක එතන ආවට පස්සේ මං කල්පනා කළා, මට ඇහුණා ඇත්තෙන් ම කියනවා නම් “මේ දුක කෙළවර වන්නේ නිර්වාණයෙන්” කියන එක. එතකොට මේ මිද්ධය සහගත එක අරගන්නේ මතක ද අපි ආයතන භාවනාවේ ගන්නේ. මිද්ධය සහගත සඤ්ඤාව මගේ කියලා අරගෙන තමයි අපිට මේ මෝහයට ගිහිල්ලා තියෙන්නෙ. එතකොට මෙන්න මේ මෝහය, මේ දුක්ඛය කියන එක කෙළවර වන්නේ කවදා හරි නිර්වාණය කියන එක ආවා ම. ඒ නිර්වාණය කියන එක ආවට පස්සෙ මට අර ඊයේ භාවනාවත් එක්ක connect වුණා. එතන දැන් කිව්ව නේ ඉස්සෙල්ලා ද්වේෂ පාරේ ගිහිල්ලා තියෙන්නෙ කියලා. එතන ශ්‍රද්ධාව තියෙනවා නම් නිර්වාණය කියන එක ගැන, මේක ඇති වෙන්නේ නෑ. එතකොට අර ඊයේ භාවනාවේ කොන් හතර මතකයි නේ. එතකොට මේ පැත්තෙන් අසතිය අසම්පජානය. මේ පැත්තෙන් ද්වේෂය. මේ පැත්තෙන් අර ශ්‍රද්ධාව කියන එක නැතිකම තියෙනවා. මේ පැත්තෙන් අර competition එක, සාරම්භය කියන එක.
දැන් මේක නිසා දැන් අපිට පේනවා. මේක කරකවනවා අර competition එක නිසා අර රැල්ල අපි හදනවා. මේ පැත්තෙන් රැල්ල හදන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මිද්ධ සහගත අවස්ථාවේ දීත් අපි මේ competition එකෙන් මේක නැවත නැවතත් කරකව කරකවා හදනවා කියන එක ඒ රැල්ල ආවා මට. ඒක ආවට පස්සෙ මට පෙනුණා මෙතන උඩ තියෙන්නෙ මිද්ධය මේ යට තියෙන්නේ අර sickness එක, ව්‍යාධිය කියන එක. අපි කිව්වේ සාරම්භයයි ඒක එක line එකේ නේ තියෙන්නෙ. ඒ කියන්නේ ද්වේෂයයි, අපි ව්‍යාධියයි. ඊළඟට මේ පැත්තෙන් තියෙන්නෙ සාරම්භයයි එක line එකේ තියෙන්නෙ. දැන් මෙතන මම ගන්නවා ඒ ව්‍යාධිය තියෙන තැන. ඒ ව්‍යාධියයි උඩ තියෙන මිද්ධයයි මේ පැත්තෙන් අර කොසජ්ජයයි ඕකත් අර පයිප්ප line එක වගේ එකට සම්බන්ධ වෙලා තියෙනවා නේ. එතකොට මේ මැද්දේ තියෙන්නෙ මෙන්න මේ කෑල්ල.
එතකොට මට මේක පේනවා, මේක පෙර, මිද්ධය පෙර. ඊට පස්සේ කරලා ආවට පස්සෙ මෙතන පසු එක. ඒ කියන්නේ ව්‍යාධිය කියන එක පසුව වෙලා තියෙන්නේ කියන එක. එතකොට මේකේ මැද හරිය තියෙනවා කොසජ්ජය. පරාමාසයට යන්නේ ඒකයි දැන්. පෙර පසු කියලා ඒ තුන් කාලයට ම මට පේනවා, වර්තමානය මෙහෙමයි පරාමාසය දැන් අර, ඕක නේ ඇදෙන්නේ ඔය මේක ඇතුළට ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට මෙන්න මේ වගේ ඒක ඇදෙනවා. පරාමාසයට තියෙනවා මේක ඒ පරාමාසයෙ තිබෙන ස්වභාවයෙන් ම මේක ඇදෙනවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට. එතකොට පෙර එකක් තියෙනවා. මැද එකක් තියෙනවා. මේ පැත්තෙ එකක් තියෙනවා. මේ තුනයි තියෙන්නේ. එතකොට මේක වටේට තමයි අර රැල්ල generate කරගෙන යන්නේ.
එතකොට මේක වටේට මේ රැල්ල generate කරගෙන යනවා කියන එක ඒ තමන්ට පේනකොට එතනදි මට ආවා, මට ඇහුණා එතෙන්දි සතිය ප්‍රඥාව සමාධිය කියන එක. සතියයි, සමාධියයි, ප්රඥාවයි තියෙනවා නම් මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මැද්දේ තියෙන අර බලන්න දැන් සමාධිය කියන්නේ අර 10 තියන තැන ඉඳන් මේ පැත්තට ගිහිල්ලා තියෙන එක නේ ද? මේ අපේ ඥාන පථයේ ඒක නේ තියෙන්නෙ.
එතකොට පල්ලෙහා සමාධිය, මෙතන සතිය, මේ පැත්තෙ තියෙනවා ප්‍රඥාව. මේක මැද්දෙන් තමයි මේ කූර තියෙන්නේ. අර sickness එක කියන කූර තියෙන්නේ මේක මැද්දේ. එතකොට දැන් මට හරි ලස්සනට පේනවා මේ පැත්තෙන් සතිය තියෙනවා නම්, මේ පෙර පසු ඔක්කොම තියෙන්නෙ මිද්ධයයි කියලා කෙනෙක් මේක ගන්නෙ නැහැ. ප්‍රඥාව තියෙනවා නම් මේකෙ සමුදය කියන එක මෙයා දන්නවා. මේ ඇති වෙනවා නම් ඇති වෙන්නේ රෝගයක් කියන එක පේනවා. පෙරත් රෝගයක් දැනුත් රෝගයක් පස්සෙත් රෝගයක් කියන එක මෙයා ප්‍රඥාවෙන් දකිනවා. සමාධිය තියෙනවා. ඒ කියන්නේ චෙතො විමුක්තියෙන් මෙයා ඉන්නවා. මේක එකක්වත් මම ගන්නේ නැතිව, අර නිවනට යොමු කරලා තියෙනවා.
එතකොට මේ අර විමුක්තීන් ඔක්කොම පත්තු වෙලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. මෙතන මේ අර faculties ටික ඒ තුන හොඳට පවතිනවා නම් ඉතින් එතන එහෙම නම් නිවන. මේ භාවනාවේ නම තමයි නිවන, නිර්වාණය කියන එක.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්