Date: 12/11/2013 Name: රූපරාග භාවනා

බුදු පියවරුන් සිහි කළා. ඒ බුදු පියවරුන් සිහි කළේ, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 කගෙන් බණ අහලා තියෙනවා. පළවන ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ. ඒ විදිහට අනුපිළිවෙළින් ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා. සිහි කරලා මට කිව්වා පංචනීවරණවලින් පටන් ගන්න කියලා.

එතකොට ඒ කාමච්ඡන්දය කියන එක බැලුවා. ඒ කාමච්ඡන්දය කියන එක ඇති වුණා නම් අපි දන්නවා අර පලාසය තියන කොටුව දක්වා අපි ගමන් කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා දක්වා ඒ කොටුව දක්වා යනවා. එතකොට මේ කාමච්ඡන්දය කියන එක ඔයගොල්ලෝ දන්නවා මේ දෝමනස්සය කියන එක fix කරන්න‌ නේ අපි හදන්නේ. එතෙන්ටයි ගිහින් තියෙන්නෙ.

එතකොට මේ කාමච්ඡන්දය කියන එක ඇති වෙච්ච අවස්ථාවෙදි අපි සුභයි කියලා, අර අසුභයේ සුභයි කියන විපල්ලාසය එතකොට අර පළවෙනි කාරණය ස්පර්ශය මගින් එතන ගහනවා සුභයි කියන එක. එතකොට එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මේ සඤ්ඤාවේ සුභයි කියන එක ඇති කළා මේ විදිහට. ඔය සඤ්ඤාවේ සුභයි කියන එක ඇති කළාට පස්සේ අපි එනවා අර නාමරූප කියන කොටසට. නාමරූප කියන කොටස ඔයගොල්ලෝ දන්නවා මෙතන තියෙන්නේ සඤ්ඤාව, මේ පැත්තෙන් චේතනාව. පල්ලෙහායින් තියෙනවා වේදනාව. මෙතන තියෙනවා පරාමාසය. එතකොට මෙතන මේ කොටස තමයි අපි නාමරූපයි කියලා කියන්නේ.

එතකොට මෙන්න මෙතන මේ නාමරූප සහිතව මෙතන තියෙන එක. දැන් මෙතනින් අපි jack එකක් ගහනවා නේ සුඛයි කියලා යන්න. දැන් මේක වෙන හැටි හොඳට පරිස්සමෙන් බලන්න. පරිස්සමින් බැලුවොත් පේනවා මෙතන පළවෙනි කාරණය අපි දැන් සුභයි කියලා සඤ්ඤාවක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ පැත්තෙ ඉඳන් මෙතෙන්ට මේ කෑල්ලෙ තියෙනවා අර එක හැටියට ගන්න සුභයි කියපු සඤ්ඤාව. එතකොට ඒක සුභයි කියන සඤ්ඤාව. අර දකුණු පැත්තෙන් අර අපි දන්නව නේ සුභයි කියපු එක නේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට ගිහිල්ලා තියෙන්නෙ. ඒ පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නෙ. දැන් මේකට එකතු වෙලා තියෙනවා දෙවැනි කාරණය වේදනාවේ ඉඳන් නාමරූප කොටසට එන්න සුඛයි කියන කතාව. ඒක දෙක හැටියට ගන්න. අරක එක. මේක දෙක.

දැන් මේ සුඛය කියන එක ආවට පස්සෙ, දැන් මොකද වෙන්නේ ඒ සුඛය යනවා පරාමාසයට. පරාමාසයෙන් මෙතන අගයක් දුන්නා අත්තා කියලා. අත්තා සඤ්ඤාව සුඛ සඤ්ඤාවට එකතු කළා. හැබැයි සත්‍ය වශයෙන් ම තියෙන්නේ දුක්ඛය. අපි දන්නවා පළවෙනි පාරේ උත්තරය දුක්ඛය. හැබැයි සුඛයි කියලා මේකට එකතු කළා. දැන් අත්තා සඤ්ඤාව ආවා. මෙතැනින් එනවා දැන් එහෙනම් මෙතන භයෙන් අගතිය, මෙතන වේදනාව මේක හරහා කෙළින් ම යනවා රූපයට.

දැන් එතකොට මෙතෙන්දි වෙන්නේ මොකක් ද? එහෙම නම් මම දැන් රූපයට එකතු කරනවා සුඛයි කියන එක. ඇයි මම ආවේ සුඛය ඉඳන් පරාමාසයට. පරාමාසයෙන් මේක අත්තා කියලා ගත්තා. මේ උඩ පාරේ ඉඳන් ආවා. මගේ කියලා ආවා. දැන් සුඛයට මම එකතු කළා, මේ සුඛය කියන එක එකතු කළා. මම මෙතනින් පල්ලෙහාට ආවා නම් දිට්ඨි අනුසය කියලා කියන්නේ කෙළින් ම ගිහිල්ලා වදින්නේ රූපයට. ඒක දික් කළා නම් රූපයටයි වදින්නේ.

එහෙම නම් මම දැන් රූපයට එකතු කරලා තියෙනවා සුඛයි කියන එක. හරි. ඉස්සෙල්ලා සුභ වෙච්ච දෙයක් දැන් සුඛය කියන එක දැන් මම එකතු කරලා තියෙනවා. එතකොට මේ වෙලාවෙදි මට මේක හරි වටිනවා. මේ වෙලාවෙදි මට ආවා මේක නේ ද මේ රූපයේ රාගය වෙන්නේ කියලා. එතකොට රහතන් වහන්සේ ඉඳන් කිව්වා “ඒක ම යි කියලා නොකියමි” කියලා.

එතකොට එතනින් පල්ලෙහාට ආවායින් පස්සෙ අවිද්‍යා ආශ්‍රවය නිසා කාම ආශ්‍රවයට එනව නේ. අර නන්දියත් භුක්ති විඳින්න එපා ය. ඒ භුක්ති විඳගෙන ආවයින් පස්සේ තමයි ඔන්න අර රූපයේ රාගය වෙලා තියෙන්නෙ. හරි නේ සංකප්ප රාගො පුරිසස්ස කාමො කියනවා වගේ, මෙතන රූපයේ රාගය වෙන්න නම් මෙතනින් දිට්ඨි ආශ්‍රවයෙන් මෙතන ඇවිල්ලා, දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය උණාට පස්සේ අපි දන්නවා ධම්මමච්ඡරිය හරහා අපිට චේතනාව වෙනව නේ. අන්න ඒ ප්‍රමාණයට වෙනකොට තමයි රූපයේ රාගය කියන එක දැන් තියෙන්නෙ.

දැන් අපි අර ඒ කියන්නේ මේ මම රූපයට එකතු කළා අර සුඛයි කියන එක. ඉස්සෙල්ලා තිබුණේ මට සුභයි කියන එක විතරයි. මේක සුඛයි කියන එක එකතු කළාට පස්සෙ මට දැන් තියෙනවා රූපයේ රාගය. දැන් ඊට පස්සේ දැන් මට එනවා දැන් එහෙම නම් ටිකක් වෙලා මම ඔතන හිටියා අකනිට්ඨාවත් අල්ලගෙන හිටියා. ඉඳලා ඊට පස්සේ මං කල්පනා කළා දැන් මෙතන අරූපයේ රාගයකුත් තියෙනවා නේ. අරූප රාගය කියලා කියන්නේ මොකක් ද කියන එක. අරූප රාගය වෙන්න නම් ඔයගොල්ලෝ අර රූපයේ කතාව මකන්න. ඒ පැත්ත eraser එකකින් erase කරලා දාන්න. ඒ වගේ erase කරලා දැම්මට පස්සේ දැන් තමන්ට තියෙනවා අර අරූපයේ රාගය.

ඒක හරියට අපි හිතමු වතුර ටිකක් තියෙනවා. හැබැයි මේ වතුර මඩ වතුරයි කියලා ඔයගොල්ලො දකිනවා. මඩ වතුරයි කියලා දැක්කට පස්සේ ඔයගොල්ලන් ගමනක් යනවා නම් මේ මඩ වතුර ටික බාධාවක්. මේක බාධාවක්. එහෙම නම් කල්පනා කරනවා, මම මේ මඩ වතුර කියන එක නැත්නම් මට හොඳයි. මොකද එතකොට මෙතැනින් කරදරයක් නැතුව යන්න පුළුවන්. අන්න ඒ අර්ථය තමයි තියෙන්නේ. මේක මේ රූපයේ රාගය කියන එක. ඒ කෑල්ල මකලා දැම්මා ම දැන් මට තියෙනවා අරූප රාගය කියන එක.

එතකොට ඒක තමයි භාවනාව. බොහොම ලස්සනයි ඒක. රූප රාගය කියන එක තේරුම් ගත්ත කියන එක. මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියේ නෑ නේ. මේක අර්ථ දක්වන්නේ කොහොම ද කියන එක.