එතකොට මම ඒ උතුම් බුදුපියවරු සිහි කළේ, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින්නා වූ උත්තරීතර ම පළවන බුදුපියාණන් වහන්සේ. ඒ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ඒ දෙවෙනි බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම, ඉතින් තුන් වෙනි වන බුදුපියාණන් වහන්සේ ඒ ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා මෙනෙහි කළා. මෙනෙහි කරලා මම, මට කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි, කිව්වම එතනින් පටන් ගන්න කියලා.
එතකොට මම එතෙන්දි ගත්තා අර පළවෙනි පාර ලෝභයට ඇති වන එක. සුඛ වේදනීය වූ ස්පර්ශය. මනාප අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව රූපයත් එක්ක. ඒක ගත්තහම ඉතින් මට එනවා මේක තියෙනවා නම් ඉතින් මේකත් එක්ක ද්වේෂය කියන එක ඇති වෙනවා. දෙවෙනි පාරත් ඇති වෙනවා. මේකත් එක්ක තුන් වෙනි පාරත් ඇති වෙනවා. එතකොට මෙතනින් ඇවිල්ලා අර කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ කියන එක තියෙනවා නේ. මේ තුන තමයි මෙතන ඇති වෙන්නේ කියන එක ඇවිල්ලා අර ලෝභ දෝස මෝහ diagram එකේ මෙතනින් පටන් ගත්තහම මෙතෙන්ට එනකල් ම එනවා කියන එක ආවා.
ඒ සම්බන්ධතාවය වැටහුණහම, ඒකත් එක්ක මම ඊළඟට බැලුවා ඔය එහා කෙළවරේ දැන් අපි දන්නව නේ සුභයි, සුඛයි, අත්තා, නිත්‍ය කියලා ඇවිල්ලා නේ තියෙන්නෙ. ඒ කෙළවරේ මේ තුන් දෙනෙක් ඉන්නවා. Jack ගහන. එක්කෙනෙක් තමයි ථීනමිද්ධයෙන් අත්තා ඉඳන් නිත්‍යට යන්න ගහනවා. ඊළඟට තියෙනවා මේ මානයෙන් ගහන එක. ඊළඟට තියෙනවා අවිද්‍යාවෙන් ගහනවා කියන එක. එතකොට අවිද්‍යාවෙන් උඩට උස්සනවා කියන එක ගත්තහම මෙතන මම කල්පනා කරනවා, මෙතෙන්දි උද්ධච්චය තමයි මෙතෙන්ට ගන්න ඕනි කියලා. අවිද්‍යාව කතාව ගත්තහම උද්ධච්චය, මොකද දන්නව නේ අපි අර ආකාසානඤ්චායතන කියන එක වාගේ එකකට තිබෙන ඇල්ම අඩු කරන්නේ නැති එක නේ අවිද්‍යා අනුසය කියලා කියන්නේ. පහ කරන්නේ නැති එක නේ. එතකොට එතන ආකාසානඤ්චායතන කිව්වම ඉතින් ඒ කියන්නේ තමන්ට සමාධියක් අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ ඉතින් උද්ධච්චය. එතන ඒක ඇලුම් කටයුතු ආලම්බනයෙන් ඉන්නවා කියන එක නේ. එතකොට එතන ගත්තහම මෙතන ථීනමිද්ධය, මෙතන උද්ධච්ච කියලා එනවා. එතකොට මැද්දෙන් තියෙන්නෙ අර මාන්නයේ කතාව. එතකොට දැන් ඒ කියන්නේ උද්ධච්චය අර උඩටත් ගහනවා, මේ පැත්තටත් ගහනවා දෙපැත්තට ම තියෙනවා.
දැන් මට ඒ පාර කල්පනා වුණා, මේ ධර්ම කාරණා තුන වගේ ම තව ධර්ම කාරණා තුනක් මේ පල්ලෙහායින් තියෙන්න ඕන. එතකොට ඔය කාරණා තුන මොකක් ද කියලා බලනකොට ඉතින් මට පේනවා එකක් තමයි සැකය. සැකය කියන එක ථීනමිද්ධය නිසා හටගන්නවා. එතකොට මං ඒක ථීනමිද්ධයයි කුක්කුච්චයයි දෙක බලපාන්න ඕන. එතකොට දැන් එහෙනම් ථීනමිද්ධයට තමයි මම priority එක දෙන්නෙ. එතන මම කියනවා මේ සැකය කියන එක ථීනමිද්ධය උඩයි ඇති වෙන්නේ කියලා.
ඊළඟට මට ටිකක් ඔය විමසගෙන ඕක හරියට ගැඹුරට විමසනවා. විමසනකොට මට පේනවා, මේ උද්ධච්චය නිසා තමයි සාරම්භය කියන එක තියෙන්නෙ. එතැන මට ටිකක් වෙහෙසුණා. මේ මොකද ඒ ඒකේ අර මැද්දේ තිබෙන්නා වූ අර දුස්සීලභාවය නිසාත් ඕක වෙනවා නේ. එතකොට දැන් කොයි එක ද කියන එක හරියට මේවා වෙනකොට ඉතින් මට උදව්වකුත් ලැබුණා. අර ඒ මං උද්ධච්චයෙන් මේක වෙනවා කියන එක තමයි සාරම්භය කියන එක තමයි හොඳ කියන එක, හරි කියන එක.
ඒ පාර උද්ධච්චයෙන් සාරම්භය කියලා එතන ඒ කෑල්ල ගත්තා. එතකොට උද්ධච්චයෙන් සාරම්භය ගත්තහම ථීනමිද්ධය ඉඳන් සැකය. උද්ධච්චයෙන් මෙතන සාරම්භය ඇති වෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මැද්දේ තියෙන්නා වූ මාන්නය. මාන්නය කියන එකට තමයි මෙතන දුස්සීලභාවය කියන එක. කාමච්ඡන්දය නිසා දුස්සීලභාවය. දුස්සීලභාවය නිසා අතන මාන්නය කියන එක. අර තපස්සි බුදුසීයා පෙන්නපු ධර්මය තියෙනවා නේ. මාන්නයෙන් මේ පැත්තට යනවා කියන එක. ඔන්න ඔය කෑලි තුන බොහොම ගැඹුරට මෙතෙන්දි හරියට සමාධියකින් බොහොම හොඳයි. මේ තුනත් එක්ක මේ තුන සම්බන්ධ වෙනවා කියන එක කල්පනා කළහම.
ඉතින් ඊට පස්සේ දැන් ගොඩාක් දේවල් ඔය මට, ඔය රූප එහෙම හරියට පේන්න ගත්තා. මං ඒ සමාධියෙන් ම යි හිටියේ. මෙහෙම පෙනිලා ඊට පස්සේ දැන් මෙතන මේ ඒ ඇතියි කිව්වම මට හොඳ ලස්සනට තේරුණා මම මේ උඩ ඉඳන් මෙතෙන්ට එනවා කියන එක. ඒ මේක මට හොඳට පැහැදිලිව පේනවා. දැන් මං මෙතන නෙවෙයි ඉන්නෙ. අතනින් ඈත ඉඳන් අර මේවා ඔක්කොම පේනවා මට.
ඕක අතරේ මම දැක්කා ඔය මේ කුඩා සතෙක්ව ටිකක් ලොකු සතෙක් ගිල ගන්නවා. එතකොට මට ඒ අවස්ථාවේ දී මට ඒ කල්පනා වුණා ඉබ්බාගේ කතාව. ඉබ්බා කියන කෙනා රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ නේ.
එතකොට මේක විසින් සතෙක්ව ගිල ගන්නවා වගේ අපිව ගිල ගන්නවා කියන එක, ඒවත් මට ආවා. ඒවා ඔක්කොම දැකලා අන්තිමට මට ලස්සනට පැහැදිලිව පේනවා, අර ඇතියි කිව්වම මම අරහෙ ඉඳන් බ්රූස් ගාලා මේ කාමරේට ඇදිලා ආවා කියන එක. බොහොම හොඳයි අද භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්