එතකොට මම ඒ උතුම් බුදුපියවරු සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියා ලෝකයේ ශ්‍රේෂ්ඨතම පළවන බුදුපියා වශයෙන්, බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා. ඊළඟට දෙවෙනි බුදුපියා බුදුවරු 2100 නමකින් බණ අහලා ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ. තුන් වෙනුවට ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 1287 නමකින් බණ අහලා ලෝකයේ ශ්‍රේෂ්ඨතම තුන් වන බුදුපියා වශයෙන් අනුපිළිවෙළින් සිහි කළා. සහම්පති බුදුපියා බුදුවරු දෙනමකින් බණ අහලා ඉන්න දාහතර වෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන් සිහි කළා.
ඉතින් මෙහෙම සිහි කරලා ඉවර වෙලා මට මම පන්සිල් ගන්නකොට, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, පංචනීවරණ යටපත් කරමි කියන භාවනාවෙන් පටන් ගන්න කිව්වා. ඒ පාර මම කාමච්ඡන්දය කියන එක මෙනෙහි කළහම ඉතින් මට එක එක ආකාරයෙන් පේනවා. ඉතින් කාමච්ඡන්දය කිව්වම ඉතින් අර photocopy machine එක, මේකට වඩා මේක හොඳයි කියන එක compare කරලා එතන ඇති වන එක. ඉතින් අන්තිමට දෝමනස්සය තමයි මේකෙ ඇති වෙන්නේ. දෝමනස්සය නිසා තමයි ආපහු මේක නැවත නැවතත් හිත පිහිටනවා කියන එක. එතනින් මට දැන් එනවා කාමච්ඡන්දය නිසා ව්‍යාපාදය, ව්‍යාපාදය නිසා විවිධ ආකාර වූ උදාහරණවලින් එනවා.
එතකොට ඊළඟට විහිංසාව. ඒ තුන් ආකාරයට දැන් මම බලනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, විහිංසාව කියලා. එතකොට අර ලෝභ දෝස මෝහ diagram එකේ කතාව නේ ඔය එන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසාව. ඉතින් මේක නිසා ඉතින් ඔන්න ඒ පාර එනවා ඒවා ඇති වුණායින් පස්සේ ඉතින් අර දැවීම කියන ඒවා තියෙනවා නේ. ඉතින් මේ රාගයෙන් දැවීම, ද්වේෂයෙන් දැවීම, මෝහයෙන් දැවීම කියන දැවීම් කියන ඒවා ඇති වෙනවා කියලා. එතකොට ඉතින් ඒ පාර අර අනිත් diagram එකේ රාගයෙන් දැවෙන belt එකයි, ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා කියන මේ තුන ආවා. ඉතින් මේ තුන හොඳට උදාහරණත් එක්ක එනවා.
ඉතින් මෙහෙම ආවට පස්සෙ මම මේ කල්පනා කළා, මේවා ටික ඉතින් රාගයටවත්, ද්වේෂයටවත්, මෝහයටවත් හෙල්ලෙන්නේ නැති නම් ඉතින් එහෙම නම් මේක හොඳයි කියන එක. ඒ කියන්නේ උපසමාධිට්ඨානය කියන එක ගැන මම මෙනෙහි කළා. එතකොට හෙල්ලෙන්නේ නැතුව මම ඉන්නවා කියන එක. ඉතින් ඕක එහෙම මම ගන්නකොට රාග ද්වේෂ මෝහයට මම ඇලෙන්නේ නැතැයි කියන එක. මම පොඩ්ඩක් ධර්මය මෙනෙහි කරනකොට මට ඉතින් ඔය රූපයන්හෙම හරියට පේන්න ගත්තා. ඒ එකකටවත් ඉතින් ඒ දැක්කයි කියලා ඒක වෙනස් වෙන්නෙ නැතුව ඒක පවතිනවා.
ඉතින් මට දැන් එතෙන්දි එනවා මේ රාග දෝෂ මෝහ උපසමය කියන එක ඇති වෙන්න නම් ඉතින් අර ඕක දැන් ඒකෙන් නසන්නේ ඕඝය කියන එක නේ. අවිද්‍යා ඕඝය එහෙම නේ. එතකොට මෙතන මේ ඕඝයන් කියන ඒවා ඒ මෙතන මේ උපසමාධිට්ඨානය හෙම පවතිනකොට අවිද්‍යා ඕඝය කියලා කිව්වම ඉතින් මේ අපි ඔය සමාධීන් ඒ කියන්නේ අනුසය ධර්මය කියන එක තියෙනවා නම් නේ මෙතන මේ ඔය විදිහට අපි move වෙන්නේ. ප්‍රවාහය කියන එක. ඕඝය flood එක කියන එක නේ. එතකොට මේක move වෙනවා නම්, ඒ කියන්නේ ඉතින් අර අනුසය කියන එක පහ කරන්නේ නැති නිසා ය කියලා.
ඒ පාර දැන් මට මේක අර අනුසයත් එක්ක භාවනාවත් ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මට එනවා මේ අර රාග අනුසය, මේ ඒ කියන්නේ පටිඝානුසය, අවිද්‍යා අනුසය ඔක්කොම අනුසය ධර්මයන්ගෙන්, දිට්ඨි අනුසය, ඊළඟට ගත්තහම කාමරාග අනුසය මේවා ඔක්කොගෙන් ම අර අතෙන්ට ගිහිල්ලා වදිනවා කියන එක තියෙනවා නේ. අන්න ඒක නිසා තමයි මේක දැන් හෙල්ලෙන්නේ. මේක නිසා ප්‍රවාහයක් ඇති වෙනවා. හෙල්ලීමක් ඇති වෙනවා.
එතකොට මේක මෙහෙම නැති නම් ඒක නිකන් මේක ගැන එහෙම හැඟීමක් එනකොට ම ඉතින් තමන් නිරෝධයට ම යනවා. ඉතින් ඔය විදිහට ඒ කියන්නේ මේකේ blanks තියෙනවා. භාවනාව හරියට තැන් තැන්වල තියෙනවා blanks.
ඉතින් රහතන් වහන්සේ මට අන්තිමට කිව්වා ඉතින් මේ ඇති ය කියලා දැන් හතළිස් පාරකට වැඩිය නිරෝධයට ගියා ය කියලා ඒ භාවනාව ඇතුළත. එළියට එනවා. බොහොම light වට මේ භාවනාව කළේ. Calmness එකෙන් මේක කෙරෙනවා. නිරෝධයට යනවා කියලා හිතෙනවා නොවෙයි. මේක ගැන හිතනකොට මෙහෙම නිසයි මේක හෙල්ලෙන්නේ කියලා එහෙම ම නිරෝධයට යනවා. ඒ විදිහට තමයි මේ භාවනාව කළේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්