උතුම් බුදු පියවරුන් සිහි කළා, මම මේ ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන් මේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, ඒ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා. මට ඒක ගැන සැකයක් නැහැ. මට ශ්‍රද්ධාව ඇත. නිර්වාණයෙන් පිටත වූ දෙයක් ගත්ත පුද්ගලයාට තමයි මේක තියෙන්නෙ කියලා, ඒ බුදුපියවරු දාහතර නම සිහි කළා පාළොස් නම සිහි කළා. සිහි කරලා ඒ ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් වඩමියි කියන තැනින් පටන් ගන්න කියලා කිව්වා.
එතකොට මං ඔය විරිය කියන එක, විරියො ච ඡන්දො, ඡන්දො ච චිත්තො, චිත්තො විමංසා කියලා ඒ විදිහට බැලුවා. අර ඒක නිසා මදය මානය ඊර්ෂ්‍යාව කියන එක කිරීම නැති වෙනවා කියන අර්ථය කල්පනා කළා. එතකොට දැන් ඔය විරිය කියන එක භාවිතා කළහම නෙක්ඛම්මය අව්‍යාපාදය අවිහිංසාව මේ තුන් විරිය එනවා. ඒක නිසා අර ඡන්දය කියන එක අතන තියෙනවා. ඡන්දයේ ඉඳන් අපි චිත්තයට එනව නේ. චිත්තයට එනවා කියන එකේ මට හොඳට පැහැදිලි උණා, මේ චිත්ත සමාධිය කියන එක පවතින්නෙ නැහැ, විමංසාව නැත්නම්. චිත්ත සමාධිය පවතින්න නම් විමංසාවෙන් බලලා approval එකක් තියෙන්න ඕනි මේ මුසාවාද පරුෂා වාචා පිසුණා වාචා සම්පප්‍රලාප මේ වගේ දේවල්, ඒවා වැරදියි කියලා. කිසිම ආකාරයකින් මේවා හරිය කියලා තියෙනව ද, අපිට චිත්ත සමාධිය නැතැයි කියන එක.
එතකොට මේ විරියෙන්, මේ විමංසා සමාධියෙන් මේක එහෙනම් අපි කලින් බලලා මේක දුකයි කියලා තේරුම් අරගෙන මේක approve කරලා තියෙන්න ඕන. එතකොට ඒ කියන්නේ චිත්තය “මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා” කියන එක එනවා. එතෙන්දි මේ මනස කියන එක මුල් වෙලා ඒ කියන්නේ චිත්ත සංස්කාර නිරෝධය කිරීම සඳහා මේ දේ ඇති වෙනවා නම් තමයි වචී සංස්කාර නිරෝධයට යන්නේ. වචී සංස්කාර නිරෝධයෙන් තමයි මේ කාය සංස්කාර නිරෝධය. එතකොට අර ඡන්ද සමාධියේ දී අපි ගන්නව නේ කාය සංස්කාර නිරෝධය දක්වා යනවා කියලා. එතකොට එතන approval එකක් තමයි තියෙන්නේ, නිර්වාණය සඳහා. එතකොට අර කරන්නා වූ වැඩ ටික සම්බන්ධයෙන් තියෙන්නේ මේ චිත්ත සමාධිය, මේ විමංසා සමාධිය, විරිය සමාධිය කියන තුනෙන් තමයි මේක සිද්ධ වෙන්නේ.
එතකොට මේක චිත්ත සමාධිය ඇති වෙන්න නම් එහෙම නම් ඒ විමංසා සමාධියෙන් ඒ චිත්ත සංස්කාරයන් නිරෝධ කරනවා කියන අගය ඇවිල්ලා තියෙන්න ඕන. එතනින් ඒ පාර විරිය එක්කහු වෙලා විමංසා සමාධියට, විමංසා සමාධියෙන් විරිය ඇති වෙලා ඒ විරියෙන් තමයි අපි ඊළඟට කරන්නේ මං මේක කරන්නේ නෑ නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසාව හොඳට strong කරලා මං මේක පවත්වනවා කියන එක.
ඉතින් එතකොට නිකන් හරියට අර මේක නැවේ අර තියෙනවා නේ නැව ගත්තහම මෙහෙම පල්ලෙහායින් බොක්ක වගේ තියෙනවා නේ. උඩින් තියෙනවා අර rudder එක තියෙනවා. අන්න ඒවාගේ. මෙතන මේ ඡන්ද සමාධිය උඩ තියෙනවා. මේක මේ විදිහට පවතිනවා. එතකොට මේ ඒ මට හොඳට පැහැදිලි වුණ දෙයක් තමයි, මේ චිත්තයේ යම්කිසි ආකාරයට කැලතීමක් තියෙනව ද, ඒ කැලතීම නිසා මේ මේක පවත්වන්න බැහැ. මේක මේ නිශ්චලව පවත්වන්න පුළුවන්කමක් නැහැ. එහාට වැනෙනවා. මෙහාට වැනෙනවා.
ඒක වැනෙන්න හේතුව තමයි, අර අපි generate කරලා තියන රැල්ල. ඒ රැල්ල හදාගෙන තියෙන්නේ මේ අර අපි අතීතයේ පුරුදු වෙලා මේක, ඒ කියන්නේ පරුෂා වචනය කියන්න, පිසුණා වාචය සම්පප්‍රලාපය කරන්න පුරුදු වෙලා තියෙන්නා වූ ස්වභාවය. දැන් කාට හරි නිකන් බනින්න. දැන් වැරදියට ඉන්න එක්කෙනෙකුට බනින්න අපේ සිතක් තියෙනවා. ඒ වචනයක් එනවා. ඒ විතක්කයක් විචාරයක් තියෙනවා. අන්න ඒ විතක්ක විචාරය කියන එක. ඒක වැරදියි කියලා තමන්ගේ විමංසාවෙන් දැනගෙන කපාගෙන තියෙන්න ඕන. ඔන්න ඕක තමයි හුඟක් strong වට ආව point එක භාවනාවේදි.