පළමුවෙන් ඒ උත්තරීතර බුදුපියවරු සිහි කළා. ඒ බුදුපියවරු දාහතර නම ම, මණ්ඩලාධිපති බුදුපියා බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා කියන එක. ඒ වගේ ම ඒ අනුපිළිවෙළින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා ඒ දාහතර නම ම සිහි කළා, ඒ බුදුපියවරු පළවන ශ්‍රේෂ්ඨත්වය අනුව.
මට ලෝභයෙන් පටන් ගන්නෙයි කියලා කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි, කියලා කියනකොට. එතකොට මම ලෝභය බැලුවා. අර මනාප අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව. ඉතින් මේකත් එක්ක අර කාමච්ඡන්ද ව්‍යාපාදය ඒ ටික ඔක්කොම ඇති වෙනවත් කියලා බැලුවා. කල්පනා වුණා. එතකොට මෙන්න මේක ඒ ටික බැලුවම සුඛ වේදනීය ස්පර්ශයක් එක්ක මෙතන සුඛ වේදනාව ඇති වෙනවා කියලා. ඊට පස්සේ දැන් මට එනවා මේකට මේ අර ආහාර diagram එකේ මෙයා මේ පල්ලෙහාට බහිනවා කියන එක.
ඒ කියන්නේ සුභයි කියලා ගත්ත එකක් තියෙනවා. දැන් මේකට මේ සුඛය කියන එක එකතු වෙනවා. සුභයට සුඛය එකතු වෙනවා කියන එක මම බලනකොට, දැන් මම කල්පනා කළා ඔය කාම ආශ්‍රවය කියන එක එන්න, කියන්නේ සුඛය වෙලා තියෙන්න ඕනි. එහෙම නම් මට කල්පනා වෙනවා සුභය ආවා. ඊට පස්සේ අපි හිතමු ඕකට එකයි කියලා දැම්මා කියලා.
ඊට පස්සේ ආපහු සුභය කියන එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට යන එක මම දෙකයි කියලා දැම්මොත්, ඊළඟට අර නිත්‍යයි කියලා ගන්න එක තුනයි කියලා දැම්මොත්, හතරට තමයි සුඛය කියන එක. අර කාමරාග අනුසය හරහා මේක ඉස්සීමක් කරනවා. අර කාමරාග අනුසයෙන් උඩ සඤ්ඤාවට එනකන් එනවා. එතකොට අන්න ඒක තමයි හතර වෙන්නේ. අන්න ඒකෙන් පස්සෙ තමයි පස් වැනි කාරණය ඔය ආශ්‍රවය කියන එක, කාම ආශ්‍රවය කියන එක. එතකොට අනුසය ආවා. සඤ්ඤාව ඇති උණා. ඊට පස්සේ මෙතනින් මේ කාම ආශ්‍රවය වෙනවා කියලා එතකොට දැන් අර සුඛය කියන එක දැන් මේකට එකතු වෙලා තියෙනවා. සුභයට සුඛය එකතු වෙලා තියෙන්නේ ආශ්‍රවයෙන් පස්සේ.
ඉතින් මේක අනුව තමයි මේ පුද්ගලයාට මේ රාගය කියන එක, රාග සල්ලය ඇති වෙනවා, රාගය ඇති වෙනවා, මේකෙන් පස්සෙ කියන එක මට ආවා. එතකොට මෙතැනට ආවට පස්සෙ, මම කල්පනා කළා, මේ ලෝභයයි මේ රාගයයි අතර වෙනස මොකක් ද කියලා කියන එක. මම මේක සිතනකොට මට කල්පනා වුණා, මට මවලා පෙන්නුවා මම හිතන්නේ, මේ නයෙක් අර දිව දික් කර කර අර මීයෝ ඉන්නව ද කියලා හොයන්නේ. එතකොට මෙන්න මේක තමයි මෙයාගේ මේ රාගය. රාග සිත කියන එක අන්න ඒ ආකාරයි. ඊට පස්සේ දැන් මීයෙක් හරි, සතෙක් හරි, මෙයාට ආහාරයක් ලැබෙනවා නේ. ඒ ලැබුණාට පස්සේ අන්න ලෝභය. ලැබුණාට පස්සේ තමයි මෙයාට ලෝභය කියන එක ඇති වෙලා තියෙන්නේ. මේක තව එක්කෙනෙකුට දෙනව ද, මේකව අතහරිනවා ද, කියන එක. අර රාගය පෙර ආවා. ලෝභය කියන එක පස්සට ඇවිල්ලා තියෙන්නේ.
ඕක තේරුම් ගත්තට පස්සේ මට සමාධිය, අර උග්‍ර වූ සමාධිය, මේ මම කිව්වේ අනුරාධපුරෙන් පස්සේ ඇති වෙන්න ගත්තා වූ ඒ සමාධිය හොඳ ලස්සනට ඇති වේගෙන ගිහිල්ලා, මාව දැන් තුනී වේගෙන, තුනී වේගෙන යනවා, බොහොම වේගයකින්. ඒ සමාධියත් ඇති වෙලා දැන් මට තේරුණා මම නිරෝධය පැත්තට මෙහෙම යැවෙනවා කියන එක. ඒ යන වෙලාවෙදි ඔන්න මට phone එක ring වෙනවා. ඒ පාර දැන් ඒකට answer කරලා දැන් මං ඊට පස්සේ මම කල්පනා කළා මේක නිසා මේ දැන් මේ සඤ්ඤා පටිලාභය නේ මෙතන තියෙන්නේ, මේ සඤ්ඤා පටිලාභය කියන එක වෙනස් වීම නිසා මට මේ යම් ආකාර වූ ද්වේෂයක් හටගන්නවා නේ ද කියන එක.
ඒ කියන්නේ භාවනාවෙන් මේ හොඳට ගිහිල්ලා ඒ තියන තත්වය, නංවාගෙන තියෙන ඒ සඤ්ඤාවේ ස්වභාවය, ඒක වෙනස් වීමක් යම්කිසි ආකාරයකට වෙනවා නම්, මේක නිසා ද්වේෂය කියන එක ඇති වෙනවා නේ ද කියන එක. අන්න එතකොට එතෙන්ට ආවට පස්සෙ රහතන් වහන්සේ කිව්වා ඉතින් “දැන් ඇති” කියලා. ඉතින් නැවැත්තුවා. ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්