Date: 22/11/2013 Name: Moha to Kukkucca bhavana

ඉතින් අද උදේ භාවනාව, ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාර කළා, මේ බුදුපියවරු සිහි කරලා. ඒ මණ්ඩලාධිපති බුදුපියා ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව පළවෙනි බුදුපියා වශයෙන්, ඔය විදිහට ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා ශ්‍රේෂ්ඨත්වය අනුව දෙවෙනි බුදුපියා වශයෙන්, ඔය සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා අනුපිළිවෙළින් මේ දාහතර වන බුදුපියා වශයෙන් සිහි කළා.

මෝහය නැති කරමි යන තැනින් මට පටන් ගන්න ය කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ දී අර ථීනමිද්ධ අවස්ථාවේ දී මෝහයෙන් ගත් තීරණය මම මෙනෙහි කළා. මෙතෙන්දි දැන් ථීනමිද්ධය නිසා අපිට මක්ඛය ඇති වෙනවා. මක්ඛයෙන් කුක්කුච්චය, කුක්කුච්චයෙන් මායාවට යන එක එකක්. අනිත් අතට කුක්කුච්චයෙන් විචිකිච්ඡාව, විචිකිච්ඡාවෙන් පලාසය.

එතකොට කුක්කුච්චය කියන්නේ නිවනට පිටත වූ දෙයක් ගත්තා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ විසින් අනුමත නොකරන ලද දෙයක් මගේ කියලා ගත්තා. එතකොට දැන් මං මෙතෙන්දි ගත්තා ඔය පාණාතිපාතා අදින්නාදානා ඒ වගේ ඒවා බුදුහාමුදුරුවෝ අනුමත කරලා නැහැ නේ. එතකොට නීති කැඩීමක් තියෙනවා ද ඒක අනුමත කිරිල්ලක් නැහැ. එතකොට මේවාට ඇවිල්ලා කුක්කුච්චය ඇති වෙන්න ප්‍රත්‍ය හැටියට තියෙන්නේ නොපිරිහුණු නුවණ. එතකොට මෙසේ කිරීමෙන් හානි වන බව නොදැනීමයි. එතකොට එතෙන්දි රෝගී සඤ්ඤාව මගේ යැයි කියලා ගැනීම කියන එක.

ඉතින් මං හොඳට අර පාණාතිපාතයේ ඉඳන් ඒ දස කුසලය ම මෙනෙහි කළා. එතෙන්දි බුදුහාමුදුරුවෝ මේ එපායි කියලා තියෙන දස අකුසලය. මේ දස අකුසලයෙන් ඒවා තමයි මේ මනුස්සයෝ ගන්නේ කියලා. එතකොට මේක පහ කරන්න නම් කෙනෙකුට මේ සතිය තිබිය යුතුයි කියලා, මේ සම්පජානකාරීත්වය තිබිය යුතුයි කියලා, විරිය තිබිය යුතුයි කියලා ආවා.

ඒක එන්නේ කොහොම ද? අර දැන් අපි මේ ශ්‍රද්ධාව කියන එක දැන් තියෙනවා කියලා කියන්නේ දැන් තථාගතයන් වහන්සේ අනුමත නොකරන ලද දෙයක් මගේ යැයි කියලා ගන්නෙ නැති ය කියන එක තමයි එතන ශ්‍රද්ධාව වෙන්නේ. පාණාතිපාතය, අදින්නාදානය එතකොට ඒ දස කුසලය කියන එක. එතකොට ශ්‍රද්ධාවෙන් අපිට හිරිය, හිරියෙන් ඕතප්පය, ඒ ඕතප්පය කියන තැනින් ඒ කියන්නේ සම්පජානකාරීත්වය කියන එක බොහොම තදින් තියෙන්න ඕන ය කියන එක ආවා. එතකොට මං දැන් තුනක් ගැන කතා කරනවා. සම්පජානකාරීත්වයයි විරියයි සතියයි කියලා. සම්පජානකාරීත්වය කියලා කිව්වම sick සඤ්ඤාව නොගැනීම කළ යුතු යැයි දැනීම. Knowledge එකක් තියෙනවා එතන. සතියයි කියලා කිව්වහම sick සඤ්ඤාව ගත්තොත් රෝගී වන බව දැන සිහිය පැවැත්වීම. ඒක තමයි සතිය. විරිය කියන එක ගත්තොත් එය තුන් ආකාර වෙනවා.

ඒ කියන්නේ රූපය ස්පර්ශ නොවීමට, ඊළඟට දෙවැනි එකට sick සඤ්ඤාව මගේ යැයි නොගැනීමට, තුන් වෙනි එකට ගත්තහම සංස්කාර මගේ යැයි නොගැනීමට.

ඒ කියන්නේ තුන් වෙනි පාරෙ තිබෙන්නා වූ විරිය දෙක කියන එක. ඒ තුන් වන පටිපදාවේ තියෙන්නා වූ එක තමයි sick සඤ්ඤාව මගේ යැයි නොගන්නවා කියන එක. ඉද්ධිපාදය වෙනකොට තුන් වෙනි එකට එනවා සංස්කාර මගේ යැයි නොගැනීමට. අර විරිය මුලින් තියෙන්න ඕනි රූපය ස්පර්ශ නොවෙන්න. නැත්නම් අපි අර නිමිති කියන ඒවා ගන්නවා කියන එක, ඒක සිද්ධ වෙනවා. එතකොට මට මෙන්න මේ අවස්ථාවෙදි මට මතු උණා අර එකයි දෙකයි තුනයි කියන එක. ඒ කියන්නේ සතියයි, අත්තා ඉඳන් නිත්‍යයට යනවා ජාතියේ ඉඳන් ජරාවට යනවායි කියන එක.

එතකොට ඒ එකයි දෙකයි තුනයි හරියට ම සම්බන්ධ වෙනවා මෙතන මේ විරිය එකයි දෙකයි තුනට. 1 රූපය ස්පර්ශ නොවීමට, එතකොට අර සතිය තියන තැන පවත්වනවා කියන එක පළවන කාරණය. 2 sick සඤ්ඤාව මගේ යැයි නොගැනීමට, අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන කතාව. ඊළඟට 3 සංස්කාර මගේ ජාති ජරා ව්‍යාධි මරණ ඇති වෙනවා කියන එක. ඒ කියන්නේ කාය සංස්කාර මේවා ඇති වෙනවා කියලා කෙනෙක් දැනගෙන ඒ වගේ දේවල් මගේ කියලා නොගන්න.

ඉතින් අර මේ සතියත් එක්ක මේ තුන මතක් උණහම ඒ විමුක්ති තුන ම මට ඇති වුණා. මට ඕන ම විමුක්තියකින් එතන ඉන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් මේ භාවනාව බොහෝ ම, බොහෝ ම ලස්සනයි. බොහොම සැරට ලස්සනට කෙරුණා.