Date: 23/11/2013 Name: VimamsaIdhhipadha bhavana

එතකොට මේ භාවනාව තමයි විමංසා ඉද්ධිපාදය. එතකොට මේ උතුම් බුදු පියවරුන් අනුපිළිවෙළින් සිහි කළා ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව. බුදු පියවරුන් පස් නමක් විතර සිහි කරනකොට ඉතින් සමාධිය බොහොම උග්‍රයි. පටන් ගන්න ම ඉස්සෙල්ලා මම කිව්වා මට මේ උපසමාධිට්ඨානය කියන එක බොහොම හොඳට තියෙනවා කියලා. මොකකටවත් හෙල්ලෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. ඉතින් මං ඔය මණ්ඩලයට පවසලා තමයි මම මේ භාවනාව පටන් ගත්තේ. නොසෙල්වෙන සිතක් ඇති වෙලා තියෙනවා ය කියලා. ඉතින් මම ඒ මණ්ඩලයට පින් දුන්න. මණ්ඩලය ප්‍රසංසා කළා. ඉතින් ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාද වැඩීම පටන් ගන්න ය කියලා කිව්වා.

එතකොට විරිය ඉද්ධිපාදය කියන එක කල්පනා කළා නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා අර චක්‍ර diagram එකේ විදිහට. එතකොට අර විරියො ච ඡන්දො කියන එක. එතකොට නෙක්ඛම්මයෙන් අලෝභය, අව්‍යාපාදයෙන් අදෝසය, අවිහිංසාවෙන් අමෝහය. මේක නිසා මට පෙනුණා අර ලෝභ දෝස මෝහ diagram එකේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. රාගයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. මේ තුන නැති වෙනවා කියලා උපසමාධිට්ඨානයට ගිය භාවනාව. කලින් කරපු භාවනාව.

එතකොට මෙන්න මේක මම පොඩ්ඩක් මෙනෙහි කරගෙන යනකොට මම අර හතරේ සලකුණ දැක්කා. මතක ද හතරේ සලකුණ.

s_Vimamsa_s6.jpg



ඉන්ද්‍රිය අසංවරයයි, ඊර්ෂ්‍යාවයි, ව්‍යාධියයි ද්වේෂ අගති ගමනටයි. එතකොට දැන් මට කල්පනා වුණා විරිය භාවිතා වෙනවා නම් sick වෙන්නේ නැහැ. අර කොසජ්ජය කියන එක ඒ පැත්තෙ යනවායි කියන එක තිබුණා. එතකොට මේක නිසා මේ ඡන්දය මගින් ඉන්ද්‍රිය අසංවරයට ඉඩ දෙන්නේ නැහැ. හරි නේ. එතකොට චිත්ත ඉද්ධිපාදය තියෙනවා නම්, ද්වේෂයට ඉඩ දෙන්නේ නැහැ. විමංසාව මගින් ස්පර්ශය ඇති වන ඊර්ෂ්‍යාවට ඉඩ දෙන්නේ නැහැ. එතකොට දැන් මේක overlap වෙනවා එකක් උඩ එකක්. දැන් මෙතන දී එනවා විරිය ඡන්ද චිත්ත විමංසා. මේක කරකවන්න 90° න්. දැන් මොකද වෙන්නේ.

විරිය කියන එක ආවා sick කියන තැනට. එතකොට එතන ඒ කතාව හරි. හරි නේ. ඊට පස්සේ ඡන්දය කියන එක එනවා ඉන්ද්‍රිය අසංවරය තියෙන තැනට. ඉන්ද්‍රිය සංවරය කරගන්නවා ඒක නිසා. ද්වේෂ අගති ගමනට යන්නේ නැහැ මේ චිත්ත සමාධිය නිසා. එතකොට විමංසාවෙන් මේ ඊර්ෂ්‍යාව මේ මිච්ඡා දිට්ඨිය, ඊර්ෂ්‍යාව මිච්ඡා දිට්ඨිය එහෙම ඒවා ඇති වෙනවයි කියලා දැනගෙන ඒක කරන්න දෙන්නෙ නැහැ.

මේක උඩ මේක overlap වුණා. ඒක 90° න් කැරකෙව්වා ම. බලන්න ලස්සනට යන හැටි. මේ ධර්මය මේකත් එක්ක නැති වෙනවා. දැන් මට මේක කෙළින් ම සම්බන්ධ වෙනවා ඊයේ භාවනාවට. දැන් කියනවා රූපය ස්පර්ශ නොවීමට අපි විරියක් භාවිතා කරන්න ඕනි. ඊළඟට sick සඤ්ඤාව නොගන්න දෙවන විරියක්. සංස්කාර මගේ නොවන්න තුන් වන විරිය.

එතකොට දැන් මේකත් එක්ක සතියයි, අත්තා නිත්‍ය, ජාති ජරා කතාව, ඊයේ භාවනාව එක්ක connect වෙලා ආවා. ඉතින් ඒක තමයි. ඒක ෂෝක් එකට ආවා ඒ භාවනා කෑල්ල. මේකෙන් තව එකක් මම analyse කරන්න හදලා ඒක මට තේරෙන්නේ නැති හින්දා පොඩ්ඩක් නතර කළා. ඒක තමයි භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

cakka.jpg


Lobha_Dosa_Moha/Lobha_Dosa_Moha-01.jpg