Date: 24/11/2013 Name: Vimamsaiddhipada 2

ඊයේ භාවනාව මම ආපහු කළා. විරිය කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා. එතකොට විරියෙන් අපි ඡන්දයට යනවා. එතකොට විරිය නිසා අර sickness එක කියන එක නැති වෙනවා. එතකොට ඡන්දය කියන එක ගත්තහම, අපි භාවිතා කරනවා නිර්වාණයට යොමු කරලා එතකොට ඒක නිසා අර ඡන්ද සමාධියේ දී පවතිනවා. දැන් අපි දන්නවා අභිජ්ඣා දෝමනස්සය කියන එක නේ හතුරෝ දෙන්නා තියෙන්නේ. අන්න ඒ අභිජ්ඣා දෝමනස්සය කියන එක ඇති වෙනවා කියලා තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක පවත්වන්නේ.

s_Vimamsa_s8.jpg



එතකොට අභිජ්ඣා වුණෝතින් මට දෝමනස්සය වෙනවා කියන එක එනවා. එතකොට ඒ වගේ ම මම දන්නවා මේ ඊයේ හවස අපි ඇවිදිනකොට කිව්ව භාවනාව. ඒ කියන්නේ බැරි වෙලාවත් අභිජ්ඣා වෙනවා කියලා කියන්නේ අර මේක මගේ කියලා ගැනීමත් තියෙනවා. මගේ කියලා ගන්නෙ මොකක් ද? සුඛ සඤ්ඤාව. ඒ කියන්නේ මම හිතනවා නම් මට සුඛයක් ලැබෙනවා කියලා. අන්න ඒක තමයි මගේ වැරැද්ද. එතකොට මම සුඛයක් ලැබෙනවා කියලා, මගේ වේවා කියලා, මම මේක පිහිටනවා ද, ඒ විඤ්ඤාණය පිහිටපු ගමන් මම දෝමනස්සයට යනවා. ඒ කියන්නේ විඤ්ඤාණය පිහිටපු ගමන් ඒ කියන්නේ මම ජරාවට යනවා.

එතකොට මේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා දන්න මනුස්සයාට, හරියට දන්න මනුස්සයාට, මෙන්න මේ විදිහට මේ සුඛයක් ලැබෙනවා කියලා විඤ්ඤාණය පිහිටවන්න යන්නෙ නෑ එයා. එතකොට ඡන්ද සමාධිය ඔන්න ඕක තේරුම් අරගෙන, මට ඒක බොහොම ලස්සනට එනවා මේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක හරියට තේරෙනවා නම් මේ මනුස්සයා විඤ්ඤාණය කොතනකවත් පිහිටන්න යන්නේ නැහැ කියන එක. ඒක හරියට මේ සපත්තු දෙකක් දාගෙන ගෙදරට එනකොට අර ඒ ගෙදර carpet එක හොඳයි කියලා දැකලා මේ කල්පනා කරනවා නේ සපත්තු දෙක ගලවන්න ඕනෙයි කියලා. මම කකුල ඔතනින් තිබ්බොතින් එහෙම කුණු ගෑවෙනවා.

ඒ වගේ තමයි විඤ්ඤාණය කොහේ හරි පිහිටෙව්වා නම් මේක අනිවාර්යයෙන් ම අර carpet එක ජරා වෙනවා වගේ මේක ජරා වෙනවා. ඒක එහෙම වෙනවමයි කියලා කල්පනා කරලා ඡන්ද සමාධියෙන් කොහේවත් විඤ්ඤාණය පිහිටන්නේ නැතෙයි කියලා තමන්ගේ අදහස භාවිතා කරනවා.

එතකොට මෙන්න මේක සඳහා එහෙනම් මගේ චිත්තය සමාදන් කරගන්න ඕනි. ඒක තමයි චිත්ත සමාධිය. චිත්තය සමාදන් කරවනවා ය කිව්වම අර දස කුසලය කියන එක සම්පූර්ණයෙන් මෙතන පවත්වන්න ඕනි. අර මම අභිජ්ඣා වෙන්නෙත් නැහැ. ඒ වගේ ම මිච්ඡා දිට්ඨි කියන ඒවා මම ඒ එකක්වත් ඇති කරගන්නේ නැහැයි කියන එක.

එතකොට මේක සමාදන් කරගත්ත නම්, දැන් ඉතින් තමන්ට තේරෙනවා මේ විදිහට සමාදහන් කරගෙන ඉන්නකොට තමන්ට අර විමංසා සමාධිය කියන එක ඇති වෙනවා. මෙහෙම ඉන්න එක තමයි හොඳ. මං බැරි වෙලාවත් පිහිටෙව්වොත් මට මේක වෙනවා. ඉතින් මෙතෙන්දි මට පේනවා, මේ ඊර්ෂ්‍යාව කියන එක එහෙම මැකිලා යනවා, ගැලවිලා යනවා. මොකද? මම විඤ්ඤාණය පිහිටෙව්වොතින් තමයි, මට ඔය සාරම්භයක්, competition එකක්, පලාසයක් ඒ වගේ දෙයක් ඇති වෙන්නේ. එතකොට දැන් මට පේනවා, සාරම්භය පලාසය පැත්තෙන් ගත්තොතින්හෙම එතනින් අර උපනාහයෙන් පලාසය, පලාසයෙන් ඇති වෙන්නා වූ මච්ඡරිය කියන එක මේක ලාභයි කියලා ගන්නැති කතාව තියෙනවා. එක පැත්තකින් ඒ රූපය කිසිම එකක පිහිටුවන්නේ නැතැයි කියන එක.

අනිත් අතට ගත්තායින් පස්සේ අර ක්‍රෝධයෙන් ඇති වන්නා වූ මේ මක්ඛය තියෙනවා නේ, මගේ කියලා ගත්ත කතාව. ඒක නැතුව, එතනත් ඊර්ෂ්‍යාව නැතෙයි කියන එක. එතකොට මේක නිසා, මේ විමංසා සමාධිය නිසා, මේ ඊර්ෂ්‍යාව කියන එක එහෙම නැති වෙනවා. ඒ කියන එක අර්ථයට ආවා. එතෙන්ට ඇවිල්ලා මම එතෙන්දී ඇවිල්ලා ඒක කොහේවත් පිහිටුවන්නේ නැතෙයි කියලා හිතනකොට රහතන් වහන්සේ කිව්වා “ඇතියි” කියලා. මම ඒ පාර ඒක නැවැත්තුවා. ඒක තමයි භාවනාව.