Date: 26/11/2013 Name: Vimamsa Idhhipadha Final

එතකොට අද භාවනාව කළේ අර ඊයේ වගේ ම මම බුදුපියවරු සිහි කළා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය දීර්ඝ කාලයක් පැවැත්වීම මෙනෙහි කෙරීම. ඊට පස්සේ එතකොට මට අරි අට මඟ වඩමි කියන තැනින්, එතෙන්දී පටන් ගන්න කියලා කිව්වා. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාව, සමුදය අස්තංගමය කියන එක දැකලා, දුක නැති කිරීමට පමා නොවීම. සංස්කාරය මගේ නොවිය යුතුයි.

එතකොට අරි අට මඟ වීමට නම් විරිය තියෙන්න ඕනෙයි කියන එක අර පටිපදාවේ තියෙනවා නේ. අර ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්න නම් අර හතර වෙනි පාරේ විරිය තියෙන්න ඕනෙ. එතකොට එතෙන්දී මම ගත්තා විරිය කියලා කිව්වහම, අර තිථියා අසම්මොසාය භිය්‍යොභාවාය කියලා තියෙන්නේ. එතකොට නංවන ලද ඵල චිත්තය, ඒ කියන්නේ ඒවා තමයි සංස්කාර, මගේ නොවිය යුතු ය. එතකොට මට ඒ වෙලාවේ දී ඇහුණා.

“එතං සන්‌තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො, සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො, තණ්හක්ඛයො නිරොධො නිබ්බානන්ති.” කියලා.

ඒක ඇහුවා ම ඉතාමත් හොඳයි කියලා මම පැවසුවා ඒ වෙලාවෙ දී. ඒක appropriate ඒ වෙලාවේ හරියට ම. මෙසේ වීමට නම් උපාදාන නොවිය යුතුයි. ඒ කියන්නේ, උපාදාන තිබුණොතින් මේක කරන්න බැහැ. උපාදාන උඩ කෙළීන් ම මට පේනවා, පටිපදාවේ උපාදාන ටික නැත්නම්, මේක වෙන්නේ නැහැයි කියන එක.

එතකොට උපාදාන නොවෙන්න නම්, ඒ කියන්නේ ධ්‍යානෙම තියෙන්න ඕන. ධ්‍යානය මගින් අර සුභ, සුඛ යන විපල්ලාසයන් ඉවත් කරනවා. ඒ විපල්ලාසයන් ඉවත් වෙන්නේ සතිපට්ඨානයෙන්. නමුත් සුභ, සුඛය කියන එක, ධ්‍යානය භාවිතා කිරීමෙන් ම තමයි, ඒක පටන් ගත්තේ. කොහොම ද වුණේ? විවිච්‌චෙව කාමේහි කියලා ගත්තහම කෙළීන් ම කාමයන්ගෙන් වෙන් වුණා. එතකොට අර සුභ කතාවෙන් අපි යනවා. සුභය කියන එක නැති වුණා. එතකොට ධ්‍යානයන්ගෙන් ධ්‍යානයට, ඉහළ ධ්‍යානයට යනවා නම් අපි අර සුඛය පහ කරලා උපෙක්ඛාවට යනවා.

දැන් මෙතෙන්දි මට පේනවා, මේ හතර ධ්‍යානයයි, හතර වෙනි ඉද්ධිපාදයයි. හතර ධ්‍යානයන් හතර ඉද්ධිපාදයන් අතර වූ කොටස්, පටිපදාවල කොටස් ටික තියෙනවා නේ, මේක භාවිතා වෙනවා නම්, එතකොට ඒක නිසා මේ දෙක අතර කොටස් ටික හැකිළෙනවා කියලා. ඒ කියන්නේ මේක shrink වෙනවා. ධ්‍යාන හතරයි. පටිපදාවේ ගියා ම අර ඉද්ධිපාද හතරයි කියන එක. මොකද සංස්කාර මගේ නොවෙනවා කියන එකට හතර වෙනි ඉද්ධිපාදය වෙනකන් එතන එනවා, විමංසා ඉද්ධිපාදය. මේක ඇකිලෙනවා. ඒ කියන්නේ මනා කොට භාවිතා කිරීම කියන එකයි මෙතන හැකිළෙනවා කියලා කියන්නේ. එහෙම නම් සම්මා සමාධිය තුළ උපෙක්ඛා අප්‍රමාණය සිදු වෙනවා කියලා ආවා.

එතෙන්දී එතකොට සංස්කාරය කියන එක අපි ගමු සැකය කියලා. එතකොට ඒකේ සමුදය කියන එක දැනගෙන නිවනින් පිටත වූ දෙයක් නොගනිමි, එය ම එහි නිරෝධය වෙනවා, එතනින් ම සතුටු වෙනවා කියලා ඒක අගයනවා. ඒ විදිහට අර නිරෝධය ඇති වෙනවා කියන එක එතන ආවා.

ඉතින් ඔය අතරවාරේ ඉතින් මට ගොඩාක් තව ධර්මයන් ඕකත් ඇතුළින් ගියා. ඒ සංස්කාරයන් සම්බන්ධයෙන් අර සැකයෙන් A, B කියලා, එතනින් C කියලා ඇති වෙලා නිත්‍යයි කියලා දීල නේ එතන ඇති වෙන්නේ කියන, ඒ කතාවල් ඔක්කෝම මට ඇති වුණා. ඒ ඇති වෙච්චා වූ සංස්කාරයන්ට නැවත නැවතත් අපිට ඕනෙ නැති වුණත් පෙලක් වෙලාවට ඒ සංස්කාරයන් දිහා අපි ඔහේ බලාගෙන ඉන්නවා. තමන්ට ඕනෙ නැති වුණත්. එතකොට ඕවා ඔක්කෝම තමන් අයින් වෙන්න ඕනෙ කියන එක, අර උපෙක්ඛාවෙන් අර වඩු බාස් උන්නැහේගේ කතාව වගේ උපෙක්ඛාවෙන් අප්‍රමාණයට යනවා කියන මේ දක්වා කරලා තියන භාවනාවන්, ඒවා ඔක්කෝම නිකම් එක සඤ්ඤාවක් තුළ ම මට ඒක තිබුණා. ඉතින් ඒක තමයි භාවනාව.