එතකොට මම ඒ උතුම් බුදුපියවරු ශ්‍රේෂ්ඨත්වය අනුව සිහි කළා, දාහතර නම ම. පළවෙනි බුදුපියාණන් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ බුදුවරු 2500 නමකින් බණ අහලා ඒ ශ්‍රේෂ්ඨ ම පළවෙනි බුදුපියා වශයෙන්, ඒ දෙවෙනි බුදුපියාණන් ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ඒ තුන් වෙනි බුදුපියාණන් වහන්සේ ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ. ඊළඟට විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයධර බුදුපියාණන් වහන්සේ, අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ සිහි කළා.
සිහි කරලා ඒ වෙලාවේ මට එහෙම ම සමාධිය ඇති වුණා, ඒ වෙලාවෙම. එතෙන්දී මේ පංචනීවරණයන් යටපත් කොට අරි අට මඟ හරහා ගමන් කරමියි කියන තැනින් පටන් ගන්නෙයි කියලා පැවසුවා. එතකොට මේ සම්මා සමාධිය තුළ පංචනීවරණයන් පවතින්නේ ද කියන එක මම විමසන්න පටන් ගත්තා. මොකද ඊයේ භාවනාවෙදි සම්මා සමාධිය වෙනකන් ආවා නේ.
එතකොට අර “විවිච්‌චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි, කියලා සවිතක්කං සවිචාරං විවෙකජං ප්‍රීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති” කියලා මම මේ විදිහට මෙනෙහි කළහම ඒ වෙලාවෙම අර ඉතාමත් ම සතුට ඇති වෙන සුඛය, අර අනුරාධපුරයේ retreat එකෙන් පස්සේ තිබිච්ච, ඒක ඇති වෙන්න පටන් ගත්තා.
එතකොට ඊයේ හවස අපි ඇවිදිනකොට දැන ගත්ත ධර්මයක් තිබුණා නේ. එකක් තමයි අර සුභයි කියන එක. දෙවෙනි එක නිත්‍යයි කියන එක. තුන කියන එක සුඛයි කියන එක. අන්න ඒ පිළිවෙළට නේ ඇති වෙනවයි කිව්වේ. සුභයි, නිත්‍යයි, සුඛයි කියන එක.
එතකොට දැන් මම මේක තවදුරටත් විමසන්න පටන් ගත්තා, මෙතනින් පස්සේ. දැන් සුඛයි වෙලා දැන් අත්තා වෙන්නේ කොහෙද කියන එක. ඉතින් ඒ ඊළඟට අත්තා වෙනවද කියන එක මම ගත්තහම රහතන් වහන්සේ කිව්වා, මෙය නිවැරදියි කියලා කියන්නේ නැහැ, පරාමාස වුණාට පස්සෙයි, අත්තා වෙන්නේ කියලා. එතකොට හතර එනවා පරාමාසය කියන තැනට. ඊළඟට පස් වෙනි කාරණය එනවා, පරාමාසයේ ඉඳන් භය අගතියට යන එක, පහ තමයි අත්තා කියන එක තියෙන්නේ, එතනින්.
ඒ අත්තා වුණාට පස්සේ ඔයාට හය වෙනි කාරණයට එනවා භය අගතියේ ඉඳන් වේදනාවට ලකුණු වෙනව නේ අපි දිට්ඨි අනුසය කියන එක. හය කියන එක ඊළඟට එනවා. දැන් භය අගතියේ ඉඳන් වේදනාවට.
ඊට පස්සේ තමයි හත. මේ නන්දිය කියන එක එන්නේ. එතකොට අර නන්දිය වෙනකොට අර දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා නේ රූප රාගය එහෙම එන්නේ. අන්න එතෙන්දි තමයි, හත කියන order එකට ආවා දැන්.
එතකොට ඔය පරාමාස වීමෙන් අනතුරුව අත්තා වෙනවා කියන එක මට සිහි වෙච්ච වෙලාවෙ මට අර මමත්ති මන්තී කියන එක මතක් වුණා ඒකෙ දී. දැන් මේ හතර වෙනි කාරණය වෙනකොට දැන් රූප රාගය ඇති වෙලා තියෙනවා. එතකොට “සංකප්ප රාගො පුරිසස්ස කාමො” කියල නේ කිව්වේ. සංකප්පයේ රාගය නැති වුණාට දැන් රූපය රාගය කියන එක මෙයාට දැන් ඇති වෙලා තියෙනවා. සංකල්පයට කතාවක් නැහැ. ඒ සුඛ වේදනාවක රාග අනුසය ඇතියි කියන එක, මොකද මම මේ වෙලාවෙ අර හරි සැප වේදනාවෙන් මම බොහෝ වෙලාවක් හිටියා එතන.
එතකොට මේක හරි සැපයි, ඉතින් මේ සුඛය බොහොම තදට තියෙනවා. එතකොට මේකේ රාග අනුසයක් තියනව නේ. රාග අනුසය තියෙනවා. දැන් රූප රාගය තිබුණොත් ඉතින් මේකේ රාග අනුසය තියෙනවා. එතකොට දැන් අර පල්ලෙහා වූ ධර්මයන්වල ඕක නැති වුණාට ඉහළ ධර්මයේත් දැන් මේ කතාව තියෙනවා.
එහෙම නම් මට දැන් එනවා, එහෙම නම් මේක කොහොම ද නතර වෙන්නේ? එහෙම නම් මට මෙතන්දි තේරුණා, මේ සංස්කාරවල අස්මිති මානය කියන එක නැති වුණොත් තමයි මේක වෙන්නේ කියන එක මට ආවා. ඒ කියන්නේ සංස්කාරවල කොයි ආකාරයෙන් හරි, මම මෙහෙම ගියා කියලා ආකාරයකින් අස්මිතියක් තියෙනවා. ඒ කියන්නේ තමන් මේ මම පුරුෂයා කියන කතාව. මම කාන්තාව කියන කතාව කෙනෙක් නැති කරලා නැත්නම්, ඒක තියනතාක් කල් එයාට ඒ අස්මිතිය කියන එක තියෙනවා නේ. එතකොට මේක තියෙනවා නම් නිවන නොවන්නේ ය කියන එක ආවා.
එතකොට මෙන්න මෙහෙම වෙලාවෙ දී මට හිතුණා, මේ සංස්කාර කියන එක අර පල්ලෙහා තියන කොටුවේ, අර කාමරාග අනුසය තියන කොටුවේ, ඒ සංස්කාර කියන එක නිරෝධ වෙනවා නම්, මට නිවන ඕන බව සිහි වුණා.
ඒ සිහි වෙන්න ගත්තයින් පස්සේ මම අධික වේගයෙන් ඒ කියන්නේ නළලේ යම්කිසි දෙයක් මට දැනෙමින් මාව ඇදීගෙන ගියා ඒ වෙලාවේ බුදුපියා මාව නැවැතුවා ඇතියි කියලා. ඒක තමයි භාවනාව. ඉතින් ඒකේ අර බොහොම ශ්‍රේෂ්ඨයි.