Date: 28/11/2013 Name: SammaSamadhi

එතකොට මම අර උතුම් බුදුපියවරු අර ශ්‍රේෂ්ඨත්වය අනුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා සහ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා ශ්‍රේෂ්ඨත්වය අනුව. එතකොට මට කිව්වා, අර අරි අට මඟ හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි කියන කෑල්ල තියනව නේ, අන්න එතනින් පටන් ගන්න කියලා.

ඊට පස්සේ දැන් මම ගත්තා අර, “අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගං සමඞ්ගිනො අරිය මග්ගං භාවිතො, ප්‍රඥා, ප්‍රඥා ඉන්ද්‍රියන්, ප්‍රඥා බලං, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගා.” කියන එක.

එතකොට එතෙන්දී ප්‍රඥාව කියලා ගත්තහම, අර සමුදය අස්තංගමය කියන එක දැකලා, අපි මේ දුක්ඛය පහ කිරීමට පමා නොවීම කියන එක එතන ගන්නවා. ඒ ගත්තහම ඒ සම්මා සංකප්පය කියන එක නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසාව ඒ කෑලි තුන මට ලස්සනට ඇවිල්ලා ඉතින් සම්මා වාචා, සම්මා ආජීව දක්වා ආවා. සම්මා ආජීවයේ අර මානය කියන එක අයින් කිරීම කියන එක, මේක මෙනෙහි කළා.

එතකොට දැන් මෙතන මේ විරිය කියන එක, සම්මා වායාමය කියන එකේ විරිය කියන එක අර 1 රූපය ස්පර්ශ නොවෙන්න, 2 සඤ්ඤාව මගේ නොවෙන්න, 3 සංස්කාර මගේ නොවීම, 4 වෙනි එක අර නංවන ලද ඵල චිත්තය මගේ නොවීම කියන එක.

එතකොට සම්මා සතිය මම මෙහි කළා ම, මගේ ඊයේ භාවනාව මට සිහි වුණා. ඊයේ භාවනාව මේ විමංසා ඉද්ධිපාදය ම තමයි එතන තියෙන්නේ. මෙතන මේක හරියට ලස්සනයි. මේකේ කාරණා හතක් තියෙනවා. ඒකේ හත ඇවිල්ලා, පළවෙනියෙන් ම කබලිංකාර ආහාරය දන්නව නේ සුභයි කියන කතාව. ඊට පස්සේ දෙවෙනි කාරණයට එනවා අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ ඉඳන් මෝහය අගතියට යන එක, දෙක. එතකොට ඒක තමයි නිත්‍යයි කියලා ගන්න එක. ඊළඟට තුන් වෙනි එක තමයි සුඛයි කියන එක. වේදනාව තියෙන තැන සුඛයි කියලා දාගන්නවා. හතර වෙනි එක පරාමාසය. එතකොට මෙහෙමයි දැන් සුභ වුණා, සුභ වෙලා, නිත්‍ය වෙලා තමයි සුඛ වෙන්නේ, order එකක් තියෙනවා සුභ, නිත්‍ය, සුඛ. ඊට පස්සේ ඒක පරාමාස වෙනවා. පරාමාසයෙන් ඊට පස්සේ අපි අත්තා කියන එක අර පස් වෙනි කාරණය. අත්තා කියන එක, මේ පරාමාසය භය අගතියට යන පාර පහ. ඊට පස්සේ මේ දිට්ඨි අනුසය යන පාර තියනව නේ, භය අගතියේ ඉඳන් වේදනාවට, ඕක හය. ඊට පස්සේ මේ කබලිංකාර ආහාරයට අර සුඛයි කියන එක එකතු වෙලා ඊට පස්සේ තමයි, නන්දිය හත.

දැන් order එකක් ලස්සනට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේක අර සම්මා සතියත් එක්ක දැන් මේ කාරණා හත, මතකයි නේ ද? ඒ කියන්නේ සුභයි, නිත්‍යයි, සුඛයි, පරාමාස, අත්තා, ඊට පස්සේ දිට්ඨි අනුසය හරහා ඒ හය වෙනි කාරණය, අරක සුඛයි කියනවා, පස්සේ නන්දිය කියන එක හත යි. නන්දිය එනකොට හත් වෙනි එක ඇවිල්ලා තියෙනවා.

මේක සම්බන්ධ වුණා අර 1, 2, 3 කියන ධර්මය මතකයි නේ අපි. සතිය, කබලිංකාර ආහාරය, අත්තා ඉඳන් නිත්‍යට, තුන ජාතියේ ඉඳන් ජරාවට යනවායි කියන එක. දැන් මේකයි, මේ දෙක මම match කරනවා. පළවෙනි එකේදි මට පේනවා මේක පළවෙනි එක සුභයි. පළවෙනි එක කබලිංකාර ආහාරය නේ සුභයි කියලා තියෙන්නේ, ඒක සුභයි. දෙක නිත්‍ය කියන එක මම ගන්නවා. තුන් වෙනි එක ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක.

එතකොට ජාතියේ ඉඳන් ජරාවට යනවා. අතනත් තුන ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන කතාව ම තමයි, මෙතන මේ තුන කතාවෙ දී මේ සුඛයි කියලා කියන්නේ. සත්‍ය වශයෙන් ම තියෙන්නේ දුක. මේ මනුස්සයා මේක සුඛයි කියලා ගන්නවා. එතකොට මේක පරාමාස වීම කියන එක හතර වෙනි එක. ඊට පස්සේ මේක තමා වශයෙන් ගැනෙනවා පස් වෙනි කාරණය, පරාමාස වෙලා ආවට පස්සේ. ඊට පස්සේ හය, දිට්ඨි අනුසයේදි මේක ඉවසනවා. අර ඉවසීම කියන එක කරනවා මොකක් ද, අර දුක වේදනාව, ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන දුක වේදනාව, මේක මේ මනුස්සයා දැන් ඉවසීම කියන එක කරනවා. දැන් මේක දැන් නන්දිය. හත් වෙනි එක නන්දියට එනවා.

එතකොට දැන් මේ විදිහට තමයි, විමංසා සමාධිය කියන එක ඇති වෙන්නේ. දැන් විමංසා සමාධිය මේ පස් වෙනි විමංසා සමාධිය වෙනකන් මෙතන ඇවිල්ලා තියෙනවා. මෙහෙම ඇවිල්ලා මේකේ සමුදය අස්තංගමය කියලා දැනගෙන, දැන් ලෝභ, දෝෂ, මෝහ පහ කරන්න කියන උත්සාහය, පමා නොවීම කියන එක තමයි, මෙතන තියෙන්නේ. ඒකට පමා නොවීම කියන එක විමංසා සමාධියෙන් තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේ දී මම දැක්කා මෙන්න මේ picture එක, මේ කබලිංකාර ආහාරයයි, වේදනාවයි, ගිද්ධිලෝභයයි කියන එක තියෙනවා නේ. මෙතන මෙන්න මේ කෑල්ල නිසා තමයි, මෙතන මේ කතාව තියෙන්නේ නන්දිය කියන එක.

එතකොට මේක සම්බන්ධ වෙනවා, දැන් අන්තිමට ගත්තහම මෙතනින් වේදනාවට එනවා, ලාභය කියන එක මේ පැත්තට මච්ඡරිය, මෙතනින් ආවාසමච්ඡරිය, මෙතනින් ධම්ම, මෙතන ඇවිල්ලා වණ්ණමච්ඡරිය කියන එක. මෙතන මේ කෑල්ල, මේ කෑල්ලත් එක්ක සම්බන්ධ වෙනවා. රහතන් වහන්සේ මෙතෙන්දි මට කිව්වා “Excellent” කියලා, මේක මේවා වුණහම. මොකද මේ කාරණාව උඩින් මෙතන හුඟාක් ම පේනවා, ඔය දැන් නන්දිය කියන එක කෙනෙක්ගෙ නැති වෙන්නේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක දැකීමෙන් නේ. ජාතිය කියන එක ජරාවට දැමීම කියන එක දැකීමෙන්.

එතකොට මෙතන අර අපේ මේ සතියේ කතාවේ දී 1, 2, 3 කියන එක ගත්තහම ජාති ජරා කියන කතාව ගත්තහම, මේ මම සුඛයි කියලා අරගෙන තියෙන්නේ මෙතන මේ ජාතියේ ඉඳන් ජරාවට යන මේ දුක්ඛය තමයි, මම සුඛයි කියලා අරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි, මේ භාවනාවේ නම සම්මා සමාධිය.

මේක තමයි භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-03.jpg


S_PurabhedaSutta2_Diagrams/S_PurabhedaSutta2_Diagrams-04.jpg