එතකොට මම අර ඒ උතුම් බුදුපියවරු සිහි කළා අනුපිළිවෙළින්. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ඔහොම අනුපිළිවෙළින් ඒ තපස්සි බුදුසීයා, එතකොට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා.
සිහි කරලා ඇවිල්ලා, මම මේක බුද්ධං සරණං ගච්ඡාමි ඒ විදිහට ගිහිල්ලා, මම ගියා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි කියන එක තියනව නේ, එතනින් මම නැවැත්තුවේ නැහැ. මම එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් සහිතව මම ගියා.
ඒ ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් භාවනා කරන්න ගත්තහම, මට අර ඊයේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අවසාන diagram එකට ඉස්සෙල්ලා diagram එක තියනව නේ. ඒක මට සිහි වෙලා ඒකත් එක්ක මම බැලුවා. ඒ බැලුවහම ඉතින් ඒ භාවනාව ඉතින් ඔයා දන්නවා. දීර්ඝ වශයෙන් ඒක කරනවා කියන එක, අර පෙර වූ මෝහය, sick සඤ්ඤාව මගේ යැයි ගැනීම, පාණාතිපාතය. ඊළඟට දැන් අවිද්‍යාව, අදත්තාදානය සහිතව ජීවත් වෙනවා කියන එක. ඊළඟට කාමයේ වරදවා හැසිරීම, කාම සඤ්ඤාව, එහි අභිනිවේසය, ඇලීම කියන එක. එතකොට මේ තුන අරකට ඇදෙනවා කියන එක, ඒක මම නැවතත් බැලුවා, ඉතින් බොහොම හොඳට තියෙනවා එතන ඒ භාවනාව.
ඒක කරලා ඉවර වෙලා මට ආපු දේ තමයි, මෙන්න මේ සංස්කාර කියන එක තියෙනවා නේ. ඒ සංස්කාරවලට අපි අභිනිවේසයක් කියන එක. අපි හිතමු යම්කිසි කතාවක්, වචන කතා කිරීමක් වාගේ දෙයක් කවුරුන් එක්ක හරි ඇති වෙනවා කියලා. ඊට පස්සේ ඒ සංස්කාරයන් අපි නැවතත් සකස් කරනවා. මේක මෙහෙම වුණා නම් හොඳයි, එහෙම නැත්තන් මෙහෙම නැත්තන් හොඳයි, ආදී වශයෙන් ඒ වගේ සංස්කාරයන් නැවතත් සකස් කරනවා කියන එක. එතකොට මට මෙතන ආව දේ තමයි මේ සංස්කාර අභිනිවේසය කියන එක. එතකොට ඔය පාණාතිපාතය කියන එක බුදුහාමුදුරුවෝ කියන්නේ මේක සංයෝජනයක්. මේක ම නීවරණයක් වෙනවා.
එතකොට මෙන්න මේ සංස්කාරයන් අපි ඇලිලා නැවතත් සකස් කරනවා. මෙතනින් මේ generate වෙන්නා වූ දේ තියනව නේ, දැන් මම ඒ සංස්කාරයට මගේ ඇලීම තියෙනවා. ඒ කියන්නේ පාණාතිපාතයට මම ඇලුණා ය කියන එක ම නෙවෙයි. පාණාතිපාතය කියන එක එක කෙළවරක්. ඒකේ ඉඳන් ඔය sick සඤ්ඤාව දක්වා ම ඔය ඔක්කෝම දේවල්වල ඇල්ම කියන එක තියෙනවා. එතකොට මේක නිසා මේ සංස්කාරයන් අභිනිවේස වෙනවා කියන එක තමයි, බොහොම තදින් මම ගත්තේ. එතකොට අතීත වෙච්ච සංස්කාරයන් දැන් ඉවරයි. නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේකේ ගත යුත්තක් නැහැ. කෙහෙල් බඩයක් වාගේ දෙයක්. ඒක තමයි අපේ මෝහය. ඒක අපි නැවතත් හදනවා. සංස්කාරයෙන් විඤ්ඤාණයක් ආපහු පිහිටුවනවා. සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන එකෙන් සිද්ධ වෙනවා.
එතකොට අර සංස්කාරයට අභිනිවේසය වෙලා තමයි මේ සංස්කාරයෙන් තවත් සංස්කාරයන් ඒක හදන්නේ. අතීත වෙච්ච එක නිරුද්ධ වෙලා ඉවරයි, ඒක ගැන අපි ආයේ හොයන්න යන්න ඕන නැහැ. නමුත් අපි හොයනවා. සිතනවා. කල්පනා කරනවා. ඔන්න ඔය සංස්කාර අභිනිවේසය කියන එක ඔය විදිහට වෙනවායි කියන එක කල්පනා කරලා දීර්ඝ වශයෙන්, මේක කවදා හරි නැති වෙන එක ම දේ තමයි නිර්වාණය. එතනින් තොරව ඕන ම සංස්කාරයක අපි හදපු නිසා ඕකේ අභිනිවේසය කියන එක තියෙනවා. ඔය හදපු product එකට තමයි මනුස්සයෙක් ඇලිල්ලක් තියනව නේ. හදපු product එක භාවිතා කිරිල්ලක් තියෙනවා.
එතකොට ඒක නිසා, ඒ අතීත වෙච්ච, නිරුද්ධ වෙච්ච සංස්කාරයන්, තමන් යම්කිසි දෙයක් කරලා ඉවරයි. මේක ගැන විඳීමක් විඳලා ඉවරයි. එතකොට මේ සංස්කාර අභිනිවේසයේ අර දෙවෙනි line එක, 1, 2, 3 කියලා දාලා තිබුණා නේ, ආනෙඤ්ජ සප්පායේ. එතකොට මේක පරාමාසයෙන් මේක අස්සට මේ මොහොතේ දී ඇදෙනවා කියන එක බොහොම තදින් මම බැලුවා. ඉතින් ඒක තමයි ඒ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්