Date: 30/11/2013 Name: Vimutti

ඒ උතුම් බුදුපියවරු අනුපිළිවෙළින් සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියා බුදුපියවරු 2500 නමකින් බණ අහල තියෙනවා. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2100 නමකින් බණ අහලා තියෙනවා. ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 1287 නමකින් බණ අහල තියෙනවා. ඔය විදිහට අනුපිළිවෙළින් සහම්පති බුදුපියා බුදුවරු දෙනමකින් බණ අහලා තියෙනවයි කියලා ඔය විදිහට සිහි කළා.

එතකොට මෙතෙන්දී මේ ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදවලින් පටන් ගන්නෙයි කියලා කිව්වා. ඔය හරියේ වෙනකොට ම මගේ සමාධිය බොහොම ගිහිල්ලා මොකද අර ඊයේ පෙරේදා කරපු භාවනාවන් නිසා ම මේක අරි අට මඟේ කියන එකත් එක්ක ඇති වෙලා තිබුණේ. එතකොට මේ විදිහට මේ ඡන්ද චිත්ත විරිය විමංසාවල විරිය කියන එක මම මෙනෙහි කළා ම, ඒ එක්ක ම මට අර 4 සලකුණ කියන එක මතක් වුණා. එතකොට 4 සලකුණේ කියන එකේ තියෙන්නේ පල්ලෙහායින් දෝෂ අගති ගමන, උඩින් ඊර්ෂ්‍යාව, වම් අත පැත්තට ඉන්ද්‍රිය අසංවරය, දකුණට අර ව්‍යාධිය කියන එක තියෙන එක.

s_Vimamsa_s8.jpg

එතකොට මේකත් එක්ක බැලුවා ඔය විරිය ඡන්ද චිත්ත විමංසා කියන එකත්, අර පෙරලලා බලන්න පුළුවන් නේ. ඒ කියන්නේ විරිය ව්‍යාධිය තියෙන පැත්තට, ඡන්දය ඉන්ද්‍රිය අසංවරයට, විමංසාව ඊර්ෂ්‍යාව නැති වෙන පැත්තට, ද්වේෂය නැති වෙන එකට චිත්තය. එතකොට මේක මෙහෙම කල්පනා කරනකොට මට මේ චිත්තයේ, ඒ කියන්නේ දැන් විරියෙන් නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසාව. ඡන්දයෙන් අපි නිර්වාණයට මනස යොමු වෙලා තියෙනවා. එතකොට ඉන්ද්‍රිය අසංවරය එහෙන් ඇති වෙනවා. මේක නිසා මේ මට දෝමනස්සයන් එහෙම පවතින්නේ නැතෙයි කියන එක එනවා.

ඒකත් එක්ක ම මේ චිත්තයට එනකොට, එතකොට තමන්ට කල්පනා වෙනවා, මේ චිත්ත ඉද්ධිපාදය. ඒක එන්න නම් ඉතින් මෙත්තාව කියන එක තියෙන්න ඕනේ කියන එක. මට මේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර ඒ diagram එක මතක් වුණා. ඒකේ අර මේ පෙර වූ මෝහය, මේ sick සඤ්ඤාව මගේ කියලා අරගෙන ජීවත් වීම, පාණාතිපාතය කියන එක. එතකොට මෙන්න මේ වෙලාවෙ දී මේ සියල්ල ම මේ ස්ත්‍රී පුරුෂභාවය කියන එක, ඇසූ දේවල්, කිව්ව දේවල්, දුටු දේවල්, නොදුටු දේවල් මේවා සියල්ල ම මේ සංස්කාර වශයෙන් මම මෙනෙහි කළා. මෙනෙහි කරලා තමයි මම මේ මෙත්තාව පැවැත්තුවේ, මේ පුද්ගලයා කියන එකට නෙවෙයි, මේ සංස්කාර වශයෙන් සිද්ධ වන්නා වූ දේවල්වලට.

ඉතින් මේ වෙලාවේ දී මට තේරුණා එතකොට විමංසාවත් වෙලා තියෙනවා ය කියලා. මොකද, අර පෙර වූ මෝහය නිසයි මේ ථීනමිද්ධ සහගත අවස්ථාවේ දී අර ගත්ත දේවල් තමයි, මේ වෙලා තියෙන්නේ කියන එක, විමංසාවක් තියෙනවයි කියන එක. අන්න ඒ වෙලාවෙ දී මම අර රේඛාවක් දැක්කා අර විරියේ ඉඳන් අර විමංසාවට. විරියේ ඉඳන් විමංසාවට, එතන ඒ කෑල්ලක් මම දැක්කා. ඒ කෑල්ල දැක්ක ගමන් එතෙන්දී මට කල්පනා වුණා, මේක මේ විරිය කියන එක අපි භාවිතා කරන්නේ, තුන් ආකාරයි කිව්ව නේ. රූපය මගේ නොවෙන්න විරියක් තියෙනවා. සඤ්ඤාව මගේ නොවෙන්න විරියක් තියෙනවා. තුන් වෙනි එක, සංස්කාර මගේ නොවෙන්න විරියක් කියලා. ඉතින් කෙළීන් ම ඒකත් එක්ක අපි අර ඊයේ කියලා දීපු diagram එක තිබුණ නේ, කාමරාග අනුසය ගැන. එතකොට ඒ කාමරාග අනුසයේ කෙළීන් ම කතාව මට දැන් ලස්සනට පේන්න ගත්තා. මේ සංස්කාරවලට නිත්‍යයි කියලා අගයක් දීමක් මෙතන තියෙනවා. ඒ උඩින් සුඛයි කියන එක පරාමාසයට ඇවිල්ලා තියෙනවා.

එතකොට සංස්කාර නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වෙනවා. අරකෙන් සුඛයි කියලා පරාමාසයට ආපහු ඇතුල් වෙනවා. එතකොට පරාමාස වෙද්දී සුඛ සහ නිත්‍යභාවයයි කියලා මට ආවා, බොහොම තදට ආවා ඒක. ඒක ඒ සංස්කාරයෝ කියන කතාවේ ඔක්කොගේ ම තියෙන්නේ මෙච්චරයි කියන එක. ඉතින් මේක ඉහළ ධර්මයක් කියන එක ඒ බුදුපියාණන් වහන්සේ පැවසුවා. මේක තමයි විමුක්තිය, මේකේ නම. ඒ තරම් ගැඹුරට ගියා ඒ භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg


s_Vimamsiddipada/s_Vimamsiddipada-06.jpg