උතුම් බුදුපියවරු මම සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියා බුදුවරු 2500 නමකින් බණ අහල ඉන්නවයි, ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2100 නමකින් බණ අහල දෙවැනි ශ්‍රේෂ්ඨ වන බුදුපියාණන් වහන්සේ වශයෙන් ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා.
ඒ සිහි කළාට පස්සෙ, මම ඡන්ද චිත්ත විරිය විමංසා, ඒ කියන්නේ ඉද්ධිපාදයන්වලට යන එක තියෙනවා නේ දැන්, චතුත්ථධ්‍යානයට යමි කියලා කියන අවස්ථාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරලා චතුත්ථධ්‍යානයට යමි කියන අවස්ථාවේ දී මට එකපාරට ම සිහි උණා. මොකද, දැන් ඔය භාවනාව බොහොම කාලයක් තිස්සේ කරලා, අර මේ දෙක අතර කොට වෙලා යනවා නේ, ඒ දෙක අතර මොකක්වත් නැතිව. එතකොට මේක නිසා ඇති වන්නා වූ සමාධිය කියන එක, ඒකත් එක්ක මට බලන්න ඕනෑයි කියලා සිතක් ආවා. ඒ සිත ආවා ම රහතන් වහන්සේ කිව්ව, “ඒක හොඳයි කියලා එතන. එහෙම බලන එක.”
එතකොට දැන් මම මේක බලනකොට මම කල්පනා කරන්න පටන් ගත්ත. දැන් අපි ඡන්ද සමාධිය කියන එක තියෙනවා නං, ඉද්ධිපාදය තියෙනවා නම්, නිර්වාණයට කියන එකට අපේ මනස යොමු වෙලා තියෙනවා. ඒක නිසා, මම ඔය නෙක්ඛම්මය කියන එක පවත්වනවා. ඒකෙන් මට නිර්වාණය කියන එක පමණක් අරමුණු වෙනවා.
ඊට පස්සේ දැන් මේ ඡන්ද සමාධියෙන් අපි දන්නවා චිත්ත සමාධි, මට කල්පනා වුණේ මෙතැන දී, මේක නිසා අර සල්ලය කියන එක නැසෙනවා. ඔන්න ඕකයි මම අල්ල ගත්තේ. මේ සල්ලය කියන එක නැසෙනවා කියන එක. අර හතර සලකුණේ කතාවත් එක්ක එනවා මෙතන, සල්ලය කියන එක මම නසනවා කියන එක.
එතකොට මේ සල්ලය නසනවා කියන එක ඡන්දයෙන් කතාව දැන් හරි. නෙක්ඛම්මය ඒක හරි. කබලිංකාර අහාරය නිසා ඇති වන ඒ ප්‍රශ්නය හරිය කියන එක. ඊට පස්සේ ඡන්දයෙන් චිත්ත සමාධියට එනකොට චිත්ත සමාධියේ දී මම කල්පනා කළා, මේකෙන් මට මේ ද්වේෂ සල්ලය තමයි නැති වෙන්නේ.
ද්වේෂ සල්ලය කොහොම ද නැති වෙන්නේ? අර සුඛයි කියන එක මම ගන්නෙ නෑ. සුඛයි කියන එක මම ගන්නෙ නැතෙයි කියන එක, ඔය පාළොස් චරණ ධර්මවල තිබෙන්නා වූ අර ආහාරයේ ප්‍රමාණය දැනගෙන ගන්නවා කියන අර්ථයත් එක්ක ම තමයි ඒක මගේ සිහියට ආවේ. මේක, එක කෑමක් කාල, තව කෑමකකට මීට වඩා හොඳට රසට කන්න ඉන්නවා කියන කතාවක් කරන්නෙ නැතෙයි කියන අර්ථය තියෙනවා. එතකොට අර ව්‍යාපාදයෙන් වෙන්නා වූ කොටස එතන නැහැ. එතකොට ඒක නැති නිසා මෙතන චිත්ත සමාධිය මට මෙතන තියාගන්න පුළුවන් උණේ. ඒක නිසා මට ද්වේෂයක්, මෙහෙම සල්ලයෙන් දැවෙන්නේ නැතෙයි කියන එක එනවා. එතකොට වේදනාව අල්ලගෙන මේකෙ ඉන්නේ නැතෙයි කියලා.
දැන් වේදනාව අල්ලගෙන මේකෙ ඉන්නේ නැති වුණාට, ඊට පස්සේ මට දැන් කල්පනා වෙනවා. නමුත් මේ වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන් අපි අල්ලගෙන ඉන්නව නේ. දැන් එහෙම නම් මේ චිත්ත සංස්කාරයේ ප්‍රශ්නය දැන් මට කල්පනා වෙනවා. එතකොට ඒ කතාව එනකොට මට පේනවා. ඔව් අන්න ඒක නිසා තමයි අපිට විමංසා සමාධිය කියන එක අවශ්‍ය වෙන්නේ, විමංසා සමාධිය නැත්තන්, ඒ සංස්කාරවලින් හැදෙන එක ආපහු මේ පැත්තට එනවා.
එතකොට දැන් එහෙම නම් හරි එහෙම නම් අර ඉද්ධි diagram එකේ එන්නා වූ දේත් හරියට ම හරි. මොකද, චිත්ත සමාධියෙන් තමයි විමංසා සමාධියට යන්නෙ.
එතකොට ඒ විමංසා සමාධිය පවත්වන්න අර මෙත්තාව කතාවත් ඔක්කොම එනවා මේ භාවනාවේ තියෙන. විමංසා සමාධියෙන් මටවත් හානියක් වෙන්නේ නැතුව කාටවත් හානියක් වෙන්නේ නැතුව අර ඉන්නා වූ අවස්ථාව කියන එකට එනවා. අර මව් කුසටත් ගියොතින් ඒ අම්මටත් වදයක් දෙනවා නේ. ඒ අර්ථය තියෙනවා.
එතකොට මේ විමංසා සමාධියේ ඉඳගෙන, දැන් කල්පනා කරනවා මම. මේ පැත්තෙන් මම එන්න දෙන්නේ නැති වුණාට, තවත් මොකක් හරි එකක් වෙනව නේ. සංස්කාරවලින් දැන් මං කතා කරනවා. මේ පැත්තේ මේ සංස්කාරවලින් මේ සුඛයි කියලා එකක්, දැන් සුභයි කියලා අරගෙන නිත්‍ය වෙලා පරාමාසයට ආපු එකක් තියෙනවා. එතකොට දැන් මේ සංස්කාර කතාව, මං මෝහ සල්ලයේ කතාව මම මේක කැපුව වුණත්, තවත් මගේ මේ සිතට වද දෙන්නා වූ සිත ඇති කරන්නා වූ යම් වූ ධර්මයක් මෙතන තියෙනවා කියලා. එතකොට මේක මම බලාගෙන යනකොට මට පේනවා, මෙයා තමයි පරාමාස. පරාමාසය කියන එක්කෙනා කොහොම කළත්, අර කෑලි දෙක නැති උණත්, මෙයා විසින් මේ කතාව කරනවා. සංස්කාරය කපන්න පුළුවන් දැන්. පරාමාසය තාමත් මේ වැඩේ කරනවා කියන එක මට එනවා. ඉතින් දැන් ඔය පරාමාස කියන එකෙන් එන එක නවත්තන්න, දැන් විරිය ඉද්ධිපාදය කියන එක භාවිතා කළහම, මට මේ සංස්කාරවලින් මේ පැත්තට flow එක එන එකයි මම මේ නවත්තන්නේ.
පරාමාසය කියන එක මෙතන නවතිනවා. ඉතින් දැන් මං මේ වෙලාවෙදි රහතන් වහන්සේගෙන් ඉල්ලුවා, මේ ලෝකයේ මේ මනුෂ්‍යයන්ටත් දෙවිවරුන්ටත් බ්‍රහ්මයන්ටත් තුන් කට්ටියට ම ගැළපෙන්නා වූ උදාහරණයක් මට දෙන්න කියලා. එහෙම නැත්නම් මේ මනුස්සයන්ටත් දෙවිවරුන්ටත් ගැළපෙන්නා වූ උදාහරණයක් එහෙම නැත්තන් මනුෂ්‍යයන්ටත් පමණක් හෝ ගැළපෙන්නා වූ උදාහරණයක් මට දෙන්න කියලා. ඒ පාර කිව්වා, “තුන්ලෝකාග්‍ර වූ තථාගතයන් වහන්සේ, මේ තුන් ලෝකයට ම ගැළපෙන්නා වූ දේ තමයි කිව්ව, තමා කියන එක. තමා කියන එක තමයි කිව්ව මෙතන උදාහරණය.”
ඉතින් අර පරාමාසයේ තිබුණේ තමා කියන එක නේ. පරාමාසයේ ඉඳලා ඇවිල්ලා තියෙන්නෙ මෙතන තමා කියන එක. තමා නිසා මේක වෙනවා කියන එක. ඉතින් එතකොට පරාමාස කියන එක නැති වෙන්නෙ මොකද? අර සම්‍යක්ප්‍රධාන විරිය. සඤ්ඤාව මගේ නොවෙනවයි කියලා ගන්නා වූ විරිය. ඒකෙන් තමයි ඔය පරාමාසය, ග්‍රන්ථ line එකේ තියෙන්නා වූ ඒ පරාමාසය කියන එක එහෙම කැපෙන්නේ ඒ විරියෙන්. එතකොට තුන් වෙනි විරිය. තුන් වෙනි විරියේ තියෙන්නේ, සඤ්ඤාව මගේ නොවෙන්න. සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන්නේ, සඤ්ඤාව මගේ නොවෙන්න.
ඒ සඤ්ඤාව මගේ නොවෙනවා නම්, මේක, මේක කරගන්න පුළුවන්. අන්න ඒකයි මේ භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්