Date: 04/12/2013 Name: Iddhipada vibhanga bhavana

එතකොට ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිට සහම්පති බුදුපියා දක්වා ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව සිහි කළා. ද්වේෂය නැති කරමි කියනකොට “මෙතනින් පටන් ගන්න” කිව්වා.

සම්මා වාචා diagram එකත් එක්ක මම අර sick වෙලා තියෙනවා නම්, ද්වේෂය ඇති වෙනවා කියන එක මම කල්පනා කළා. ඒක කල්පනා කරපු හන්දා මට මේ ඉද්ධිපාද එකේ භාවනාව නේ මට ඕනේ. එකපාරට ම මට මේක එන්න පටන් ගත්තා, මොකද මේ හතරේ සලකුණ කියන එක මට මතක් උණා. මේක sick වෙලා තමයි මේක සිද්ධ වෙන්නෙ කියලා.

s_Vimamsa_s8.jpg

එතකොට, ඒ සූත්‍රයේ දී දැන් ඔතන විරියක් භාවිතා කරනවා නේ sick වන එක, අපි දන්නවා නේ හතරේ සලකුණෙන් ඒක නැති කරගන්න. එතකොට ඒකෙදි පළවන විරියේ දී ගත්තහම අර රූපය ස්පර්ශ නොවෙන්න තියන විරිය. එතකොට මේක සම්බන්ධ වෙනවා “අතිලීනො ඡන්දො” කියන කතාව. ඒ කියන්නේ කොසජ්ජය වෙනවයි කියලා දැනගෙන, රූපය ස්පර්ශ වෙලා මට ඇති වන්නේ කොසජ්ජය ඇති වෙනවා කියලා දැනගෙන, ඔන්න පළවන එකට ඒ ඡන්දය භාවිතා කරනවා. එතකොට ඒක භාවිතා කළහම දැන් ඒ ඡන්දය එහෙනම්, අපිට මෙතැන දී ඒ විරිය භාවිතා කිරීම හේතු කොටගෙන අපිට ඡන්ද සමාධිය කියන එක ඇති වෙනවා, අර ඉන්ද්‍රිය අසංවරය නැති වෙනවා.

ඉන්ද්‍රිය අසංවරයේ දී අපි දැනගන්න ඕන, මේ උද්ධච්චය නිසා අපිට ඇති වන්නේ දෝමනස්සයයි කියන එක. බොජ්ඣඞ්ග slide එකේ අපි දැක්ක නේ. ඒ මානයෙන් අශ්‍රද්ධාව වෙනවා. ඒ කතාව එහෙම තියෙනවා නේ නේ ද? එතකොට බොජ්ඣඞ්ග slide එකත් එක්ක උද්ධච්චයෙන් දෝමනස්සය ඇති වෙනවා කියන එක අපි තේරුම් අරගෙන, මේක භාවිතා කරනවා. එතකොට ඒක නේ ඒ දෙවන කාරණය හැටියට තියෙන්නේ. ඒ කියන්නේ මේකේ, මොකක් ද, overly active කියලා කියන්නේ? “අතිපග්ගහිතො ඡන්දො” කියලා කියන්නේ, තදින් ගත්තයි කියලා. ඒ දෙවන කාරණයට තියෙන්නෙ ඒක. එතකොට දෙවන කාරණය ඒ විදිහට නැති වෙන්න ඕන.

ඊළඟට තුන් වන කාරණයට එනවා, “අජ්ඣත්තං සංඛිත්‌තො” කියලා. ථීනමිද්ධය. ථීනමිද්ධය තියනකොට sick සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් තමයි මේක සිද්ධ වන්නේ. ථීනමිද්ධ කතාව. නේ ද? එතකොට දැන්, ඒකට තමයි මේ තුන් වන එක කියලා තියෙන්නේ. හතරේ සලකුණ ඒක නැති වෙන්න තමයි එතන ඒක භාවිතා කරන්න ඕනෙ කියන එක.

ඊළඟට හතර වන එකට තියෙනවා, මෙතන ඇවිල්ලා, වික්ඛිත්තො. “වික්ඛිත්තො ඡන්දො” කියලා පංචනීවරණයන් තියෙනවා නම්, වෙනවා කියන එක තියෙනවා නේ. පංචනීවරණයන්ගෙන් තියෙනවා නම්. ඉතින් මේ අපි දැන් මේ slides වලින් බැලුවේ මොකක් ද? මේ සම්මා සමාධිය තුළ මේ අස්මිති මානය කියන එක තියෙනවා කියන එකයි. මේකේ පෙන්නුවේ, අවසානෙට බැලුවා ම. එතකොට, විමංසාවේදි තමන් දැනගන්නවා මේක තුළ මේක පවතිනවා කියලා. එතකොට හතර වන කාරණය, ඊර්ෂ්‍යාවත් කියන කෑල්ලත් එක්ක එතන ඒක එනවා. හරි නේ?

එතකොට ඊළඟට කාරණා ටික ගත්තහම ලියාගත්තා A, B, C, D කියලා, පෙර මෙන් ම පසුව කියලා තියෙනවා නේ. එතකොට පෙර මෙන් ම පසුව කියන එක එතකොට, A කියන එක මෙතනට එනවා. කාමරාග අනුසය නිසා මේ කෑල්ලක් එකතු කරනවා කියලා අපි පැහැදිලි කරා නේ. අන්න ඒක තමා මේ තියෙන්නේ. A කියන එකේ.

ඊළඟට B කියන එකේ තියෙන්නේ කොහොම ද උඩයි යටයි කියන එක. එතකොට මෙතන ලස්සනට එනවා මේ ඡන්ද සමාධියේ තියා ගන්නවා නේ, දැන් ආහාරයේ පටික්කූලතා සඤ්ඤාවත් එක්ක කබලිංකාර ආහාරයත් එක්ක නේ එන්නේ. මේක දෙතිස් කුණුපයයි කියලා තමන් දැනගන්න ඕන. උඩ ඉඳන් යට, යට ඉඳන් උඩ, වෙනසක් නොවන්න ඕන මේක දෙතිස් කුණුපය තමයි කියන එක.

ඊළඟට තුන් වන එකට තියෙනවා, අර දවසයි, “යථා දිවා තථා තත්‍ර” කියලා කියන්නේ, තත්‍ර රාත්‍රී කියලා. ඒ කියන්නේ මේක පටිච්චසමුප්පන්නව ම මේක සිද්ධ වෙනවා කියන එක දැනගන්න ඕන මේ තුන් වන තුන් කාලයට ම. නැත්නම් ඔයා මේ ද්වේෂ සල්ලය කියන එක ඔයාගේ ඇති වෙනව නේ. ඒක නැති වෙන්න ඕන නේ. එතකොට ඔයා දැනගන්නවා මේ තුන් කාලයට ම මේක මේ විදිහට ම තමයි සිද්ධ වන්නේ. තුන් කාලයට ම ඒක ඇති වෙනවා කියලා.

ඊළඟට හතර වන එකට කියනවා, ආලෝකය මෙනෙහි කරනවා කියලා. මේ brighten mind එකකින් මේ විදිහට ආලෝකය භාවිතා කරනවයි කියන එක. Perception of light. එතකොට මේක තමයි අපි මේ diagram එකේ last one එකේ පෙන්වන්නේ. ඒ කියන්නෙ අවසාන diagram එකට ඉස්සෙල්ලා පෙන්වන්නේ, මේ සංස්කාර කියන එක ඇවිල්ලා මේකේ සමුදය කියන එක අපි දැනගන්න ඕන. මේ සංස්කාරවල සමුදය. සංස්කාරවල සමුදය දැනගෙන මගේ නොවීමට, ඒ කියන්නේ මේ අපිට ඇති වෙනවා නම් ඇති වන්නේ අස්මිති මානය කියලා දැනගෙන, ඒ කියන්නේ පරාමාසය තුළ මේ මම වෙනවා කියලා දැනගෙන, විමංසාවෙන් මේක නොවන්න පවත්වනවා කියන එකයි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg