Date: 05/12/2013 Name: Vicikicca bhavana - Thinamidda

ඒ උත්තරීතර බුදුපියවරු සිහි කළා. ඒ උත්තරීතර මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහල තියෙනවා. ඒ ලෝකයේ ඉන්න උත්තරීතර ශ්‍රේෂ්ඨතම පළවන බුදුපියා වශයෙන්. ඊට පස්සේ ඒ දෙවන බුදුපියා වශයෙන්, ඔය විදිහට දාහතර නම ම සිහි කළා. සහම්පති බුදුපියාණන් වහන්සේ බුදුවරු දෙනමකින් බණ අහල තියෙනවා, ශ්‍රේෂ්ඨතම දාහතර වන බුදුපියා වශයෙන් කියලා.

මෙහෙම කියාගෙන මෙනෙහි කරගෙන ඊට පස්සේ, තුන් වන එකේදි තියෙනවා නේ මෝහය නැති කරමී කියන එක. මෝහය නැති කරමී කියනකොට අර මට අදහස දුන්න මේකයි අනිත් එකයි දෙක ම. පංචනීවරණ යටපත් කරමි කියන එකත් එක්ක බලන්න කියන එක.

එතකොට ඒ පංචනීවරණයන්ගෙන් මම සිහි කරන්න ගත්තේ, ඔය ඉහළ වූ අර තියෙනවා නේ ධර්මයන් රූපරාග, අරූප රාග කියලා. ඒ විදිහට තියෙනවා නේ. ඒ කොටස් ටික මම පොඩ්ඩක් බලලා, එතන විචිකිච්ඡාව කියන එක මම අල්ල ගත්තා. පංචනීවරණ යටතේ.

එතකොට ඒ විචිකිච්ඡාව කියන එක, ඒක තියෙන තැන ඔයගොල්ලෝ දන්නවා. විචිකිච්ඡාව අර කතිරය වැටිලා එහා කෙළවරින්, එතනින් පල්ලෙහාට එන්නේ භයේ අගතියට. භයේ අගතියට ආවහම ඒක යන්නේ වේදනාවට තියෙන තැනට. භයේ අගතියේ ඉඳන් වේදනාවට. හරි නේ?

වේදනාවේ ඉඳන් ආපහු යන්නේ ඡන්දයෙන් අගතියට. එතකොට ඡන්දයෙන් අගතියට යනවා කියන එක, ඒක එනකොට එතෙන්දි මම බැලුවා මේ වේදනාව, දෙපැත්තකට ගමන් කිරීමක් තියෙනවා.

එකක් තමයි ඡන්දයෙන් අගතියට මේ පැත්තට එනවා. අනිත් පැත්තට මේ චේතනාව පැත්තට යනවා. අර නාමරූප බෝල කූඩුව හැකිළෙනවා වගේ කියලා. එතකොට කෑලි දෙකකට මේක සිද්ධ වෙනවා කියලා. එහෙම සිතුවහම දැන් මං කල්පනා කළා, මේ ඡන්දයෙන් අගතියට යනකොට, ඉන්ද්‍රිය අසංවරය කියන එක ඔතන තියෙනවා. ඉන්ද්‍රිය අසංවරය තිබිලා තමයි ඔය ඡන්දයේ අගති ගමන කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඒ හතරේ කෑල්ල ඔතන මතක් වෙනවා. එතකොට දැන් එතනින් එනවා ඉන්ද්‍රිය අසංවරය කියන එක ඇති වුණා නම්, ඒ කියන්නේ විඤ්ඤාණය අපි පිහිටන්න ඉඩ දෙනවා. මෙතන අර සළායතන හදනවා කියන කතාවත් එනවා. විඤ්ඤාණය පිහිටන්නට අපි ඉඩ දෙනවා කියන එක තියෙනවා. විඤ්ඤාණස්ථිතිය කියන එක ඇති වෙනවා.

එතකොට මට එනවා, රූපය කියන එකට එහෙම නම්, මේ විඤ්ඤාණස්ථිතිය කියන එක ඇති වෙලා තියෙන්නේ, මේ කිව්ව කතාවෙන්. කොහොම ද? මෙතන තිබෙන්නා වූ භයෙන් අගතියට ගිහිල්ලා, එතනින් අපි යනවා වේදනාව හරහා රූපයට. අන්න ඒ විදිහටයි විඤ්ඤාණයේ ස්ථිතිය කියන එක ඇති වෙලා තියෙන්නේ. පල්ලෙහාට දැම්මට ඇති වෙලා තියෙන්නේ මෙතනින්. ඒ කියන්නේ දිට්ඨි අනුසය මගින් තමයි අතන විඤ්ඤාණස්ථිතිය කියන එකට එතන ගිහිල්ලා තියෙන්නේ.

ඊළඟට මට එනවා මේකට එක කාරණයක් විතරක් නෙමෙයි, මේකත් එක්ක මේ පැත්තෙන් ගියා වූ අර නාමරූපයෙන් එන්නා වූ චේතනාව කියන එක එතන පවතිනවා කියලා. එතකොට දැන් මට එනවා, මේ සැකය කියන එක හැදිලා තියෙන්නේ ඔය ථීනමිද්ධයයි කුක්කුච්චයයි තමයි සැකයේ සමුදය.

එතකොට මේ ථීනමිද්ධය කියන එක කෙනෙකුට ඇති වුණා ම, ඒ කියන්නේ විඤ්ඤාණය පිහිටෙව්වා නම්, ථීනමිද්ධය කියන එක ඇති වෙනවා. ඒකේ සැකයක් නැහැ. එතකොට ථීනමිද්ධය ඇති වුණා නම්, ථීනමිද්ධය දැන් නැති වෙනවා නම්, ඒ කියන්නේ ථීනමිද්ධ අවස්ථාවේ දී මෝහයෙන් තීරණය අරගෙන තමයි මේ ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මට කල්පනා වෙනවා එහෙනම් ථීනමිද්ධය කොහොම ද නැති වන්නේ?

ථීනමිද්ධය නැති වෙනවා ආලෝකය මෙනෙහි කළා ම. අර ඊයේ අපි කතා කරපු ප්‍රශ්නය. ආලෝකය මෙනෙහි කළා ම ථීනමිද්ධය නැති වෙනවා.

එතකොට අර මෝහයෙන් ගන්න විදිහක් ඇත්තේ නැහැ. තීරණයක් ගන්න බැහැ, මේක මගේ කියලා. එතකොට ථීනමිද්ධය නැති වෙන්න නම් මට එහෙනම් කල්පනා වෙනවා, ව්‍යාපාදය කියන එක නැති වෙන්නට ඕන. ව්‍යාපාදය කියන එක නැති වෙනවා කියලා කියන්නේ, තමන්ගේ අර විඤ්ඤාණය අතන පිහිටන්න ඉඩ දුන්නේ නැත්නම් නේ ඕක සිද්ධ වන්නේ. ඒ කියන්නේ අභිජ්ඣා කියන එක නොවන්න ඕනෙ. අභිජ්ඣා උණා නම් ව්‍යාපාදය කියන එක ඇති වෙනවා.

එතකොට ථීනමිද්ධය නොවෙන්න, ව්‍යාපාදය ඇති නොවන්න ඕන. එතකොට අභිජ්ඣා ඇති නොවන්න ඕන කියන එක අර මේකේ අනිත් පැත්තටත් දැන් පේනවා. අර උඩින් සාරම්භයත් එක්ක මෙහෙම ගිහිල්ලා ඒකෙන් යනවා නේ අභිජ්ඣාවට. එතකොට ඒ සැකයත් එක්ක. සැකයකට ආවායි කියන්නේ මට සංස්කාර වෙලා competition එක ඇති වෙලා ඉවරයි. ඒකත් එක්ක අභිජ්ඣාවට යනවා කියන කතාව තියෙනවා.

එතකොට, ථීනමිද්ධය වෙන්නේ නැත්නම්, මට මේ ප්‍රශ්නය නැතෙයි කියන කතාව ආවා. ඒ කියන්නේ ආලෝකය මෙනෙහි කරනවා නම්, එහෙනම් මේක නැහැ.

එතකොට අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා. හතර වන කෑල්ල උඩ කෙළවර විමංසා ඉද්ධිපාද, මේවා ගන්නේ නැතිව ඉන්නවා කියලා. මේක ආවාට පස්සේ බොහොම හොඳයි. ආලෝකය හොඳට පවතිනවා. ආලෝකය මම මෙනෙහි කළා ඒ වෙලාවෙ. ඊට පස්සේ මට කල්පනා උණා ඔය පල්ලෙහා කෑල්ල ඇති වන්නේ, උඩ අර කාමච්ඡන්දය අර belt එක තියෙනව නේ, උඩ තියෙන belt එක, කාමච්ඡන්දය. අර සාත අසාත කියන එකත් ඔතන ආවා. මොකද මෙතැන දී මේක සාතයි කියලා අර රූපය කියන එකයි, ඉෂ්ට වස්තුවයි, වේදනාව සුඛයි කියන කතාව දෙක උඩ තමයි යන්නේ. එතකොට මෙයා මේ චිත්ත සංස්කාර, සංස්කාර බිඳෙයි කියලා භය වෙවී හද හදා ගිහිල්ලා තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට මේක තමයි මෙයාට මේ සැකය ඇති වෙලා තියෙන්නේ. “කොධො මොසවජ්ජඤ්ච කථංකථා ච” ඒකෙන් සැකය ඇති වෙනවා කියන කතාවත් දැන් මෙතන හොඳට පැහැදිලියි.

මේ උඩ belt එක හින්දා අපි දැනගත්තා, අර පල්ලෙහා නන්දිය කියන කෑල්ල ඇති වෙනවා කියලා. ඒ කෑල්ල ඇති වුණා නම් එහෙම නම් මට එතනින් පල්ලෙහා නන්දිය කියන කෑල්ල ඇති වුණා නම් මට ඇති වෙනවා, ඒ කියන්නේ ආවාසමච්ඡරියයි ඊළඟට එනවා ධම්මමච්ඡරියයි කියලා. එතකොට මෙතන මේ ආවාසමච්ඡරියේ කතාවේ තියෙන්නේ අර විඤ්ඤාණය පිහිටන්න ඉඩ දුන්න. එතන විඤ්ඤාණය පිහිටලා එතන ආවාසයක් උණා. විඤ්ඤාණස්ථිතියකට ඉඩ දුන්න නේ. මේක මගේ අරගෙන. එතකොට ඒක නිසා ආවාසය උණා.

ආවාසය වෙච්ච ගමන් දැන් ඒක සඳහා ධර්මය. ගෙයක් හදාගත්ත නම්, පවත්වන්න ඕන. අන්න ඒ විදිහට ආවාසමච්ඡරියෙන් ධර්ම මච්ඡරියෙන් එතන ඒ triangle එකේ කෑල්ල එනවා.

ඊළඟට ගත්තහම මේ රූපය, මේක ලාභයි කියලා ගත්තා. ඒක නිසා අර වණ්ණමච්ඡරිය. ලාභයි කියලා ගත්තට පස්සේ එතන ඇති වෙනවා.

දැන් ඊළඟට එනවා, මෙතන මේ කෑල්ලේ උඩ triangle එකේ, ඒ කියන්නේ චේතනාවයි, වේදනාවයි, පරාමාසයයි අතර එතන ඒ triangle එක ආවහම, ඒක නිසා පල්ලෙහා triangle එක. මොකක් ද ඒ triangle එක? වේදනාවයි, පරාමාසයයි, භයෙන් අගතියට යනවායි කියන එකයි. එතකොට ඒ triangle එක හැදෙනවා. මේ triangle එක ඇතුළේ මං දන්නවා කොසජ්ජය තියෙනවා පල්ලෙහා triangle එකත් එක්ක.

උඩ ගත්ත triangle එකේ හරියට ම අර මිද්ධය තියෙන්නේ අර රේඛාවෙ නේ. මිද්ධය තියෙන තැන දන්නවා නේ. වේදනාවේ ඉඳන් චේතනාවට යන්නා වූ රේඛාවේ. එතකොට ඒකේ තියෙනවා මෙතන මිද්ධය. මේක ඇවිල්ලා කොසජ්ජය කියන එක මේකට ඇවිල්ලා තියෙනවා කියන එක මෙතනට එනකන් ආවා. රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වා ඔතනට ආවට පස්සේ.

භාවනාවේ තව මැද්දේ කෑල්ලකුත් තියෙනවා. අර ථීනමිද්ධය කියන එක ඇති වුණාට පස්සේ, ඒ ථීනමිද්ධයෙන් ඕක අපි එනව නේ දැන් අර මෝහ කතාවට ඇවිල්ලා නේ ඉන්නේ. එතකොට දැන් මං දන්නවා ථීනමිද්ධය ආවා නම්, ථීනමිද්ධයෙන් මට දැන් නිත්‍යයි කියලා කතාවක් දීල නේ. නිත්‍යයි කියන කතාවක් දීල අර සඤ්ඤාව කතාවකට යනවා. නේ ද? ඒ සඤ්ඤාවට කාමරාග අනුසය හරහා යන එක මම මේ කියන්නේ.

එතන නිත්‍යයි කියලා ආවට පස්සේ මේ සංස්කාරය. දැන් ඒක නිසා අපි යනවා අර සාරම්භය තියන කෑල්ල හරහා ඔය පරාමාසයට. ඒ පරාමාසයෙන් ඔයා එනවා මේ පල්ලෙහා තියන ද්වේෂ අගති ගමනට. ද්වේෂ අගති ගමනට ආවයින් පස්සේ ඔයාට පේනවා, ද්වේෂ අගති ගමනින් ඔයා යනවායි කියලා උඩ අභිජ්ඣා කියන කෑල්ලට. එතකොට මට ඔතන අර කෑලි පාර්සලය ම මතක් උණා.

ඒ අභිජ්ඣාව ඇති වුණා ම, reflect වෙලා මං ආපහු උද්ධච්චයට එනවා. දැන් එතකොට ථීනමිද්ධය උණාට පස්සේ උද්ධච්චය ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. උද්ධච්චය උණාට පස්සේ ආපහු කුක්කුච්චය. උද්ධච්චය, මක්ඛය, කුක්කුච්චය. ඔය විදිහට නේ ඇති වෙන්නේ. ඊළඟට අර මෝහ තීරණය මෙතන.

අන්න එතැන දී මම කල්පනා කළා, මේ ථීනමිද්ධ අවස්ථාවේ දී මං ඕක ගත්තේ නැති නම්, මට මේ කතාව නැහැ. ඒ කියන්නේ අපි ඉන්නේ නිතර ම ථීනමිද්ධ අවස්ථාවෙ නේ. අන්න එතැන දී මං මේක ගන්නේ නැති වෙනවා. ගන්න නැති වෙන්න නම් මම ආලෝකය මෙනෙහි කරගෙන ඒක පවත්වන්න ඕන. ථීනමිද්ධය මට නොපවතිනවා කියන එක. එතන ඒ කෑල්ලත් මගේ භාවනාවේ දී connect උණා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Vimamsiddipada/s_Vimamsiddipada-06.jpg


s_Vimamsiddipada/s_Vimamsiddipada-07.jpg


s_Vimamsiddipada/s_Vimamsiddipada-08.jpg