Date: 06/12/2013 Name: Susamaraddha- Iddhi bhavana

ඒ උතුම් බුදුපියවරු සිහි කළා අනුපිළිවෙළින්. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ බුදුවරු 2500 නමකින් බණ අහල ඔය විදිහට. ඔය විදිහට ඒ දාහතර නම ම පිළිවෙළට මෙනෙහි කරගෙන ගියා. එහෙම මෙනෙහි කරගෙන ගිහිල්ලා ඒ සහම්පති බුදුපියාණන් වහන්සේ බුදුවරු දෙනමකින් බණ අහල තියෙනවා, ලෝකේ ශ්‍රේෂ්ඨතම උත්තරීතර බුදුවරුන්ගෙන් දාහතර වන බුදුපියා වශයෙන් සිහි කළා.

සිහි කරලා ලෝභය නැති කරමී කියලා කියනවා නේ. එතැන දී මට අදහස ආවේ ලෝභයයි ද්වේෂයයි දෙක එකට භාවනා වෙන්නේ ය කියන එක. ඒ පාර මම ලෝභය කියන එක ඇති වන්නේ කොහොම ද කියන එක බැලුවා. සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව. මනාපික අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව. මෙන්න මේ කෑල්ල හේතු කොටගෙන තමයි ඔය ලෝභය කියන එක ඇති වන්නේ. එතකොට එතන ඒ belt එක කැරකෙනවා.

ඒ belt එක කැරකෙනකොට අපිට පේනවා, මේක නිසා අපිට, ඔය වට ගානක් ගහගෙන යනවා. ඒ වට ගාන ගහගෙන යනකොට දැන් දෙකක් කරකවලා එනකොට අපි දන්නවා අතන ව්‍යාපාදය දෝමනස්සය කියන එක ඇති වෙලා තියෙන්නේ. ව්‍යාපාදය කියන එක ඇති වෙලා තියෙන්නේ, ඒ කියන්නේ මේ ලෝභය කියන එක ඇතුළේ ම අර ව්‍යාපාද සහගත චිත්තයනුත්, දෝමනස්ස සහගත චිත්තයනුත්, ව්‍යාපාද සහගත චිත්තයනුත් ඒවා generate වෙලා තියෙන්නේ මේක ඇතුළේ. එතකොට මම මේ හොඳයි කියාගෙන තමයි මම මේ යන්නේ, හැබැයි මේක ඇතුළේ තියෙන්නේ මේ නරක කියන එක. දැන් එතකොට දැන් මට දන්නවා, ද්වේෂය කියන එක ඇතිවන්න නම් මේ ථීනමිද්ධය කියන එක ඇතිවන්න ඕන. ඒ කියන්නේ sickness එක, කියන එක ඇති වුණා ම තමයි සම්මා වාචා diagram එකේ අපිට මේ ද්වේෂය කියන එක ඇති වන්නේ.

එතකොට මේ ද්වේෂය ඇති වෙන්නේ, දැන් මම sick වනවායි කියන්නේ, අර ව්‍යාපාදය සහගතව ගිහිල්ලා, දැන් ඉතින් මම ව්‍යාපාදයෙන් ද්වේෂයට යනවා කියන එක, එක පැත්තකින් පේනවා. අර ථීනමිද්ධ අවස්ථාව, ඒ කියන්නේ රෝගී බව කියන එක තත්වයට පත් උණා, ඒක නිසා මම ද්වේෂයට යනවා.

දැන් මෙන්න මෙතැන දී මට කල්පනා උණේ, මේ මෙතැන දී අපි ගන්නේ අර සුඛයි කියන එකක්, අර සුභයට කියන එකට එකතු වෙලායි මට මේ සුඛය කියන එක ඇති වුණේ. එතකොට සුඛය කියන එක මට ඇති වුණා නම්, ඒ කියන්නේ මට මේ වැරදියට ගත්ත දේකට ම තමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාමරාග අනුසය විසින් මම එක්කහු කරලා තියෙනවා අර වේදනාවට, සුභයි කියන අර දේට සුඛයි කියන එක නිත්‍ය කරගෙන මම එකතු කරගෙන තියෙනවා.

එතකොට මට දැන් පේනවා, සත්‍ය වශයෙන් ම ලෝකයේ මෙතන තිබුණේ, මේ අසුභ යැයි කියන එකයි. සුභයි කියන එක නෙමේ තියෙන්නේ. එතකොට මේක කලවම් වෙලා තමයි මේ මනුස්සයට දැන් මේ සුඛය කියන එක හැදිලා තියෙන්නේ. සුඛය කියන්නේ අමුතු දෙයක් නෙමේ, අර සුභයට නිත්‍ය කියන එක එකතු වීමෙන්, සුඛය කියන එක ඇති වුණේ.

එතකොට මට කල්පනා උණා මෙතන මේ වැරදිලා තියෙන්නේ මේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා මනුස්සයට පේනවා නම්, ඉතින් ඒ කියන්නේ සුභයක් කොයින් ද? දැන් මනුස්සයෙක් ඉන්නවා, ඒ මනුස්සයා ජරාවට පත් වෙනවා. බබෙක් ඉන්නවා ඒ බබා ජරාවට පත් වෙනවා. එතකොට මෙහෙම වෙනවා නම් මේකේ සුභයක් ඇත්තේ නැහැ. මේක හරියට දැක්ක නම්, මේ දත් වැටෙනවා ය, කෙස් සුදු වෙනවා යැයි කියන ඒක හරියට දැක්ක නම්, ඒ පුද්ගලයාට පේනවා එහෙම නම් මේ සුභ කතාවක් නැතෙයි කියලා. එතකොට මේ විපරිණාමය කියන එක මෙයා තේරුම් ගත්තේ නැති හින්දයි මේක මේ සුඛ යැයි කියලා හිතාගෙන තමන් ගමන් කරනවා. සුඛයි කියලා හිතාගෙන මේකේ ගමන් කිරීමෙන් තමයි, අපිට මේ ඊළඟට අත්ත වෙලා, මගෙයි කියලා අරගෙන මේක තියෙන්නේ.

එතකොට දැන් මේක වැටෙනවා මගේ අර මම භාවනා කරපු, අර හතරේ diagram එකත් එක්ක. දැන් හතරේ සලකුණත් එක්ක මට වැටෙනවා. දැන් මෙතන මේ විරිය තියෙන්න ඕන නේ මේක, රූපය ස්පර්ශ වෙලා නොවන්න. ඊළඟට ගත්තහම තමන්ගේ ඡන්ද සමාධිය පවත්වා ගන්න ඕන. මෙතන දී අර අභිජ්ඣා දෝමනස්ස, අභිජ්ඣා වෙලා නේ දෝමනස්ස වෙලා තියෙන්නේ. මේක නොවන්න. එතකොට මෙන්න මේ කෑල්ල නොවනවා නම් ඔන්න දැන් මට පුළුවන් මේ චිත්ත සමාධිය කියන එක පවත්වාගෙන ඉන්න.

ඒ චිත්ත සමාධිය පවත්වන්න නම් මට මේ කෑලි දෙක අර විරියෙන් වන එකයි, ඡන්දයෙන් වන එකයි දෙක තියෙන්න ඕන. ඡන්දයෙන් වනකොට අර උඩ මෙන් ම යට කියන එක බැලුවා, ඒ කියන්නේ අර කොතන ගත්තත් මේකේ තියෙන්නේ ජරා ගොඩක් යැයි කියන එක තමන් දන්නවා. ඒකේ විපරිණතභාවය තමන්ට මේකේ එකතු වනවා. විපරිණතභාවය තමයි මේකේ තියෙන්නේ කියලා. දැන් තේරුම් ගත්තා අර්ථය, මේකට එකතු වනවා.

එතකොට මේක නිසා මේ පුද්ගලයාට මේ චිත්තයේ සමාධිය කියන එක එයාට පවත්වා ගන්න පුළුවන් කියන එක ආවා. එතකොට චිත්ත සමාධිය කියන්නේ, ඉද්ධිපාද එතන තමන්ගේ පවත්වාගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ එයාට ද්වේෂයක් නැතිව ඉන්න පුළුවන් වෙලා තියෙනවා කියලා.

එතකොට මෙතැන දී මම බැලුවා, අර මේ අවස්ථාවේ දී මට තේරුණා අර උද්ධච්චය කතාවත් මට නැත ය. ථීනමිද්ධ කතාවත් මේ අවස්ථාවේ දී මට නැත ය කියලා. ඒ කියන්නේ මගේ මනස බොහොම pure කියන එක, ථීනමිද්ධයයි උද්ධච්චයයි නැතෙයි කියලා මම ආලෝකය විහිදෙනවා එහෙම මම ම දැක්ක. ඒ විදිහට බොහොම ලස්සනට මෙතන මේ කෑලි තුනේ හිටියා.

මෙතනට ආවට පස්සේ දැන් පෙර මෙන් ම පසුව. හැම අවස්ථාවෙදිම කියන කතාව අර ඒ කියන්නේ විරියේ තිබිච්ච කතාව එහෙම ඇති වෙලා තියෙනවා. පටිච්චසමුප්පන්නව තමයි මේක හැම තිස්සෙම සිද්ධ වෙන්නේ. මං මෙන්න මේ තත්වයෙන් මම පවත්වනවා කියලා කිව්වේ. ඒ කියන්නේ මේ තත්වයට මම, තමන්ට ද්වේෂයක් කියන එක ඇති වෙනවා නම් ඇති වන්නේ අතීතයේත් මෙහෙමයි, දැනුත් මෙහෙමයි, අනාගතෙත් මෙහෙමයි කියන එක පටිච්චසමුප්පන්නයි කියන එක තමන්ට පේනවා. එතකොට එතැන දී තමයි අර දහවල් මෙන් ම රාත්‍රිය කියන එක නේ. එතන ඒ කතාව තියෙනවා.

ඊළඟට ගත්තම දැන් මට පේනවා ඔය ඉන්ද්‍රිය අසංවරයයි හරියට ම ව්‍යාපාදය එතනින් තමයි මේ ඊර්ෂ්‍යාව. ව්‍යාපාදයෙන් ඊර්ෂ්‍යාව වෙනවා. එතකොට මගේ මේ පල්ලෙහා base එක හරි ගියා ම මං මෙන්න මෙතනින් හතරේ සලකුණෙන් ඉන්ද්‍රිය අසංවරය, ව්‍යාපාදයේ ඉඳන් ඊර්ෂ්‍යාවට යන්නා වූ කෑල්ල මගේ දැන් කැපෙනවා. ඒ කෑල්ල නැතෙයි කියලා.

ඊළඟට මට දැන් පේනවා මේ පැත්තෙනුත් තවත් යමක් එකතු වෙනවා, එන්න ඕන නේ. මේකට එන්නේ කොහෙන්ද, මට පේනවා මෙතනට එන්න නම්, මක්ඛය කියන එක තියෙන්න ඕන. එතකොට මක්ඛය වන්න නම් මෙතන මේ පල්ලෙහායින් තියෙන්නා වූ තත්වය තියෙනවා නේ, ථීනමිද්ධයේ කතාව. මෙතනින් උද්ධච්චය. එතකොට පල්ලෙහා ද්වේෂ අගති කතාව. ද්වේෂ කතාව නොවන්න ඕන. ඒ ද්වේෂ අගති කතාව නොවන්න නම්, ඒ කියන්නේ දැන් මට පේනවා, මේ ද්වේෂය තියෙනවා නම් ඒකෙන් ක්‍රෝධය. ක්‍රෝධයෙන් අපි යනවා මක්ඛයට. මක්ඛයෙන් ඊර්ෂ්‍යාව. එතකොට මේ කෑල්ල මගේ නොවන්න ඕන.

ඊළඟට මට පේනවා, මෙතන sickness එක කියන එක තියෙනවා නේ. ථීනමිද්ධය. ඒ ථීනමිද්ධයේ තියෙනවා නම්, ඒ sickness එකෙන් මට ඇති වෙනවා ද්වේෂය කියන එක. ඇයි මං sick කියලා දැක්කහම තමයි, මගේ කියලා අරගෙන දිට්ඨිය තියෙනවා නම් මම sick කියලා දැක්කාහම මට ද්වේෂය කියන එක ඇති වෙනවා. ද්වේෂය ඇති උණොතින් මේ path එක හැදෙනවා.

එතකොට දැන් එහෙම නම් මෙතන කෑල්ලක් නැති වෙන්න ඕන. ඒ කියන්නේ මගේ කියලා අරගෙන මොකක්වත් ගත්ත නම් මට sickness කියන එක තියෙනවා. එතකොට මේ sickness එක ඇති වුණා නම් මම ද්වේෂයට යනවා. ද්වේෂය ආවොත් ක්‍රෝධය එතනින් ඇති වෙනවා. ඒක නිසා මට මේ කෑල්ලයි, මේ කෑල්ලයි දෙක ම නැති වෙන්න ඕන. අර මෙහෙම තියන බාගයේ පල්ලෙහායින් චිත්ත සමාධියයි විරියයි. එතනින් ඒ කෑල්ල මෙහෙම නැති වෙන්න ඕන. ඊළඟට මෙතනින් මේ උඩ තියෙන, ඒ කියන්නේ ඉන්ද්‍රිය අසංවරයේ ඉඳන් එතන තියෙන කතාව තියෙනවා නේ. ඒ කියන්නේ මොකක් ද? මෙතන තියෙන්නේ අපි ඡන්ද සමාධිය. එතකොට පල්ලෙහා මේ base එක මෙහෙම වනකොට මෙන්න මේක සිද්ධ වන්නේ නැහැ. ඊර්ෂ්‍යාව කියන එක සිද්ධ වන්නේ නැහැයි කියන එක තේරුණා. එතකොට දැන් මේ අවස්ථාවේ දී මට ආලෝකය කියන එක මම වඩන්නට ඕන.

මොකට ද ආලෝකය වඩන්නේ? මේ ථීනමිද්ධය ඇති වන condition එක මම නැති කරගන්න ඕන. ථීනමිද්ධය ඇති වන්නා වූ condition එක මම නැති කරගන්න ඕන. ඉතින් ඇයි ආලෝකය? ඒ ආලෝකය කියන එකෙන් තමයි මම දකින්නේ කෙනෙක් ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. මෙයාගේ කෙස් පැහෙනවා කියන එක. දත් වැටෙනවා කියන එක. මේ ඒ ජරාව කියන එක මම දකින්නේ මේ මොහොතේ හිටපු මනුස්සයා, ඊළඟ මොහොතේ වෙනස් වෙලා. එතැන දී මට සිංදුවක කෑල්ලක් මතක් උණා. අර “පෙරට වඩා ඔබ හැඩකාරයි” කියලා කියන්නේ. ඒ පෙරට වඩා ඔබ හැඩකාරයි කියලා කියන්නේ, එතන අර මෝඩ කතාවක් නේ කියන්නේ. මේ මනුස්සයා පෙරට වඩා මේ මනුස්සය ජරාවට පත් වෙලා තියෙන්නේ. නමුත් මේ මනුස්සයෝ හිතනවා මේ මනුස්සයා දැන් හැඩයි කියලා ඉස්සරට වැඩිය. අර ඉස්සෙල්ලා බබා වගේ කාලේ ලස්සන කාලේ, අර ඊළඟට එනකොට ජරාවට පත් වෙලා. මේක දකින්නේ නැහැ මේ මනුස්සයා. මේ මනුස්සයට හිතෙන්නේ මේ මනුස්සයා ජරාවට පත් වන්නේ නැතෙයි කියලා. ආලෝකයෙන් දකිනවා නම් ඒ මනුස්සයා දකිනවා, මේ මනුස්සයා ඊයෙට වඩා අද වයසට පත් වෙලා. ඊයෙට වඩා මෙයාගේ හම රැලි ගැහිලා. ආන්න ඒක තමයි ආලෝකය, හොඳට ආලෝකය මෙනෙහි කරලා බැලුවොතින් එහෙම මනුස්සයකුට පේනවා මේ හමේ තියෙන්නා වූ ස්වභාවය හිටන් පේනවා නේ, කුමන ආකාරය ද කියලා. ආන්න ඒ විදිහට තමන්ට වැටෙහෙනවයි කියන එක.

එතකොට මට පෙනුණා මෙතනදි මේ සැකයේ කතාවේ තියෙන්නේ අර මේක දැක්කේ නැත්නම්, මෙතන මේ සැකය කියන එක තියෙනවා. සැකයෙන් මේ කතාව ඒක කරනවා. එතකොට සැකයේ සමුදය මේ විදිහට දකිනවා කියන අර්ථය එතනින් ආවා. පොඩ්ඩකට හරි අපි හදාගත්තා නම්, පොඩි එකකින් හරි යාන්තම් හදාගත්ත නම්, generate කරගත්ත නම්, මේ ප්‍රශ්නය තියෙනවා.

ඒ කියන්නේ සැකයේ කතාව කියලා කියන්නේ මොන ආකාරයකට හරි මේක හදාගත්තා නම්, අර සුභයි කියන කතාවේ ඉඳන් මේ පොඩි රැල්ලක් හදාගත්තා නම්, එහෙනම් ඒ ප්‍රශ්නය තියෙනවා. පොඩි රැල්ලක්වත් නොහද ඉන්න ඕන. ඒ කියන්නේ මොකක් ද අස්මිති මානය කියන එක. අස්මිති මානය කියන්නේ මොකක් හරි එකකින් පොඩ්ඩකින් හරි මම විඤ්ඤාණය පිහිටන්න මේවා කරා නම් ඒ කියන්නේ, අස්මිති මානය කියන එක මට ඒකේ ඇති වෙලා තියෙනවා. අර සුභයි කියන කතාවත් එක්ක නේ ඇවිල්ලා තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Lobha_Dosa_Moha/Lobha_Dosa_Moha-01.jpg


S_Sammavaca_digram.jpg


s_Vimamsiddipada/s_Vimamsiddipada-08.jpg