Date: 07/12/2013 Name: Satara Iddhipada bhavana

ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාර කළා. නමස්කාර වේවා. මේ බුදුපියවරු මම දාහතර නම ම ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව මෙනෙහි කළා. මෙනෙහි කරලා මෝහය ඇති වීම කියන තැනින් බලන්නයි, කියන එක කිව්වේ.

එතකොට මෝහය නැති කරමී කියල නේ කල්පනා කරන්නේ. ඒකේදි ථීනමිද්ධය නිසා මෝහය ඇති වෙනවා කියන එක, ඒක එනවා. එතකොට ඒ වගේ ම දන්නව නේ ථීනමිද්ධයේ ඉඳන් මෝහයට යන්නා වූ පාරවල් දෙකක් තියෙනවා ය කියලා. එකක් අර 1-3 මෝහයට යන පාර තියෙනවා. අනිත් අතට, මහා මෝහයට යන්නා වූ කාරණාව මේ පලාසයත් එක්ක එහෙම සම්බන්ධ වෙලා එතනින් යන්නා වූ එක තියෙනවා. එතකොට මෝහය ඔය විදිහට දෙයාකාරයකට එතනට ථීනමිද්ධය නිසා ඇති වෙනවා කියන එක බැලුවා.

ඒක බලලා ඉවර වෙලා එතැන දී මම කල්පනා කළා මේ ථීනමිද්ධයේ අවස්ථාවේ දී, තමන්ගේ සිත මෙතන මේ හැකිළිලා තියෙන්නේ. එතකොට දැන්, අර ගන්නවා ද නැද්ද කියලා තීරණයක් අරගෙන නේ මේක ගන්නෙ. මේක අර shirt එක ගන්නවා ද නැත්ද, වෙහෙසට පත් වෙලා මේක ගන්නවා. එතකොට ඒ විදිහට ඒ ධර්මය බලලා, මේ කොලයට ආවා.

අවසානෙට, ඊයේ කොලේ 8 වන slide එකට ඇවිල්ලා, ඒ දැන් මට ආවා අර හැකිළිච්ච, ඉතා සැඟවුණු ඡන්දයයි, ඉතා හැකිළුණ ඡන්දයයි කියන එක. ඇතුළත හැකිළුණ ඡන්දයයි කියන එක. මේ නාමරූප ගොඩක තමයි මේ ථීනමිද්ධ අවස්ථාවේ දී තමන්ගේ අර දෙක එතිලා තියෙන්නෙ. නාමරූපවලට. ඒක නේ මේ ඇතුළත සැඟවුණ හැකිළුණ වෙලා තියෙන්නේ.

එතකොට මෙතන මේ, ඊළඟට මම බැලුවා මේ රූපය කියන එක දැන් මගේ මේ ථීනමිද්ධ අවස්ථාව නැතිවන්න නම් මම ආලෝකය මෙනෙහි කරන්න ඕන, මේ රූපය කියන එක හොඳට තේරුම් ගන්න ඕන. හොඳට දැනගන්න ඕන. ඒක අනුව නේ මේ පිටත විසිරිලා මේ ස්වභාවය තියෙන්නේ. මෙතන සංස්කාර වශයෙන් අරගෙන, සංස්කාරවලින් සංස්කාර හැදෙනවා කියලා අරගෙන මම මේක ගන්නේ නැතෙයි කියන විදිහට මම ඉන්න ඕන.

එතකොට මෙතැන දී මේ, මං මේ diagram එකේ ඔය හතර ම හරහා මම ගියා. ඒ කියන්නේ පළවන කාරණය, සැඟවුණු ඡන්දය. ඊට පස්සේ ඔය දැඩි කොට ගත් ඡන්දය, අර ථීනමිද්ධ අවස්ථාවේ දී ගත්ත එක නිසා තමයි අපි මේ උද්ධච්චයට ගිහින් තියෙන්නේ. ඒක දැඩිව අරගෙන තියෙනවයි කියන එක. එතකොට මේ කාරණා 8 මම නැවත නැවතත් පුනපුනා වටේට බලනවා.

මේ භාවනා කරලා ඉවර වෙලා, ගත්තහම ඔළුව හරි විශාලයි එක එක අවස්ථාවල දී ඇති වෙලා තියෙන විදිහෙන්. ඒ විදිහේ ඉඳන් මට පේනවා මේ ධාතු වශයෙන් මේක බලන්න ඕන කියලා. ඔය හතර වන කාරණයට මෙතැන දී ආවහම, මේක විශාල වෙලා, මේක ධාතු වශයෙන් බලන්න ඕන කියන අදහස මෙතන ආවා.

එතකොට මේ පඨවි ධාතුව කියන එක ගත්තහම මේකේ තද ගතියක් තියෙන්නෙ. ඉතින් මට තේරෙනවා නිකන් හරියට ඔය පොළව යටට යනවා වගේ. නිකන් ඒ වගේ හැඟීමක් සහිතව, ඉතින් මුලින් මම ඈත උඩයි කියන හැඟීමක් තිබුණා. එතකොට මේ පඨවියයි කියන එකට මම මේ යනවා කියන එක මට තේරෙනවා. මේකේ තියෙන්නේ මේ තද ගතියක් පමණයි. මේකේ මේකක්, ගත යුත්තක් නැහැ. හැබැයි මේ තද ගතිය තියෙන එකේ, මට පේනවා මේක තුළ මේ ආපෝ ධාතුව කියන එක තියෙනවා කියලා. පඨවි ධාතුව තුළ. ඒ කියන්නේ මේකේ අර චලනය වීමක් වැගිරෙන ගතියක් සහිතව එකක් තියෙනවා කියලා ඒ සමාධියේ දී මට දැනෙනවා.

ඊළඟට මේ, ඒ ගැලවෙන මට දැන් පේනවා මේ වතුර ගොඩක් වාගේ එක තැනක්, අර තියෙනවා නේ බොක්ක ඇතුළේ වතුර තියෙන්නේ, අර මුහුදේ ඒ වගේ තැන්වල අර උඩින් ගල් එහෙම තියෙන තැනක එහෙම. ඒ වතුරත් එක්ක මේ වතුර මෙහෙම gas එක වගේ මෙහෙම එනවා. එතකොට මේකේ ආපෝ ධාතුව තුළ වායෝ ධාතුව තියෙනවා කියන එක එනවා. ඒකේ චලනයක් තියෙනවා කියන එක. එතකොට පඨවි ධාතුව තුළ ආපෝ ධාතුව, ආපෝ ධාතුව තුළ වායෝ ධාතුව, තියෙනවා කියන එක. ඊට පස්සේ ඒ වායෝ ධාතුවත් එක්ක මට සම්බන්ධ වෙනවා මේ වායෝ ධාතුව තුළ තේජෝ ධාතුවක්, කියන එක ඒ චලනයත් එක්ක තියෙනවා කියන එක. අර ඊයේ චන්ද්‍රානි අහපු ප්‍රශ්නය තියෙන්නේ. අර ඒකත් එක්ක, මට පෙනෙන ආලෝකය තුලින් මේක දකිනවා, ඒක දැකීම තුලින් අර radiance කියන එක තියෙනවා නේ ද? අන්න ඒ වගේ මට මෙතන එහෙම හැඟීමකුත් පේනවා.

එතකොට ඔන්න ඔය විදිහට සිත විශාල වෙනවා. දැන් ඕකේ අවස්ථාවන් තිබුණා. මගේ මේ ප්‍රීතිය එහෙම හෝ ගාල ඇති වුණා. ඒ ඇති වුණාට මම ඒක දැඩි කොට ගන්නේ නැහැ. මේක හරියට මම apply කළා. අර ඉතා දැඩි කොට ගත්තහම උද්ධච්චය ඇති වෙනවා නේ. ඒක මම ගන්නේ නැතුව. ආස්වාද ඉන්ද්‍රියේ කතාව එනකොට ටක් ගාල මේක ඒ එන එන අවස්ථාවේ දී මං ඒක භාවිතා කළා. ඒ භාවිතා කරමින් ඉඳලා, ඒක පුදුමයි, ඒක තමයි භාවනාව.

ඉතින් ඕකේ අර ඡන්ද සමාධිය අධික අවස්ථාවක, ඔය රූපය මැකිලා යන එක, ඒක සිද්ධ උණා. ඒ කියන්නේ ධම්මමච්ඡරිය එහෙම තුනී වෙලා ගිහිල්ලා, මීට වඩා හිතන්න මේකක් නැතිව ඒ වගේ එතන, මේකේ හතරේ ම හිටියා. ඒ කෑලි හතරේ ම මේ අවසාන එක මම බොහොම තදට භාවනාව කළා කියන එක තමයි තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Vimamsiddipada/s_Vimamsiddipada-08.jpg