Date: 08/12/2013 Name: Sammaditti bhavana

ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරමි, නමස්කාර වේවා. එතකොට මම, ඒ බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියා තමයි අද ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම පළවන බුදුපියාණන් වහන්සේ වන්නේ. එතකොට බුදුපියවරු 2500 නමකින් බණ අහල ශ්‍රේෂ්ඨත්වයට පත් උණා කියලා. ඒ දෙවන බුදුපියාණන් එහෙම සිහි කළා බුදුවරු 2100 නමකින් බණ අහල එහෙම ශ්‍රේෂ්ඨත්වයට පත් උණා කියලා. තුන් වන බුදුපියා ගැනත් සිහි කළා. ඔය විදිහට බුදුවරු 1287 නමකින් බණ අහල ශ්‍රේෂ්ඨත්වයට පත් උණා කියලා. ඔහොම අනුපිළිවෙළින් ගිහිල්ලා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ බුදුවරු දෙනමකින් බණ අහල ශ්‍රේෂ්ඨත්වයට පත් උණා කියලා.

එතකොට මේ විදිහට බලලා, පස්සේ මම පන්සිල් ගන්න එක කරගෙන ගියා. එතැන දී අර “සම්මා දිට්ඨිය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි” යි කියන තැනින් පටන් ගන්න කිව්වා. සම්මා දිට්ඨිය කියන එක මම මෙනෙහි කළා. දුක්‌ඛෙ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛ නිරෝධයේ ඤාණං, නිරෝධගාමිනී පටිපදාය ඤාණං.

එතැන දී, මේ දුක්ඛය කියන එක බැලුවහම, ඉතින් ජාති ජරා ව්‍යාධි මරණය කියන එක ඇති වෙනවා. එතකොට මම මෙතැන දී ගත්ත, මේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක කල්පනා කළහම, ඒක විපරිණාම දුක්ඛතා කියන එක. ඉතින් විපරිණාම දුක්ඛතාවය කියන එක ඇති වෙනවා නම් ඇති වන්නේ, අර විඤ්ඤාණය අපි එතන පිහිටීමෙන්. උප්පාදසංඛතලක්ඛණය, විපරිණාම දුක්ඛතාවය කියන එක. එතකොට ඒ උප්පාදසංඛතලක්ඛණය ඇති වන්නේ රාගජ පරිදාහයෙන්, රාගයෙන් දැවීමෙන්.

එතකොට කෙනෙක් රාගයෙන් දැවෙනවා නම්, ඉතින් අපිට එනවා, රාගයෙන් දැවෙනවා කියන්නේ, මේක තියෙන්නේ මේ පළවෙනි කොටුව. අපි දන්නවා ඒක තමයි රාගයෙන් දැවෙනවා කියන එක. එතකොට මේකෙ රාගයෙන් මේ විදිහට දැවෙනවා නම්, එතකොට දැන් මට කල්පනා වෙනවා, මේක නිසා මේ diagram එක රූප රාගය ඇති වෙනවා කියන එක තියෙනවා නේ. මේකේ එකේ ඉඳන් හත දක්වා මේක මේ විදිහට ගිහිල්ලා, මේකෙ අවසාන ප්‍රතිඵලය හැටියට පේනවා අපිට, එතන තියෙන මේ රාගයෙන් දැවෙන කොටුව නිසා මේ පල්ලෙහා තියන නන්දිය සහගත කොටුව ඇති වෙනවා කියලා.

එතකොට මේ කොටුව ඇති වුණා නම්, එහෙනම් අපිට පේනවා මේ පැත්තට ආපහු කොටුවක් ඇති වෙනවා ධම්මමච්ඡරිය හරහා ඇති වන්නා වූ කොටුව. ඒ කියන්නේ නන්දි කොටුවෙන් අපිට ඇති වෙනවා ධම්මමච්ඡරියෙ ඇති වන්නා වූ ඒ කොටුව. ඒ ධම්මමච්ඡරියෙන් ඇති වන්නා වූ කොටුව. ඒ කියන්නේ වේදනාවයි පරාමාසයයි මනොසඤ්‌චෙතනාවයි කියන triangle එක. ඒක ඇති උණහම, ඒක නිසා මේ පල්ලෙහායින් තියෙන්නා වූ වේදනාව පරාමාසකායගන්ථ භය අගති කියන මේ කොටුව ඇති වෙනවා. මේ කොටුව ඇති වෙනවා නම්, එහෙම නම් මේක ඇතුළේ තමයි තියෙන්නේ අර කොසජ්ජය කියන එක. Sickness එක. අපි මෙහෙම වෙනකොට sick වෙලා ඉන්නේ.

අපි එතකොට මෙතෙන්දී sick කියලා දැන් එන්නේ. එහෙම නම්, විපරිණාම දුක්ඛතාවය මෙතැන දී ඇති වෙලා තියෙන්නේ කොසජ්ජය sickness කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට තමන් sick නම් අපි දන්නවා, අපි ද්වේෂ පාරේ අපි ගමන් කරනවා කියන එක. එතකොට දැන් මෙතනින් මෙතනින් ම එනවා, මේ කාම තණ්හාව නිසා මට මේ භව තණ්හාව ඇති වෙනවා කියලා. ලෝභ ද්වේෂ පාරේ ගමන් කරනවා කියන එක. භව තණ්හා කතාව කියන එක ඒක පැහැදිලිව පේනවා. එතකොට ඉතින් ඕකේ තව ටිකක් බලන්න පුළුවන්. මේකේ මේ කොටුවේ හරියට ම මැද්දේ point එකේ තමයි සෝකය එහෙම තියෙන්නේ. මේක නිසා මේ සෝකයක් කියන එකක් ඇති වෙලා තියෙනවා කියන එක පේනවා.

ඉතින් දැන් මේ කෑල්ලත් එක්ක මේ පල්ලෙහා කෑල්ලත් එක්ක පොඩ්ඩක් භාවනා කළා. ඒ විදිහට මේ වටේට ම මම ගියා.

නමුත්, අද භාවනාවට භාවිතා කරන්නේ, මෙන්න මේ කෑල්ල. එතකොට, සම්මා දිට්ඨිය මේක ඇවිල්ලා, කාමරාගයයි, රූප රාගයයි, නිසා භවරාගය කියන එක. කාම තණ්හා නිසා භව තණ්හා ඇති වෙනවා කියන එක මෙතැනින් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ විදිහට ඒ සමාධිය සහිතව මම හිටියා.

මේක තමයි භාවනාව.