එතකොට ඒ උතුම් බුදුපියවරු සිහි කළේ, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ප්‍රඥාව ලබාගෙන ඉන්න පළවන ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන්. ඉහළ ම ප්‍රඥාව ලබාගෙන ඉන්න. ඒ විදිහට දෙවන බුදුපියාණන් ගැනත්, දාහතර නම ම ඔය විදිහට ප්‍රඥාව අනුව සිහි කළා.
ඒ සිහි කරලා ඉවර වෙලා, මම බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට, ලෝභය නැති කරමී කිව්වා ම, අර ඊයේ භාවනාවට සම්බන්ධ උණා. මුළු භාවනාව ම එක මොහොතට ඒක එනවා ඒකත් එක්ක. මේක උදේ කියන්න බැරි වුණා. ඊට පස්සේ ඒක නිසා ද්වේෂය ඇති වෙනවා කියන එක.
එතැන දී, මෙත්තාව පවත්වන්න ඕන කියලා, ඒක ආවා. කොසජ්ජය ඇති වෙනවා නම් ඉතින් එතනින් ද්වේෂයට යනවා. එතකොට ඒක නිසා ඒක නොවන්න නම් මේක කරන්න ඕන කියන එක. ඔය විදිහට දැන් මෝහය ඇති වෙනවා. මේක මගේ කියලා අරගෙන, ඒ කියන්නේ අර සමාධිය සහිතව මගේ කියලා අරගෙන නේ මේක සිද්ධ වන්නේ අන්තිමට. ඉතින් ලෝභ දෝස මෝහ තුන එතනින් එහෙම ගියා. යනකොට දැන් පංචනීවරණයන් යටපත් කරමි කියලා, එතකොට අර විචිකිච්ඡාවේ භාවනාව එනව නේ. ඊළඟට එනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියලා, ඒ සම්මා දිට්ඨිය කියන එක, අර ප්‍රඥාව, ආපහු ඊයේ භාවනාව. නැවතත් එතනට එනවා.
ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යනවා කිව්වා ම සම්මා දිට්ඨිය. ඊට පස්සේ චතුත්ථධ්‍යානයට යමි කියලා කියනකොට අන්න “එතනින් පටන් ගන්න” කියන එක කිව්වා. එතකොට දැන් මේ වෙනකොට ඉතින් මට මේක ඇවිල්ලා නේ ද කියන එක තියෙන්නේ. එතකොට මට පේනවා, අර ඊයේ භාවනාවේ කියපු කතාව ම තමයි. මේක ඇති වෙනවා නම් ඇති වන්නේ මේක නේ. දැන් අපි දුක්ඛයක් ඇති වන්නේ. එතකොට වේදනාව ලාභයක් කියලා අරගෙන, ආවාස කරගෙන. ලාභයක් කියලා අරගෙන ආවාස කර ගැනීමෙන් ඇති වන්නා වූ ප්‍රශ්නය කියන එක ආවා. ඉතින් එතැන දී සම්මා සමාධිය ඒ විදිහට තියෙනවා. මේකෙ එකක්වත් ගන්නේ නැතෙයි කියන එක. මේවා අතර ඉතින් ඔක්කොම කියනකොට ඒ ආකිඤ්චඤ්ඤායතනය ඒවා ඔක්කොම වෙලා තියෙනවා ඉතින් අර ප්‍රීතිය ඒවා සහිතව. එතකොට ඔය විදිහට මේ හතර වෙනි ධ්‍යානයටත් ඇවිල්ලා, ඊට පස්සේ මේ ඔක්කොම දේවල් මේ පරාමාසයට රිංගීම තමයි මේකේ තියෙන්නේ කියන එක. ඒ කියන්නේ වේදනාව පැත්තෙන් ඇවිල්ලා රිංගන එකයි, අර නිත්‍යයි කියලා රිංගන එකයි, කියන එක බොහොම තදින් තියෙනවා.
එතකොට මේක මේ විදිහට තියෙනවයි කියන එක දැක්කහම, ඊට පස්සේ මම දැක්ක මෙහෙම අර පල්ලෙහායින්, දැන් මෙතනින් නිත්‍යයි කියන කතාව තියෙනවා නේ. ඒ වගේ ම ද්වේෂ අගතියට යන කතාව තියෙනවා නේ. එතනින් දෙකයි, උඩින් මෙහෙම දෙකයි. මේ පැත්තෙන් සඤ්ඤාව, මේ පැත්තෙන් විඤ්ඤාණය. එතකොට මෙතන මේ හතර මේක ඒකෙ දැක්ක. මේ හතර විතරක් නෙමෙයි මේක බැලුවහම මට පේනවා, මේකේ දාසය කාරණයක් විතර තියෙනවා කියන එක. ඒ දාසය කාරණයේ තියෙන කාරණා ටික නේ ද බුදුහාමුදුරුවෝ ඔය වත්ථූපම සූත්‍රයේ කියලා තියෙන්නේ. මේකට පරාමාසයට එන්නා වූ දාසය කාරණය. අභිජ්ඣා, ව්‍යාපාදය, ඔය විදිහට ඔය සාරම්භය, ඒවා ඔක්කොම ටික වටේට ම තියෙන.
දැන් ඔන්න මම ඒ කාරණා දාසය ම හරහා මම ගියා. මේක නිසා මේක මෙහෙම සිද්ධ වනවායි කියන එක. මේක නැති වුණා නම් මේක පිරිසිදුයි. මේක හරියට මේ බඩ විරේක කරලා තියාගෙන ඉන්නවා. බඩට මොකක් හරි දැම්මොත් තමයි මේක ජරා වන්නේ. අන්න ඒ වගේ පරාමාසයට නොවී ඉන්නවා කියන එක තමයි ආවේ.
එතකොට වත්ථූපම සූත්‍රයේ ඒ කාරණා දාසය කියලා කියන්නේ, අර බඩ සුද්ද කරනවා වගේ ඒක පිරිසිදු කරනවා කියන එක. ඒ විදිහට මනස පවත්වාගෙන හිටියා එතන ඔය භාවනාවේ. මට පේනවා මේ මනෝමය කාය හැම තැන ම ඇවිදිනවා. මේ Tuggeranong වල, අරහේ මෙහේ, හතර වටේ. හොඳට ඒක පෙනුණා.