Date: 10/12/2013 Name: Suka Bhagiya Dhamma bhavana

මම ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ලෝකයේ පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන්. ඊට පස්සේ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයධර බුදුපියාණන් වහන්සේ, අනුපිළිවෙළින් තපස්සි බුදු සීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා.

සිහි කරලා ඉවර වෙලා, මම බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි කියලා ඔය විදිහට ගිහිල්ලා, පංචනීවරණයන් යටපත් කරමි කියනකොට, පංචනීවරණයන්ගේ මොන පංචනීවරණයන්? විචිකිච්ඡාව කියන එක එතනට ආවා. විචිකිච්ඡාව යටපත් කරමි කියන එක. එතකොට විචිකිච්ඡාව නිසා අපේ ඇති වෙනවා නේ භයෙන් අගති ගමනක් යනවා නේ. ඒ භයෙන් අගති ගමනට යනවා කියන එක මට එතැන දී සිහි උණා, විචිකිච්ඡාව හින්ද.

ඉතින් මේ භයෙන් අගතියට කෙනෙක් නොයන්න නම්, ඉතින් අපි දන්නවා මුදිතා අප්‍රමාණය කියන එක, ඒක එන්න ඕන. විචිකිච්ඡාව නැති වෙන්න ඕනයි කියන එක. ඉතින් මුදිතා අප්‍රමාණයට යනවායි කියන එක කල්පනා කළහම ඉතින් එතන දී මට එනවා මේක සඳහා අපි අර බොජ්ඣඞ්ග භාවිතා වන සුඛභාගීය ධර්මයන් කියන ඒවා භාවිතා වෙන්න ඕන. බොජ්ඣඞ්ගයන්ගෙන් ඕක මේවා වන්නේ.

ඉතින් ඊළඟට මේකේ path එකේ උඩ පැත්තට ගියා. ඒ එතැන දී කල්පනා වෙනවා, ඒ ශ්‍රද්ධාව කියන එක පවතිනවා නම් ඉතින් ඒක මේ මේක නැති වෙනවා කියන එක මට හොඳට තේරෙනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් ඉතින් මක්ඛය කියන එක පහ වෙනව නේ. ඒකත් එක්ක මේක නැති වෙනවා කියලා.

එතකොට ඊළඟට මට මතක් උණා. “තණ්හාය ජායතී සොකො තණ්හාය ජායතී භයං, තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සොකො කුතො භයං” කියලා. එතකොට තම තෘෂ්ණාව නිසා මේක ඇති වෙනවා කියන එක. සෝකය ඇති වෙනවා. එතකොට දැන් මට මේ පැත්තෙන් පේනවා සෝකය, මේකෙ භය කියන එක. එතකොට ඒ පැත්තෙනුත් පේනවා. දැන් එතකොට දැන් තුන් ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. තණ්හාව නැත්නම් ඉතින් තමන්ගේ අර සංස්කාර බිඳෙයි කියලා බයක් වන්නේ නැහැ නේ. ඒ රෝගී සඤ්ඤාවකින් හදන සංස්කාරයෙ නේ සෝක කරන ස්වභාවයේ තියෙන්නේ. එතකොට කල්පනා කරනවා, මට බයක් වන්න දෙයක් නැහැ, එහෙම තණ්හාව නැත්නම්. අනිත් අතට ගත්තහම පේනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම්, ඒ ශ්‍රද්ධාව නැත්නම් අපිට තියෙන්නේ අශ්‍රද්ධාව. අශ්‍රද්ධාව තියෙනවා නම් උද්ධච්චය. උද්ධච්චය තියෙනවා නම්, උද්ධච්චයෙන් මක්ඛය, කුක්කුච්චය.

එතකොට ඒ පාර දිගේ පහළට එනවා කියලා. එතකොට ඒක නිසා පරාමාසකායගන්ථයේ ඉඳන් මමයි කියලා අරගෙන එතන, මමං ඉන්නව නේ ඒක අස්සේ ඔය කුක්කුච්චය උණා ම. ඉතින් ඒක නිසා මේ පැත්තෙන් එනවා. දැන් කුක්කුච්චය අර පැත්තට ගිහිල්ලා ඉදංසච්චාභිනිවෙසකායගන්ථය සැකය හරහා එහෙන් එනවා. කුක්කුච්චය මෙතන පල්ලෙහාට එහෙන් ඇවිල්ලා භයෙන් අගතියට යනවා කියන එකයි. ඉතින් සැකය කියන එක නම් ඉතින් කෙළවරට කොහොමත් ම පේනවා නේ. සැකයෙන් මේක එනවායි කියන එක.

එතකොට මේ පැය බාගේ ම මම බැලුවේ ඔන්න ඔය භයෙන් අගතියට යනවා කියන එක මෙන්න මේ කාරණා තුන නිසා. ඒ කියන්නේ තණ්හාවයි, ඊළඟට ගත්තම තණ්හාව තියන නිසා මේක ඇති වෙනවා. ඊළඟට අශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා නම් මේක නැති වෙනවා.

එතකොට එහෙම නම් අශ්‍රද්ධාව ඔයාට ගණන් ගන්න පුළුවන්. ඊළඟට ගත්තහම සැකය. එතකොට මෙන්න මේ කාරණා නිසා මේක ඇති වෙනවා කියන එක. මක්ඛය ඇති වන එක තමයි හුඟාක් ම ඔතන මේවා කළේ. මක්ඛයත් එක්ක පල්ලෙහාට බහිනවා කියන එක මොකද එයා හරියට ඉන්නවා ඔතන. නියම තැන ඉන්නේ. මක්ඛය ගත්ත නම් මක්ඛයත් එක්ක මේවා වෙනවා. නැත්නම් මේක නැතෙයි කියන එක ආවා. ඉතින් මේක තමයි ඒ භාවනාව. බොහොම හොඳට හිටියා ඒකෙ.