ඒ උතුම් බුදුපියවරුන්ට මම නමස්කාර කරමු, නමස්කාර වේවා. ඒ මම බුදුපියවරු සිහි කළා. ඉතින් මණ්ඩලාධිපති බුදුපියා ඒ පළවන බුදුපියා වශයෙන් ඔය විදිහට අනුපිළිවෙළින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දාහතර වන බුදුපියා වශයෙන් සිහි කළා.
එහෙම සිහි කරලා ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියන එකට මම ආවා. ඒ අවස්ථාවේ දී මං මේ තව ගාථාවක් තියෙනවා ඒ ගාථාවට අනුව තමයි මං භාවනා කළේ.
ඒ ගාථාවේ තියෙන්නේ “නිරාසත්ති අනාගතෙ අතීතං නානුසොචති, විවෙකදස්සී ඵස්සෙසූ දිට්ඨිසු ච න නීයති.” කියලා ගාථාවක් තියෙනවා.
ඒ ගාථාවේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ, අපිට අනාගතයේ තෘෂ්ණා රහිත වෙනවා, ඊළඟට ඉක්ම ගිය දේට සෝක නොකරේ ද, දෙකයි. වර්තමාන චක්ඛු සම්‌ඵස්‌ස ආදී තමන් ගන්නෙ නැත්නම්, මගේ කියලා ගන්නේ නැති නම්, ඒ පුද්ගලයා උපශාන්තයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට, මේක බලන්න ඕන කියන අර්ථයෙන් තමයි මං බැලුවේ.
එතකොට දැන් මුලින් එනවා අනාගතේ තෘෂ්ණා රහිත වෙනවා කියන එක ගත්තහම, යම්කිසි රූපයක් දැකල, ඒක ඒ දේ, දැන් අපි හිතමු අර හොඳ අවස්ථාවක දී නේ අපි අනාගතය කියන එක ගන්නේ. එතකොට අර අපි දන්නවා සීලබ්බත උපාදානය, ඒකට යන්නේ කියන එක. ඔතන ඔය තණ්හාව වෙනවා කියන එක තියෙනවා. කල්පනා කරනවා, මෙන්න මේ විදිහට රූප ඇති වේවා, කියලා තෘෂ්ණාව එළවන්නේ නැතෙයි කියන එකයි. මෙබඳු සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ ඇති වේවා කියලා එළවන්නේ නැත කියන එකයි ඒකේ කියන්නේ, “නිරාසත්ති අනාගතෙ” කියලා කියන්නේ. එතකොට ඒ කෑල්ල නිසා සෝකය කියන තැන දන්නව නේ, මේ සෝකය කියන කෑල්ලට පල්ලෙහායින් එනවායි කියන එක බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා. සෝක කරනවා කියන එක.
ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා “විවෙකදස්සී ඵස්සෙසූ” කියලා. මේ චක්ඛු සම්‌ඵස්‌සය, මේ සම්‌ඵස්‌සය ස්පර්ශය ගැන කතා කරනවා. කතා කරලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා, මේ විදිහට ඒක දැනගෙන ඒක ගන්නවා කියලා. “අත්තෙන වා අත්තනියෙන වා” කියලා ගන්නවා. ඒක ගත්තොතින් ඒකෙන් විවේකයෙන් අයින් වීම කියන එක නැහැ කියන එකයි පෙන්වන්නේ. ඉතින් මේ විදිහට මේ දිට්ඨින් අපි හදා ගන්නවා කියන එක බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට දැන් මං ඕක බැලුවා, මේ අර ඒකේ කොටස් වශයෙන් කොහොම ද මේක වෙන්නේ කියන කෑල්ල. කෑලි වශයෙන් බලනකොට දැන් මට පේනවා, අර දැන් ස්පර්ශය ඇති වෙලා ඔන්න දැන් කොටසක් ඇති වෙනවා ඔයාට පේනවා මෙතන මේ සඤ්ඤාවයි වේදනාවයි මනොසඤ්‌චෙතනාවයි මෙතන උඩ කෑල්ලක් තියෙනවා.
එතකොට මේ area එක ඇති වුණා නම් අපිට පේනවා ඒකෙන් මේ area එක ඇති වන්නේ, මේ මුල තියෙන area එක මේ පැත්තෙන් තියන area එක උඩ. ඒ කියන්නේ මේ කබලිංකාර ආහාරයයි වේදනාවයි සඤ්ඤාවයි triangle එකක් තියෙනවා නේ. ඒක නිසා තමයි මෙතන මේ කෑල්ල ඇති වන්නේ. මේ කෑල්ල ඇති වුණායින් පස්සේ දැන් මෙයාගේ ඇවිල්ලා මේ මනොසඤ්‌චෙතනාවෙන්, මෙතනින් උස්සල නේ තියෙන්නේ. මේ නාමරූපවලින් ඉස්සීමක් තියෙනවා. නාමරූපවලින් තමයි මෙතන සුභය, මෙතන සුඛය කතාවට. A, B කියලා area දෙකක් තියෙනවා. මේ B එක ආවයින් පස්සේ මෙතන අපිට මේවල C කියලා area එකක් දැන් පල්ලෙහායින් එනවා. තේරුණා ද? මෙතන තියෙනවා නේ අර ද්වේෂයෙන් අගති ගමන කතාව කියන එක. එතකොට මෙතන ජරාව.
එතකොට මේ කෑල්ල තියෙනකොට, පල්ලෙහා කෑල්ල, වේදනාවයි ජාතියයි ද්වේෂ අගති ගමනයි කියන කතාව. ඒ කෑල්ල උඩ කෑල්ලත් එක්ක සම්බන්ධයි. ඒ සඤ්ඤාවයි ඒ චේතනාවයි එක්ක තියෙන කෑල්ලත් එක්ක එතන සම්බන්ධ වෙනවා. එතකොට මේ කෑල්ලට, මේ පල්ලෙහා කෑල්ලට අපි කියනවා C කියලා. එතකොට මේක නිසා තමයි මෙතන මේ D කියන එක ඇති වන්නේ. මෙතන මේ C එක වෙලාවේ දී හොඳට මතක තියාගන්න මෙතන මේ නාමරූප වෙලා කිව්වා නම් මං පටිඝයෙන් තමයි මේක උස්සලා තියෙන්නේ. පටිඝානුසයෙන් මං මේක උස්සනවා.
එතකොට මේ පටිඝානුසයෙන් උස්සන අවස්ථාවේ දී තමයි දැන් මේක නිසා මේ කෑල්ල ඇති වෙලා තියෙන්නෙ. මේ කෑල්ල ඇති වුණාට පස්සේ අපි දන්නවා අපි අර මාන්නයෙන් අල්ලලා කරකවනවා. ඊළඟට කැරකෙව්වයින් පස්සේ දැන් ඉතින් ගැළපෙන්නේ නැතිකොට සෝකය. එතකොට ඒක නිසා D කියන එක ඇති වෙනවා. එතකොට එහෙම නම් A, B, C, D කියලා සෝකය සහිතව area එක එනවා. ඒ කියන්නේ වේදනාවෙන් අර ද්වේෂයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා මේ පැත්තෙන් අර සෝකය තියෙනවා. මේ පැත්තෙන් භයෙන් අගතිය තියෙනවා කියන එක. ඒ කියන්නේ මේ triangle එක හැදෙනවා කියන එක.
මේක ආවාට පස්සේ මට කල්පනා උණා මේ මේ විදිහට වෙනකොට, මේකේ මේ order එක නම් රහතන් වහන්සේගෙන් අහගත්තා. දැන් මේකෙ A, B, C, D එක B වලින් C වශයෙන් තියෙනව නේ. ඒකෙ order එක මේකයි කියන එක. එතකොට මේක හදා ගත්තට පස්සේ මට කල්පනා උණා, මේ දැන් බුදුහාමුදුරුවෝ ඊළඟට කියන්නේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ස්පර්ශයෙන් කියන එක. ස්පර්ශය නිසා ස්පර්ශයේ දී මේක මගේ කියලා අරගෙන කියලා.
එතකොට ස්පර්ශය කියන එක මම බැලුවා. මේක මේ රූපයයි, ඇහැයි රූපයයි චක්ඛු විඤ්ඤාණයයි, මේ තුනේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් මං කල්පනා කරනවා අප්පච්චියේ කොහොම ද තුනක් එකතු කරන්න නේ? මේ දෙකක්වත් එකතු කරගන්න බැරි මනුස්සයෝ කොහොම ද තුනක් එකතු කරගන්නේ. රූපය වෙන්නත් ඕනේ, ඇහැ වෙන්නත් ඕනේ, එතැන දී චක්ඛු විඤ්ඤාණයක් මේකට එකතු වන්නත් ඕනේ. ඒ තුනක් එකතු උණා ම තමයි ස්පර්ශය කියලා කියන්නේ. මිනිසුන්ට දෙකක් එකතු කරගන්න බැහැ.
දැන් ඒක නේ මනුස්සයෙකුට මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා, ඒ මනුස්සයා මේ වෙන එකක් ගැන හිත හිතා නේ ඉන්නේ. බණ කියනකොට උණත් ඒක නේ. ඒකෙ කොටසක් අහගෙන ඉන්නවා, ඊට පස්සේ එයා වෙන තැනක. තුනක් එකතු කරගන්න බැහැ මනුස්සයෙකුට ලෙහෙසියෙන්. බොහොම කලාතුරකින් තමා තුනක් එකතු වන්නේ. ඉතින් මේක කොහොම ද, මේක ඒ තරම් අමාරු දෙයක් නේ මේ මනුස්සයෝ කරන්නේ.
මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක, ඒක ලස්සනට ආවා. ඒක මේ පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියන එක. ඉතින් රහතන් වහන්සේ කිව්වා “බොහොම හොඳයි” කියලා. මේ අවස්ථාවේ දී “ඒක විශිෂ්ටයි කියන එක, ගත්තට පස්සේ ඒක නිවැරදියි” කියලා.
මේක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්