ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරමී. නමස්කාර වේවා. මම උතුම් බුදුපියවරු සිහි කළා. මේ මණ්ඩලාධිපති බුදුපියා ස්පර්ශයෙන් වෙන් වෙලා ඉන්නා වූ, ඒ කියන්නේ බුදුවරු 2500 නමකින් බණ අහල ඒ ස්පර්ශයෙන් වෙන් වෙලා ඉන්නා වූ පළවන බුදුපියා. ශ්‍රේෂ්ඨ ම පළවන බුදුපියා. එතකොට ඒ ධම්මාධිපති බුදුපියත් ඒ විදිහට බැලුවා ස්පර්ශයෙන් වෙන් වෙලා ඉන්න දෙවන බුදුපියා කියලා. 2100 ය පාරක්, ඒ කියන්නේ තථාගතයන් වහන්සේලාගෙන් මෙහෙම අහගෙන අහගෙන යනකොට ඉතින් 2100 පාරක් ඇහුවා කියන්නකෝ. 1287 නමකගෙන් ඇහුවා කියන්නකෝ තුන් වන බුදුපියා. එතකොට ඒ කියන්නේ ස්පර්ශයෙන් වෙන් වෙනවා කියන එක එච්චර පාරක් අහලම තියෙනවා. ඒ තාක් කාලයක් භාවිතා කරලා තියෙනවා.
එතකොට මේ විදිහට බුදුවරු දාහතර නම ම සිහි කළා. සිහි කරලා ඉවර වෙලා ඉතින් එතැන දී මේ පංචනීවරණයන්ගෙන් යටපත් කරමී කියන තැනින් එතනින් පටන් ගන්නෙ යි කියලා අදහස ආවා මට.
එතකොට පංචනීවරණ නෙමෙයි කාමච්ඡන්දය කියන එක, ඒක ඇති වෙන්නෙත් ඔය ස්පර්ශය හේතු කොටගෙන ම තමයි. එතකොට මම මේක ගත්තා අස්වාභාවිකයි කියලා. ස්වභාවික නැහැ. අස්වාභාවිකයි කියලා කියන්නේ මේ man made කියන අර්ථය නේ. ඉතින් ඇත්ත නේන්නම්. මනුස්සය නේ හදලා තියෙන්නේ. සංකප්ප රාගො පුරුසස්ස කාමො. ඒ පුද්ගලයාගේ ඇතුළින් ඇති වුණා වූ දෙයක්. එතකොට මෙයා හදාගත්ත දෙයක්. මේකේ ස්වභාවිකත්වයක් නැහැයි කියන එක නීවරණ පහට ම බැලුවා. එතකොට නීවරණ පහට ම ස්වභාවිකත්වයක් නැහැ.
මේක ස්පර්ශය හේතු කොටගෙන ඇති වෙලා තියෙන්නේ කියන අර්ථය ගත්තහම එනවා මේක නිසා හැදෙන්නා වූ මේ අවිද්‍යාව කියන එකත් අස්වාභාවිකයි. ස්වභාවික නැහැ. මේ මනුස්සයෝ ස්වභාවිකයි කියලා හිතාගෙන පවත්වන්නා වූ දේවල් ගත්තහම ඔක්කොම අස්වාභාවිකයි කියන එක ආවා. එතකොට මේ විදිහට ගියා ම හිත පුදුමාකාර විදිහට විසාලයි. පුදුමාකාර විදිහට විසාල වෙලා පවතිනවා. ඒ කියන්නේ ඉතින් ආකිඤ්චඤ්ඤායතනයේ ම තමයි මේක පවතින්නේ. ඊට පස්සේ මම ඊයේ භාවනාවත් එක්ක ම සම්බන්ධ කළා.
ඒ සම්බන්ධ කළේ අර, “නිරාසත්ති අනාගතෙ අතීතං නානුසොචති, විවෙකදස්සී ඵස්සෙසූ දිට්ඨිසු ච න නීයති” කියන ඒ භාවනාවේ ගාථාව ගත්ත. එතකොට ඒ
“නිරාසත්ති අනාගතෙ” කිව්වා ම අනාගතේ මෙබඳු රූප ඇති නොවේවා. වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ ඇති නොවේවා කියලායි ඒ අය කල්පනා කරන්නෙ. එතකොට එතැන දී ඒකෙන් එන්නේ මොකක් ද A නිසා B කියන එක නොවනවාය කියන එකයි. මේ A කොටස නිසා B කියන කොටස ඇති නොවනවා කියන එක තමයි මේකෙන් කතා කරන්නේ. මේක මේ විදිහට කරනවා නම් A හින්දා B කියන එක වෙන්නේ නැහැ. මේ දැන් තියෙන එකක් උඩ අපි අනාගතයට යනවා කියන එක තමයි සඤ්ඤා චේතනාවෙන් කියන්නේ.
“අතීතං නානුසොචති” කියලා කිව්වම නැසුණු වස්තුව නිසා සෝක කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ C කොටස නිසා D කරන්නේ නැහැ. C කොටසෙ නේ සරසඞ්කප්ප තියන කොටස තියෙන්නේ. ඒක නිසා සෝක කරනවා කියන එක කරන්නේ නැහැ කියන එකයි.
“විවෙකදස්සී ඵස්සෙසූ” කියලා කිව්වහම, එතන ඇවිල්ලා, අපි චක්ඛු සම්‌ඵස්‌සය මම ය මගේ ය කියලා නිත්‍ය ආදී වශයෙන් ගන්නේ නැහැ කියන එකයි. රූපාවචර අරූපාවචරවලින් වෙන් කරලා මේක දකිනවා. වෙන් කරලා දැකීමක් තියෙනවා. මේක හැම දේවලින් ම වෙන් කරලා දැකීමක් තියෙනවා. අනාගතය ස්පර්ශය අතීත වර්තමාන ස්පර්ශයන්ගෙන් වෙනකොට දකිනවා. වර්තමාන ස්පර්ශය අතීත අනාගත ස්පර්ශයන්ගෙන් වෙනකොට දකිනවා. රාග දෝස මෝහ ක්‍රෝධ උපනාහ මක්ඛය පලාසය අර වත්ථූපම සූත්‍රයේ තියෙන ඒ කාරණා දාසය, ඒවායින් සම්පූර්ණව වෙන් කරලා දකිනවා. මේ ඔක්කොම වෙන් වූවක් ලෙස. ඒකෙන් කියන්නේ මොකක් ද? මෙන්න මේ B කොටස නිසා C නොවිය යුතුයි කියන එකයි. මේක වෙන් කරලා. මේ නාමරූප නේ මේ B වලින් වැටෙන්නේ. එතකොට ඒක නිසා මේ අපි අතීත කතාවක්, සරසඞ්කප්පයක්, ඒක වෙන් කරලා අපි දකිනවා. ඊර්ෂ්‍යාව, අතීත ඊර්ෂ්‍යාව ඒ වගේ දේවල් B එක නිසායි C එක වෙලා තියෙන්නේ. ඒක එහෙම නොවිය යුතුයි කියන එක දකිනවා. ඒ කියන්නේ C කියන කොටසේ තියෙන්නේ අනිත්‍යභාවය ඇති බව. ඒ කියන්නේ ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන කොටස වෙලා නේ මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ පල්ලෙහා කෑල්ල නේ. එතකොට ඒ කතාවේ දී තේරෙනවා, ඒ කියන්නේ අර ඊයේ මම කිව්ව භාවනාවේ මේ තුන එකතු කරන්න බැහැ. ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි, ඇහැයි රූපයයි, ඊළඟට විඤ්ඤාණයයි තුන කියන එක එකතු කරන්න බැහැ. මේක මනුස්සයාගේ වැරැද්ද තියෙන්නේ මේක එකතු කරන්න පුළුවන් කියලා හිතන එක. එතකොට ඒක නොපැවතිය හැකියි කියන එකට ආවා.
ඊළඟට අර “දිට්ඨිසු ච න නීයති” කියන එක ගත්තහම මේ දෘෂ්ඨි ගතයෝ 62ක් දෘෂ්ඨිගතයො පහ කරන ලද්දේ නම්, ඒ කියන්නේ එයාව දෘෂ්ඨිය විසින් නොයවනු ලබයි කියන එකයි තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරන්නෙ. නොපනවනු ලබයි. ඒ කියන්නේ B නිසා D නොවිය යුතුයි කියන එක. ඔය දිට්ඨි කතාව තියෙන්නේ B ඉඳන් සඤ්ඤාවන් අරගෙන ඒ D කොටසට එන එක නේ. B නිසා D නොවිය යුතුයි කියන එකයි බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වන්නේ. ඉතින් මේ විදිහට මේ කොටස මම නැවතත් මෙනෙහි කළයින් පස්සේ එහෙම නම් කිසිම ස්පර්ශයක් මම පතන්නේ නැහැ.
ඒ කියන්නේ මේක කරන්න බැරි දෙයක් කියලා දැන ගැනීම හේතු කොටගෙන, කිසීම ස්පර්ශයක් පතන්නේ නැහැ. යම් යම් දේවල් පේනවා උණත් ඒ තමන් ඒවා ගැන හොයන්න යන්න මේකක් නැහැ. මේක පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන අර්ථය නිසා ම ඒක තියෙනවා. ඒක නිසා ම අර ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කියන එක වෙලා තිබුණා. ඇත්තෙන් ම කියනවා නම් සමාපත්තියත් සහිතව ඒකේ තමන්ට ඉන්න පුළුවන්කමක් තියෙනවා ඔය විදිහට. ඉතින් නිරෝධයට ම තමයි යන්නේ. නිරෝධයට ම තමයි ඒකේ යන්නේ. නිකන් අර නින්ද යාගෙන එනකොට මනුස්සයන්ට ඇහෙන්නා වූ වචනයන් එහෙම ඒ වගේ දේවල් තියෙනවා නේ නේ ද? අන්න ඒ වගේ දේවලුත් ඇහෙනවා තමන්ට. ඒ ඇහුණයි කියලා ඒකත් එක්ක තමන්ට යන්නේ නැතිව ඉන්න පුළුවන්කම තියෙනවා. මොකක්වත් කරන්නේ නැතිව.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්