ඒ උතුම් බුදුපියවරු සිහි කළා ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව. එහෙම සිහි කරලා මට ඒක කරගෙන යනකොට ම, ඊට පෙර ම මට “අනුත්තරො පුරුෂ ධම්ම සාරථි” කියන එක මනසට ආවා. අනුත්තරො පුරිසදම්ම සාරථි කියන එක මනසට ඇවිල්ලා “ඒක ම භාවනා කරන්න” කියලා මට කිව්වා.
එතකොට “රූපං රූපානුපස්සතී” කියන එක ඒක ගත්ත. ඒක අරගෙන එතකොට දැන් මේක මේ අසනීපයක් වාගේ එකක් වඩලා නේ මේක කරන්නේ. එතකොට මේ ආලෝකය කියන එක මෙනෙහි කරලා කෙනෙක් අර ඉක්මවීම කියන එක කරනවා කියන එක. ඒ ඉක්මවීම කියන එක කරනවා කියන එක ගත්තහම, දැන් මං ඉස්සෙල්ලා ඒ ආලෝකය වඩනවා කියන එක. ඒ ආලෝකය මට තියෙනවා. ඒ ආලෝකය මම මෙනෙහි කරන්න පටන් ගත්ත. ආලෝකය ඉතින් එන්න එන්න මේවා වෙලා පවතිනවා. එතකොට මට පේනවා මේක හොඳ ය කියලා අර අනිත් ඒවාට වැඩිය. රූපයන්ට වැඩිය. ඊට පස්සේ එතනින් ඇවිල්ලා, මෙතැන දී මේකත් කරන්න බැහැ නේ ද කියන එක. ඒ කියන්නේ එතැන දී මේ මනසයි ධර්මයයි විඤ්ඤාණයයි මේක එකතු වෙලා තියෙන්න ඕන මේ විදිහට මේ ආලෝකය පවතින්න කියන එක.
එතකොට මේකත් ස්පර්ශය කියන එක නැති උණා ම නැති වෙනවා නේ ද කියන එක. එතකොට අර ඊයේ භාවනාවේ විදිහට ම අර කාරණා ටික මම ඒ ගාථාවත් එක්ක ගියා. නිරාසත්ති අනාගතේ කියලා තියෙනවා නේ, ඒ විදිහට ඒ ගාථාව දිගේ මම ගමන් කරලා අර A නිසා B නොවෙනවායි. C නිසා තමයි D වන්නේ. එතකොට මේක ඒ පළවන පදය ගත්තහම පේනවා A ඉඳන් B වන්නේ නැහැයි කියලා. දෙවන පදයෙන් පෙන්නනවා C නිසා D වෙන්නේ නැහැයි කියලා. මේ විදිහට මේක දිගේ ගිහිල්ලා, දැන් මේ ආලෝකයත් එක්ක මම මේක මෙනෙහි කරලා බැලුවා මොකක් ද මේකේ සම්බන්ධතාවය කියන එක.
එතකොට දැන් අපේ අර කතාවේ තියෙනවා නේ පෙරට වඩා ඔබ හැඩකාරයි, ආඩම්බර පාටයි කියන එක. එතකොට ඒ කතාවේ දී මට පේනවා දැන් අර මේ හැඩකාරයි කියන කතාව කියන්නේ මෙයා මේක දකින්නේ නැතුව නේ. ඒ කියන්නේ ආලෝකයෙන් මේක දකින්නේ නැතුව. ඊළඟට අර හැඩකාරයි කිව්වම මාන්නය කියන එක. එතකොට මාන්නය කියන එක ගත්තම දැන් අපිට පේනවා මෙතැන දී මේ B නිසා D නොවෙනවා කියන කතාව තමයි මෙතන තියෙන්නේ. අර තමුන්ට යම්කිසි නාම කොටසක් ඒක ඇති වෙලා, ඒ නාම කොටස නිසා අපි කියන්න ගන්නව නේ මෙතන, දිට්ඨියකට යනවා නේ. එයාව දිට්ඨියෙන් he can not be let by the view කියන එකයි ඒ කියන්නේ. එයා දෘෂ්ටීන් නොයවන්නේ. දෘෂ්ටීන් නොයවන්නේ කියලා කියන්නේ, ඒ පුද්ගලයා දැකපු දෙයක් තියෙනවා නේ නාම කොටසක් නිසා ඇති වුණා වූ. ඉතින් ඒක නිසා තමන්ට අර දෘෂ්ටියක් ඇති වෙලා අර වාගේ ආඩම්බර පාටයි කියන කතාව මේක වෙන්නේ නැහැ කියන එක.
එතකොට දැන් මේ ආලෝකයෙන් තමයි මේක සිද්ධ වන්නේ. ආලෝකයෙන් ම තමයි මේක දැනගන්නේ. මේක පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ. මේක කරන්න පුළුවන් දෙයක් නෙමේ. මේක සත්‍ය වශයෙන් ම මේකේ තියෙන්නේ අර අනිත්‍යභාවයක් කියන එක ආලෝකයෙන් තමයි එතන දකින්නේ. ඉතින් ඕක ඔය විදිහට ඉතින් මට ගොඩාක් දේවල් පේනවා. ඒ මනෝමය කායේ කතාවල්, ඒ වගේ දේවල්, ගොඩාක් රූප හැමතැන ම ඒවා පේනවා. එක වෙලාවකට මට පේනවා මහ පොළොවේ හරියටයි කියලා, ඒකෙ අර ස්පර්ශය නිසා බැහැයි කිව්වා ම, ආකාසානඤ්චායතන වාගේ වෙලා ඉතින් එතනත් ඉඳලා පේනවා.
ඉතින් මම මෙතනත් කල්පනා කළා ම මේකත් පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ආකාසානඤ්චායතනය කියන එකත් නිත්‍යක් කියන කතාවක් නැහැ ඒකේ. ආකාසය කියන එක, දැන් ඔයාගේ ගෙයක් කියන එකක් හැදුවා නම් space එක තියන තැන, එතකොට space එක එතන නැති උණා. එතකොට ඒ වගේ ඒකෙත් නිත්‍යභාවයක් නැතෙයි කියන එක කල්පනා කළා ම ඉතින් ඒ වෙනස් වෙවී වෙනස් වෙවී තැන් තැන්වල ඒ විදිහට යෑම තියෙනවා. එතකොට මේ හැමතැනට ම මේ ස්පර්ශය කියන එක කරන්න බැහැයි කියන එක තමයි අර “අනුත්තරො පුරිසදම්ම සාරථි” කියන එකෙනුත් එන්නේ එතනට. මේක පවත්වන්න පුළුවන්කමක් නැහැ. අර ඉක්මවනවා කියලා කියන්නේ මේක තේරුම් අරගෙන මේක පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ කියලා.
මේක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්