ඒ උත්තරීතර මණ්ඩලයට නමස්කාර කරමි, නමස්කාරය වේවා. ඉතින් අර පූජාවක් තියපු දවසේ දාහතර නම ම වැඩ හිටියා. එතකොට මට අර “තුන් වෙනි ගාථාවෙන් පටන් ගන්න” කියලා කිව්වේ. ඒ තුන් වෙනි ගාථාව කිව්වෙ, අර නිරාසත්ති අනාගතෙ, අතීතං නානුසොචති, විවෙකදස්සි ඵස්සෙසූ, දිට්ඨීසුච න නීයති. කියන ගාථාව.
එතකොට ඒකේ මම ඔය ඒ slide 4 එකේ තියන විදිහට ම බලාගෙන ආවේ, මේකේ අර areas 4 සම්බන්ධයෙන්. ඉතින් එතෙන්දි අර මුලින් කියනවා නේ A නිසා තමයි B කියන එක ඇති වෙන්නේ. එතකොට, A නිසා B නොවේ, කියන එක තමයි නිරාසත්ති අනාගතෙ කියන එක එතන කියන්නේ. එතකොට ඒ කියන්නේ අනාගතේ මෙබඳු රූප ඇති වෙන්නේ ය එහෙම කියලා කියන්නෙ නැතෙයි කියන කතාව නේ. එතකොට A කොටස නිසා තමයි B කොටස කියන එක ඇති වෙන්නේ.
ඊට පස්සේ අර අතීතං නානුසොචති කියලා කියනකොට අර සරසඞ්කප්ප area එක නිසා තමයි, මේ D කියන area එක ඇති වෙන්නේ. ඉතින් විවෙකදස්සි ඵස්සෙසූ කියලා කරනකොට ම, මම ඒ ස්පර්ශය ගැන හුඟාක් ම මෙනෙහි කළා. ඉතින් එතෙන්දී පෙන්නන්නේ, මේ B කියන area එක නිසා මේ C කියන කොටස නොවෙනවා කියන එක. එතකොට B කියන එකේ තියෙන්නේ අර හදාගත්ත සළායතනවලින් ඇති වෙච්ච දේ නෙ, සඤ්ඤාව, චේතනාවෙන් නාමරූප කොටස නිසා.
එතකොට ඒ නාමරූප කොටස නිසා තමයි අපිට ඔය area C කියන එක, ඒ කියන්නේ, ඡන්ද අගතියේ ඉඳන් දෝෂ අගතියයි, වේදනාවයි අතර කොටස. මෙතන මේක තමයි මේ විපරිණාම දුක්ඛතාවය කියන කොටස. එතකොට මේ විපරිණාම දුක්ඛතාවය කියන කොටස ඇති වෙන්නෙ නැහැ, මේ අර නාමරූප නිසා ඇති වෙන දේ නැත්නම්, කියන එක මෙතන තියෙනවා.
එතකොට මේකේ මම මේ බොහොම තදින් මේක බලනකොට මට තේරුණා, දැන් ස්පර්ශය කියන එක, මේකේ එකතු කරන්න බැහැයි කියන එක නේ අවබෝධයට ආවේ කලින්. මේක තුනක් එකතු කරන්න කොහෙත් ම බැහැ. මේ මිනිස්සු පුළුවන් කියලා හිතා ගත්තට කරන්න බැහැ. එතකොට මේක බැරි වෙනකොට මට එනවා, එහෙම නම් ඉතින් ඒ වේදනාව කියන එකත් ඒ විදිහට ම බෑ තමයි, අනිත්‍යයි කියන එක එතන ආවා. වේදනාවේ අනිත්‍යභාවය කියන එක තියෙනවා, මේක පවතින්න පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියලා.
දැන් එතකොට මට මේකත් එක්ක එනවා, අර මෙතන තියෙන්නේ අර ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන කොටස, ඔය area C කියන area එකේ තියෙනවා. ඒ කියන්නේ ඡන්ද අගතියේ ඉඳන් ද්වේෂ අගතියට යන කතාවෙ දී විපරිණාම දුක්ඛතාවය කියන එක සරසඞ්කප්ප area එකේ එතන තියෙනවා විපරිණාම දුක්ඛතාවය කියන එක.
එතකොට මේ විපරිණාම දුක්ඛතාවය නිසා අර දුක්ඛ දුක්ඛතාවයට එනවා කියන එක area D කියන එක ඇති වෙනවා කියන එක තේරුණා. අරකේ වේදනාවේ අනිත්‍යභාවය පේනවා. මෙතන දී මේ දුක්ඛතාවය කියන එක, දුක්ඛ දුක්ඛතාවය කියන එකට එනවා කියන එක තේරුණා. ඒ කියන්නේ ඔය area B, C අතර සම්බන්ධය තියෙන්නේ, අරක සඤ්ඤාව සුඛයි කියලා ගත්තහම, එතනින් මම මේ පැත්තෙන්, සඤ්ඤාවෙන් සුඛයේ ඉඳන් චේතනාවට යනකොට, මේ පැත්තෙන් මම ජාතියේ ඉඳන් ජරාවට යනවා, කියන කතාව තියෙනවා. ඒ stick එක නිසා මේක ඇති වෙනවා කියන එක.
එතකොට මේ area D එකට එනකොට මට තේරුණේ, C නිසා D වෙනවා කියනකොට, අර ජාති, විපරිණාම දුක්ඛතාවය නිසා දුක්ඛ දුක්ඛතාවය කියන එක ඇති වෙනවා කියන එක. එතකොට අර ඒ කෑල්ල ආවහම ඒ කියන්නේ අර ලෝභ දෝෂ diagram එකේ දෙවෙනි පාර ඒක ඇති වුණා ම මහා විශාලයි ඒ සමාධිය, එතන ඒ විදිහට ඇති වෙනකොට. මේක නිසා දුක්ඛ දුක්ඛතාවය කියන එක.
ඉතින් ඒකත් එක්ක ඊළඟට මට පේනවා, දැන් එහෙනම් මේ කොටස මේ විපරිණාම දුක්ඛතා, මේක දුක්ඛ දුක්ඛතා නම්, එහෙනම් ඊළඟට භයේ අගතියයි, මෝහ අගතියේ ගමනයි කියන කෑල්ල තමයි සංස්කාර දුක්ඛතාවය. මේක නිසා හැදෙන සංස්කාර දුක්ඛතාවය කියන එක ආවා, ඔය විදිහට analyse වෙලා. ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්